මේකත් මම උපුටා ගත්තේ යලිඑන්න වසන්තය කියන කාව්‍ය සංග්‍රහයෙන්.මම හිතන්නේ මේක කලින් කවියටත් වැඩිය පරණයි.ඇත්තටම දුක හිතිලා හිටිය වෙලාවක දුක පිට කර ගන්න තමයි මේක ලිව්වේ.හැබැයි ටිකක් ලියන යනකොට මට හිතුන පොඩි පර්යේෂණයක් විදියට මේක ලියන්න.ඒ කියන්නේ "රු" වලින් ඉවර වෙන භාවාත්මක කවියක් සඳහා භාවිතා කරන්න පුළුවන් හැම වචනෙම යොදා ගෙන කවිය ලියනවා කියන එක.කවියක් සඳහා යොදා ගන්න පුළුවන් වචන කියන්නේ ඔය සූදුරු/මාදුරු/පැදුරු/මදුරු/කදුරු/වීදුරු වගේ වචන නැතුව අනිත් ඒවා.
රෑ එබෙන සඳ සොඳුරු
නැතිද හැම ලොව අඳුරු
හිමි නොමැති පෙම් රුසිරු
කඳුල ඇයි නෙතට හුරු
දිවි නොමැති කතර මරු
අසනී වැසි වසින තුරු
බිම තෙමුව දිය කඳුරු
නැත තනිව ඇත ඉවුරු
රෑ යහනේ මම ඇතිරු
සුසුම් වල හිත නුහුරු
සිහිනයන් නැති නුදුරු
දුක පමණි මට ඉතුරු
හැම රෑම මම කෙඳිරු
ගී සැඟව වැලක තරු
මතක සැනෙකින් අසුරු
බව මලවි මට සතුරු
ගං දෑල මලින් සරු
නොමැත පසු ගඟ ඉතිරු
අසා ලොව කල නිගරු
වෙලා මගේ හිත නිසරු
සුසුම් වී මගේ වියරු
පෙළයි මා ලෙස රුදුරු
මා වටා ඇති පවුරු
බිඳින්නෙද ලොව කවුරු
ප.ලි - දාලා තියන පින්තුරෙත් එහෙම වෙලාවක මම ඇදපු එකක්ම තමයි.
ලස්සනයි මානවකයෝ...
ReplyDeleteතැන්කු ඈ....
Deleteලස්සනට පද ගලපලා තියෙනවා
ReplyDeleteමේක ලියන්න මට ටික වෙලාවක් ගියා.
Deleteකවි සෙට් එක නියමයි ඇත්තටම. පින්තුරෙත්. ඇත්තටම මම ආසවෙන් කියවන බ්ලොග් වලින් එකක් තමයි මානවකගේ ඝනකම් අඳුර.
ReplyDeleteතැන්කු හොඳේ :).
Deleteකොච්චර වැඩ තිබුනත් ඝනකම් අඳුරේ අලුත් පොස්ට් එකක් දාලා නම් ඔක්කෝම වැඩ නවත්තලා වුනත් ඒක බලනවා.
ReplyDeleteසිත මගේ සොඳුරු
සනසනව කවියකි අපූරු..
ජය වේවා..!!
ඔය තියෙන්නේ කවියකින්ම රිප්ලයි...ජය වේවා..!!
Deleteහදි හද බැඳි පෙම් පවුරු
ReplyDeleteදෙගොඩ තලා ගියානම් ඉවුරු
පතිනිය වී නුඹගේ සොඳුරු
හොදි හදයි දමා කල් කදුරු
වසන්නට වෙයි උබට සැමදා නුහුරු
වැසිකිළියක එලාගෙන පැදුරු
එනිසා සැනසියන් මා මිතුරු
එයි මී ගොඩයා විහිලු නොකර මේ අපුරු කවිටික රස විඳපන්කෝ ..
Deleteමී සහෝ ඔයාගේ පද ටිකත් අපූරුයි!!!!!!!!!
Deleteමී සහෝගේ පද ටිකත් අපූරුයි! :)
Deleteඋඹ කට අරන් බලන් හිටින මීයෝ උඹටම තමයි ඔහොම වෙන්නේ.
Deleteකඳුළටම වී මිතුරු
ReplyDeleteතනිකමෙන් සිත ඇතිරු
ඔබේ කවි කම් සොඳුරු
මවයි දහසක් සළරු...
අපූරුයි මානවක මේ කවි පංතියනම්
මට හිතෙනවා මේ කවියත් උඩ කවියටම ආදින්න.තවත් මට අහු උනේ නැති රු වලින් ඉවර වෙන වචනයක් තියනවා "සලරු".ඒකට තියෙන්නේ මාරම විදියේ ශක්තිමත් තේරුමක්.ජය වේවා..!!
Deleteලස්සනම ලස්සනයි.ඔබේ නිර්මාණවලින් මම කැමතිම එකක් මේ..
ReplyDeleteතැන්කු හොඳේ ..... අනිත් මොනවද?
Deleteඒ මාරු ගැලපිම.. නියමයි
ReplyDeleteඑලස් කිරි
සුපිරියි
එලම වේවා.ජය වේවා..!!..නිකන් ඉන්න එකේ ට්‍රයි එක දීපන්..
Deleteලස්සන කවිටික මචෝ...
ReplyDeleteතැන්කු මචෝ..............ජය වේවා..!!
Deleteරු ටික මරු මානවක.ලස්සනයි
ReplyDeleteපට්ටෙට ගලපලා තියෙනවා
එල එල..තැන්කු හොඳේ...ජය වේවා..!!
Deleteඔය තියෙන්නේ එළිවැට එහෙම ලස්සනට ගලපලා..නියම කවි ටික..ඇත්තටම මන් ආසයි ඇ...!
ReplyDeleteබැඳි නුඹේ පද මියුරු
ReplyDeleteදැක මගේ හිත සොඳුරු
සනසවන හැටි සොයුරු
නොම හැඟෙ කියනයුරු
අපූරුයි....අනර්ඝයි....!!!
රහල් ගී තරු වියන යටින් යලි එන්න වසන්තය... මතකද මානවකයො?
ReplyDeleteමුල් වතාවට තමා මේ අහ ගොඩ වැදුනේ. හරි අපූරුයි මානවකයෝ.
ReplyDelete