දාර්ශනික මනෝභාවයකින් පසුවෙන මානවක තෙම |
පහත දැකෙවෙන උපදේශයන් මා විසින් විවිධ අවස්ථාවලදී පවසන ලද ඒවා බවටත් මේවායේ පේටන්ට් අයිතිය මා සතු බවත් කරුණාවෙන් සලකන්න !!
මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?
හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.
වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස් වී යයි.
ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.
ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි.
ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.
කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.
හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.
විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ.
පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.
නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.
අම්මා දෙස බලා දුවගේ රුපය මැනිය නොහැක.අම්මාට දුව ලැබෙන්නේ තාත්තව විවාහ කරගත්තාට පසු නිසාය.
මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.
ඔබත් දැන්ම ඉහත දැක්වෙන උපදේශ අනුගමනය කර ඔබගේ ජීවිතය නිසි ආකාරයට හැඩ ගස්වා ගන්න.
බස් කේස් එකනම් මම අද උදෙත් දැක්කා ..
ReplyDeleteබස් කතරන්දරේ නම් ඇත්ත නේද මනවකයෝ, පිට පළු ගැන නම් නොදනිමි, හැබැයි නියරේ මෙහෙම නම් වෙලෝ කොහම ඇත්දැයි කියන්නට ගොස් පිනාචාර්යතුමාව හමු වීමට එපොයින්ට්මන්ට් නම් සැට් වී ඇත.
ReplyDelete*වෙලේ
Delete*කොහොම
හහහහා.......පට්ට..... :))))
ReplyDeleteඇඩෙනවා ඈ
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩේ මට දැන් සිද්දිය පැහැදිලියි.. මාන්දාස් බර වාහන එලවද්දි ටෙක්නික් ව්ලටම එලවපන් ඈ.. නැත්තම් අතුරු අබාධ ගොඩයි
ReplyDeleteඅඩේ... අපේ වර්ගයා ගැනත් ලියල... එකනේ මම හැමදාම කියනවා පනුවෝ විදින්නේ හොඳ ඇපල් වලට කියල :D
ReplyDeleteහොඳ ඇපල් කන පණුවෝ සේරම බිලී කොක්කේ එල්ලන්න ඕනී
Deleteජිංජි බිරිස් හෙළා දකිමි :/
Deleteහික් හික්......... නියමයි.
ReplyDeleteඅඩේ එළටම ලියලා තියනවා
ReplyDeleteමේවා රුවන් වැකි නෙවෙයි මානවක වැකි.. හිහි.. සුපිරි ඈ..
ReplyDeleteපස්ට පට පට.......
ReplyDelete//...විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ....//
හිකි හිකි......
patta vadan tika maanavaka
ReplyDeletemevva dakala padivaru kulappu veyi unge thana manavakaya horakan karavi kiylaa
malunge cn ekayi hithata gaththa kathavayi nam sira ;-)
සුපිරි රුවන් වැකි ටික
ReplyDeleteමම මේ ටික බ්‍රිසිල් බෝඩ් එහෙක ලියලා කාමරේ බිත්තියේ ගහගන්නවා
ශැ!! මරු ඈ මානවකයෝ :D
ReplyDeleteඅනේ මෙහෙම රුවන් වැකි ඇහුවාමයි..හි හී නියමයි
ReplyDeleteනියම වැකි ටිකනෙ. අර බස් කතාව නම් ඇහුවාමයි. :D
ReplyDelete" ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි."
ReplyDeleteමේකනම් සිරා..
මදැයි කවි කාරයෙක් ගද්‍ය ලියන්න ගත්තා. මේක කියෙවුවම මොලේ කචල්වෙනවානේ..
ReplyDeleteපිස්සු පීකුදු අගනා රුවන් වැකි.....හි ..හි...
ReplyDeletehttp://samakayawate.blogspot.com/
බස් එකේ සින් එක ඇත. මම දැක්කා එක ඩ්‍රර්යිවර් කෙන්ක් බස්ක් එක ලොකුම ලොකුමම ලොකුයි කෙට්‍ටු ප්‍රොරක් කනෙ මයිලුත් තියනවා කගවෙනා වාගේ යන්නේ.
ReplyDeleteපට්ට!
ReplyDeleteපාන් ගෙඩියේ සහ ගැබිනියකගේ සමාන කමක් ඇත්තේය. පාන් ගෙඩිය කරවෙන්න පෙර එලියට ගත යුතුය. එසේම වෙලාවට එලියට නොගැනීම නිසා කාන්තාවක ගැබිනියක් වන්නේය.
ReplyDeleteසිරා උපදෙස් බුවා.. ජය !
අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කිව යුතුය/ ලියන්නා කෙසේ ලිව්වත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය කියන දෙකත් එකතු කරමුද :D
ReplyDelete//මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.//
ReplyDeleteමාත් මේ ගැන මෙහෙම සිතුවෙමි.
මුදේ නැව් ගියාට මුහුදේ තියා නැවේ වත් පාරක් හිටින්නේ නෑත.
නියම කතා ටික. ඇත්තටම ඔබට තියෙන්නේ බරපතල දාර්ශනික හිතක් !
http://pissudekai.blogspot.com/2012/11/blog-post.html
ReplyDeletemenna balapan
ලජ්ජාක්වක් නැතුව අමු අමුවේ හොරකම් කරලා...
Deleteඇතුල් වීම නොමිලේ පිට වීම ඇතුලේ
ReplyDeleteමේ ඔක්කොම දැක තිබුනත් මේවා උඹේ බව දැනගත්තේ අද.
ReplyDeleteමං හෙන ආස කතා ටිකක්.
maru a matan an mewa therum gandath ba wage.....
ReplyDelete