බුකියේ මං

34 සීසර්

මේ සීසර් නම ඇහුන ගමන්ම අපිට මතකෙට එන්නේ කවුද?.හ්ම්ම්ම් අර දක්ෂ රෝමානු සෙනෙවියා,නැත්තන් අර සූර පප්පා එකේ විදියට ක්ලියෝපැට්රා ගේ හබියා.එහෙමත් නැත්තන් ෆිනෑන්ස් කරලා වාහන අරන් වාරික ගෙවන්න කල් පහු කරන අයගේ මාරයා.අර දරු උපතකදී කරන සැත්කම .අහ්හ් තව කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා.හා හා දැන් කට්ටියගේ කටවල් කන ගාවට ඇවිත් දිවවල් බුරිය ගාවට ඇවිත් ඇති නේ.හේතුව හොයාගන්න නම් ඉතින් අන්තිම වෙනකන්ම කියවන්න වෙනවා.

17 ගජමන් නෝනා

මේක පරණ කවියක් මගෙන් වෙච්ච වැරද්දක් හින්දා මේක draft වෙලා තිබුනේ.අලුත් පොස්ට් කීපයක්ම ලියන්  යනවා.එකක් වත් ඉවර කර ගන්න වෙලාවක් නෑ.වෙන අව්ලක් නිසා නෙවෙයි තියන කම්මැලි කම නිසා.එතකන් මේකවත් කියවන්න මතන්ලා.

46 හාරත හේරා (අතිශයින්ම Adults Only)


ඔන්න කිව්ව විදියටම පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස දෙන්න හිතුවා.මන්දා කලින් ලිව්වා එකට වැඩිය මේක ලියන්න ටිකක් අමාරු උනා.මොකද ශ්රුන්ගාරයටත් වඩා  මට මේකේ යටි පෙලට ඇතුලත් කරන්න උවමනා  වෙලා තිබ්බ කතාව නිසා.අනේ මන්ද මට නම් මේ කවි ටික ගැන ලොකුවට සැහීමකට පත්වෙන්න බෑ.නිකන් මදි මදි වගේ.ඔන්න උඩින්ම දැම්මා මේ ලේබලේ බලන අය බලන්න නොබලන අය ආවටත් වැඩිය ඉක්මනට හැරිලා යන්න.මොකුත් කියන්නේ නෑ.බනින ඒවා යටින් බැනල යන්න.ඔන්න කලින්ම කිව්ව මේක තමයි මම මේ ජාතියෙන් ලියන අන්තිම කවිය.         

32 මැකිලාද දේදුන්න

මේකත් මගේ උසස් පෙල උසස් පෙළ කේවල ව්‍යාපෘතිය වෙච්ච  "යලි එන්න වසන්තය" කියන කාව්‍ය සංග්‍රහයේ තිබුන කවියක්.මම මේ කවි පොත ගැන කිව්වා කලින් සමනල පාලම කියන පොස්ට් එකේ.අනේ මන්දා අවුරුදු 9 කට පස්සේ මේවා අයෙත් කියවනකොට ඒ දවස් වල මම ඉඳල තියෙන්නේ මොනවගේ මානසික තත්වෙකද කියල හිතා ගන්න බෑ.ලාවට දුක හිතෙනවත් එක්ක අප්පා.ඒ වගේ දුකක්.ඇයි දෙවියනේ මම එදාට වැඩිය දසකෙකින්ම වයස පොරක් නේ. මේකත් 2003 සැප්තැම්බර් මාසේ දවසක ලියපු එකක්.හරියටම මට දවස මතක නෑ.     

සුමුදු මල් පරව ගිය 
එක ළවැලි තලාවක
සුළඟ පමණයි ඉතුරු 
ඉරිතැළුන බිම පිසින  

සංසාර පුරුද්දට 
හැමදාම සිත දිව්ව
ගං දෑල සිඹන් ගිය 
ගඟ සොඳුරු කොතැන අද

වෙනදාට පිනි වැස්සේ 
තෙමි තෙමී ගී ගැයුව
මගේ හිත පිනවාපු
විහඟුනේ කොහිද නුඹ 

පෙරදාක නෙක මලින් 
සුළගේ සුව මුහු කෙරුව 
හීනවල පාට ගත්
උයන් වතු කෝ කොතැන 

දඟකාර සමනල්ලු 
අහසේ සෙල්ලම් කෙරුව 
අනන්තෙට හිත ගියපු 
මැකිලාද දේදුන්න 

වියරු වැල්ලෙන් කෙවී
කඳුළු ගංගා ගලන 
නෙත් දෙකින් මවන්නම් 
වැහිවලා තීරයම 

ප.ලි - පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස ලඟම ළඟදීම   බලාපොරොත්තු වන්න. 

65 එඩ්වඩ් අයියා.(16+ ගෑනු ළමයි වෙනුවෙන්මයි)

දැන් කාලේ කෙල්ලොන්ට ඇත්තේ මාරම වැම්පයර් පිස්සුවක්ය.බුකිය පුරාවට මෙලෝ රහක් නැති සුදුමැලි උන්ගේ පින්තුර පුරවලාය.සමහරුන් ගේ ඇස රතු පාටය.සමහරුන්ගේ කහපාටය.එය කොච්චරද කියනවානම් දැන් සමහර කෙල්ලෝ තමන්ගේ කොල්ලාට රැවුල වවන්න දෙන්නේද නැත.එය සාදරණයයි සිතමු.එහෙත් මෙම වැම්පයර් උන්මාදයෙන් පෙලෙන ගැහැණු ළමෝ එතකින්ද නොනැවතී තමන්ගේ කොල්ලාගේ මුණ සුදුමැලි සුදු පාට කිරීම සඳහා රුපලාවන්‍ය ද්‍රව්‍යද මිලයට ගෙන දෙන බව මාහට අසන්නට ලැබුන අලුත්ම ආරංචියයි.කොටින්ම කිව්වො දැන් කාලේ කෙල්ලෝ කසාද බදින්න හොයන්නේද වැම්පයර් කෙනෙකි.වැම්පයර්ලා ගැන පුංචි ඉරිසියාවකින් යුක්තව බහුතරයක් ශ්‍රී ලාංකීය තරුණියන්ගේ මනෝ ලෝකයේ සිහින කුමාරයා වූ එඩ්වඩ් අයියා වීමේ වාසි සහ අවාසි ලැයිස්තුගත කිරීමට සිතුවෙමි.

57 පුරුදු කාරයාගේ කවිය.... (18+)

මම කලින් ලිව්ව බඹසර කවියට ලැබුණු ඉමහත් පාටක ප්‍රතිචාර නිසා හිතුව ලියන්න තවත් ඒ ආරෙම කවියක්.ඇත්තම කියනවනම් මේක කලින් කවියේ මුල් කොටස වෙන්න ඕනෑ.ඒත් ඉතින් හොලිවුඩ් ෆිල්ම් ගහන්නෙත් කතාව මුලින් ගහල ආරඹේ දෙවෙනියට දෙන එක නේ...මම මේකට පුරුදු කාරයාගේ කවිය කියල  නම දැම්මේ පෙනෙන යටි අර්තෙටත් වැඩිය තව එකක් ඇතුලේ තියන නිසා .කොහොම උනත් මේක මගෙන් ලියවිච්ච තවත් වෙනස් විදියේ කවියක් .මේකේ සැඟවුණු යටිපෙළ තේරෙනවද බලන්න.මම අදහස් කරේ අපිට තේරෙන දේට යටින් තියන එක. 
   

43 බඩු පොට් නීතිගත කිරීම (18+)

කට්ටිය ඔක්කොම කියන්නේ ලංකාවේ සදාචාරයට මේක හරියන්නේ නැත.ලංකාව වනාහි ප්‍රෞඩ ඉතිහාසයක් ඇති රටකි.ලංකාවේ ලිංගික අපරාද වැඩිවීමට මේක හේතුවක් වනු ඇත.වැඩට යන මැදි වයසේ  තාත්තලා හවස වැඩ ඇරී ගෙදර එන විට  ඕවාට රිංගලා තමන් හම්බ කරන දේවල් වියදම් කර ගනීවිය.ඊට පස්සේ වැරදීමකින් හෝ බඩු පොට් එකක ඉන්න ගිරවා ගෙදර ගෙනාවම ඌ "අලුත් බඩු තුනක් ඒත් පරණ කස්ටමර් කෙනෙක් "  කියලා කිව්වම ගෙදර ප්‍රශ්න ඇති වී අවුල් ජාලාවක් වනු ඇත කියාය.ඇත්තටම හේතුව එය නොවේය.

21 සුළඟට කියන කවිය

කට්ටිය කියන්නෙම මම ලියන්නේ දුක හිතෙන කවි විතරලු.එහෙමත් නැත්තන් මම ලියන කවි වලට දුක හිතෙනවලු.ඔහොම ඉතින් කවියක් ලියන්න අවස්තාවක් හොයා හොයා හූල්ල හූල්ල ඉන්නකොට දැක්කා , දැක්කා නියම පින්තුරයක්.එකට කවියක් නම නොලියම බෑ.එක එච්චරටම ප්‍රේමනීයයි.අර රොමැන්ටික් කියල සිංහලෙන් කියන්නේ.කෙල්ල කොල්ලගේ දිහා බලාගෙන කොල්ලත් කෙල්ලගේ දිහා බලාගෙන.ඇස් වලින් ආදරේ දොරේ ගලනවා.කොල්ලගේ ඇත කෙල්ලගේ ඉන වටා දන්නා ඔන්න මෙන්න වගේ.කැතට හිතන්න එපා පින්තුරේ කිසිම නරක පෙනුමක් නෑ.අවන්කෙන්ම ලස්සනයි.ඇත්තම කියනවනම් අපි ජංජාලෙන් අරන් අපේ මුනුපොතේ පින්තුරේට දාන්න ගන්න එකක් වගේමයි.මම එහෙම කිව්වේ මම දැකපු පින්තුරේ ඉන්න දෙන්නාම ලංකාවේ තරුණ යුවලක් නිසා.ඔන්න කොහොම හරි කවියත් ලිව්වා කියමුකෝ.(මෙතන ඒ පින්තුරේ දාන්න බෑ . මොකද පෞද්ගලික එකක් නිසා . ඒත් ඒ වගේ වෙන පින්තුරයක් ජංජාලෙන් හොයාගන්නත් නෑ.මම මේ දාපු එකත් එකට කොහෙත්ම සමාන නෑ)              


හිත්වලින් 
උතුරන්න 
ගලනා 
සහසකුත් 
ස්නේහයේ  
කැල්මන්....... 

නෙත්වලින් 
නෙත් තුලට 
යොමනා 
සුන්දරම 
ආදරේ 
බැල්මන්.....  

හ්ම්ම්ම්ම්...... 

නොයන් 
බොඳකර 
දෑස් 
අතරට 
අඩුම 
තරමේ 
සුළඟ 
නුඹවත්......  

ප.ලි - දැනගන්න ලැබුන හැටියට ඒ පින්තුරය අහම්බෙන් ගත්ත එකක් සහ එකේ පෙනෙන දේ නෙවෙයි ඇත්තම දේ . හොඳ යාළුවො දෙන්නෙක්.අනේ මගේ කෝලං කැත හිත.  

14 නුඹ ලඟම මට………..

ජීවිතේට මිනිස්සු එනවා.යනවා.සමහරු යන්නේ අපිව රිද්දවලා.සමහරු අපේ ජීවිතේට ඇවිත් තියෙන්නේ වාසි බලාගෙන.ඒ අය යන්නෙත් කියන්නෙම නැතුව.හ්ම්ම්ම්....ඒත් සමහරු එනවා ජීවිතේට හරිම පුදුමාකාර විදියට.ඒ අය අපේ ජීවිතේ පුරාම ඒක ඒක විදියේ සලකුණු තියනවා .ඒ අය කැමැත්තෙන් යන්නේ නෑ.යන්න වෙන විදියට ජීවිතෙන් අසරණ වෙනවා.හැබැයි ගියත් යන්නේ ගොඩක් දේවල් ඉතුරු කරලා .ආදරේ  අවංක කම ,මනුස්ස කම වගේ හැමදාම විඳින්න පුළුවන් සුවඳ දොරේ ගලන මතක ඉතුරු කරලා .

18 සුදෝ මම ආදරෙයි.....


කාලෙකින් විචාරයක් ලියන්න බැරි උන නිසා පරණ සින්දුවක් උනත් කාලීන සමාජ යථාර්තයක් ගැන කතාකරන මාතෘකාවක් ගොනු වෙච්ච සින්දුවක් තෝරා ගත්තා මට තේරෙන විදියට පුංචි විචාරයක් ලියන්න.

මම හිතන්නේ ගොඩක් කට්ටිය මේ සින්දුව අහල නෑ.මම මුලින්ම මේ සින්දුවේ පදමාලාව ඔබට දෙනවා.හොදින් කියවන්න.




නැතිවුනු ආදරයක් වෙනුවෙන් - හෙලන සුසුම් අන් හදක ඇඳී
පෑරුනු හදවත් එකිනෙක අමතා - කියන කතාවයි මේ

සුදෝ මම ආදරෙයි...//

සිතින් පලාගිය එක් ආදරයක් - විරහ කඳුලු පිරි නෙතින් බලා
ඉන්නා අතරේ තව ආදරයක් - වෙත හදවත් දොර විවරකලා

සුදෝ මම ආදරෙයි...//

ආයෙත් නොලැබෙන ආයෙත් නොයෙනා ඒ ආදරයට ඉඩ දෙම්දෝ
පාලු හදවතට සෙනෙහස පුදනා මේ ආදරයට ඉඩ දෙම්දෝ

සුදෝ මම ආදරෙයි...//

සෙනෙහස ඉතිරුනු ඒ ආදරයයි - සෙනෙහස අයදින මේ ආදරයයි
කොහොම කෙලෙස තුරුලට ගම්දෝ

ඔබට මම ආදරෙයි

ඔබටත් ආදරෙයි

ඔබට මම ආදරෙයි

30 මා මල දවසට

කලින් කිව්වා වගේ මහාම මහ කාලකන්ණි කාලයක් මේක.බලන බලන පැත්තේ පාලුවයි හිස්කමයි විතරයි.ජීවිතේ ආයෙත් දිනන්න බැරි තරමටම පරාද වෙලා වගේ.සමහර වෙලාවට හිතෙනවා මේ හිත හදාගෙන මුණ දෙන්න බැරි අනාගතයෙන් පැනලා යන්නේ කොහොමද? කියලා .අනේ මම පව් නැද්ද?.මෙච්චර දවසක් අලුතෙන් මුකුත් ලියන්න බැරුව හිටියා.අන්තිමේදී ලියවුනේ මේක.ඒකත් නෙදකින්ද මන්දා?   


21 සුසුම් මැද...

ජීවිතේ මාන්දමික වෙලා.අලුතෙන් දෙයක් ලියන්නවත් අලුතෙන් හිතන්නවත් බැරිතරමට ජීවිතේ හිස් කමකින් පිරිලා ගිහිල්ලා.කවි හිත මාව දාල ගිහිල්ල වගේ.මේකටත් මොනවා හරි දාන්න එපාය.මේක මම බොහෝම කාලයකට පෙර අන්තිම පේලියට ලියුව කවියක්. මොනවා කරන්නද දැනට මේකවත් දාල හිත හදා ගන්නවා. 





34 ජාතිවාදී විය යුත්තේ ඇයි?

ශ්‍රී ලාංකික සිංහලයකු වශයෙන් ජාතිවාදී  විය යුත්තේ මන්දැයි ? සහ ජාතිමාමක  සිංහලයන් සිටිනුයේ සමාජ ජාලවල පමණක්ද යන ගැටළු වලට පිළිතුරු සොයනු වස් මා කල සරල සමීක්ෂණයක ප්‍රතිපල  මෙසේ මා ඔබ සමග බෙදා ගැනීමට සිතුවේ හුදෙක් කැකෑරෙන සිතුවිලි සිතෙහි තබාගෙන සිටිනවාට වඩා මා මෙන්ම උභාතොකෝටිකයන්ට මැදිව සිටින බහුතරයකගේ පහන් සංවේගය පිණිස වනු ඇති නිසාය.

49 ෆයිනල් එකට ඇරියේ මාමද?



පරාජයේ දුක පහව යන්නේ කොදෙව්වෝ දින්න නිසාය.ලංකාවට හතර වතාවක් අනුශුරයෝ වීමට සිදු වුයේ ක්‍රිකට් හා සම්බන්ධකම් පවත්වන මිනිසුන්ගේ ක්‍රියා කලාපය නිසා මිස රාජ්‍ය නායකයාගේ මැදිහත් වීමක් නිසා නොවේ.


18 ලංකාවට අවේනික වාහන

උපාලි මැස්ඩා රථයක්   
ටොයෝටා H113 නැත්තන් නිසාන් FB 13 කියල වාහනයක් ගැන කිව්වොත් වාහන ගැන පර තෙරෙටම දන්නා අයට අමුත්තක් නැති උනත් සාමාන්‍ය අයට ඔලුව කර්පට් වෙන්න පුළුවන්.මොකද කියනවා නම් ඔය කිව්වා මොඩල් දෙකම ලංකාවේ ව්‍යවහාරේ නැති නිසා.හැබැයි ඔය මොඩල් දෙකේම වාහන ලංකාවේ ඕනෑම තැනක දකින්න පුළුවන් සුලභ මොඩල් දෙකක්.වැඩි කතා ඕනා නෑ බලන්නකෝ මේ වාහන දැකල තියනවද කියලා කොහේදී හරි.

51 what happen to others හෙවත් whobuzz?

" මග තොටේදි, බස් එකේදි, කවුරු හරි ඇහුවොත්.. ලියල පෙන්නන්න කිව්වෝත්.. තමන් අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියලා..".හීනෙන්ද මන්ද ඇහුන එම වචන පෙළත් සමග දඩිබිඩියේ ඇදෙන නැගිටුන මා  වෙනදාට උදේට විතරක් මදින දත් විසිපහකින් පමණ සමන් විත මාගේ දත් සැට්ටුව හවස පහට විතර මැද ගෙන අහිංසක මා ලක ලැස්ති වුයේ සුවහසක් බ්ලොග්කරුවන්ගේ හදවත් වල බුර බුරා නගින සහසක් බලාපොරොත්තුවල කුටප්‍රාප්තිය හෙවත් මහා ඔස්කාර්  සම්මාන උළලේ ප්‍රතිපල ප්‍රකාශය ඇසීමටයි(මොකක් ඔස්කාර්?).චොක්ලට් බිස්කට් පැකට්ටු දෙකක් සහ වටවල කහට වලින් පිරවූ උණුවතුර බෝතලය මට තුරුළු වී අමන්දානන්දයට පත්ව සිටියේ අපිට තියන එකම ආතල් එක ඉතින් මේක නේ කියාගෙනය.ලක්ෂේට කොඩිය දමා උළෙල පැවැත් වුනි.චේන් එක පැන්න අතර.එකෙන්ම කන් පාත් උනි.මාගේ සංවේදී හදවත අපයෝජනයට ලක්වූ  අතර මෙතැන් සිට මා විසින්  භාවිතා කරනු ලබන්නේ මාගේ අපචාර වූ සිතිවිලි සමුදායයි.


30 ජීවිතයට රුවන් වැකි (18 ප්ලස්‌ ද මන්දා ?)

දාර්ශනික මනෝභාවයකින් පසුවෙන මානවක තෙම
හැමදාම කවි ලිය ලිය ඉඳල හරි යන්නේ නෑ කියලා හිතුන නිසාත් මාගේ දාර්ශනික අදහස් අනිත් අය අතරේ බෙදා ගන්න හිතුන නිසාත් කාලයක් තිස්සේ මගෙ මුවගේ රැඳුන සහ දැයක් නිසිමගට ගෙනා වැකි කීපයක් ඔබ අතරේ බෙදා ගන්න හිතුව.ආයේ ඉතින් සුද්දොන්ගේ ඒවා ඕනෑ නෑ.මේ තියෙන්නේ සුපිරිසිදු Made in Sri Lanka වැකි හෙවත් මානවකයාගේ රුවන් වැකි. 

27 මා වටා ඇති පවුරු


මේකත් මම උපුටා ගත්තේ යලිඑන්න වසන්තය කියන කාව්‍ය සංග්‍රහයෙන්.මම හිතන්නේ මේක කලින් කවියටත් වැඩිය පරණයි.ඇත්තටම දුක හිතිලා හිටිය වෙලාවක දුක පිට කර ගන්න තමයි මේක ලිව්වේ.හැබැයි ටිකක් ලියන යනකොට මට හිතුන පොඩි පර්යේෂණයක් විදියට මේක ලියන්න.ඒ කියන්නේ  "රු" වලින් ඉවර වෙන භාවාත්මක කවියක් සඳහා භාවිතා කරන්න පුළුවන් හැම වචනෙම යොදා ගෙන කවිය ලියනවා කියන එක.කවියක් සඳහා යොදා ගන්න පුළුවන් වචන කියන්නේ ඔය සූදුරු/මාදුරු/පැදුරු/මදුරු/කදුරු/වීදුරු වගේ වචන නැතුව අනිත් ඒවා.

36 සමනල පාලම

අද කාමරේ අස් කරනකොට අස්සකට වැටිලා තිබිච්ච මගේ උසස් පෙළ කේවල ව්‍යාපෘතිය හම්බුනා.පරණ කවි තොගයක්ම තියනවා.ඒකෙ නම "යලි එන්න වසන්තය" තේමාව උනේ "අසම්මතයේ කාව්‍ය පෙළහර".අසම්මත වෙන්නේ ඇයි කියල කියනවනම්.තාමත් කල්පනා කොරන කොට මට හරිම පුදුමයි මගේ අතීතය ගැන.මම ජීව විද්‍යාව කරත් මගේ කේවල ව්‍යාපෘතිය උනේ නිසදැස් නිර්මාණය.කණ්ඩායම් ව්‍යාපෘතිය උනේ ගණිත දිනය.අනේ මන්ද මම එදා ඉඳලම උඩු ගං බලන් පීනපු මිනිහෙක්ද කියල හිතෙනවා.හැම දේම අනිත් මිනිස්සුන්ට වැඩිය වෙනස් විදියට කරන්න උත්සාහ කරත් කොහේ හරි වැරදුන මට.එත් ඉතින් තාමත් ජීවත් වෙනවා.කිසි අව්ලක් නෑ කලින් නම් නැති වෙච්ච දේවල් වලට තැවුනත් දැන් තේරෙනවා නැති වෙච්ච දේවල් වලට වැඩිය ලැබුන දේවල් වැඩියි කියල.ජීවිතයට මිනිස්සු එනවා යනවා.සමහරු මාව ජීවිතයෙන් පිටමන් කරා.මම සමහරුන්ව ජීවිතයෙන් පිටමන් කරා.හැමදේම සමබරයි කියල හිතෙනවා. 

18 ගබ්සාව සහ පිටස්තරයා


මම දන්නා කෙනෙක් ගැන මම නොදන්නා කෙනෙක් කියපු කතාවක් නිසා ඇතිවුන කලබල කාරී මානසික තත්වය නිසා මේ කෙටි සටහන තියන්න හිතුවා.ඔව් මේ පොස්ට් එකේ මාතෘකාව වගේමයි.එක අහපු වෙලේ මට හුස්ම ගන්න බැරි උනා වගේ උනා.මම තාමත් කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇයි මට එහෙම උනේ කියලා.මට තාම තේරුම් ගන්න බෑ ඇයි මම පිටස්තර පුද්ගලයන්ගේ දුකට මෙච්චර සංවේදී කියලා.පිට මිනිස්සුන්ගේ දුකට මගේ ඇස් වල කඳුළු උනන්නේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ. මම මේ ගබ්සාව නීති ගත කරන්න කියනවා කියලා වත් ඔහොම නොවෙන්න නිසි අධ්‍යාපනය දෙන්න කියලවත් හිතන්න එපා. නිදා ගන්නේ නැතුව කල්පනා කරපු දවස් දෙකකට පස්සේ .දැන් හිතට අවුලක් නැති උනත් මම මේ අමාරුවෙන් පෙළ ගස්සන්නේ ඒ වෙලාවේ පිටස්තර චරිතයක් විදියට මගේ හිතේ ඇතිවුන සිතුවිලි සමුදාය. 

39 සිගරට්...දුම සහ මතකය

cigarette

මිනිස්සුන්ට ප්‍රශ්න.දාහක් ප්‍රශ්න.ඊට අමතරව වෙනත් අයගේ දේවල් ගැනත් තැවෙන්න උනාම ඊට වැඩිය අමාරුයි.

58 බඹසර (අතිශයින්ම Adults Only)

මේක කියවලා මට බනින්න එහෙම ලෑස්ති වෙන්න එපා ඔන්න.කුණුහරපයක් උනත් කියන්න පුළුවන් තව ක්‍රම තියනවා.සුරුන්ගාරත්මකද මොකක්ද කියන්නේ ඉතින් මමත් ඔය ටික දවසකට කලින් උත්සාහ කරපු එකක් තමයි.හැබැයි මොනවා කිව්වත් මේක පොඩිම උන් ඒ කිව්වේ 18 ට අඩු උන් නොබලනවානම් ගොඩක් හොඳයි.

34 පරසතු මල

ඊයේ රෑ නින්ද ගියේම නෑ.මොකද මන්ද.ඒත් අන්තිම කවියෙන් පස්සේ කවි ලියන්නේ නෑ කියල හිතන් හිටිය මට උදේ වෙනකොට කවියක් ලියවිලා.මම කලිනුත් කිව්වා " කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත්  කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා. ".මෙදා පොටේ උත්සාහ නොකරත් එක ඉබේම ලියවිලා.ඇත්තම කියනවනම් මම දන්නා කියන මනුස්සයෙක්ට උපහාරයක් විදියට  මේක ලියවුනා කිව්වොත් වැරදි නෑ.මම ඒ කෙනාව පරසතු මලකට උපමා කරේ වෙනකෙනෙක්ට අයිති නිසා නෙවෙයි.(නැත්තන් කියාවි ලව් සීන් එකක් කියල).පරසතු මල් පිපෙන්නේ දිව්‍යලෝකේ විතරක් නිසා.

38 ලංකාවේ සමලිංගික පාසල්


පොඩ්ඩක් කතා කරන්න ඕන සංවාදයට තුඩුදෙන සුළු මාතෘකාවක් නිසා පොඩ්ඩක් කතා කරන්න හිතුවා.ගොඩක් මිනිස්සුනේගේ කැත හිත වලට පොඩි හිතන්න දෙයක් දෙන්න ඕන නිසා.මේකෙදි ලංකාවේ පාසල් කීපයක් ගැන කතා වෙනවා.හැබැයි ඒ ඒ පාසල් වලට අපහාස කිරීමේ අරමුණෙන් නම් නෙවෙයි.පොඩ්ඩක් හිතල පොඩ්ඩක් හිනාවෙලා (ටිකක් හිනාවෙලා නෙවෙයි) ලේ පිරිසිදු කර ගන්න ඕන නිසා.

35 කේන්දර සහ මම

ඊයේ පෙරේද රොබින් දාපු පොස්ට් එකයි තව සමහර දේවලුත් එක්ක මමත් හිතුව ටිකක් කේන්දරේ ගැන කතා කරන්න.කේන්දර ගැන තරමක් විශ්වාස කරන සහ තරමක් විෂය කරුණු දන්නා කෙනෙක් විදියට මම දන්නා දේවල් ටිකක් බෙදා ගන්න කියල.


33 ඔලුව නවන්නේ නෑ කාටවත් මම



පොඩි ටෙස්ට් පොස්ට් එකක් හොඳේ...... 

34 වැරදුනෙ කොතැන මට….?


මම හැමදාම කරේ ජීවිතේ වැරැද්ද ගත්ත එක,මගේ හිත මම විසින්ම රවට්ට ගත්ත එක විතරයි.මොනවා කියන්නද ඉතින් ලබා උපන් හැටි කියලා හිත හදන ඉන්න හැදුවත් අනේ මන්ද හැමදාම වෙන්නේ වරදින එක විතරයි.

අපි ආස කරන දේවල් අපිට නොලැබෙන කොට අපි කොච්චර කාලකන්නිද කියලා අපිට හිතෙන එක වලක්කගන්න ක්‍රමයක් තිබුනානම්.පව පව කියලා එක තැනක හිටියේ නැති උනත් සමහර වෙලාවට එන අර කාලකන්නි හැගීමෙන් ජීවිතය එපා වෙන තරම  දැනෙන්න නම් ඉතින් නොලැබිල්ල කියන අත්දැකීමට මුහුණ දෙන්න ඕන.අපි කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙකුගේ කටින්  අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු හිත තුවාල කරන තරම් සංවේදී  දේවල් අහන්න ලැබුනම, ඉබේම වැරදුනාද නැත්තන් වැරැද්ද ගත්තද කියලා හිතා ගන්න බැරි වෙනවා.කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත්  කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා.


11 ඔබා මාමේ.............

මේ වෙලාවේ මට කරන්න පුළුවන් පුංචිම උපහාරය මෙච්චරයි ඔබා මාමේ.............

28 සමාවෙන්න මට........

මම දන්නවා මම  හින්ද මම වටේ ඉන්න ගොඩක් අයට දුකක් විතරයි ඉතුරු උනේ.සමාවෙන්න කියනවා ඇරෙන්න ඔයාට කියන්න වෙන දෙයක් නෑ.එත් ඔයාට නොකිය ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.මට කියාගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් තියනවා.එත් ඒවා ලස්සනට ලියන්න මට බෑ. පුළුවන් මේ විදියට වචන ගැටගහන්න විතරයි.ආයෙමත් සැරයක් ඉල්ලනවා මම ..දහස්වතාවක් සමාවෙන්න මට........

53 මගේ සොහොන


මරණය  අත්  දැකල තියනවද..නැත්තන් මරණයේ වේදනාව දැනිල තියනවද?...මරණ බය දැනිල තියනවද?
ජීවිතේ තුන්වෙනි වතාවටත් ඒක වින්දා.
පලවෙනි වතාවට ඩෙංගු හැදිලා දවස් 16 ක සුන්දර ICU හෝටලේ නතර වෙලා ඉන්න කොට.දෙවෙනි එක එහෙම හිටිය එකා සති දෙකක් යන්න කලින් batch get එකේ හරකෙක් වගේ බීල ලේ වමනේ දාපු පාර.
තුන්වෙනි වතාව මේ ඉතාම ආසන්න දවසක.

20 දඩුමොනර තාක්ෂනය පරසුද්දා අතට ( වීඩියෝ දර්ශන සහිතයි )

දඩු මොනරය කියන්නේ හෙලුවන්ගේ මහා නායක රාවන රජුගේ වාහනය බව කවුරුත් දන්නා කරුණක්.දඩු මොනරය යන්නෙහි තේරුම තමයි යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන මොනරෙකු වන ගුවන් යානය කියන අදහස.ඇත්තටම මට වඩා එය ගැන විචාරයක් මා ප්‍රිය ගුරු  ආචාර්ය මීවනපලානේ ජයරත්නයන්ගෙන් විමසා දැනගත හැක. නැති වූ  හෙලුවන්ගේ ආශ්චර්ය ගැන වැලපෙන හදවතින් යුතුව මා ඉදිරිපත් කරන්නේ  රාවන ඉතිහාසය ගවේෂණයේදී මා සොයාගත් පර සුද්දා විසින් අපගේ දඬුමොනර තාක්ෂනය සොරකම් කල බව කියන සාක්ෂි නැත්නම් කරුණු කීපයක් පමණකි.

43 වර්ගපුර්නිකාව බොරුවක්........ රාවණා දැනටමත් පිබිදී ඇත.


රාවණා රජතුමා ගැන ගොඩක් කතාකරන යුගයක.ඇත්තෙන්ම කියනවා නම් රාවණාගේ නැවත නැගිටීම ගැන බොහොම සංවාදශීලි ලෙස කතා කරන යුගයක රාවණා ගැන මම අහපු කතාවක් මතක් උනා.ඇත්තෙන්ම ආචාර්ය මී ජයරත්න මහත්මයා දැනට පුරාවෘත හා වර්ගපුර්නිකාව ඇසුරෙන්  ගොඩනගාගෙන යන බොහොමයක් තර්ක මේ නිසා බිදෙන්න පුළුවන්.මම මේ කතාව මුලින්ම අහන වෙලාවේ ප්‍රෝඩාවක් කියලා බැහැර කරත් දැන් හිතෙනවා ඇත්තක් වෙන්න ඇති කියලා.මම මේ කතාවේ වටිනාකම නොදැන බොහොම කලකට පෙර අන්තිම පේලියේ පලකරා.ඒත් මට හිතුන හින්දා මේක දැන් තමයි වඩාත් ගැලපෙන්නේ කියලා.මම මේක ලියල තියෙන්නේ මගේ යාළුවා මීට අවුරුදු 7 කට විතර කලින් කියපු කතාව මගේ වචනයෙන්.  

48 සමලිංගිකයන්ට කුමක් කල යුතුද ? (18+)




සමලින්ගිකයෝ (LGBT) එහෙමත් නැත්තන් සමනල්ලු .


සම ලිංගිකයන් බිහිවීමේ සරල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරනවානම් , අපි කවුරුත් දන්නවා රෝම අධිරාජ්‍ය ගැන .පැරණි රෝමයේ සමලිංගිකත්වය කියන දේ සමාජ පිළිගත් මට්ටමකට ඇවිත් තිබුණා.ඒ මොකද කියනවනම් ඒ කාලේ හිටිය කලිගියුලා වගේ විකෘති කාමසවන්ගෙන් පෙළුන රෝම අධිරාජයන් විසින් තමන් ගේ වාසියට  සමලිංගිකත්වය කියන දේ නීතිගත කිරීමත් , සටන් ,යටත් විජිත සහ සොල්දාදුවන්ගෙන් බිහි උන  රෝමයේ බහුතරයක් පිරිමින් සොල්දාදුවන් ලෙස යුද්ධයට සහභාගී වීම නිසා පිරිමින් ගේ හිඟයකින් පෙළුන කාන්තාවන් අතරෙත් , සොල්දාදුවන් වී යුද්ධයට යාමට සිදුවීම නිසා කාන්තාවන්  ගේ පහස ලබා ගැනීමට නොහැකි උන නිසා පිරිමින් අතරෙත් සමලිංගිකත්වය කියන මාතෘකාව අරුමයක් උනේ නෑ.( දැනටත් සොල්දාදුවන් අතර වගේම නාවිකයන් අතරත් අපි මේ කතා කරන මාතෘකාව දකින්න පුළුවන් )

18 කෙටි කතාවක්

ඔන්න මමත් කෙටි කතාවක් දාන්න කියල හිතුවා.මේකේ විශේෂත්වය තියෙන්නේ මේ කතාවත් කෙටියි මේකේ ඇතුලේ තියන කතාවත් කෙටි වෙච්ච එක තමයි.

ඔන්න ඒ කාලේ.ඒ කාලේ කිව්වම බුදුන් පුංචි කාලේ වගේ  බැලමන්ට් දන්නා එපා. මේක 2006 අවුරුද්දේ සිද්ද වෙච්ච ඇත්ත කතාවක්.බොරුවට පඳුර වටේ තලන්නේ නැතුව මම කතාවට එන්ටර් වෙන්නම්කො.

28 අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්........


මට ගීතයක් ringtone විදියට දාන්න පුළුවන් ජංගම දුරකතනයක් ගත්ත දවසේ ඉඳං මේ වෙනකොට අවුරුදු 6 කට ලංවෙන්න කාලයක් පුරා මගේ ringtone එක විදියට භාවිතා කරපු තවමත් භාවිතා කරන මම ආසම කරන ගීතයක තේරුම...........හ්ම්ම්ම් ඇත්තෙන්ම ව්‍යංගාර්තයෙන් අදහස් කරන දේ දවස් කීපයකට කලින් දැනගන්න ලැබුනා.සංවේදී ආදර ගීයක්  කියල හිතන හිටියට ඊට වඩා ගොඩක් හෘදයංගම සැගවුණු ආදරණීය කෙදාන්තයක් ඒ වචන වල තියනවා කියලා තේරුණා නිසා සහ මම ආසම කරන ගීතයක් නිසා මේගැන කෙටි සටහනක් ලියන්න හිතුනා.

මෑත  කාලයකදී තෝරාගත් පුද්ගලයෙක් නිසා එම පුද්ගලයාට පමණක් විශේෂ උන නාද රටාවක් දැම්මත් බොහෝ වෙලාවට දැන් නම් සෑම විටම මට දුරකතන ඇමතුමක් එනකොට ඇහෙන්නේ මම මේ කතාකරන ලැස්ති වෙන සින්දුවේ මාවිසින් සකසාගත් මුල් පද කීපය.

13 පිස්සු ගව රෝගය......(18+)


ඔන්න මමත් කතාවක් ඔක්කොම දාන්ඩ කියල හිතුවා.මේක මම අහපු කතාවක්.මේකට කාලින වැදගත් කමක් තියනවද මන්ද.මොකද මම ලගදී දැක්ක කොහෙද රටක පිස්සු ගව රෝගය ගවයන් ඔක්කොම විනාස කෙරුවා කියලා..
මේ සිද්දිය උනෙ නම් ලන්කාවේ විද්යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )

22 රොමැන්ටික් කවි තුනක්......



මානවක කවිය 
අනේ
සිඹින්න
හිතත්
නුඹෙ
දෙතොල
ඒත්
මැකේවිද
කියල
ඔය හිනාව
මොහොතකට
හරි
බයයි
මට

9 තාත්තේ තාත්තා නම්.........

මේක ලියන්න හිතුනේ අද බොන්න කියල හැමදාම බොන සුපුරුදු තැනට යනකොට එතන හිටිය වේටර් අයියා කෙනෙක් අපිව පිළිගත්ත හැටි දැකල.නිකම් පලවෙනි දවසේ ඉස්කෝලේ ගිය පොඩි එකෙක් වරුවක් අඬල දවල් වරුවේ ඉස්කෝලේ අහවර උනාම තමන්ව ගෙදර එක්ක යන්න අම්ම ආවම මුනට එනවා වගේ හිනාවක් ඒ අයියටත් ගියා බොලන්.සිරියාවන්ත කමේ බෑ. ඉතින් අපි එච්චර බේබද්දෝ වෙලාද කියල දුක් වෙන ගමන් පරණ කතා දෙක තුනක් මතක් කරා....

18 පිළුණු කවියකට උණු පෙරවදනක්

ජීවිතේට ආවටත් වඩා ඉක්මනින් මාව ඔයාගේ ජීවිතෙන් පිටමන් කරන්න ඔයාට පුළුවන් උනාට මට ඒක ඒක පාරටම විශ්වාස කරන්න බැරි වෙච්ච එකයි දුක . මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නවා දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි...ඊයේ ඔයා ගැන හිත හිත බොනකොට...අනුකම්පාවක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ...මාව අයෙත් ජීවිතේට ගනීවි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ...කවුරුවත් මේක දැකලා දුක වෙන්න ඕනත් නෑ (මේ සටහන නිකන්ම නිකන් සත්‍ය වටහාගත් සන්තෝසෙට ලියපු එකක්)...

14 අන්තිම කවිය

මම කවි වලටම කොටු වෙලා කියල හිතුන නිසා අයෙත් කාලෙකට කවියක් ලියන්නේ නෑ කියල හිතුවා එනිසා අන්තිම කවිය විදියට ටික කලකට කලින් ලියපු මේ කවි පෙළ දාන්න හිතුවේ.එකම තමයි මේකට අන්තිම කවිය කියල නම දැම්මෙත්.සමහර විට මේක මගේ අන්තිම කවිය වේවි.  

14 රැකියාවට සමු දීම හෙවත් තීන්ත බාස් නියතය ......

හිතන්න කොහොමද කියල සති අන්තයක අතේ සතයක් වත් නැතුව ගෙදරින් ඈතක තනි වෙන්න උනාම..කීයක් වත් ඉල්ලා ගන්න අහල පහලක අදුරන කෙනෙක් නැති උනාම..කන්න විදියක් නෑ සල්ලි නෑ කියන හැගීම එක්ක බඩගිනි උනාම කොහොමද? .දවස් දෙක අමාරුවෙන් ගොඩ දාල සදුදා කාර්යාලයට ගියාම මගේ පඩිය නවත්තල කියන ආරංචිය ආවම කොහොමද හිතට දැනෙන ෆන් එක.

9 සදාතනික වෙසගන......(??+)



එන්න
උනා
දුහුල්
සළුපට
එක්වෙන්න
මේ
සලෙලා
එක්ක
යහන
මත
මන්
හින්දම
විතරක්
සුසුම්
වපුරන
මගේ
සදාතනික
සොඳුරු
වෙසගන....

10 ඉසදියට අඩන සඳ......(20+)


ඔබද මා
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......

සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......

පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......

17 හංස කූඩු.....(17+)



















මානවක කවිය 

අනේ
මන්දා
අසම්මතද
කියලා
එත්
කුඩුවේ
පියන් පත්
ටිකකට හරි
හැරදාලා
නිදහස්
කරන්න
ඔය
අහිංසක
හංසයන්ව
සැතපෙන්න
උන්ට
මගේ
ලය විල්  තෙර.................

මානවිකා කවිය 

ඔබේ ලය
විල්තෙරේ
සැනහෙන්න
සැතපෙන්න
නිදහස්
කරන්නම්
හංසයන්ව
ඔබගේ
ඇරයුමට
බවුනට
නිමාවක්
තැබුවේ
කොහොමද
දැහැන
බිඳුනේ
ඔබගේද
මගේද.................

14 වෙරළු මල් සුවඳ...........(18+)



















පිච්ච මල් 
සුවඳ  
යහන මත 
රෝසමල් 
සුවඳ 
හමන 
නුබේ 
ගතින් 
සැනහුන 
මට 
තාම 
හිතා ගන්න 
බෑ 
සත්තකින්ම 
හරිම පුදුමයි 
හ්ම්ම්ම් 
වෙරළු මල්........
සුවඳින් 
ඇතිවන 
හැටි 
කිරි සුවඳ ..............

3 නුඹද?

මදුවිත හිත ටිකක් සැහැල්ලු කරපු වෙලාවක හැමතිස්සෙම හිත අස්සේ පෙරලි කරන කෙනෙක් මතක් උනා.නොදැනීම මතකය ගියේ මීට අවුරුදු 6 කට විතර කලින් මගේ යාලුවෙක් වෙච්ච සංජීවන් ගුණතිලක කියන එවකට ආධුනික නාට්‍ය කරුවා තමන්ගේ සමනලී කියන නාට්‍යට රචනා කරපු ගීයකට .ඒක අන්ධ ගිටාර් වාදකයෙක් වටා ගෙතුන කතාවක්.( අන්ධ ගිටාර් කාරයට හිටියේ මම ...හෆොයි ලංකාවේ නාට්‍ය වලට ගිය කලක්).මේකේ මුල් ගීය අම්ම ගැන කියවුන එකක් උනත් මගේ අතින් නැවත නිර්මාණයේදී ඒක ආදර ගීතයක් වෙලා.තමන්ට කවදාවත් ලැබෙන්නේ නැති කෙනෙක් ගැන කියනවා වගේ හැගීමක්  දැන් එකෙන් එනවා. වෙරි මරගාතේම ගිටාර් එකත් අරන් මිමිනුව.කියන්න බැරි සහනයක් දැනුනා හිතට.ඇත්තමයි අකුරු වලටත් හැගීම් තියනවා නේද ?   



නෑ දැනී
පහසක් 
සුවයක් 
සොඳුරු යයි 
කියනා 
මුදු ඇඟිලි 
තුඩුවක් 
වත පිරිමදින
පහසක් ........


නෑ පෙනී 
සිහිනෙකවත් 
නෙත නොදකිනා
සිතින් දකිනා
දෙව්දුවක්
දෙව්දුවකගේ දසුනක්......... 


මා වටා සුළඟක් 
ඇදී යනවිට හමා
පෙම් බඳිමි මම 
දැනෙන සුවඳට  
මේ මටත් වඩා
මට නොමැත 
තනියක්........

5 සබඳ නුබ නික්මුනිය......

කවදාවත් ලියන්න වේවි කියලා තුන්හිතකින් වත් හිතුන්නැති පොස්ට් එකක්.මට ඔබා මාමා ගොඩක් ලොකු ලොකුවට ආශ්‍රය කරන්න වෙලාවක් ලැබුනේ නෑ මගේ පවකට.එත් කවදාවත් අමතක වෙන්නේ සුන්දර  මතකයක් ..... ඉතාම සුන්දර මතකයක් ඉතුරු කරලා ඔබා මාමා යන්න ගිහින්.වයස නොබලා විහිලු කරපු වයස නොබලා විහිලු ඉවසපු සුන්දර මනුස්සයා අපිට නොකියාම යන්න ගිහින්.උදේ ආරංචිය ලැබුන වෙලේ අවුරුදු 26 ක්  වෙන මගේ ඇස වලිනුත් නොදැනීම කඳුළු කැට දෙකක් පැන්න.



අන්තිම පේලියේ සමුහ චායාරූපයක් 

ඔබා මාමා එක්ක මට මුල්න්ම කතා කරන්න ලැබුනේ අවුරුදු උත්සවේ වෙලාවේ.මම කුරේ පිට්ටනියට පිවිසෙනකොටම කෙනෙක් කිව්වා අර නිල පාට කමිසයක් ඇදගෙන ඉන්නේ ඔබා මාමා කියල .මට එක පාරටම කියවුනේ "යකෝ ඔබා මාමා හෙන තරුණයි කියලා".හිත ලස්සන මිනිස්සු කොහොමත් තරුණයි තමයි.ඉතින් එක එක තරග ඉවර වෙලා ඔන්න මටත් අවස්තාවක් ආව ඔබාමම එක්ක කතා කරන්න ක්‍රීඩාගාරය  පැත්තෙදි.මම ගිහින් අදුන්වල දීල මම කවුද කියලා මදුවිත උගුරක්‌ තොල ගැන ගමන් ටිකක් කතා කරා.සත්තකින්ම සුන්දර මනුස්සයෙක්. ඒ වෙලාවේ කෙනෙක් අපි දෙන්න ඉන්න පින්තුරයක් ගත්ත.හැබැයි මම කවදාවත් හිතුවේ නෑ එක මෙච්චර වැදගත් වෙයි කියාල දවසක.

ඔබ මාමා  සමග ගත් දුර්ලබ චායා රූපය 

හ්ම්ම්ම්..ඒ හැම දෙයක්ම අතීතයට මුහුවෙලා . ඒත් ඔබා මාමාගෙන් එකම දෙයි ඉල්ලන්නේ අනේ දැන්ම නිවන් දකින්න එපා ආයෙත්  අපි අතරම ඉපදිලා දෙනෝදාහක් මිනිස්සුන්ගේ තද වෙච්ච තොල වලට හිනාවක්‌ දෙන්න කියලා විතරයි.

වසන්තයේම 
අප 
හැර
ගිය
වස්සානය
මග බලමි
නැවත 
එන තුරු 
ගිම්හානය
උවද ........


ප.ලි - ආයේ කවදාවත් සිංහල බ්ලොග් අවකාශේ වෙළඳ ලකුණක් වගේ වෙච්ච ඔබා මාමගේ මුහුණ රැගත් ඉහත පින්තුරය සහිත  කොමෙන්ටුවක් දකින්න වෙන්නේ නෑ කියන දුක නම් ඉතින් අමතක කරන්න බෑ.එතකන් අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

------ ඔබා මාමාට බුදුසරණයි ----------

6 ධූමකේතුව
















මෙච්චරකල්  
විදෙව්වට 
හිතින්  
හැම  මොහොතකම   
නිනව්වක්  නැතුව  
හොදයි  
දැනගත්ත  එක  
ඔයා............ ,
කොච්චර දුර  ගියත්  
ආයේ  
කවදමහරි  දවසක  
ඔයා  ලගටම  
එන  
ධූමකේතුවක් 
කියල  
මම.........

5 අකුරු

ලංකාවේ A/C බස්රථ රියදුරන්ට පින්සිද්ද වෙන්න ඉක්මන් පැය පහ හමාරකින් මමත් ගෙදරට සැපත් උනා.මේසයක් පුරවලා කැවිලි පෙවිලි නානාප්‍රකාර දේවල් තිබුනට ඒවා හෙට උදේ වෙනකන් කන්න අකැප හින්ද එහෙන් මෙහෙන් බත් කටවල් දෙකක් බඩට දාගෙන මමත් ඉතින් නිදාගන්න ගියා.මොන නින්දක්ද විකාර වෙච්ච පැය දෙකකට විතර පස්සේ නිදි දෙව්දුව එයාගේ මොකක්ද එක ඇතුලට මාව අරගත්තා.වෙලාව 3 ට විතර.ඔන්න මම නිදි ....


 "ගමේ හිටි දක්ෂ ප්‍රවීණ සර්වාංග වෛද්‍යවරයකු වූ උක්කුබණ්ඩා දිසානායක වෙද මහත්තයා ඔහුගේ පියා. අම්මා උඳුගොඩ ගෙදර මුතු මැණිකේ. ඈ රැකියාවක් කළේ නැතත් කාලේ හැටියට දැන උගත්කමින් පිරිපුන්ව සිටියා. හිසතෙල් ගාන අවුරුදු දා උපන් මේ පින්වත් පුත්‍රයාගේ හිසේ එදාම හිසතෙල් ගෑවේ අප්පච්චිමයි. ගමේ හැමදෙනාම අවුරුද්දට හිස තෙල් ගාන්න එකතු වුණේ වෙද මහත්තයා ගේ ගෙදරට නිසා ඒකට අමුතු මංගල්ලයක් ගන්න වෙද මහත්තයාට සිද්ධ වුණේ නෑ.
 ජයරත්නට අකුරු කියෙව්වේ අප්පච්චි. පන්සල බොහොම සමීපයෙන් පිහිටි නිසා පුංචි ජයරත්න නිතරම ගැවසුණේ පන්සලේමයි. පසු කාලෙක බණ දහමට බොදු සංස්කෘතියට ඔහු බෙහෙවින් ඇලුම් කළේත් ගමයි පන්සලයි ගැමි හැදියාවයි ගැන නිතර ලියන්ට කියන්ට පෙළඹුණේත් පුංචි කාලේ ඔහු ලැබූ මේ පන්සල් ඇසුර නිසා බවයි මහාචාර්යතුමා අද පවසන්නේ."


  ජේ.බි දිසානායක අප්‍රේල් 15 සිළුමිණ


 “එදා මුතියංගණ පන්සලේ වැඩ සිටි අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභිකයෙකු වූ යටවත්තේ ධම්මච්චන හාමුදුරුවෝ තමයි මට මේ මහාබෝධිය යට දී අකුරු කියෙව්වේ. මම “අ” යන්න කියලා නෑ. හාමුදුරුවෝ තමයි “අ” යන්න කිව්වේ. මම “ල” යන්න කියලා “අල” කියලා තියෙනවා. හා හොඳ පුතා. දැන් ඊ ළඟට... එක මම... දෙක... කිව්වා "


සරත් චන්ද්‍රසිරි විතාන පෙබරවාරි 06 දිනමිණ 


"අපේ තාත්තා සමාජශීලී පුද්ගලයෙක් ඒ වගේමයි අපේ සීයත්.සීය ගොඩක් කලාකාමී පුද්ගලයෙක් කවි කතා වගේම ජීවිතය ගැන ගොඩක් ලොකු අත්දැකීම් තිබුන.අපේ තාත්තට අකුරු කියවාල තිබුනේ අපේ සීය.තාත්තත් චිත්‍ර ශිල්පයට වගේම ප්‍රචාරණ කලාවට යම් දක්ෂකමක් දැක්කුව.අපේ තාත්තාට වගේම අපේ බාප්පටත් අකුරු කියවල තිබුනේ සීය.මට මතක ඇති කාලයක ඉඳන් ඇත්තටම කිව්වොත් මම ඉපදෙන්න කලින් ඉඳන්ම අපේ බාප්පා ගෙදරින් ටිකක් ඈත් වෙලා හිටියේ ගෙදර අවෙත් හරිම කලාතුරකින්. ඒ ගෙදර ආවත් එයාගේ කාමරේට රිංගගෙන ඒ දවස් වල ප්‍රසිද්ද වෙලා තිබුන ෆේස්බුක් කියන මිතුරු ජාලෙට මූන ඔබන් ඉන්න එකයි එයාගේ මහා ලොකු කියල හිතන් හිටිය බ්ලොග් එකද මොකක්ද එකේ එක එක සුකුරුත්තන් වැඩ කරන එක තමයි කරේ. බාප්පාටත් පොඩි පොඩි කවි එහෙම ලියන්න හැකියාව තිබුන.බාප්පා ගැන කියනවනම් හැමදේම ටික ටික දැනගෙන හිටිය  අච්චාරු චරිතයක්.මට අකුරු කියවල තියෙන්නෙත් මගේ බාප්පා."


අපේ අය්යාගේ පුතා අනාගතයේ දවසක. 



චූටි නැගිටින්න කියන අය්යාගේ ඝන්ටාර සද්දෙට තමයි මම ඇහැරුනේ.නිදිමතේම ඇහුවා මම මොකක්ද  ඕයි මේ මල වදේ උදේ පාන්දර කියල.අන්න තාත්තා තමුසෙට හදිස්සියකට එන්න කියනවා කියල.මමත් ඉතින් නිදි මත කප්පරක් වැක්කෙරෙන  මුනෙන්ම ගිය පහළට.  


තාත්තා :- ටක්ගාල ගිහින් නාල ඇවිත් අලුත් ඇඳුමක් ඇදගන්නවා. 
මම  :- මොන වරදක් කරාටද මේ උදේ මට නාන්න කියන්නේ.... 
තාත්තා :- දරුවට අකුරු කියවනවා කියල දන්නේ නැද්ද? 
මම  :- ඉතින් මම..???????
තාත්තා :- තෝ තමයි කියවන්නේ ......
මම  :- තාත්තට පොඩි එකා ගැන දුක නැද්ද අම්මප.මම වගේ එකෙකුට කියල අකුරු කියවන්නේ......
තාත්තා :- හ්ම්ම්ම්ම්!!!!!!!!!!!!!!!!   



අමුතුම අත්දැකීමක්.මන් වගේ පොරකට කාලෙකට ලබා ගන්න බැරි.හිතාගන්න බෑ.කොහොමෙන් කොහොම හරි නැකත් වෙලාවත් ලං උනා කියමුකෝ.මම හරියටම 8.44 ට හෝඩිපොතත් දිග ඇරලා  අ අකුර උඩින් ඇගිල්ල තියල පුතේ මේ අයන්න අයන්න කියා කියා හිටියා.තෙරුවන් සරණයි දරුවට.මේ යෝදයා පුරුදු වෙලා හිටියා වගේ හරියටම 8.45 ටම කියපි අයන්න කියල.කාටත් සන්තෝසයි.වැඩි පුර මට ..මොකද මම හිතුවෙම මගේ කෝඩයක් වත් වැදිලා වැඩෙ අල වෙයි කියල.ඊට පස්සේ ආ යන්න කියවන්න ට්‍රය් කරට පොඩි එක කියන්නෙම හරි යන්නේ නෑ කියල කොහෙන් ඉගෙන ගත්ත වචනයක්ද මන්ද?ඊට පස්සේ මම වැඩෙ අතැරලා දැම්ම පොඩි එකත් තමන්ට ලැබුන චිත්‍ර පොත් වලට අවදානය යොමු කරා.පැස්ටල් එහෙම එලියට ගත්තේ පැස්ටල්පෙට්ටිය ඉරලා.මුළු බිම සහ බිත්තිම තමන්ගේ චිත්‍ර පොත කරගෙන , මම මේක කොටන වෙලාවෙත් ගොඩක් කාර්ය බහුල ලෙස  කොල්ලා චිත්‍ර අදිනවා.




ප.ලි 
පුතේ ඔයාගේ තාත්තට (ඒ කියන්නේ මගේ ඔලමොට්ටල අය්යට) සහ ඔයාගේ වචන වලින් කියනවනම් ඔයාගේ බාපිට ඔයා අකුරු සාත්තරෙන් කිසිම වගතුවක් උනේ නෑ.හැමදාම අකුරු ඉස්සරහ අසරණ උනා එක විතරයි උනේ.දන්නවා ඔයා අපිට වැඩිය වෙනස්  කියලා.මොනවා උනත් පුතේ  බාපිට  ඔයා ගැන සතුටු වෙන්නයි  ඔයාට දවසක මට අර කල්ලතෝනියා අකුරු කියෙව්වා හින්ද තමයි වගතුවක් නැත්තේ කියන තැනට පත් නොවෙන්නයි හොදට ඉගෙන ගෙන හෙන පොරක් වෙන්න.ඔයාට බාපි වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ ඒක. 

4 පායන්න වෙසක් සඳ

මල් සුවඳ සිල් සුවඳ 
අරන් යන
මෙත් සුළඟට 
මග 
කියන්න 
පායන්න 
වෙසක් සඳ ......... 


(මුල් පින්තුරය මුණු පොතෙන් අවසර සහිතව උපුටා ගත් අතර ස්ථානය නැගෙනහිර පළාතේ බෞද්ධ සිද්ධස්ථානයකි..  )

5 කුළුඳුල් කවිය

මේ පොස්ට් එක ලියන්න මුල් උනේ මම දන්නා කියන කෙනෙක්ගේ  බුකියේ ස්ටේටස් දැකලා.මම ඉතින් එවලේම චැට් එකක් දාල ඇහුවා මේ ස්ටේටස් ගැන.කතාවක් විදියට විස්තර කරනවට වැඩ දෙබසකින්ම විස්තර කරන එක ලස්සන වෙයි කියලා හිතිච්ච හින්ද බුකියේ චැට් එක ඒ ආකාරයෙන්ම උපුටා දක්වනවා.   



මමWhen 
         One Dream is 
         Achieved.... 
         You have 
         to See 
         Another Dream .. 
         Not 
         When Your Asleep 
         but When Your 
        Awake


        මේක ඔයාගෙද ?


එයා-  මම ටිකක්  එඩිට්  කලා


මම - මේක කවියක් නේ ..............


එයා- මන් දන්නේ නා , මාස්ටර්ස්   ක්ලාස්    එකේ  ලෙක්චර්   කෙනෙක්   කිව්ව් කතාවක්.මම  ටිකක්  එඩිට්  කලා


මම - එක කවියක්


එයා- එහෙනම්  එක  වෙන්න  ඇති  එයා  කියන්න  ඇත්තේ


මම - ඔයා ලියපු එක තමා කවිය...


එයා- එක  මම  ලීව  එකක්  නෙමෙයි


මම - ඔය වෙනස් කරපු ඒකෙන තමයි එක කවියක් වෙන්නේ
        අදහස වෙන කෙනෙක් ගේ හැබැයි වචන ගැලපුවේ ඔයා නේ ...
        දෙයක් කතාවක් හෝ කවියක් වෙන්නේ එකේ වචන ගලපන   විදියට නෙවෙයිද?


එයා- දන්නේ  නෑ  


ඔන්න ඔය විදියට ඒ සංවාදය ඉවර උනා.....හැබැයි මම සටහන ඉවර කරන්න හිතුවේ නෑ තාම.කවියක් කවියක් වෙන්නේ කොහොමද කියලා සහ කතාවක් කවියක් කරන්නේ කොහොමද කියලා පුංචි විස්තරයක් කරන්නම් මම .


"එක  මම  ලීව  එකක්  නෙමෙයි "
මේක  කතාවක් වචන ටිකක් .හැබැයි මේකේ වචන එහාට මෙහාට කරලා කවියක් කරන්න පුළුවන්


මම ලිව්ව එකක් නෙමෙයි ඒක........


අපි ඒ වචන ටිකට තව ටිකක් එකතු කරලා කවියක් කරොත්..


හිතේ තිබුනට සහසක් සිතුවිලි
කවියක් කරන්නේ කොහොමද?
මොකද
මගේ ජීවිත කවියත්
මම ලිව්ව එකක් නෙමෙයි ඒක........


අන්තිමට කියනවා නම් අලුත් කවියෙකුට උපහාරයක් පිණිස මේ පොස්ට් එක ලියන්න හිතුනා.ඔරිජිනල් කවියේ මගේ සිංහල වර්ෂන් එකත් මම දාන්නම්.


සැබෑ උනාම
එකක්
බලන්න තව 
හීනයක්
හැබැයි 
නින්දෙන් නෙවෙයි
හැබැහින්

ප.ලි - කෙනෙක්ගේ කුළුඳුල් කවියක් දකින කෙනෙකුට ඇතිවන සතුට ආඩම්බරය.එක හරි අමුතුයි.කෝකටත් කවි ලියන්න හිතන් ඉන්න අය මේකත් කියවන්න. කවි හිත  

9 මොබයිල් නම්බර් එක ප්‍රසිද්ද වෙලාද?(Girls Special)

මේ කෙටි සටහන ලියන්න හිතුනේ මම දන්නා කියන මම ගොඩක් ගරු කරන ගෑනු ළමයෙකුට (යාලුවෙක් නම් නෙවෙයි)  වෙච්ච සිදුවීමක් නිසා.මම තුමා අහම්බෙන් බාගත කරා pdf  ෆයිල්  එකක්.ඒක මම කලින් සදහන් කල යුවතියගේ කාර්යාලයෙන් කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා  නිකුත් උන එකක්.එකේ තියනවා අර ගෑනු ළමයාගේ නම ජීමේල් ලිපිනය සහ මොබයිල් නම්බරය( මම ඉස්සර ඉඳලම ඔය කෙල්ලගෙන් නම්බර් එක ඉල්ලුවට ඒකිගේ තියන හිතුවක්කාර කමට දුන්නෙම නෑ.අහ්හ් මට හොඳයි.හැබැයි මම ඒක සේව් කර ගත්තේ නෑ.මට මොකටද.ඒකිට ඕන නම් මට දේවිනේ කවදාක හරි :/  ) .මම ඒ වෙලාවේම ඒ කෙනාව දැනුවත් කරා. ඒවෙනකොට එයාවත් දැනන් හිටියේ නෑ ඔය ගැන.


මේකයි කාරණේ යම් යම් අතපසු වීම් වලින් ගැණු ළමයෙක් ගේ  මොබයිල් නම්බරය ප්‍රසිද්ද වෙන්න පුළුවන්.මොකක් හරි පොදු ක්‍රියාවකට සහබාගීවෙමේදී.නැත්තන් මිතුරෙක් අතින් හෝ මොනයම් විදියකින් හරි එහෙම උනාම අපි නොදන්නා ඇමතුම් අපිට එන්න තියන ඉඩකඩ වැඩි වෙනවා.මොකද අද සමාජේ ඉන්නවා නොයෙකුත් මානසික රෝග වලින් පෙලෙන පිරිමි සහ ගෑනු..හැබැයි පිරිමින් අතර මේ තත්වය ටිකක් වැඩියි .එහෙම දෙයකට මූන දෙන්න උනොත් ගෑනු ළමයෙක් විදියට වහාම ගන්න ඕනා ක්‍රියාමාර්ග සහ අනතුරක් වලක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග කීපයක් ලැයිස්තු ගත කරන්න  හිතුවා .(Girls Special)         

ඉක්මනට කරන්න

  • ප්‍රති චාර දක්වන්න යන්න එපා.( එතකොට ඇමතුම් එන්න තියන සම්බාවීතාවය වැඩි වෙනවා
  • තමන් පෙම්වතියක් නම් වහාම තමන්ගේ පෙම්වතාව දැනුවත් කරන්න.මොකද පිරිමි කියන්නේ මහා පුදුම ජාතියක් නිසා. එකට සිටිනා වෙලාවක එන නොදන්නා ඇමතුම් කියන්නේ ලොකු ප්‍රශ්නයක්.සැකයට ඉඩක් තියන්නවත් හොද නෑ.නැත්තන් පස්සේ වෙලාවක ඒවායින් තමන්ටම පහර දෙන්න පුළුවන්.( පෙම්වතෙක්  නැත්තන් ඒ කෑල්ල අදාළ නෑ.)
  • අනිවාර්යෙන්ම ගෙදර අයව දැනුවත් කරන්න ( පෙම්වතෙක් හිටියත් නැතත් මේ දේ නම් කරන්නම  ඕන
  • තමන්ගේ යාලුවන්ට දන්වන්න නොදන්නා අංක වලින් තමන්ට ඇමතුම් ගැනීම සීමා කරන ලෙසට.(එතකොට වැදගත් ඇමතුමක් මග ඇරෙන්න තියන සම්බාවීතාවය අඩු වෙනවා.)
  • අන්තිමටම එන ඇමතුම් කරදරයක් නම් වෙනත් දුරකථන  අංකයකට තාවකාලිකව මාරු වීමට තියන ඉඩකඩ සොයා බලන්න. ( දන්නවා කට්ටිය තමන්ගේ අංකයට කොච්චර ආදරේද කියල. :) ඉක්මනට මතක තියා ගන්න පුළුවන් නම්බර් :p )

කවදාවත් කරන්න එපා 

  • කාර්යාලීය කටයුතු සදහා තමන්ගේ පෞද්ගලික ඊමේල් ලිපිනය භාවිතා කරන්න එපා.
  • ඒ වගේම ඊමේල් සිග්නේචර් එකේ තමන්ගේ පුද්ගලික දුරකථන අංකය යොදන්න එපා (මගේ ඊමේල් එකේ නම් තියනවා අවුලක් නෑ මට කවුරු කතා කරන්නද? :P
  • ඒ වගේම තමන්ගේ  පුද්ගලික දුරකථන අංක කාර්යාලය තුල  හෝ වෙනත් තැන්වල  සංසරණය වෙන්න තියන ඉඩකඩ වැඩි කරන්න එපා.(ඒක නම් තම තමන් මත වෙනස් වෙනවා)   
ඔන්න ඔහොමයි කරන්න ඕනා කියලයි මට නම් හිතෙන්නේ...කොහොම උනත් අපි මේ කතා කරපු වගෙ දෙයක් හතුරෙකුටවත්  වෙන්න එපා කියලා මේක ඉවර කරනවා.