බුකියේ මං

28 දයාබර අල්ලා වෙත ... මම උපුල්වන්

                                                                                                                                     උපුල්වන්  භවන  
                                                                                                                                     තව්තිසාව
                                                                                                                                     ශක වර්ෂ 2014


ස්වර්ග රාජ්‍ය


දයාබර අල්ලා දේවේන්ද්‍ර වෙත

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්භන්දවයි


ලංකාවේ ආරක්ෂාව භාර දෙවියන් ලෙස මා ඔබ හට මෙම ලිපිය යොමු කරනුයේ සමාන පරිපාලන මට්ටමේ (දේව ) අයකු ලෙස මා හට ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඇති නීතිමය හා සමාජමය අයිතිවාසිකම ගොනු කොට ගෙනයි .


ඔබ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ දෙවියන් ලෙස මා කටයුතු කල බව ඔබ ඉතාමත් පැහැදිලිව දන්නා බව මා හට නොරහසකි . මින් පෙර අප අතරේ පැවති ගිවිසුම් ප්‍රකාරව ඔබගේ අනුගාමිකයන්ට මාගේ පාලන ප්‍රදේශයේ සාමකාමීව සිටීමට ඉඩදුන් බව හා ඔවුන් ආරක්ෂාකළ බවද ඔබට නොරහසක් බව තරයේ විශ්වාස කරමි . 1915 දී ඔබ විසින් අප අතරේ තිබුණු ගිවිසුම සාපරධීව කඩකරමින් සහ ඔබගේ ඥාති වූ ක්‍රිස්තුන් හා එක වී කුමන්ත්‍රණ කරමින් මාගේ ආරක්ෂාව යටතේ පවතින ප්‍රදේශයේ ගැටුම් ඇති කල අතර එම නිසා දෙපාර්ශවයේම අවංක මිනිසුන් සහ අන්තවාදී මිනිසුන් විපතට පත් කල බව ඔබට අමතක වී නැතැයිද සිතමි . එම සිද්ධිය හෙලා දකින අතරම  මධ්‍යස්ත මතාදාරියෙකු ලෙස මා විසින් ඔබගේ සියලු වැරදි නොසලකා හැර නැවතත් මාගේ පාලන ප්‍රදේශයේ ඔබගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩ හසර ලබා දුන් බවද ඔබට නැවතත් අමතක වී ඇති බැව් පෙනී යාම කණගාටුවට කරුණකි.