බුකියේ මං

17 සදහටම සමු ගනිමි


ඝනකම් අඳුර යනු මාගේ සිතිවිලි වල දුක්ඛ දායක ස්වරූපයයි.මට මාගේ සිතුවිලි පිට කල හැකි පහසුම ක්‍රමය වූ කවිය මගින් මා සිතුවිලි පිට කලෙමි.කුමක් නම් කරන්නද.මා පල කරන ලද සෑම ලිපියකින්ම මා අවට ඇති අයගේ සිත මා නොදැනුවත්වම තුවාල කර ඇත.පව් පුරවා ගැනීමට තවත් කිසිම අදහසක් නැත.

මම ඝනකම් අඳුර  ආරම්භ කරේ හුදෙක් ආත්ම තෘප්තිය උදෙසාය.මම මගේ ඝනකම් අඳුර ට ආදරය කලෙමි.නමුදු ඝනකම් අඳුර  ලියන්නට ජීවත් නොවෙමි.ජීවත් වීද මට ලියන්නට යමක් ලැබෙනු ඇත.කෙසේ නමුත් බ්ලොග් ලෝකයේ සුන්දර මිනිසුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට ලැබීම ගැන තුටු වෙමි.මීට වැඩ අටුවා ටීකා පවසන්නට නොහැකිය.මින් පසු මෙහි කිසිම සටහනක් නොතැබෙනු ඇත.සදහටම සමු ගනිමි.සහෘදයන්ගේ සටහන්  සටහන් කියවමි.ඒවා ගැන මාගේ අදහස්ද ප්‍රකාශ කරමි.නමුදු අදින් පසු ඝනකම් අඳුරේ කිසිවක් පල නොවනු ඇත.."මානවක" යන නාමය අතීතයේ මතක සමග මුහුවනු ඇත.

(පැරණි කවියකින් සොඳුරු යුගයක මතක ඈවර කරමි)

පෙරදිනක පිපි මලක්
සිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට

සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට

තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට…. 

මා සමග රැඳී සිටි ඔබට ස්තුතියි.