ජීවිතේ මාන්දමික වෙලා.අලුතෙන් දෙයක් ලියන්නවත් අලුතෙන් හිතන්නවත් බැරිතරමට ජීවිතේ හිස් කමකින් පිරිලා ගිහිල්ලා.කවි හිත මාව දාල ගිහිල්ල වගේ.මේකටත් මොනවා හරි දාන්න එපාය.මේක මම බොහෝම කාලයකට පෙර අන්තිම පේලියට ලියුව කවියක්. මොනවා කරන්නද දැනට මේකවත් දාල හිත හදා ගන්නවා.
මහද මැද තනිකමය
සබඳ නුඹ දුරකමය
සහස් දුක් සුසුම් මැද
මලක පෙති මිලිනමය
නුඹයි මගෙ සරා සඳ
කියු තරුව කොහිද අද
දමා නුඹ සුසුම් මැද
සඳ ගිහින් දුර කොහෙද
අපි වින්ද ආදරය
වගේ මුත් සාගරය
උණුසුම්ම සුසුම් මැද
මගෙ හිතට සීතලය
හිත වියල් වූ ලොවක
ගිහිල්ලා මහ දුරක
චපල වූ සුසුම් මැද
කෙලෙස යමු මගක එක
පාලු උන අහස් ගැබ
රැඳී මම ඇයද සිඹ
හිත පෙලන සුසුම් මැද
ආදරෙද තවම නුඹ
දනිමි මා වැරදි බව
නුඹෙ නොවේ මගෙයි පව
කිලිටි උන සුසුම් මැද
ලියමි මම අහිමි කව
ගිම්හානේ තැළුන සිත
කඳුළු තෙත් කෙරුව වත
සුව ගෙනෙන සුසුම් මැද
වසන්තයේ දිලෙනු ඇත…..
මස්සිනා සෑහෙන්න සුසුම් හෙලලා තියෙන හැඩයි....!!
ReplyDeleteතාම හෙලනවා බොල.එකේ අඩුවක් නෑ.
Deleteදහසක් පෙරැම් පුරා
ReplyDeleteනුඹ ලගම දැවටුනා
හදේ සෝ සුසුම් මැද
වෙන්වන්ට සිදු වුනා.....
කවියට තැන්කු.මාරම සතුටක් එන්නේ කවියෙකුට කවියක් දැකල කවි සිතුවිලි පහල උනා කියන කොට.
Delete//දනිමි මා වැරදි බව
ReplyDeleteනුඹෙ නොවේ මගෙයි පව
කිලිටි උන සුසුම් මැද
ලියමි මම අහිමි කව//
හ්ම්ම්ම්ම්ම්ම්ම්.... හිතට වැදුනා...
හ්ම්ම්ම්ම්.
Deleteකොයි කාලේ ලිව්වත් බොහොම සුන්දරව වදන් ටික නම් හසුරුවා තිබෙනවා.
ReplyDeleteඅනේ මන්දා දැන් කවියක් ලියන්න හිතෙන්නම නෑ නලීන් අයියේ.
Deleteරාත්‍රියෙ අඳුර මැද
ReplyDeleteවිරහවක මියුරු සර
විඳගතිමි සුසුම් මැද
තනිකමම මිටට ගෙන
පට්ට මානවකයෝ... කලින් ලියපුව තියනවනම් තව දාපන්
අඩෝ සිරා කවිය බන්.එල කිරි තව තියනවා. ටික ටික දාන්නම්.
Delete//පාලු උන අහස් ගැබ
ReplyDeleteරැඳී මම ඇයද සිඹ
හිත පෙලන සුසුම් මැද
ආදරෙද තවම නුඹ//
සැබෑ අත්දැකීමක් නම් මෙය එහි රස මැනවින් මමද විද ඇත. ස්තුතියි සහෝදරයා! මේ වගේ කවි අපිට අපිත් එක්ක ආයෙත් කථා කරන්න වෙලාවක් හදල දෙනවා.
සැබෑ අත්දැකීමක් තමයි.
Deleteමමත් මේ දවස් වල පරඬැලක් වගේ.ඔයාගෙ තත්වෙම තමයි........
ReplyDeleteමොනව වුණැත් ලස්සන කවිය අයියෙ.........
අර මොකෝ ඒ... හිත සතුටින් නෙවේද ඉන්නේ... කවිය නම් අපූරුයි... ජය ඔබට...
ReplyDeleteඅපිට මිස් වෙච්චනේබං මෙව්වා දැම්මට මොකෑ
ReplyDeleteකවයට වඩා කවායේ ඇති අරුත බෙහෙවින්ම ගීතාත්මකයි. ඕනෙම නම් මේකම ගීතයක් විදියට ගායනා කරන්නත් පුලුවන්.
ReplyDeleteඅරුත් බර සුසුමක් :)
ReplyDeleteඅර්ථාන්විතයි :)
අනේ කොලුවා සෑහෙන්න විස්සෝප වෙලා වගේ... ඔය මන්ද ගතිය අඩුවුන දවසක තවත් අලුත් දෙයක් ලිව්වොත් හොදා... බොට ජයම වේවා !
ReplyDeleteසුසුම් ඉවර වෙන්ඩැති ලියලා ඉවරවෙනකොට :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තනිකමේ කුටිය තුල
ReplyDeleteපාළුවක් නොදැනෙන්න
හිතමිතුරු සුසුම් මැද
කඳුළු මල් පිපෙන සඳ..
ඉකිගසා හඬන සිත
සනසන්න බැරි ම තැන
පාවෙනා සුසුම් මැද
හිඳී මම නිසලව ම..
හරිම ලස්සනයි අයියේ.. ඔයාගේ කවි වල මාර අමුතු ගතියක තියෙනවා..
හිතට දැනුනා කියල විතරක් කියන්නම්......
ReplyDelete