මොන හු.........
ජොනාගේ ෆෝන් කට්ට කෑගහන සද්දෙට මට ඇහැරුණේ කුණු හරුප වරුසාවකුත් එක්ක.ඇයි යකෝ මුට ඊයේ රෑත් සුද්ද සිංහලෙන්ම කිව්වා නේ ඔය මගුලේ සිංදුව අයින් කරපන් කියලා.අර චිංචි මානවිකාව කතා කරන වාරයක් පාසාම ඔය මගුල ඇහෙනවනේ.යකෝ මේ හොදට යන ලව් එක,මු තාර බූට් කාපු එකෙක් දාන්න ඕනේ සින්දුවක් දාගෙන ඉන්නේ.
මොකද දරුවා දහසක් බුදුන් බුදු උන මේ වගේ ලස්සන උදේක කුණු හරප කියන්නේ.
අනේ මේ.උඹේ සාහිත්‍ය උඹම තියා ගනින්.ඔය ලබ්බේ සිංදුව අයින් කරලා.
මොකද බන් උඹ ඒකට අකමැති.අහපන්කෝ බන් කොච්චර ලස්සන සින්දුවක්ද?
මේ.මම මොකද අකමැති කියලා උඹට වෙලාවක කියන්නම්.දැනට මම කිව්වා කියලා හිතාගෙන ඕක අයින් කරපන් මයේ දෙය්යෝ.