ජීවිතේට මිනිස්සු එනවා.යනවා.සමහරු යන්නේ අපිව රිද්දවලා.සමහරු අපේ ජීවිතේට ඇවිත් තියෙන්නේ වාසි බලාගෙන.ඒ අය යන්නෙත් කියන්නෙම නැතුව.හ්ම්ම්ම්....ඒත් සමහරු එනවා ජීවිතේට හරිම පුදුමාකාර විදියට.ඒ අය අපේ ජීවිතේ පුරාම ඒක ඒක විදියේ සලකුණු තියනවා .ඒ අය කැමැත්තෙන් යන්නේ නෑ.යන්න වෙන විදියට ජීවිතෙන් අසරණ වෙනවා.හැබැයි ගියත් යන්නේ ගොඩක් දේවල් ඉතුරු කරලා .ආදරේ අවංක කම ,මනුස්ස කම වගේ හැමදාම විඳින්න පුළුවන් සුවඳ දොරේ ගලන මතක ඉතුරු කරලා .
වැරෙන් පණ පොවන ලද
තවත් එක හීනයක්
ඇහැරිලා එලිවෙලා
ඉවසාන ඉනු කොහොම
දැනෙනවා කිරි සුවඳ
හීනෙකින් වගේ මට…..
හිත පුරා දෝරෙ ගිය
එක් සතුටු හැඟුමකින්
පතන්නම් මම ඔබට…
නිම් හිම් නොවූ සතුට…..
ඒත්……..
ඔහු වෙනුවට ඉන්න තිබුන නම්……
නුඹ කියන විදියට……..
නුඹ ලඟම මට………..
ප.ලි - මේක සත්‍ය කතාවක් මත ලියවිච්ච කවියක්.ඒත් මේක ලියුව කෙනාට කවදාවත් මේක පෙන්නන්න බැරි උනා.සදහටම බැරි වේවි.
ජීවිතේ සලකුණු තියෙන අය කොහොමත් ඉක්මණට යනවද මන්දා වැඩිකල් රැඳෙන්නේ නැහැ
ReplyDeleteමානවක සහෝ මේක බොහොම ලස්සනයි. හොඳ නිර්මාණයක්.
ReplyDeleteමම සමකය වටේ (samakaya wate)දුවන එකා
හරිම අපුරු නිර්මනයක්
ReplyDeleteමම ආසයි අන්තිමටයි මුලිනුයි ලියලා තියෙන දේවල් වලට සිතුවිල්ලට වඩා.
ReplyDeleteඔහු(ඇය)වෙනුවට ඉන්න තිබුනානම්
ReplyDeleteනුඹ කියන විදියට නුඹ ලඟම මට *මේ ටිකට මං ආසම ආසයි...
ලස්සන නිර්මාණයක් මානවක...
ජය වේවා!!!!
සිනා බෝ වේවා!!!
මාත් ආසම පනුච්චි අක්කි කැමතිම ටිකට :)
ReplyDeleteනියමා................යි :) ජය!
මදාරා ++++ ( අන්තිම ටිකෙන් නිර්මානයට අමුතු එළියක් වැටිලා තියෙනව . විරහව කියන්නෙක් අමුතුම වින්දනයක්
ReplyDeleteමේ සංකල්පයට මම නම් කැමතියි...
ReplyDeleteලස්සන නිර්මාණයක්..
ReplyDeleteජය..
ඉතාමත් කෙටියෙන්...
ReplyDeleteජීවිතයේ හමුවීම් අතර මතකයේ ඉතිරි වන්නේ සදාකාලික සමුගැනීම් පමණයි. ඒ සදාකාලික සමුගැනීම් වල සැඟවුණ නොකියූ දේ කොයිතරම්ද කියල මටත් හිතෙනවා.
මානවකයෝ.. මට පොඩි අවුලක් දැනුනා බං ඇයි මේ කිරි සුවඳක් ඇතුල් කලේ.. එහෙම උනහම අම්ම ගැන කිව්ව වගේ දැනෙනවා.
ReplyDeleteඒ කෙනා හිතනවා කිරි සුවඳේ අයිති කාරයා මම උනා නම් කියල....
Deleteහ්ම්ම්.... නුඹ ලඟින් හැමදාම...
ReplyDelete"some people comes as a blessing some comes as a lesson.. "
ජිවිතේ දුටු සිහින
ReplyDeleteහෙමි හෙමින් ඇහැරිලා
කිරි සුවද දැනෙන මුත්
නුඹ ගියා වැහැරිලා
මිරිගුවක මායාව
දැනෙන විට හද පෙලා
ඉගිලෙන්න හිතෙනවා
නුඹ ලගට තටුගසා