බුකියේ මං

14 ජැක් ගේ එපා කරපු (වීර ක්‍රියා) දෙක | The Epic Adventures of Jack II

කලින් එකේ (ඒක නොබලපු අය අරක උඩ කොටලා ගිහින් ඒක බලන්න

ඔන්න ටික වෙලාවක් ගත උනා,අපි හිතමු අපේ කතා නායකයා හැතැම්ම කීපයක් ඉස්සරහට ගියා කියලා.ඔන්න ජැක්ට ඈතින් ලාවට වගේ ඇහෙනවා සින්දුවක්.


          ♫ ♪ ♫ ♪....ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා...♫ ♪ ♫ ♪  

එතන ඉඳං ඔන්න

ඒ සින්දුව ඇහුනා විතරයි ජැක් ට ලොකු සන්තෝසයක් දැනුනා..මොකද කියනවා නම් මෙච්චර වෙලා කැලේ මැදින් එනකොට ජැක්ට ඇහුනෙම හැකරල්ලෝ,ගස්ගෙම්බෝ,මීමින්නෝ,වල් හාවෝ වගේ භයානක සතුන්ගේ ශබ්ද?...ඉතින් ජැක්ට හිතුනේම මේ නම් අපි අහන්නේ අහවල් එක කියල ඉස්සරහ ලොකුවට ගහල තියෙන තේ කඩයක් කියලමයි.



ඉතින් ජැක් ගොයියත් හෙමිහෙමින් ඒ පැත්තට ගියා....එතන කඩයක් තිබුනේ නෑ..ඒ වෙනුවට හැම තැනම කාපාපු ගස් තිබුනා..ඒ කියන්නේ ජැක් ගිහින් තියෙන්නේ ලී මෝලකට...ඒත් පේන මානෙක කවුරුවත් හිටියේ නැති නිසා ජැක් තව ටිකක් ලී මඩුව පැත්තට ගියා.ඔන්න එතකොටමයි අවුරුදු හතලිස් පහක් විතර පෙනුම තියන තඩි බඩක් තියන ඩයල් එකක් "කවුද හොයන්නේ" කියාගෙන ජැක් ගේ පැත්තට ආවේ.

 මොනවද ඕනා කවුද හොයන්නේ කියල අර මනුස්සය බොහොම ගාම්භීර විදියට ජැක් ගෙන් ඇහුවා.

නෑ අන්කල් මම මේ එළදෙන විකුනන්න එහා ගමට යන ගමන් සිංදුව ඇහිලයි මේ පැත්තට ආවේ.මම හිතුවේ කඩයක් කියලා.


අපේ ජැක් ඒ විදියට අර ලී මඩුවේ මුදලාලිට කිව්වේ හතර වටේට ඩයිනමෝ පාර දාන ගමන්.ඔන්න එතකොට තමයි ජැක් ගේ මීටරේට වැටුනේ පැත්තක ගල් කොරියක්ම එළියේ දාගෙන නිදාගෙන ඉන්න ඉටිකිරිස්‌ ගෑනු රූපය.අම්මපා ඒ දැරිවි නිදා ගෙන ඉන්න විදියට ඒ පැත්තෙන් ඇස් දෙක අහකට ගන්න ජැක්ට හිතුනේම නෑ.වීරයෙක් උනත් ඉතින් නාඩි වැටෙනවනේ.ඒ උනාට අවාසනාව කියන්නේ අන්කල් කාරයටත් මීටර් උනා ජැකා අර කෙල්ලට රබර් ඇහැ දානවා කියලා.ඒ හින්ද මද මන්දා

අහ්හ් ඒ මගේ වයිෆ්..දන්නේ නැද්ද ඉතින් ඔය නිදා ගත්තම ඔය ඇඳුම් එහා මෙහා උනා කියලා  එච්චර තේරුමක් නෑ.

කියල කට පුරවපු ආඩම්බරකාර හිනාවක්‌ එක්ක කිව්වම ජැක්ට උන්හිටි තැන් අමතක උනා.

කැත කතා කියන්න එපා අන්කල්.ඔයා වගේ ලොන්ත පොලොස් නාකියෙක් අර වගේ සුපින් කෑල්ලක් බඳින්න.හරි නම් ඔයා ඒ ළමයව දරු කමට හදා ගන්න වයසේ.ලැජ්ජයි අම්මපා මේ වයසට කියන කතාද ඔය.

හා හා මල්ලි ඔහොම කියන්නේ.මල්ලි දන්නවද ඒ කවුද කියලා.ඔයා දන්නවා නම් එහෙම කියන්නේ නෑ.

හරි ඉතින් කවුද ඒ...          

ඒ තමයි නිදි කුමාරි..

අංකල් කියන්නේ අර ජුකී මැසිමකට අත අහුවෙලා නෑ නෑ ඉදි කට්ටක් අතේ ඇනිලා හෙන කාලයක් නිදා ගන්න ගිය කුමාරි ගැන නේ.ඒ උනාට අපි නම් අහල තියෙනේ ඒ කුමාරිට හෙන හැන්ඩ්සම් කුමාරයෙක් සෙට් උනා කියලා මිසක් නාකි පොරක් සෙට් උනා කියලා නෙවෙයි.

මේකනේ පුතා.මට මේ කුමාරි ගැන ආරංචිය ලැබිලා මමත් ඒකිව බලන්න එනකොට මාත් ඔයා වගේ නව් ජවාන් කොල්ලා.ඉතින් පුතා දන්නවනේ ඔය කුමාරිගේ සනුහරේම නිදා ගත්තා ගෙවල් වටේටම කැලේ වැවුනා කියලා.

ඉතින්

මම මෙහෙට එනකොට මෙතන හෙනම සාල වනයක් මෙතන.මුලින්ම මම වීරයා වගේ ගහක දෙකක් කපලා ඇතුලට යන්න බැලුවා.එතකොට ගමේ උන් කැලේ කපනවා කියලා කේස් දාලා මාව ඇතුලට දැම්මා.පස්සේ පස්සේ ඉතින් මම වවන්න කියලා ඉඩම් බද්දට අරන් ගස් කපලා මොරටු ලී මෝලකට පැටෙව්වා.ඔන්න ඔහොමයි මම  ලී මුදලාලි කෙනෙක් උනේ පුතා.අවන්කෙන්ම ආදරේ වෙනුවෙන් කට්ට කාලා කට්ට කාලා ගිහින් කොහොම හරි මේකිට උම්මා එකක් දීලා නැගිට්ටලා බැඳ ගත්තා.ඒ උනාට පුතාට කියන්න පුතා මේ ගෑනි කොයිවෙලෙත් නිදා ගත්ත ගමන්මයි.රෑට නිදා ගන්න ගිහින් "මේ ඇහුනයි" කියලා කියන කොටම මේකි කියනවා "අනේ අද නම් නිදිමතයි කියලා".වැඩක් නෑ පුතා මේ ජීවිතේ.මමත් දැන් පිට යන්න පුරුදු වෙලා..

තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..ඉහි ඉහි......

අර ලී අංකල් රේස් එකක් පැරදුන ජොකියෙක් වගේ අඬන්න ගත්තා.අවසාන වතාවටත් අර නිදාගෙන හිටපු ගෑනු මනුස්සයා දිහා බලපු ,යමක් හිතට ගත්ත ජැක් අර අංකල් කාරයටත් යන්නම් කියාගෙන තමන්ගේ ගමන ආයෙත් පටන් ගත්තා.      


ඉතින් ඔය විදියට තවත් සැතපුම් කීපයක් පාරේ තනියම ගමන ගත්ත ජැක් හදිස්සියේම දැක්කේ ඈත ගහක් යට රතු පාට ඇඳුමක් ඇඳන් මහන්සි යවන කෙල්ලව.ජැක්ට එතකොටම මතක් උනේ අමමා ජැක්ට පොඩි කාලේ කියලා දුන්න රතු හැට්ට කාරී කතාව.තමන් ආසකරපු කතාවක ඉන්න කෙනෙක් ඇත්තටම මුණ ගැහෙන්න ලැබිච්ච සතුටෙන් අර කෙල්ල ලගට ගිහින් කට කන දෙක ලඟට එනකන් හිනා කටක් දාපු ජැක්

හී...හී...ඔයා නේද රතු හැට්ට කාරී...හෙහ් හෙහ්

ඔව් මම තමයි

හෙහ් හෙහ් ඔයා ඉන්නේ අර වෘකයා එන කන්ද හෙහ් හෙහ්.....  

මේ හලෝ පැය එක හමාරයි...මට 300 වීල් එකටයි රූම් එකටයි...ඔයා ගෙවන්න...ගාන නම් අඩු කරන්නේ නෑ...බැරි නම් මෙතැනින් යන්න මගේ බිස්නස් කඩන්නේ නැතුව.

රතු හැට්ට කාරී එහෙම කිව්වා විතරයි ජැක් කරකවලා ඇතාරියා වගේ උනා ජැක් ලජ්ජාවෙන්  අහල පහල බැලුවේ කෝකටත් මරදාන කියලා බෝඩ් එකක්වත් ගහල තියේද  කියලා.

එතකොට අනේ ඔයා අර ආච්චිගේ ගෙදර තනියම ඉන්න කොට වෘකයා ඇවිල්ලා ඔයාව කන්න හදනකොට අර දඩයක්කාරයා ඇවිල්ලා බෙර ගත්ත රතු හැට්ටකාරී නෙවෙයිද?

ඒ මම තමයි..හැබැයි මම ආච්චිලගේ ගෙදර තනියම ඉන්න කොට මාව කන්න ආවේ වෘකයා නෙවෙයි.ගමේ මන්තිරි තුමා.ඒ වෙලාවේ තමයි අරයා ඇවිල්ලා මාව බේරා ගත්තේ.  

අරයා කිව්වේ

අරයා කිව්වේ මාව බැඳපු එකා.එයා තමයි මට මේ ජොබ් එක සෙට් කරේ.ඔය කියන කොටම එන්නේ

රතු හැට්ටකාරී පෙන්නපු පැත්තට හැරුණ ජැක් දැක්ක දේ නිසා ජැක් ගේ සතුට තවත් වැඩි උනා,එත් එක්කම රතු හැට්ටකාරී අක්කා ඒක කිව්වේ නෑ කියලා මල පැනපු ජැක්

අනේ ඔයා කිව්වෙවත් නෑ...ඔයා බැඳලා ඉන්නේ පිනොකියෝ කියලා..හරි නරකයි

මොකක් පිනොකියෝ...ඔහෙට මොන්ගල්ද හලෝ...

පිස්සු මොකක්ද..ඔය දිරච්ච ලී කෑල්ලක් වගේ මේ පැත්තට එන්නේ පිනොකියෝ නෙවෙයිද?.බලන්න අව්වට අහුවෙච්ච පිටපලු කෑල්ලක් වගේ.


පිස්සුද මල්ලි ඔය මනුස්සයා කුඩු ගහලා ගහලා තමයි ඔය දිරච්ච දර කෑල්ල වගේ ඉන්නේ.මම හම්බ කරන ඒවගෙන් භාගයක්ම යන්නේ එයාට කුඩු ගහන්න.ඔයා දැන් මෙතනින් යන්න මල්ලි.ඔය මිනිහා ආවොත් ඔයාට ඔය එළදෙනගේ වලිගෙවත් ලැබෙන්නේ නෑ...  

එහෙම කියලා රතු අක්කා එහා පැත්ත හැරුනා.ජැකුත් තමන් ගේ ගමන පටන් ගත්තා.ජැක්ට මීටර් කීපෙකට වැඩිය යන්න උනේ නෑ.ජැක්ට හම්බ උනා වයසක මනුස්සයෙක්.ඒ මනුස්සයා ජැක් ලගට ආවේම.

ඔය එළදෙන විකුනන්නද කොල්ලෝ ගෙනියන්නේ....

මගේ ළඟ තියනවා වටිනා බෝංචි ඇට වගයක්.මක්කෙයි කියන්නේ මාරු කරමුද?

ජැක්ට එතකොටම මතක් උනා අර සුරංගනා කතාවේ ජැක්ට  මුණ ගැහිච්ච වයසක මනුස්සයා,මායා බෝංචි වැල,සින්දු කියන තාරාවා,බිත්තර දාන වීනාව එහෙම...

හරි මම කැමතියි කියපු ජැක් බෝංචි ඇට වලින් පිරිච්ච "දිවි නැගුම" කියලා ගහල තිබ්බ පැකට් එකත් අරන් ගෙදර ගියා.

-----------------------------------------------------------------------------------------------


ගෙදර ගිහිපු ජැක් අම්මගෙන් බැනුම් අහලා අහලා අර බෝංචි ඇට ටික ගේ පිටිපස්සේ හිටෙව්වා.ඒත් ඊට පස්සේ දවසේ උදේ බලනකොට ඒ බෝංචි පල වෙලා තිබ්බේ නෑ.අහස උසට ගිහිපු වැලක් තිබුනෙත් නෑ.ඒත් ඒකෙන් නොසැලුන ජැක් හැමදාම ඇවිල්ලා බෝංචි පැලවෙලාද බලන්නයි වතුර දාන්නයි පුරුදු උනා.ඔන්න ඔහොම මාස කීපයක් යනකොට අර බෝංචි පැල වෙලා ලොකු වෙලා ලොකු බෝංචි අස්වැන්නක් ජැක් ල ඉන්න ගෙදර හයිවේ එකකට අහුවෙනවා කියලා වෙන පලාතකින් ඉඩමකුයි ලොකු වන්දියකුයි ලැබුනා.ඒ සල්ලි වලින් ජැක් අම්මත් එක්ක සතුටින් ජීවත් උනා...

-----------------------------------------------------------------------------------------------
ඔන්න ටික කාලෙකට පස්සේ දවසක ජැක්ට   ජැක්ගේ අම්මා කියනවා

පුතේ අන්න ඇලඩින් මාමගේ පොඩි කෙලී කුමාරි ලොකු ළමයෙක් වෙලා.හවස් වෙන්න ගිහින් ඒ පැත්ත බලල එන්න...


ඔන්න ඉතින් ජැකුත් අම්මා කියපු විදියට ඇලඩින් මාමලාගේ ගෙවල් පැත්තට ගියා.එතකොට රෝස පාට ගවුමක් ඇදගත්ත කුමාරි නංගි ඇවිත් ජැක්ව පිළිගත්තා.කුල් ඩ්‍රින්ක් එකක් එහෙම බිව්ව ජැක් ටික වෙලාවක් ඉඳලා ගෙදර එන්න ආවා...
(ඔන්න මම කිව්ව විදියටම සෝස පාට ලස්සන ගවුමක් ඇදන් ඉන්න කුමාරියෙක්වත් කතාවට දැම්ම. )
                   
ප.ලි- ජැක්ට සුපර් කෙල්ලෙක් සින්දු කියන තාරාවෙක් බිත්තර දාන වීනාවක් ලැබෙන කන් බලන් හිටිය අය මට සමා වෙන්න කට්ටිය ජැක්ට ජැක් කිව්වේ නම නිසා නෙවෙයි බස් වල ජැක් ගහලා මාට්ටු වෙලා ගුටිකාපු නිසා.
  
Comments
14 Comments

14 comments:

  1. පට්ටම පට්ට ඔයි..එලම කිරි..කවඩවත් නෙතුව මම එක වෙලා..ඩි..

    ReplyDelete
  2. කට කනේ ඕයි... හොකෑස්... පට්ට අච්චාරුව........

    ReplyDelete
  3. පට්ටෙටම ලියල තියෙනව බන්... කියල වැඩක් නෑ...

    ReplyDelete
  4. අපේ පොඩි කොල්ලට හිතුවට වඩා අත්දැකීම් තියෙනවා වගේ.. ('අද නිදිමතයි') හිහ්..

    ReplyDelete
  5. හ්ම්ම්ම්......... හොඳයි වගේ

    ReplyDelete
  6. හාස්‍යය සමහ උපහාසය.... මරු ඕයි

    ReplyDelete
  7. නියමයි ඈ!
    මෙහෙ ආව පළමු වතාව

    ReplyDelete
  8. සුන්දරයි උපරිමයි... මානවකයෝ....

    ReplyDelete
  9. අප්පට සිලි මෙන්න ජැකා ඇවිත්. එල ඈ

    ReplyDelete
  10. මං කියවපු හොදම ස්වයං ලිඛිත චරිතාපදානය ....

    ReplyDelete
  11. හිකෑස්.. අපේ පැත්තේත් එකෙක් ඉන්නවා ජැකා කියලා.. ඌටත් එහෙම කියන්නේ බස් වල ජැක් ගහලා මාට්ටු වෙච්චී හින්දාම තමා.. ඩී:

    ReplyDelete
  12. නිදිමතයි අනේ :v

    ReplyDelete
  13. බඩුම තමයි ආ ...එලම තමා ..
    මොනවා උනත් මෙගා එකක් ගහන්න
    තිබ්බේ බන්...

    ReplyDelete
  14. සිංහල බ්ලොග් පාඨක ඔබ සියලු දෙනාට සුබම සුබ සියළු
    පැතුම් ඉටු වන බතින් බුලතින් වාසනාවෙන් සපිරිණු
    නව වසරකට ආසිරි එදිනෙදා ජීවිතය වෙබ් අඩවිය වෙතින් මෙසේ පිරිනමමු ...!

    ReplyDelete

හිතුනේ මොනවද?