සැබෑ සදාචාරයක් තිබිය යුත්තේ මාධ්‍ය කරුවන්ට පමණක්ද?.අප විසින් සමාජජාල වල පලකරන සෑම චායාරුපයකින්ම සෑම වචනයකින්ම අපද නිතැතින්ම යම තරමකට මාධ්‍යකරුවකු නොවන්නේද?.පෞද්ගලික දේශපාලන මතවාද ව්‍යාප්තිය උදෙසා මෙවැනි පුවත් විකෘති කිරීමේ ක්‍රියාවලින් සිදුවන්නේද රජය විසින් සත්‍ය වසන් කිරීමට යොදා ගනු ලබන පහත් අධම මාධ්‍ය භාවිතයම නොවේද?.බුකියේ මං
Showing posts with label මට හිතෙන හැටි...... Show all posts
Showing posts with label මට හිතෙන හැටි...... Show all posts
18 මාධ්‍ය සදාචාරය නම් කුජීතයි.එතකොට අපේ ?
Labels:
අනේ මන්දා,
මට හිතෙන හැටි.....,
රැඩිකල්
සැබෑ සදාචාරයක් තිබිය යුත්තේ මාධ්‍ය කරුවන්ට පමණක්ද?.අප විසින් සමාජජාල වල පලකරන සෑම චායාරුපයකින්ම සෑම වචනයකින්ම අපද නිතැතින්ම යම තරමකට මාධ්‍යකරුවකු නොවන්නේද?.පෞද්ගලික දේශපාලන මතවාද ව්‍යාප්තිය උදෙසා මෙවැනි පුවත් විකෘති කිරීමේ ක්‍රියාවලින් සිදුවන්නේද රජය විසින් සත්‍ය වසන් කිරීමට යොදා ගනු ලබන පහත් අධම මාධ්‍ය භාවිතයම නොවේද?.37 දුෂ්ටයා හමුදාව විතරද? | The battle for water
Labels:
මට හිතෙන හැටි.....,
රැඩිකල්
සැබෑ ජන අරගලයක් යනු කුමක්දැයි? මා සෑම විටම කල්පනා කල මාතෘකාවකි.අද දින වන වන විට වැලිවේරියේ සිද්ධිය ජන අරගලයක් ලෙස ලේබල අලවා එයට වෙනම අර්ථකතනයක් දී ඇතුවාක් මෙන් මාද ඉහත සිද්දියට වෙනම අර්ථකතනයක් දීමට තැත් කිරීමක් ලෙස මෙම ලිපිය හදුන්වමි.
රතු පස්වල සිද්ධිය සැබෑ ජන අරගලයක්දැයි මදකට විමසා බලමු.ඇත්තෙන්ම එහි ආරම්භයද සියලුම සැබෑ ජන අරගල යක් මෙන්ම සාධාරණ හේතුවක් මත ඇතිවූ බව සිතා ගැනීමට ඉතා පහසුය.යම් කර්මාන්ත ශාලාවක් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ ඉතා වටිනා මානව අයිතිවාසිකමක් උල්ලංඝනය වේ.ඔවුන් රැල්ලක් ලෙස නැගී සිටින්නේ ඔවුන්ගේ සාමකාමී ඉල්ලීම් වලට කන නොදුන් තැනයි.මධ්‍යස්ත මතධාරියෙක් ලෙස ඔවුන්ගේ නැගීසිටීම අධි සදරනීකරණය කරන්නේ එබැවිනි.ඔවුන් ඔවුන්ගේ සටන තරමකට ජයග්‍රහණය කරන ලදී.වගකිවයුතු අංශ වල අවධානය ඔවුන්ට යොමු වීම සහ අනිත් මිනිසුන්ගේ සහ යෝගය ලැබීම, එකම අරමුණක් වෙනුවෙන් කැපවුන ජන පදනමක් නිර්මාණය වීම තරමක ජයග්‍රහණයක් නොව සුවිසල් ජයග්‍රහණයක් ලෙස දැක්විය හැක.
27 මමත් හීනියට බෞද්ධයෙක් | I am thin Buddhist
Labels:
මට හිතෙන හැටි.....,
රැඩිකල්
මා උපතින් බෞද්ධයෙකි.කුඩා කල පටන් මා ජාතිය ලෙසින් සඳහන් කලේ සිංහල බෞද්ධ යන්නයි.නමුත් පාසල් වියෙහි පටන් උදෑසන පුරුද්දට වඳිනා පන්සිල් පද පහත් දහම් පාසලේදී සල්ල හුක වුත්ති තිබෙන නිසා ආසාවෙන් කියූ කරණීය මෙත්ත සුත්‍රයත් හැරෙන්නට මා දන්නේ , මා බොහෝවිට රාත්‍රී කාලයේ ගමන් කිරීමට කැමති නිසා ආරක්ෂාවට ඉගෙන ගත් ඉතිපිසෝ ගාථාව පමණි.ඒ අනුව බලන විට මා සතුව ඇත්තේ අසු කෙළක් ධර්ම ස්කන්ධ වලින් තුනක් පමණකි.එහෙයින් මා ධර්ම කරුණු ගෙනහැර පෑමට ඉදිරිපත් නොවන්නේ මාගේ නොදැනුවත් කම පමණක් නිසාම නොව දැනට ලංකාවේ වෙසෙන බොහොමයක් ගිහි බෞද්ධයන් වඳුරන්ගෙන් බණ අසා පිරිත් සිංහලෙන් අසා කලිසම් කිලිටි නොවන සේ හතර පෝයටම සිල් රකින , කිසිම සැකයක් නොමැතිව ඉදිරියේදී පැවැත්වෙන ධර්ම සංගායනාවකට උවද සහභාගී කරගත හැකි තරම් ධර්ම කරුණු වලින් සන්නද්ධ නිසාය.
21 එන්න අනාවැකි කියන්න
Labels:
මට හිතෙන හැටි.....
සැර වැඩියි...එකෙන්ම සැර වැඩියි....මම මේ කියන්න ගියේ ඉතින් මේ දවස් වල බොක්ක ඇතුලේ බුර බුරා නැගෙන හද සන්තානයේ ඔඩු දුවන පට්ටම සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නයක් ගැන...මෙහෙමයි....අපි කන බොන විදියට (අහ්හ්...මම ඒකෙන් අදහස් කරේ වෙළඳ පොලේ ඇති ගුණාත්මක භාවයෙන් අඩු ආහාර,තෙල් කෑම වැඩිපුර ගැනීම වගේ දේවල් ) අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මේ රට යන විදියට අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මට කෝච්චියේ කතරගම යන්න පුළුවන් වේවිද?.ලංකාවෙ තෙල් වලින් මට වාහනයක් දුවන්න පුළුවන් වේවිද?.තව ෂඃ මේ සීරියස් හද කකියවන කතාවක් අස්සේ තව කතාවක් මතක් උනා නේ...සොරි වෙන්න ඕනේ ඒක කියලම ආයේ සීන් ඒකට එන්ටර් වෙන්නම් ආයිබෝවන්ඩ.
41 මංගල රැයට උපදෙස් පහක් (18+)
Labels:
අනේ මන්දා,
මට හිතෙන හැටි.....
කාන්තාවන් වෙනුවෙන් ලියවෙන පත්තර සමාජයේ සුලභය.එලෙසම කාන්තාවන්ට තම එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට උපකාරීවන මහාර්ඝ වූ උපදෙස්,අවවාද සහ නව දැනුමද ඒවායේ නොමඳව අන්තර්ගතය.තවත් ඉදිරියට යන විට මංගල රාත්‍රිය සැපවත්ව ගත කිරීමටද ඒවායේ (අඳින්න ඕනෑ ඇඳුම,සැමියා සතුටු කරන විදිය ආදී වශයෙන්) උපදෙස් රාශියක් අඩංගුය.නමුදු මහත් වූ ගැටලුකාරී මානසිකත්වයකි.මංගල රාත්‍රිය ගත කිරීමට උපදෙස් දිව යුත්තේ කාන්තාවන්ට පමණක්මද?.පුර්ෂ පාර්ශවයට ඒ සඳහා උපදෙස් අවශ්‍ය නොවේද?
61 නයි නැති, බොරු නැති, වංචාව නැති වැල පත්තර?
Labels:
මට හිතෙන හැටි.....
ඉස්සර කාලේ වැල චිත්තර පටි වැඩිය තිබ්බේ නැත.කොල්ලෝ වැඩිපුර බැලුවේ වැල පත්තර කෑලිය.ඒවා නොයෙකුත් නම් වලින් පත්තර ලෑලි වලින් මිලදී ගත හැකිව තිබුණි.නම් දෙක තුනක් කියනවා නම්
නවරස
ප්ලේ ගර්ල්
සොදුර (මුල් කාලයේ)
ගින්දර
වැනි ඒවා ලංකාවේ තිබුණ සුපිරි වැල පත්තර ලෙස හැදින්විය හැක.
29 අපි බාලචන්ද්‍රන් මරපු හැටි | Assassination of Balachandran
Labels:
මට හිතෙන හැටි.....
මේ දවස් වල හැම තැනම යන්නේ ප්‍රභාකරන් ගේ දෙවෙනි පුත්තරයා හමුදාවෙන් අල්ලාගෙන පොරට සුපර් ක්‍රීම් ක්‍රැකර් කන්න දී ඝාතනය කල බව කියන චායාරූප එකතුවයි.මේ ලිපිය ලියවෙන්නේ එය සාදාරනීකරණය කිරීමටවත් එයට විරුද්ධ වීමටවත් නොව මධ්‍යස්ත මිනිසෙකු වශයෙන් හිතට නැගුන අදහස කියා පෑමටය.
42 බුදු ගුණ බලන ගමන් පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න
Labels:
මට හිතෙන හැටි.....,
රැඩිකල්
සිද්ධාර්ථ ගෞතම ලිබර්ටියේ පෙන්නනවා කියලා කවුද කියනවා ඇහුනා.එතකොටම මට කල්පනාවට ආවේ වෙනදට චිත්තර පටියක් පටන් ගන්න කලින් ලිබර්ටිය ඉස්සරහ ඉන්න නොයෙකුත් විදියට ඇඳ පැළඳ ගත්ත තරුණ තරුණියෝ පෝලිම.සමහර දවස වලට රණ්ඩු වෙනවත් ඇහෙනවා කට්ටිය කලින් බුක් කරලා පස්සේ ආපු උන්ට චාන්ස් එක නැති වෙලා.මොලේ කොලොප්පන් වගේ නේද?මම මේ මොකාටද එන්න හදන්නේ කියලා?.මේකයි සිද්ධිය ගොඩක් කට්ටිය අහල ඇති කතාව ලංකාවේ සිනමාහලක බොක්ස් වලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ලිබර්ටි සිනමා හලේ බොක්ස් වලට කියලා කියන එක.ඒ කතාව පැත්තකින් තියමු දැන්.
34 ජාතිවාදී විය යුත්තේ ඇයි?
Labels:
මට හිතෙන හැටි.....
ශ්‍රී ලාංකික සිංහලයකු වශයෙන් ජාතිවාදී විය යුත්තේ මන්දැයි ? සහ ජාතිමාමක සිංහලයන් සිටිනුයේ සමාජ ජාලවල පමණක්ද යන ගැටළු වලට පිළිතුරු සොයනු වස් මා කල සරල සමීක්ෂණයක ප්‍රතිපල මෙසේ මා ඔබ සමග බෙදා ගැනීමට සිතුවේ හුදෙක් කැකෑරෙන සිතුවිලි සිතෙහි තබාගෙන සිටිනවාට වඩා මා මෙන්ම උභාතොකෝටිකයන්ට මැදිව සිටින බහුතරයකගේ පහන් සංවේගය පිණිස වනු ඇති නිසාය.49 ෆයිනල් එකට ඇරියේ මාමද?
Labels:
මට හිතෙන හැටි.....
පරාජයේ දුක පහව යන්නේ කොදෙව්වෝ දින්න නිසාය.ලංකාවට හතර වතාවක් අනුශුරයෝ වීමට සිදු වුයේ ක්‍රිකට් හා සම්බන්ධකම් පවත්වන මිනිසුන්ගේ ක්‍රියා කලාපය නිසා මිස රාජ්‍ය නායකයාගේ මැදිහත් වීමක් නිසා නොවේ.
51 what happen to others හෙවත් whobuzz?
Labels:
මට හිතෙන හැටි.....
" මග තොටේදි, බස් එකේදි, කවුරු හරි ඇහුවොත්.. ලියල පෙන්නන්න කිව්වෝත්.. තමන් අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියලා..".හීනෙන්ද මන්ද ඇහුන එම වචන පෙළත් සමග දඩිබිඩියේ ඇදෙන නැගිටුන මා වෙනදාට උදේට විතරක් මදින දත් විසිපහකින් පමණ සමන් විත මාගේ දත් සැට්ටුව හවස පහට විතර මැද ගෙන අහිංසක මා ලක ලැස්ති වුයේ සුවහසක් බ්ලොග්කරුවන්ගේ හදවත් වල බුර බුරා නගින සහසක් බලාපොරොත්තුවල කුටප්‍රාප්තිය හෙවත් මහා ඔස්කාර් සම්මාන උළලේ ප්‍රතිපල ප්‍රකාශය ඇසීමටයි(මොකක් ඔස්කාර්?).චොක්ලට් බිස්කට් පැකට්ටු දෙකක් සහ වටවල කහට වලින් පිරවූ උණුවතුර බෝතලය මට තුරුළු වී අමන්දානන්දයට පත්ව සිටියේ අපිට තියන එකම ආතල් එක ඉතින් මේක නේ කියාගෙනය.ලක්ෂේට කොඩිය දමා උළෙල පැවැත් වුනි.චේන් එක පැන්න අතර.එකෙන්ම කන් පාත් උනි.මාගේ සංවේදී හදවත අපයෝජනයට ලක්වූ අතර මෙතැන් සිට මා විසින් භාවිතා කරනු ලබන්නේ මාගේ අපචාර වූ සිතිවිලි සමුදායයි.
18 ගබ්සාව සහ පිටස්තරයා
Labels:
මට හිතෙන හැටි.....
මම දන්නා කෙනෙක් ගැන මම නොදන්නා කෙනෙක් කියපු කතාවක් නිසා ඇතිවුන කලබල කාරී මානසික තත්වය නිසා මේ කෙටි සටහන තියන්න හිතුවා.ඔව් මේ පොස්ට් එකේ මාතෘකාව වගේමයි.එක අහපු වෙලේ මට හුස්ම ගන්න බැරි උනා වගේ උනා.මම තාමත් කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇයි මට එහෙම උනේ කියලා.මට තාම තේරුම් ගන්න බෑ ඇයි මම පිටස්තර පුද්ගලයන්ගේ දුකට මෙච්චර සංවේදී කියලා.පිට මිනිස්සුන්ගේ දුකට මගේ ඇස් වල කඳුළු උනන්නේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ. මම මේ ගබ්සාව නීති ගත කරන්න කියනවා කියලා වත් ඔහොම නොවෙන්න නිසි අධ්‍යාපනය දෙන්න කියලවත් හිතන්න එපා. නිදා ගන්නේ නැතුව කල්පනා කරපු දවස් දෙකකට පස්සේ .දැන් හිතට අවුලක් නැති උනත් මම මේ අමාරුවෙන් පෙළ ගස්සන්නේ ඒ වෙලාවේ පිටස්තර චරිතයක් විදියට මගේ හිතේ ඇතිවුන සිතුවිලි සමුදාය.
38 ලංකාවේ සමලිංගික පාසල්
Labels:
මට හිතෙන හැටි.....
පොඩ්ඩක් කතා කරන්න ඕන සංවාදයට තුඩුදෙන සුළු මාතෘකාවක් නිසා පොඩ්ඩක් කතා කරන්න හිතුවා.ගොඩක් මිනිස්සුනේගේ කැත හිත වලට පොඩි හිතන්න දෙයක් දෙන්න ඕන නිසා.මේකෙදි ලංකාවේ පාසල් කීපයක් ගැන කතා වෙනවා.හැබැයි ඒ ඒ පාසල් වලට අපහාස කිරීමේ අරමුණෙන් නම් නෙවෙයි.පොඩ්ඩක් හිතල පොඩ්ඩක් හිනාවෙලා (ටිකක් හිනාවෙලා නෙවෙයි) ලේ පිරිසිදු කර ගන්න ඕන නිසා.
53 මගේ සොහොන
Labels:
මට හිතෙන හැටි.....
මරණය අත් දැකල තියනවද..නැත්තන් මරණයේ වේදනාව දැනිල තියනවද?...මරණ බය දැනිල තියනවද?
ජීවිතේ තුන්වෙනි වතාවටත් ඒක වින්දා.
පලවෙනි වතාවට ඩෙංගු හැදිලා දවස් 16 ක සුන්දර ICU හෝටලේ නතර වෙලා ඉන්න කොට.දෙවෙනි එක එහෙම හිටිය එකා සති දෙකක් යන්න කලින් batch get එකේ හරකෙක් වගේ බීල ලේ වමනේ දාපු පාර.
තුන්වෙනි වතාව මේ ඉතාම ආසන්න දවසක.
28 අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්........
Labels:
මට හිතෙන හැටි.....,
විචාර,
සිංදු
මට ගීතයක් ringtone විදියට දාන්න පුළුවන් ජංගම දුරකතනයක් ගත්ත දවසේ ඉඳං මේ වෙනකොට අවුරුදු 6 කට ලංවෙන්න කාලයක් පුරා මගේ ringtone එක විදියට භාවිතා කරපු තවමත් භාවිතා කරන මම ආසම කරන ගීතයක තේරුම...........හ්ම්ම්ම් ඇත්තෙන්ම ව්‍යංගාර්තයෙන් අදහස් කරන දේ දවස් කීපයකට කලින් දැනගන්න ලැබුනා.සංවේදී ආදර ගීයක් කියල හිතන හිටියට ඊට වඩා ගොඩක් හෘදයංගම සැගවුණු ආදරණීය කෙදාන්තයක් ඒ වචන වල තියනවා කියලා තේරුණා නිසා සහ මම ආසම කරන ගීතයක් නිසා මේගැන කෙටි සටහනක් ලියන්න හිතුනා.
මෑත කාලයකදී තෝරාගත් පුද්ගලයෙක් නිසා එම පුද්ගලයාට පමණක් විශේෂ උන නාද රටාවක් දැම්මත් බොහෝ වෙලාවට දැන් නම් සෑම විටම මට දුරකතන ඇමතුමක් එනකොට ඇහෙන්නේ මම මේ කතාකරන ලැස්ති වෙන සින්දුවේ මාවිසින් සකසාගත් මුල් පද කීපය.
6 සැබෑ ආදරේ හීනයක්ද ?
Labels:
මට හිතෙන හැටි.....
ජීවිතය හරිම පුදුමාකාරයි තමන්ට ආදරේ කරන කෙනාට තමනුත් ආදරේ කරන අය ඉන්නේ ගොඩක් සීමිත ගණනක්.එහෙම නැති හැම කෙනාගෙම හිතේ ජීවත් වෙනවා හීන කුමාරයෙක් නැත්තන් කුමාරියක්.ඒ අපිට ආදරෙඅ කරනවා තිය අපි ගැන හිතන්නේ වත් හිතන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්.සමහර විට අපිව කරදරයක් කියල දැනෙන එහෙමත් නැත්තන් අපිට වෛර කරන කෙනෙක් වෙන්න පුළුවන්.මිනිස් සිත හරි පුදුමාකරයි කියන්නේ එකනේ.තමන්ට නොලැබෙන දේටමයි ආසා කරන්නනේ.
"අපි තරු ගනන් කරල ඉවර වෙන කොට සමහර විට හඳ හැන්ගිල තියෙන්න පුලුවන්......."
හඳ කියන්නේ අපිව හීතලට ගුලි කරන්නෙත් නැති රස්නෙට පුච්චන්නෙත් නැති අපිට පාර කියන අපි යනකොට අපිත් එක්කම යන (සමහරුන්ට මතක ඇති අපි පොඩිකාලේ හඳ දිහාව බලන් ඇවිදිනකොට හඳ අපිත් එක්කම ඇවිද්දා.) අපේ පෙරමග ලකුණ.
තමන්ගේ ආත්මීය හවුල් කාරයා හඳක් වගේ වෙන්න ඕන කියන්නෙ එකයි.එත් ගොඩක් කට්ටිය තමන් මුලින්ම දකින එලියට හඳ කියල රැවටිලා...දුක් වෙනවා..විඳවනවා.එ එලිය බොහෝවිට මැරිච්ච තරුවක් වෙන්න පුලුවන්...ඒ එලියට හඳ කියල රැවටිලා හඳ ඉල්ලලා අඬන එකේ තෙරුමක් නෑ නේද?
ලං කරගන්න
බැරි
හීන වලට
ආදරෙ
කරන්න එපා
කියලා
මනස
කොච්චර
කිව්වත්
හිත
අහන්නෙම
නැති
හැටි......
Subscribe to:
Posts (Atom)









