බුකියේ මං

30 මා මල දවසට

කලින් කිව්වා වගේ මහාම මහ කාලකන්ණි කාලයක් මේක.බලන බලන පැත්තේ පාලුවයි හිස්කමයි විතරයි.ජීවිතේ ආයෙත් දිනන්න බැරි තරමටම පරාද වෙලා වගේ.සමහර වෙලාවට හිතෙනවා මේ හිත හදාගෙන මුණ දෙන්න බැරි අනාගතයෙන් පැනලා යන්නේ කොහොමද? කියලා .අනේ මම පව් නැද්ද?.මෙච්චර දවසක් අලුතෙන් මුකුත් ලියන්න බැරුව හිටියා.අන්තිමේදී ලියවුනේ මේක.ඒකත් නෙදකින්ද මන්දා?   



මානවක කවිය 

සදහටම නිදාගෙන 

ඔයා ඉන්න 
හීනයක්‌ 
විතරක් බලනකම් 
පේන්න එපා 
හැබෑ නොවෙන 
හීනෙක 
ඔයාව 
මට 

එපා අඬන්න 
පොඩ්ඩක්වත් 
කැමති නෑ 
කොහොමවත් 
ඔයා අඬනවට 
කොහෙත්ම එපා 
මැරුණම 
මම 

එපා අඳින්න 
සුදෝ සුදුවට 
ඇඳන් එන්න 
රෝසම රෝස 
පාට ඇඳුමක්  
බලන්න එනකොට 
නිසලව ඉන්න  
මම 

වාඩි වෙන්න 
ඈත කොනකින් 
ඉඩ තියලා 
තව කෙනෙකුට 
ආසයි සමුගන්න 
කලින් 
බලන්න 
ඔයාගේ සුවඳ 
අන්තිම වතාවට 
මම 

එන්න එපා
කවදාවත්ම
මගේ සොහොන 
ගාවට 
එතකොට හිතේවි
නැගිටින්න 
සදාකාලික නින්දෙන් 
ආයෙත් 
මට 

මානවිකාවට පසුව ලියමි.

බලාන ඉන්නවා 
ඔයා එන මග 
මතු භවයක 
අපි අපේම 
වෙලා ඉපදෙනකන්  
හුළඟක් වෙලා 
මම.
Comments
30 Comments

30 comments:

  1. මේක මම කලිනුත් කියෙවුව වගේ මතකයි ...අනේ මන්ද මේ දවස් වල හිතෙන එවුවාද කොහෙද ඕවා. මටත් දෙපාරක්ම ලිය උනේ ඔය විදියේ එවුවා අප්පා... ළඟදිත් එකක් ලිය උනා.. ඒ මේ කාලේ වැරද්දක් මයේ හිතේ..

    http://panuchchi.blogspot.com/2012/10/blog-post_195.html
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ...මම මේක ලිව්වේ ඊයේ රෑ නේ.

      Delete
    2. බලහං මේ පණුච්චියා අච්චර කට්ට කාලා ලියාපු එකත් අයිති කොර ගන්ඩද මන්දා හදන්නේ ,

      පනුච්චියෝ විහිළුවට හරිද

      Delete
  2. මාරම විදියට මේ සිතුවිලි සෙට් එක හිතට වැදුනා.

    ජිවිත්වනතුරැ නැති සේනෙහසක්
    එපා මා නැති දවසට
    අරගෙන නුඹ එන්න
    මට බැ නිදහසේ ඉන්න
    නුඹ අඬනකොට මගේ නමට
    ඇත්තමයි තරහක් නෑ
    ආදරේ විතරමයි ඉතුරැ
    මේ හිත පුරාවට
    නොදැනුනාට නුඹට
    අකාසේ ඉඳන් මම ඉන්නම් බලාගෙන
    බැරි වුනොත්
    මම ඉන්නම්
    මතකයේ
    සත්තයි හැමදාම......

    ReplyDelete
    Replies
    1. මගේ කවියට වැඩිය මේක හිතට වැදුනා.

      Delete
  3. පාළුවයි හිස්කමයි ඉක්මනින් හේදිලා ගිහින් සතුට පිරුණු කාලයක් එන්න කියල ප්‍රාර්ථනා කරනවා. මේ පද අස්සේ හැංගිච්ච හිත පතුලේ තියන හැගීම් තේරුම් ගන්න පුළුවන් මචෝ.

    මේ ජීවීතේ ඔය වගේ කාල පහුකරපු නැති අය බොහොම අඩු ඇති. හැබැයි ඒ අතින් උඹ වාසනාවන්තයි. මොකෝ උඹේ පාළුව බෙදා ගන්න මේ බ්ලොග් එක හරි තියනවා. ඒකත් නැති එවුන් කොච්චර ඉන්නවද.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මටත් ඔහොම කාලයක් තිබුනා. ඒ කාලේ බ්ලොග් තිබුනේ නැහැ..ඉතින් මම පොතක ලිවුවා. දැන් කියවුවාම මට හිතෙනවා මේවා මමද ලිවුවේ කියලා.

    ReplyDelete
    Replies
    1. මමත් ලියපුවා තියනවා පොත් ගණන් පිරෙන්න.හැබැයි හිතල ලියනවට වැඩිය දුකට ලියවෙන ඒවගේ රසය වැඩියි.

      Delete
  6. පුදුමේ කියන්නේ මටත් ඔහොම කාලයක් තිබුනා. දැන් කියලත් ඉතින් වෙනසක් නෑ. :D

    ReplyDelete
    Replies
    1. නිරන්තරේ දුකමය හිමි උනේ අපට

      Delete
  7. ජීවත් වෙනවා වගේම මරණෙ ගැනත් හිතන එක කොච්චර හොඳද...පද ටික නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. මැරෙනකන් නේ මේ ඔක්කොම

      Delete
  8. බලන් ගියාම blog ලියන හැමෝම එක බෝට්ටුවේ

    ReplyDelete
  9. ඔය වගේ කාල සමයන් මමත් පහුකරලා තියෙනවා... වැදගත්ම දේ හිත ශක්තිමත්ව තබාගෙන යථාර්ථයට මුහුණ දෙන එක... තමන්ගෙ වැරැද්ද කොතැනද කියලා හොයාගෙන ඊට පිළියම් යොදන එක...

    ReplyDelete
    Replies
    1. තාමත් හොයාගන්න බැරි වැරදුනේ කොතනද කියලා තමයි.

      Delete
  10. අනේ මන්දා ඇයි මෙහෙම සිතිවිල් එන්නේ...

    ReplyDelete
    Replies
    1. වෙන එකක් ලියා ගන්න අමාරුයි..මන්දා ?

      Delete
  11. මරණය ගැනත් දැම්ම හිතලා තියන එක හොදයි නේ..

    ReplyDelete
    Replies
    1. ඇයි සොහොන ප්ලෑන් කරලා තියෙන්නේ

      Delete
  12. හිතට වැදුනා මාරම විදියට....

    ReplyDelete
  13. ඇඬෙයි තනි ඇහැට

    ReplyDelete
  14. ඇත්තටම එහෙමත් හිතෙයිද

    ReplyDelete
  15. කෝ මේකේ බුරුවා ගහන එක ගැන මාරිද දෙන්නේ නයිස්ද දෙන්නේ මුකුත්ම නැහැනේ ලියලා ?

    ReplyDelete
  16. ආද‍රයට ආදරෙන් ලියවුණු පද පෙළ හරිම අගෙයි...

    කමෙන්ටුවක දැක්කා "හිතලා ලියන ඒවට වඩා දුකට ලියවෙන ඒවයේ රසය වැඩියි" ඇත්ත කතාව මාත් එකඟයි....

    ReplyDelete
  17. අනේ මන්ද.......අවුල්..ඒත් නිර්මාණයක් විදිහට නම් අපූරුම අපූරුයි!

    ReplyDelete

හිතුනේ මොනවද?