මම කවි වලටම කොටු වෙලා කියල හිතුන නිසා අයෙත් කාලෙකට කවියක් ලියන්නේ නෑ කියල හිතුවා එනිසා අන්තිම කවිය විදියට ටික කලකට කලින් ලියපු මේ කවි පෙළ දාන්න හිතුවේ.එකම තමයි මේකට අන්තිම කවිය කියල නම දැම්මෙත්.සමහර විට මේක මගේ අන්තිම කවිය වේවි.
මගේ සිතුම් පැතුම් කවිත් නුඹේ සිතින් මැකීයන්
දිනක් දුටුව සිනා මුහුණ සදා මතක් නොවීයන්
අපිම සදාගත් ලෝකය හීනෙන් මග ඇරීයන්
අලුත් ලොවට යන්න නුඹට මගෙ සතුටත් ලැබීයන්
අතීතයේ මැකුණ මතක හීනෙන් තව පෙනීයන්
ඔහු වෙනුවෙන් නැගුන කඳුළු ඔය දෑසෙන් මැකීයන්
මමත් තවත් අඳුරු මතක අමතක වී නැසීයන්
නුඹත් ඔහුත් ඉන්න ලොවට සැමදා මල් පිපීයන්
මදු විත මත තවත් තවත් මගේ ගතේ රැදීයන්
හිතේ නැගී ඇති ගින්දර ඉසිබුවකට නිවීයන්
දෑස පියන හැම මොහොතෙම නුඹේ රුවම පෙනීයන්
මට හිමි නැති නුඹේ ඔය හිත මතු භවයක ලැබීයන්
දෑගිලි මත නලියන නුඹ දුම්වැටියේ කියාපන්
මට ඇගේ හිත නැති පෙර පව නෙත් අභිමුව මවාපන්
මම තරමට පෙම් කරනා තව කෙනෙකුන් සොයාපන්
මට නැතුවට ඇගේ පෙම් හිත ඔහු හා එක් කරාපන්
අහස තරම් පොලව තරම් දුක් විදිනා හිත මගේ
නිවී ගියා නුඹ ආවම අවාරේ වට වැහි වගේ
නුඹ නොලැබෙන හින්දා වෙන්නැති මට මෙච්චර අගේ
මතු භවයක මගේ වෙනවද කියන්න දිවුරලා නගේ
මගේ කඳුළු නුඹ හට පිනි වරුසා ලෙස වැටීයන්
මගේ සුසුම් හිත නිවනා සුළඟක් සේ දැනීයන්
හදේ රැදී තියෙන හීන නිසා සිනා නැගීයන්
මම නැති කල මගේ මතකය ඔය මතකෙන් මැකීයන්
සුසුම් සෙමින් වාතලයේ මුහුවීලා මැකීයන්
මගේ සිහින වල අරුමය නුඹේ නමින් රැදීයන්
ඝනකම් අඳුර මගේ නෙතට හැමදාටම පෙනීයන්
මගේ සොහොන මත කුසුමන් නුඹ වෙනුවෙන් පිපීයන්
ප.ලි මෙය හුදෙක් කවියක් පමණකි...
හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
ප්‍රාර්ථනා ගොඩක්
ReplyDeleteකොහොමද ජොබ් එකේ තත්වේ ?
ReplyDeleteඇයි අන්තිම...
ReplyDeleteඅපරාදෙනේ...
@hasitha one month notice දීල අයින් වෙන්න හදන්නේ.......
ReplyDeleteayyo........meka oyage antima kaviya karanna epa.eka eka ewa liyana gaman kavith liyala danna.
ReplyDeleteලැබීයන්..
ReplyDeleteලැබීයන්..
කරාපන්..
පිපීයන්.. :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
"සමහර විට මේක මගේ අන්තිම කවිය වේවි. " ඔන්න ඔය ටික එච්චර ඇල්ලුවෙ නෑ කන්චුවෝ........
ReplyDeleteකවිය අපූරුවට හලපල තියනවා...
ලස්සනම ලස්සනයි යාළු ..
ReplyDelete'ඔහු වෙනුවෙන් නැගුන කඳුළු ඔය දෑසෙන් මැකීයන්' මේ ටිකට තමා මම ආසම!:)
අඩේ.. අර රතු අකුරු එපා බං.. ඇස් දෙක රිදෙනවා..
ReplyDeleteකවි ටික නන් අමාරුවෙන් කියව ගත්තා.. පට්ටයි ඇ..
හැදුවා හැදුවා...........;)
Deleteම්ම්ම්.... මේක නම් නියමයි.. මටත් කෙනෙක් ඔය විදිහටම කිව්වා.. සමහර විට අපිට අපි ලඟ තියෙන දේවල් වල වටිනාකම දැනෙන්නේ එවා ආයේ නො එන්නම දුරට ගිහිල්ලා..අපි ආස දේවලුත් අපිව දාලා ගියාට පස්සේ..
ReplyDeleteනුඹට දීපු කඳුළු බිඳු මගේ දෑසින් බේරෙනවා
නුඹේ හදේ නැඟුනු ගින්න මගේ හදවත පුච්චනවා
නුඹව දමා දුර ගියාට මම තනියම විඳවනවා
ඔහුත් ගියා අයියණ්ඩියේ නුඹේ සෙනෙහස සිහිවෙනවා....
කොහොම වුනත් මේක අන්තිම කවිය නොවුන එක නම් ගොඩාක් සතුටුයි.. :D
ඒක නම් ඇත්ත...අන්තිමට හැම දේම මතකයක් විතරයි..
Delete~ඔහුත් ගියා අයියණ්ඩියේ නුඹේ සෙනෙහස සිහිවෙනවා....~ මේකෙන් ගොඩක් දේවල් කියවෙනවා....හ්ම්ම්ම්ම්
සාදරෙන් පිලි ගන්නවා එහෙනම්....
මම ඔයාගේ ලින්ක් එක මගෙ fb එකේ දැම්මා.. මේක බලන්න ගොඩ දෙනෙක් ආස වෙයි කියලා හිතුන නිසා.. කමක් නැ නේද?? :)
Deleteඒක අහන්නත් දෙයක්ද? තනියම රස විඳිනවට වඩා කට්ටිය එක්ක බෙදා ගන්න කොට රසය වැඩියි .... :D
Delete