තරුණ යුවලක් ඇයි බොක්ස් එකකට යන්නේ.කෙනෙකුට කියන්න පුළුවන් නිදහසේ ඉන්න.එහෙමත් නැත්තන් ආදරය තුල තියන රාගය යම් සීමාවකට කොටුකරලා ආදරයට විවිධත්වයක් දෙන්න.මුලින්ම මේකත් කියන්න ඕන ජෝඩුවක් බොක්ස් එකකට යන්නේ චිත්‍රපටිය බලන්න නම් නෙවෙයි කියලා.දෙය්යනේ මිනිස්සු ඔක්කොම හැදිලා තියෙන්නේ ලේ මස් වලින් නේ.අනික කාමරයකට යනවට වැඩිය බොහොම විදිවලින් බොක්ස් එකකට යන එක ආරක්‍ෂිත ක්‍රමයක් කට්ටිය කියන විදියට ආදරේ ගැන සහ හැගීම් ගැන ඉගෙන ගන්න.ඒක ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන කියනවානම් ඉතින් කොටු තමයි දාන්න වෙන්නේ.මෙහෙමයි කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බොක්ස් එකකට යන ඒක මම කොහොමවත්ම ප්‍රතික්ෂේප කරන්නේ නෑ.දෙන්නගෙම කැමැත්තෙන් නේ යන්නේ ඉතින්.ආයේ මොනවට එපා කියන්නද ?
දැන් ආපහු මාතෘකාවට එමු.මේ දවස්වල ලිබර්ටියේ සහ අනෙකුත් ප්‍රසිද්ධ සිනමාහල් බොහොමයක පෙන්නන්නේ "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටිය.ඔන්න එතකොට ප්‍රශ්න පත්තරයක්.ඒ සිනමාහල්වල බොක්ස් මේ චිත්‍රපටිය තිරගත වන කාලය ඇතුලත විකුනන්නේ නැද්ද.නැත්තන් විකුණනවද?.ඒ චිත්‍රපටිය බලබල බොක්ස් එකක ඉඳං කොල්ලෙක් කෙල්ලෙක් එක්ක සතුටු වෙනකොට ඌට පව් සිද්ධ වෙන්නේ නැද්ද.බුදු ගුණ බලන ගමන් ආදරේ කරන එකෙක්ට හිතෙන්නේ මොන විදියටද?
ඒ අතරේ තව ප්‍රශ්නයක් එනවා.ඔය චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේ ඇඳුම් විලාසිතාවන්ට අනුකුලව.රඟපාන නිළියන්ගේ ශරීරයේ සමහර තැන් නිරාවරණය වෙලා.එතකොට කට්ටිය කියාවිද මේ චිත්‍රපටිය නිසා පිරිමින්ගේ අසහනය වැඩිවෙනවා.ඒක නිසා මේක හොඳ නෑ කියලා.හැබැයි ඒ ඇඳුම් දකිද්දි බොක්ස් එක ඇතුලෙ කෙල්ල එක්ක ඉන්න කොල්ලත් කෙල්ලගෙ ඇඳුම් එහෙ මෙහෙ කරලා ඒ විලාසිතා තමන් ගෙ කෙල්ලට ගැලපෙනවද කියල බලන්නත් ඉඩ තියෙනවා.. :D .ඔන්න මට තියන ප්‍රශ්න.
ඔය ඔක්කොම කතා පැත්තකින් තියමු.බොක්ස් පහසුකම් තියනවා නම් , පොෂ් විදියට හිතන උන්ට මේක අනගි අවස්තාවක්.ඔන්න දැන් උඹලට තියනවා "බුදු ගුණ බලන ගමන් සහකාරයගෙ/සහකාරියගෙ පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න" අවස්ථාව.
පහල කවිය ලිව්වේ නිකන් මම ඇත්තටම දන්නේ නෑ මේ චිත්‍රපටිය තිරගත වන කාලය තුල බොක්ස් පහසුකම් සපයනවද නැද්ද කියලා.
අහෝ !
දැක ගතිමි
ලිබර්ටියේ
බුදු ගුණ බලන්න
යන
බොක්ස් පෝලිම
නෙත් පුරා
මම
ප.ලි - බුදු ගුණ බලන ගමන් සහකාරයගෙ/සහකාරියගෙ පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න සීන් එක එච්චර අමාරු නැත...සරල ජනකතාවකින් උපුටා ගත් කොටසකින් ලිපිය අවසන් කරමි.
බෙර ගසන්නට බෙරකරුවකු නැති උවද තරුණයාට "ධාතු වඩිනවා" යන්නත්,නැති උන හරකෙකු සෙවීමට කෙනෙකු නැති උවද තරුණියට "මට දැන් තුන් ලෝකෙම පේනවා" වැනි බෞද්ධ වචන භාවිතා කල හැක.
හ්ම්ම්ම්ම්ම්ම්... බොක්ස් -_- ඕකට ගිය කිසිම දවසක මං ෆිල්ම් බලලම නෑනෙ. . ඉතිං පව් නෑ
ReplyDeleteඅහ්හ් ඔය තියෙන්නේ තරුණ අදහස්...........
Deletebox ගිහින් box කඩා ගත්තු උන්ට මොන පව් පිං ද බං !!!
ReplyDeleteඒකත් ඇත්ත බලාගෙන යනකොට......
Deleteතාම බොක්ස් එකකට ගිහිං නෑ..
ReplyDeleteයන්නෝනා දවසක අනුෂ්කත් එක්ක..
(ටිකට් ගන්න ලැජ්ජයි අප්පා... බුක් කරලා යන්නෝනා :ඩී)
ඈ බන් අනුෂ්කා ඒවිද ඔහොම ප්‍රසිද්දියේ....
Deleteමම කල්පනා කරන්නේ මෙහෙම චිත්‍රපටයක් කලේ ඇයි කියල???
ReplyDeleteසල්ලි ටිකක් සොයාගැනීමේ පරම උදාරතර චේතනාවෙන්. හැම ෆිල්ම් එකම එහෙම තමයි. ඉතින් මේ අධ්‍යක්ශක තුමා හොඳට මාකට් කරන්න පුලුවන්, මාකට් කරන්න වැඩිය සල්ලි වියදම් වෙන්නෙ නැති මාතෘකාවක් හොයාගෙන තියනව
Deleteමතකනේ කුස පබා විකුන්න හැටි
Deleteමම නම් තාම බොක්ස් වලට ගිහින් නෑ, යන්න වෙන්නෙත් නැති වෙයි.. හැබැයි ගියොත් නම් අවම ඉඩක් තුල රඟපෑ හොඳම චිත්‍රපටියට ලැබෙන ඔස්කාර් සම්මානෙ ගන්න පුළුවන් වෙන විදිහෙ පිටපතක් ලියාගෙන තමයි යන්නෙ :ඩී
ReplyDeleteමම දන්න තරමින් නම් බොක්ස් වලට යන කපල් තමන්ගෙම චිත්‍රපටිය රඟපානවා මිසක් තිරගත වෙන චිත්‍රපටිය බලන්නෙ නෑ.. ඒ නිසා පව් සිද්ධ වෙන්නෙ නැති වෙයි
උඹට මොටෝ බොක්ස්...යකෝ ගෙදරටම යන එකනේ........ :P
Deletebox walata gihin na,yanna uwamana wena ekakuth na..
ReplyDeleteHamadetama simaa mayim thiyenawane,ewa thula idn thamange thathwayata galapena widiyata wada kaloth hodai ne..
බොක්ස් යන එකේ වැරද්දක් නෑ..මේක පෙන්නන උන්ගෙයි වැරැද්ද?
Deleteපෙම් රැඟුමට ඉඩ නැති කළ එළියේ
ReplyDeleteසිනමා හලකට රිංගමු ජොලියේ
හිටියත් පැය ගනනක් බැල්කනියේ
නමවත් නොදනිමි චිත්තරපටියේ....
පට්ට ඕයි...........
Deletee film ekata bow ticket dena untanam sadahathi sitin paw anumodan wenawa athi..
ReplyDeleteඅනේ මන්දා ඕක හිතන්න ඕන යන උන් නෙවෙයි ඕක පෙන්නන උන්..
Deleteබොක්ස් ගැනනම් නොදනිමි, චිත්‍රපටයනම් අසාර්ථක බව කිව යුතුය.
ReplyDeleteඅපි ශ්‍රී ලංකා නිවුස්
මමත් තැන් කීපයකම දැක්කා ෆිල්ම් එක අල කියලා............
Deleteහරිහාමන් කොමෙන්ටුවක් දාන්න බෑ මනවකොයෝ
ReplyDelete1. මම තාම බොක්ස් එක්ස්පීරියන්ස් එකක් අරනං නෑ ( සිරාවටම )
2. "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" ෆිල්ම් ඒක බලන්නත් බැරි උනා
ඉතින් කොහොමද කමෙන්ට් දෙන්නේ
උඹ ලංකාවට ආවම පලයන් . ඊට පස්සේ කොමෙන්ට් කරපන් , පස්සේ කොමෙන්ට් කරන්න මේක බුක්මාර්ක් කරන් තියාන හිටපන්...
Deleteඅපේ මහත්තයා මාව තාමත් ෆිල්ම් එකක් බලන්න එක්කන් ගිහිල්ලා නෑ අප්පා...
ReplyDeleteදැං මොකට ඕවට අරං යනවද
Deleteඒවා ඒ දවස් වල කරන්න තිබ්බ දේවල්.හොඳ වැඩේ මෙයා ඒ දවස්වල "අපේ මහත්තයට" ගණන් උස්සන්න ඇති...
Deleteඅනේ ඇත්තට බොක්ස් එකකට ගිය කාලයක් මතක නැ දැන්නං
ReplyDeleteනාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕකට තමයි....
Delete
ReplyDeleteරම්‍ය, සුරම්‍ය, සුභ නැති කොට, බොක්ස් එකත් මාළිගාවක් වෙලාවකට, අනික, සසර විඳවීමක් බව දැනෙනකන්, සසර විඳින එක වරදක්ද, වැදගත්ම දේ, සසර විඳින්නම ඕන, වින්ද හැම දේම විඳවීමක් බව දැනෙන්න ..
අපොයි පව් නෑ ..
සිදුහත් කුමාරයත් ගිහි ගෙයින් නික්මෙන්න කලින්, නිළියන්ගේ විප්‍රකාර බැලුවලුනේ ... !!
පෝළිම දිහා බලාගෙන
ලේ පුච්ච ගන්නේ නැතුව
ලිබටියට ගිහින්
එක්කෝ බුදු ගුණ බලන්න
නැත්නම්
සුදුසු කරුමාන්තයක් කරන්න
ඒ දෙකම හොඳයි
එලියෙන් ඉඳන්
පෝළිම දිහා බලාගෙන
හූල්ලනවට වැඩිය ... :P
ඒකත් ඇත්ත
Deleteඒත්
මම තාම
කල්පනා කරන්නේ
සල්ලි දීලා
නළගනකගේ
විකාර
බලන්න ඕනද
කියලා.... :D
මට මුලින්ම කැට උත්තර නැති උනත් දැන් නම් ජාමේ බේරා ගත්ත වගේ....
This comment has been removed by the author.
Deleteඅපොයි දෙයියනේ
Deleteබොන වතුර ටිකටත්
සල්ලි ගෙවන්න ඕන කොට
නිළියන්ගේ විප්‍රකාර
නිකන් පෙන්නන රටක් තියේවිද ...
අනික..
ශ්‍රි ලංකන් ඒවට වඩා ගනන්
ඉන්දියන් එක .. !!
මාත් දැක්කා යකෝ බුකියේ පොටෝවක්!
ReplyDelete“බොක්ස් පහසුකම් ඇත“
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අහ්හ් . කෝ පොටෝ .. කොහේද කියපන්...
Deleteමම ඔය ෆිල්ම් එක බලපු ගෑනු ලමයෙක්ගෙන් ඇහුව කොහොමද ෆිල්ම් එක කියල. ඒකි දුන්න උත්තරේ "අනේ සිද්ධාර්ත කුමාරය මාර හැන්ඩ්සම්, යශෝදරත් මාරම ලස්සනයි."
ReplyDeleteමටත් කිව්වා කෙනෙක් දෙවිදත්තරට ඉන්නේ නපුරු පෙනුමක් තියන ස්වීට් කොල්ලෙක් කියලා...
Deleteඅන්න එතැනටත් ගිහින් බොක්ස් එකෙත් දෙන්න ඉඳගෙන සීරියස් එකෙ චිත්තරපටිය බලන්න පුලුවන් නම් ඔන්න නියම සද්දාව.. මානවක එහෙම කලාද ?
ReplyDeleteඅපේ කාලෙ සිංහල පෙම්වත්තු ජාතිබේදයෙන් තොරව ගියේ පාමංකඩ ඊරොස් එකට.. ඊරිසියාකරයින්ගෙන් කරදරයක් නැතුව පෙං කරන්න පුලුහං තැන..
මම අර Lucky Rose අක්කිගෙ කවියට , මානවක අයියාට කට උත්තර නැති වෙනකම් බලන් හිටියෙ... :p ශැහ්හ්හ්!! ඒකට +++ දාන්නත් මම පරක්කු වුනානෙ :/
ReplyDeleteඔය ෆිල්ම් එකේ ,ලංකාවෙ මම ආසම නළුවෙක් ඉන්නවා.. <3 :D බලලා ඇවිල්ලාම විස්තරයක් කියන්නම්කො ;)
මමත් අපේ කාලයේ බොක්ස් ගිහින් නෑ. ඒවයේ මොනවද වෙන්නෙ කියලා දන්නෙ නැ ඕං. ඒවුණත් බුදුගණ මෙනෙහි කරමින් පංචස්කන්ධය ගැන අනිත්‍ය මෙනෙහි කරන්නට හැකි පහසු තැනක් වෙන්ටැති.
ReplyDeleteඋඹටත් මාර දේවල් නේද හිතෙන්නේ.
ReplyDeleteමට කවි බැරි බව දන්න නිසා මෑතකදී චන්දන එල්ලාවල කියන බුකි මිත්‍රයා සදහන් කරපු නිසැදක් දෙකක් මෙතන කොටන්න හිතුවා..
ReplyDelete1.
සතර පෙර නිමිති
-----------------------------
ඒයි ....
අනේ මාව
බොක්ස් එකේ තියාන
ශ්‍රී සිද්ධාර්ථ පෙන්නන්නකෝ....................!
අම්මේ, හෙට උදේ 10 මට ක්ලාස් .............!
2.ඇඩ්ඩ්‍රස් නැ ....
සිර්ධාර්ථ ගෞතම
අන්න ටවුමේ හොල් එකේ ..................
කාතාකරල බලන්න
දානෙකට එක්කං එන්න හැකිවෙයි
ආ..... 100 ක් වත් අරං යන්න
ගැලරියටවත්
බොක්ස් එකකට ගිහිල්ලාම නෑ බන්...හැම ලව් එකක්ම පටන් ගන්න කලින් අහවර උනා.
ReplyDeleteඅපේ ඔපිසිය ගාව එකේ 10.30 එකට 8.00 ඉදන් පෝලිම. :D
ReplyDeleteෆිල්ම් එක අන්තිමයි, දෙව්දත්ට ඉන්න කොල්ල නම් මාරම cute :D
ReplyDelete