සමලින්ගිකයෝ (LGBT) එහෙමත් නැත්තන් සමනල්ලු .
සම ලිංගිකයන් බිහිවීමේ සරල ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරනවානම් , අපි කවුරුත් දන්නවා රෝම අධිරාජ්‍ය ගැන .පැරණි රෝමයේ සමලිංගිකත්වය කියන දේ සමාජ පිළිගත් මට්ටමකට ඇවිත් තිබුණා.ඒ මොකද කියනවනම් ඒ කාලේ හිටිය කලිගියුලා වගේ විකෘති කාමසවන්ගෙන් පෙළුන රෝම අධිරාජයන් විසින් තමන් ගේ වාසියට සමලිංගිකත්වය කියන දේ නීතිගත කිරීමත් , සටන් ,යටත් විජිත සහ සොල්දාදුවන්ගෙන් බිහි උන රෝමයේ බහුතරයක් පිරිමින් සොල්දාදුවන් ලෙස යුද්ධයට සහභාගී වීම නිසා පිරිමින් ගේ හිඟයකින් පෙළුන කාන්තාවන් අතරෙත් , සොල්දාදුවන් වී යුද්ධයට යාමට සිදුවීම නිසා කාන්තාවන් ගේ පහස ලබා ගැනීමට නොහැකි උන නිසා පිරිමින් අතරෙත් සමලිංගිකත්වය කියන මාතෘකාව අරුමයක් උනේ නෑ.( දැනටත් සොල්දාදුවන් අතර වගේම නාවිකයන් අතරත් අපි මේ කතා කරන මාතෘකාව දකින්න පුළුවන් )
ඒ ගොඩක් කාලෙකට කලින් නිසා දැන් අපි විමසල බලමු වර්තමානයේ සමලිංගිකත්වය කියන මාතෘකාව ඉහලට එන්නේ කොහොමද කියල.ඇත්තටම ඒකට වග කියන්න ඕන යුද්ධය කියන සාධකයම තමයි.පහුගිය ශත වර්ෂයේ මුල්භාග වලදී ඇති උන ලෝක යුද්ධ මේ දේවල් මෙච්චර ඉහල තලයකට උස්සල තියන්න උපකාරී උනා.
අපි දැන් බලමු මේක මානසික විකෘතියක්ද? නැද්ද? කියල.ලිංගිකත්වයේ මුලික අර්ථ දැක්වීම තමයි වර්ගයා බිහිකිරීම ( reproduction ).ඊට පස්සේ තමයි ලිංගික තෘප්තිය/ මානසික තෘප්තිය වගේ සාදක ඇතුලත් වෙන්නේ.හිතන්න පොඩ්ඩක් ඕනෑම දෙයක සැපිරිය යුතු සාදක දෙකක් තියෙන්න බෑ.උදාහරණයක් විදියට සටනක් ගන්න.සටන කරන්නේ සොල්දාදුවා.සටනක සැපිරිය යුතු මුලික සාදකය තමයි ජයග්‍රහණය.එට පස්සේ තමයි එන්නේ රජයන් පිහිටවීම , යුධ වීරයන්ට උපහාර කිරීම වගේ ඒවා.ඒ සටනේ තීරණාත්මක සාදකය තමයි භුමිය අත්කර ගැනීම.
දැන් මෙහෙම උපකල්පනයක් ගොඩ නගමු ...
සොල්දාදුවා = ලිංගිකත්වය
සටන = වර්ගයා බිහිකිරීම
භුමිය අත්කර ගැනීම = ප්‍රතිපලය නව ජීවියෙක්
යුධ වීරයන්ට උපහාර කිරීම = ලිංගික තෘප්තිය/ මානසික තෘප්තිය
සොල්දාදුවා සටනේ තීරණාත්මක සාදකය මගහැර යුධ වීරයන්ට උපහාර කිරීමට යනවා කියන්නේ සටන නැතිවෙනවා කියන එක නේද ?.එහෙම බැලුවොත් එකෙන් වෙන්නේ දෙයක සමතුලිත තාවය බිඳිලා යන එක නේද ?.දෙයකින් ස්වභාවික සමතුලිත තාවය බින්දෙනවානම් එක විකෘතියක් නෙවෙයිද?.
දැන් බලමු මේකෙන් ඇතිවෙන අවාසි දායක තත්ත්ව මොනවද කියලා?
- සෞක්යමය ගැටළු.
- සමාජ අපවාදය / සමාජයෙන් කොන් වීම (මේක ලංකාවේ විතරක් නෙවෙයි ඔය දියුණු කියලා කියන හැම රටේම තියනවා).
- ස්වභාවික සමතුලිත තාවය බිඳීම.( හිතන්න ලංකාවේ සමස්තයක් සිංහල පිරිමින් සහ ගැහැනුන් සමලිංගිකයන් උනොත් සිංහල කියන ජාතියට වෙන්නේ මොකක්ද කියලා )
- ළමා අපචාර. ( හිතන්න පුංචි පිරිමි දරුවෙක් සම ලිංගික පිරිමියෙක් එක්ක සහ පුංචි ගැහැණු දරුවෙක් සමලිංගික ගැහැනියක් එක්ක තනි උනොත් මොනවා වේවිද? )
දැන් මගේ ප්‍රශ්නෙට මගේ උත්තරේ දෙන්නම් මම.....
සමලිංගිකයන්ට කුමක් කල යුතුද ?
මින්සුන්ගේ ස්වභාවික ආසාවල් එකිනෙකාගෙන් වෙනස් වෙනවා ඒවා වෙනස් කරන්න යන එක කිසිම පලකට නැති දෙයක්.සමහර දේවල් තියනවා අපිට වෙනස් කරන්න බෑ.ඒඋනාට එහෙමයි කියල උලුප්පවල දක්කවන බෑ.සමහර පිළිකුල දනවන දේවල්.සමලිංගිකත්වය ලංකාවේ නීතිගත කරනවා කියන ඒකට මම කොහෙත්ම කැමති නෑ.මේ මාතෘකාව එදා ඉඳන්ම තිබුනා.එක නෑ කියන්න බෑ.එත් එක උලුප්පවල දක්වල සාදාරනී කරණය කරනවා කියන එක අනුමත කරන්න බෑ කොහෙත්ම.සමහරෙක් කියන්න පුළුවන් එක මානව අයිති වාසිකමක් නැත්තන් පිටරටවලත් සමලිංගික විවාහ නීතිගත කරලා තියනවා ඒ නිසා ලංකාවෙත් කරන්න ඕන.ලෝකෙත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන.ගෝලීයකරණය වෙන්න ඕන.එත් හිතන්න ඒ රටවල් ඒ තත්වෙට පත් වෙලා තියෙන්නේ ආර්ථික දියුණුවත් එක්ක.මේ හිඟා නොකා හිඟා කන අපි වගේ රටවල වල මොන ගොලියකරණද අප්පා.ප්‍රශ්නෙට උත්තරේ කියනවනම් අපිට ඕක නවත්තන්න බෑ.ඒ හින්ද ඒවා එහෙමම තියෙන්න දෙන්න.මහලොකුවට මානව අයිතිවාසිකම් වගේ රෙද්දවල් අල්ලාගෙන අනවශ්‍ය දේවල් මාර්කට් කරන්නේ නැතුව.කෙලින්ම කියනවා නම් මුකුත් කරන්න ඕන නෑ.
මගේ අදහස දෙයකින් ප්‍රතිපලයක් තියෙන්න ඕන.අතුරුපල විතරක් නෙවෙයි.අපි කරන දෙයකින් අතුරු පල විතරක් තියනවනම් එකෙන් වැඩක් නෑ.ඒ අතුරුපල වලින් වැඩකුත් නැත්තන්.උදාහරණයක් විදියට ඔය උඩ කතා කරපු මාතෘකාව නිසා සමහරෙකුට බෙහෙතකටවත් සරමක් ඇඳන් වැවක ගඟක නාන්න පුලුවන්ද?
ප.ලි - මේකේ තියෙන්නේ මගේ පුද්ගලික මතය.ඒ නිසා මේක මුළු සමාජයේම මතය කියලා වරදවා හිතන්න එපා.අනිත් දේ තමයි මේක බලලා SLS කරන කට්ටිය මත එක්ක තරහ වෙන්න එපා
අම්මට හුඩු. ගුජුප්සාජනකයි බං
ReplyDeleteඒ කියන්නේ මේකට එකගද?
Deleteවිවාදයට ගත යුතු මාතෘකාවක් ,මටත් හිතෙන විදියට ඔය දේ තියෙන විදියටම තියෙන්න අරින එක හොදා ....
ReplyDeleteඅනිවා දේවල් නැති කරනවට වඩා පාලනය කරන එක හොදයි......
Deleteමමත් හිතන්නේ ඒක තියෙන විදිහටම තියෙන්න අරින එක හොඳයි.. ඕක ඉස්සර ඉඳන්ම එන එකක් නම් ගණිකා සේවනය වගේම නවත්තන්න පුළුවන් වෙන්නෙ නැ.. අනිත් එක තමා මන් දන්න විදිහට නම් චොයිස් කියන එකෙන් සමලිංගිකයෙක් වෙන්න බැ.. නිකන් හිතලා බලන්න අපිට නිකමට වත් සමලිංගයේ කෙනෙක්ව කිස් කරන්න හිත හදාගන්න බැනේ.. ඒ කියන්නේ ඒක චොයිස් එකක්ම නෙවෙයි.. ශරීරය ඇතුලෙන්ම එන දෙයක් වෙන්න පුලුවන්.. :)
ReplyDelete100% එකගයි..නොර්මල් සහ ඇබ්නොර්මල් කියන එක තමයි.කොහොම නෑ කිව්වත් මේක ඇතිවෙන්නේ මොනවා හරි විකෘතියක් නිසා.
Deleteමෙන්න ඒ ගැන කතා කරන අඩවියක්
ReplyDelete…
…http://malatanoenabambaru.blogspot.com
ඔව් ඒ සයිට් එකේ ගොඩක් විස්තර තියනවා.එත් චීනයට වඩාත් හුරුපුරුදු සමලිංගික කියන වචනයට වඩා නපුන්සක කියන වචනය.
Deleteඑකඟයි මචෝ.
ReplyDelete:D :D :D
Deleteඋන්ට උන්ගේ පාඩුවේ ඉන්න දියල්ලා.....
ReplyDeleteජය වේවා!!!
එක තමයි කියන්නේ.ඔන්වමර්කට් කරලා උන්ව අපහසු තාවයට පත් නොකර උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දෙමු කියන එක.
Deleteජය වේවා!!!
එකඟයි !
Deleteඅනේ මන්දා..
ReplyDeleteසමලිංගික???
අප්පිරියා සහගතයි ඈ..
මක් කොරන්නද බන්.එහෙම කියල මරන්නය.
Deleteනිසි වයස සම්පූර්ණ කල දෙදෙනෙකු අතර දෙදෙනාගේ එකඟතාවයෙන් කවර හෝ ලින්ගික ක්‍රියාකාරකමක් සිදු වෙයිද.. ඒය අනුමතකරමි.. මන්දාපේ ආතල් අපිට ආතල් මෙන්ම උන්ගේ ආතල් උන්ට ආතල් විය යුතුමය
ReplyDeleteඒකතමයි... :D
Deleteපාරේ බැහැලා යන්ඩ බැරි තත්වයක් දැන් තියෙන්නේ
ReplyDeleteමෙන්න බලන්න
මේ කියන්නේ අර අන්කල් ගැන නේද ?
Deleteකුමක් කල යුතුද????
ReplyDeleteඅල්ලලා ** ඇරිය යුතුයි.... එච්චරයි කතාව...ඉවරයි..!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔව් බෙහෙතකටවත් සරමක් ඇඳන් වැවක ගඟක නාන්න බැරිවෙන්න
Deleteඑවැන්නක් කල යුතු යැයි ඔබට සිතෙන්නේ ඔබටත් එවැනි සමලිංගික හැඟීම් යම් ප්‍රමාණයක් ඇති බැවිනි :)
Deleteරජා මෑන්ට මේ දවස්වල ලිටරලි අරින විදියටද?? අනේ ගොනෝ, මානවකටත් රං ගොජාටත් තියෙන්නේ හොමොෆොර්බියා. උඹලා දෙන්නට ඒක පෙන්නෙ නැති නිසා උඹලට හෝමෝ සෙක්ශුවල් මිනිස්සු නරකයි.
Deleteඅනේ මන්ද ස්වභාව දහමට පිටින් යනව කියන්නෙ ඒකෙ අවසානෙ ලොකූ විනාසයක් තියනවමයි
Deleteහ්ම්ම් එයාලට පාඩුවේ ඉන්න දෙන එක හොඳයි..කවුරුත් වැඩිය නොලියන,හොඳ ලිපියක් සහෝ..
ReplyDeleteඔව් ඒගොල්ලෝ සමාජේ කොටසක්.මම කියන්නේ ඒ දෙයින් වැඩක් නෑ කියන එක මිසක් එක ඇතුලේ ඉන්න මිනිස්සු වැඩක් නෑ කියන එක නෙවෙයි.
Deleteඅනේ මන්දා.. උන්ට හොද නන් අපිට මොකෑ බං....
ReplyDeleteඔව් ඒත් දැන් වෙලා තියෙන්නේ එක ප්‍රචාරණය කරන්න මර මර්කටින්ග් පාරක් යන එකනේ...
Deleteලෝකේ සමබර වෙන්න මේ වගේ අයත් ඉන්න ඕනේ..,
ReplyDeleteඅනිවා...
Deleteලෝකෙ සමබරතාව නැති වෙන්නෙ මේ වගේ අය නිසා තමයි
Deleteහැබැයි මෙහෙම දෙයක් තියෙනවා.ඉස්කෝලේ යන පිරිමි ළමයි එහෙම මත් කුඩු වලට එහෙම හුරු කරවලා මේවට යොදාගන්නවා අද වෙනකොට.මේවා නවත්තන්න ඕනි..
ReplyDeleteඔයා කියන කතාව ඇත්ත.මම කියන්නෙත් මේක නවත්තන්න නෙවෙයි පැතිරීම වලක්වන්න ඕන..
ReplyDeleteලෝකේ පටන් ගත්ත දා ඉඳල මේ චර්යාවන් තිබුනා අවසාන වෙන තුරුත් තිබේවි.. එත් ඒ නිසා අස්වාභාවික දේවල් සමාජය අනුමත කලයුතුද කියන එකයි ප්රශ්නය. කවුරු කොහොම කිවුවත් යම් ක්‍රියාවක් සඳහා සොබා දහම දී තිබෙන අවයව ඒ සඳහා මිස වෙනත් දේ සඳහා යෙදවීම අස්වාභාවිකයිනේ.. මේ අස්වාභාවිකත්වය සමහරක් විකුර්ති විරුද්ධ ලිංගිකයින් අතරෙත් ඇතිවෙන දෙයක්.. ඒ නිසා එක සම්මතයක් වී නීතිගත විය යුතුද ? ලෝකය පටන් ගත දා පටන් තිබුණු විධිහට එය පැවතීමට ඉඩදී අහක බලා සිටීම තමයි හොඳ.. මේ ලෝකේ රටවල්වල රජවෙලා පවුල් පාලනේ අරන් ගිය මිනිස්සු (මිනිහගෙන් ගෑනිට ඊට පස්සේ දුවට හරි පුතාට හරි ඊටත් පස්සේ මුණුබුරාට යනාදී වශයෙන් රජකම බාර දුන්න ) මෙහෙම උනා නම් රටවලට වෙන නායකයෝ නම් ලැබෙන්න තිබුනා.
ReplyDeleteඑක ඇත්ත ඒ උනාට එකට යොමු කරන එකට විරුද්ද වෙන්න ඕන නේද?
Deleteවොල්ෆෙන්ඩර් වාර්තාවට අනුව සමලිංගික ක්‍රියා වෙනත් අයට හානිකර නොවන නිසා සහ රටේ යථා පැවැත්ම කෙරෙහි බලනොපාන නිසා එවැනි ක්‍රියා තවදුරටත් වැරදි හැටියට නොසැලකිය යුතුයි කියල තමයි නිර්දේශ කරලා තියෙන්නේ..
ReplyDeleteඑත් එකට ප්රොදාවෙන් යොමු කරන තත්වයක් දැන් තියනවා නේද?
Deleteඒ උනාට ඒකෙ අතුරු ප්‍රතිඵල අනාගතේට ගොඩක් බරපතල ප්‍රශ්න ඇති කරන්න පුලුවන් 😐
Deleteවෛද්‍ය විද්‍යාවෙන් සමලිංගිකත්වය විකෘති මානසික තත්වයක් නොවේ යැයි පුන පුනාම කියද්දී මට ඇත්තටම අදහා ගන්න බැහැ අයි පරණ තර්ක මතම ඉදලා එය පිලි නොගන්නේ කියල.
ReplyDeleteසමලිංගිකත්වය පිලිබඳ දැනුවත් කිරීමක් ඇති කිරීම සමාජයට අවශ්‍ය වන්නේ මෙවැනි පුද්ගලයන් බාහිර සමාජය හේතුවෙන් නොයෙකුත් පීඩාවන්ට ලක් වන නිසයි. සමහර අවස්තාවන්හීදී සියදිවි නසා ගැනීම දක්වා. සමහර වෙලාවට සමාජයේ සමහර පිරිස් සමකාමී අය නින්දාවට, අපහාසයට ලක් කරන්නේ ඔවුන් ඒ පිළිබඳව දැනුවත් නැති නිසා. ඉතින් යම් කිසි දෙයක් ගැන නොදැනුවත් අය දැනුවත් කිරීම මාර්කටින් වෙන්නේ කොහොමද ? එහෙනම් ඉතින් අපේ සමාජයේ තුල විරුද්ධලින්ගිකත්වය කොච්චර මාර්කට් වෙනවද ? එහෙනම් විරුද්ධලින්ගිකත්වය මාර්කට් වෙන තරමට සමලින්ගිකයෝ ඔක්කොම විරුද්ධලින්ගිකයෝ මෙලහකට .එහෙම දැනුවත් කිරීමක් කළා කියල විරුද්ධලින්ගිකයන් සමලිංගික වෙන්නේ නැහැ. වෙන්නේ හැමෝම අනෙක් පුද්ගලයාගේ ස්වභාවයට ගරු කිරීමට පටන් ගන්න එක විතරයි වෙන්නේ.
අපි නොදන්නා සමලිංගිකයන්ට අපහාස කිරීම නින්දාවට ලක් කිරීම අපි හැමෝටම ලේසියි . එත් ඔබට සමීප කවුරු හෝ සමලින්ගිකයි කියා දැනගත් විට තත්ත්වය වෙනස් වේවි. මොකද එවිට ඔබට එම පුද්ගලයාට එසේ දැනෙන්නේ ඇයි දැයි පුද්ගලිකවම දැන ගත හැකි නිසා. අනිත් අයට දැනෙන දේ ගැන විනිශ්චය නොකර ඒ අයගෙන් අහල බලන්න. අපි හරි යැයි කියන මානයෙන්ම හිතල යම් කිසි දෙයක් දිහා දෙපාරක් තුන් පාරක් නෙමෙයි දහස් පාරක් බැලුවත් පේන්නේ එකම දේ තමයි. ඉතින් ඔය සමලිංගිකත්වය වැරදියි කියන මතෙන් නික්මිලා ස්වාධීනව ඒ ගැන හොයල දැන ගත්තොත් මීට වඩා අප තුල තියෙන මනුස්සමක එලියට ඒවි.
මේ බ්ලොග් එකේ සදහන් කරලා තියෙන තව වැරදි දෙයක් තමයි ලිංගිකත්ව යනු වර්ගයා බිහි කිරීම කියන එක (Reproduction ). ප්‍රජනනය හා ලිංගිකත්වය කියන්නේ දෙකක්. අනික ලිංගිකත්වය කියන්නේ ලිගික ක්‍රියාව පමණක් නෙමෙයි. එයට ගොඩක් දේ ඇතුලත් වෙනවා. ලිංගික අනන්‍යතාවයත් කෙනෙකුගේ ලිංගිකත්වයට ඇතුලත්. මිනිස්සු හැම තිස්සෙම ලිංගිකව එක් වෙන්නේ වර්ගයා බෝ කරන්නද ? එහෙනම් ඉතින් අපිට දෙයියන්ගේම පිහිටයි. :)
මම දකින්නේ අපේ සමාජයේ මේ පිලිබඳ ඇති නොදැනුවත්කම අනවශ්‍ය ප්‍රශ්න ගොඩක් මතු කරනවා. එත් ඉන්දියාව ගත්තොත් දැනුවත්වීම කෙසේ වෙතත් ඔවුන් මේ මාතෘකා පිලිබඳ විවෘතව කතා කරනවා. එත් අපේ සමාජයේ අඩුයි. සමලිංගිකත්වය පමණක් නෙමෙයි ඕනෑම දෙයක් පිලිබඳ සාකච්ඡාවකට එළඹෙන්න ශ්‍රී ලාංකිකයෝ මාලි කමක් දක්වනවා. අපි දුන්න දේ කාලා නිකන් ඉන්න ජාතියක්. සරත් ෆොන්සේකාට උඩ පැනල ඡන්දය දීපු අය එදා රෑම ඔහුව තනි කරනවා. මේකයි තත්වය. තමන්ට වුනොත් මිසක අනිත් අයට වෙන අසාධාරනකම් අපේ ශ්‍රී ලාංකිකයන්ට එච්චර වැදගත් නැහැ .
ලිංගිකත්වය පරපුර බෝ කිරීම සදහා පමණයි කියනවනම් තොල් සිප ගැනීම, විෂම ලිංගිකයන්ගේ මුඛ සංසර්ගය,ගුද සංසර්ගය ඇතුළු සියළු පූර්ව සංසර්ගීය ක්‍රියා විකෘති වෙන්න ඕනෙ. ඒවට කැමති අය ගොඩක් ඉන්න නිසානෙ වැල film වල ඒව අනිවා දාන්නෙ.එතකොට ස්වයං වින්දනයත් විකෘතියක්.
ReplyDeleteමම දකින විදිහට නම් මිනිසා ශිෂ්ටාචාරෙට ආපු දවසෙ ඉදලා කරන්නෙ සොබාදහමට විරුද්ධ වෙන එක.ජනගහණය පාලනය කරන්න සොබාදහමෙ හැම උපක්රමයක්ම මිනිසා විසින් අභිභවනය කරල තියෙනවා. (ලෙඩ වලට ප්‍රතිකාර සොයා ගැනීම වගේ)ඉතින් සමලිංගිකත්වයත් ජනගහණය පාලනය කරන්න සොබාදහමෙ තවත් උපක්‍රමයක් වෙන්න බැරිද?
කරන්න ඕනෙ මේකට බනින එකවත් මුකුත් නොකර සිටීමවත් නෙවි. සමලිංගිකත්වය promote කරන එකත් නෙවි. කෙනෙක් එහෙම වෙන්න හේතු හොයලා ඒව නැති කරන එක.(පිරිමි සමලිංගිකයන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ පියාගෙ ආදරේ ලබල නෑ.)සමලිංගිකයන්ට තමන්ටවත් අනුන්ටවත් කරදරයක් නොවී සමාජයේ ජීවත්වෙන්න ඉඩ හදල දෙන එක.
මම හිතනවා මානවක මෙතන කියන්න ඕන කථාව පටන් අරගෙන තියෙන්නේම වැරදියට කියලා. මම මෙහෙම මගේ අදහස් ගොනු කරන්නම්.
ReplyDeleteඑක. සමලිංගිකත්වය හෝ විශම ලිංගිකත්වය මානසික විකෘතිතාවයක් නෙවෙයි. ඒත් මේ දෙකේම අන්තයන් තියෙනවා. nymphomania වගේ. අන්න එතකොට ඒක මානසික විකෘතියක් වෙනවා. ඒකට සමලිංගික හෝ විෂම ලිංගික වෙන්න ඕන නෑ.
දෙක. සමලිංගිකයෝ නිසා අපචාර වැඩි වෙනවා කියන කථාව නිකම්ම විහිළුවක් විතරයි. ඒකට හොඳ උදාහරණයක් නැතිවුනු මහාචාර්ය නන්දසේන රත්නපාලයන් කරපු සමාජ විද්‍යා පර්යේෂණ මේ ගැන. ඒ ගැන විස්තර නැෂනල් ආකයිව්ස් එකෙන් ගන්න පුලුවන් උනන්දුවක් තියෙන කෙනෙකුට.
තුන. මේ ලෝකේ කිසිම මිනිහෙක්ට තව මිනිහෙක්ව විනිශ්චය කරන්න අයිතියක් නෑ. එතැනදී මේ ආටිකල් එකේ පේළි අතර තියෙන කියැවීම අභියෝගයට ලක්වෙනවා. සරලව කිවුවොත් ටෝන් එක.
හතර. සාමාන්‍යයෙන් සමලිංගිකත්වය කියන්නේ බලෙන් ඇතිකරගන්න දෙයක් නෙවෙයි. ඒත් සමහරවිටකදී කුඩා කාලයේදී අපචාරයන්ට ලක්වීම හෝ එවැනිදේ දැකීම නිසා ඇතිවන ක්ෂිතිමය කම්පනයන් පහු කාලෙකදී ලිංගික වශයෙන් අනන්‍යතා ගැටළුවලට මුල පුරනවා. අන්න එතකොට ඒක ප්‍රතිකාර ලැබිය යුතු තත්වයක් වෙනවා.
මානවකගේ සොල්දාදුවාගේ තර්කය අදාළ නෑ. මොකද මේ වෙනකොට ලිංගිකත්වය කියන්නේ වර්ගයා බෝකිරීම පමණයි කියන කතාවෙන් මිනිහා සෑහෙන දුරට පරිණාමය වෙලා තියෙන නිසා. මම වැරදි නම් මිනිස්සු පූර්ව සංසර්ගීය ක්‍රියා අමතක කරන්න ඕන. මොකද ඒක නිකම්ම යාන්ත්‍රික ක්‍රියාවලියක් ලස්සන කරන්න තියෙන දේවල් විතරයි මානවකගේ තර්කයට අනුව. කියවන්න මාස්ටර්ස් සහ ජොන්සන්ස් පත්‍රිකා. ඊලඟට ඩෙස්මන්ඩ් මොරිස්ව.
මානවක මෙතන තියෙන අවුල තමයි සමලිංගිකත්වය හෝ මනුෂ්‍ය සබඳතා ගැන නිවැරදි හැදෑරීමක් නැතිව ලිවීම මම දකින විදියට. මම මානවක එක්ක එක තැනකදී එකඟ වෙනවා. සම ලිංගිකත්වය හෝ විෂම ලිංගිකත්වය කියන්නේ උඩ දාන්න ඕන, මාකට් කරන්න ඕන දේවල් නෙවෙයි. හැබැයි ඉතින් සමලිංගිකයන්ට ** අරින්න ඕන කියන තරම් හැදියාවක් තියෙන රටක, ලිංගික විපර්යාසයකට මුහුණ දෙන අහිංසකයෙක්ට වට කරන් ගහලා උගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එක වෙනස් කරන්න හිතන වීරයෝ ඉන්න රටක තමන්ගේ මූලික අයිතිවාසිකම් දිනාගන්නත් පාරට බහින්න වෙන එක පුදුමයක් නෙවෙයි.
මේ මගේ මතය පමණයි. ස්තුතියි.
+++++++++++++++
Delete"ලිංගිකත්වයේ මුලික අර්ථ දැක්වීම තමයි වර්ගයා බිහිකිරීම ( රෙප්රොඩුcටිඔන් ).ඊට පස්සේ තමයි ලිංගික තෘප්තිය/ මානසික තෘප්තිය වගේ සාදක ඇතුලත් වෙන්නේ.ඒක එහෙම නෙවෙයි මූලිකම කාරනය තෘප්තියයි. වෙනත් ක්ෂීරපායි සතෙක් සලකල බලපන්, එතකොට උගේ අරමුන වර්ගයා බෝ කිරීමද නෑ ඌ කරන දෙයින් ඒක වෙනවා. මිනිස්සු විතරයි යම් අවස්ත වලදි වර්ගයා බෝ කිරීමම අරමුන කරගෙන මේ ක්‍රියවේ යෙදෙන්නෙ. තවත් දෙයක් මිනිසාට ආසන්න වානරයින් වන චිම්පන්සින් හා අනෙකුත් වදුරන් අතරත් සමලින්ගික හැසිරීම් තියන බව දන්නෙ නැද්ද. අපි සමලින්ගික නොවුන කියල උන්ගෙ ප්‍රචාරනය තහනම් කිරීමට උත්සහ කිරීම මිනිසුන් වශයෙන් නොකල යුතු දෙයක්. ඒක උන්ට අදාල දෙයක් අපෙ ප්‍රශ්නයක් නෙවෙයි. අපි කැමති දේ අපි ප්‍රචාරය කරගෙන හිටියම හරි
ReplyDeleteඑකඟ නැත..අරමුණ ජීවින් බෝ කිරීම නම් ජිවිත කාලය තුල දෙදෙනෙක් දෙතුන් පාරකට වඩා ලිංගික ක්‍රියා කරන එකක් නැහැ.තව ගොඩක් දේවල් තිබුනත් හුඟක් අය කියලා තියන නිසා එකම ලියන්න කම්මැලියි.මාකට් නොවිය යුතුයි කියලා කරලා තියෙන්නෙත් මාකට් කිරීමම තමයි..
ReplyDelete+++++++++++++++++++++
Deleteකවුරුවත් කාවවත් මාකට් කරන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ. එත් "සමලිංගිකයන්ට කුමක් කල යුතුද ?" කියල කතාකරන්න කලින් සමලිංගිකයින් කියන අයව දැනගෙන ඉන්න ඕනෙ.
ReplyDeleteසමලිංගිකත්වය ඇතිවෙන විදිහ ගැන කියල තියෙන දේ මම පිලිගන්නෙ නෑ. මම සමලිංගික පිරිමියෙක් වෙන්න ඔය කියලා තියෙන කිසිම සමාජ ගැටලුවක් බලපාලා නෑ. සමලිංගික පුද්ගලයක් කියන්නෙ අමුතු මනසික විකෘතියක් තියෙන කෙනෙක් නෙවෙයි. විශම-ලිංගික පුද්ගලයෙක් විරුද්ද ලිංගිකයෙකුට ආකර්ශනය වෙනව වගේම සමලිංගික අය එම වර්ගයේම ලිංගිකයින්ට ආකර්ශනය වෙනවා. ඒත් සමලිංගික පුද්ගලයකුට විශම-ලිංගික පුද්ගලයකුට වගේ තමන්ගෙ හැඟිම් එලියට දෙන්න පුලුවන් කමක් නෑ. සමලිංගිකත්වය කියන්නෙ තෝරාගැනීමක් නම් අපි කවදාවත් ඒක තෝරගන්නෙ නෑ. සමාජ අපවාදයට ලක් නෙවෙන්න තමන්ගෙ ලිංගික දිශානතිය (sexual orientation, නිවැරදි වචනය දිශානතියද කියල මම දන්නෙ නෑ) හංගගෙන ජීවත්වෙන එක මොන වගේද් කියල දන්න කෙනෙක් නම් "සමලිංගිකයන්ට කුමක් කල යුතුද ?" කියන එක ගැන මීට වඩා වෙනස් අදහසක් දරාවි.
සමලින්ගිකත්වය කිවූ පමනින් ලින්ගික ක්‍රියා වලට පමනක් ඒ අහින්සක ජීවීත සීමා කරල හිතන්න යන්න එපා මේ වචනෙ ඇතුලෙ අහින්සක බලාපොරොත්තු අසීමිත ආදරයක් හැන්ගිලා තියෙනව
ReplyDeleteසමලින්ගිකත්වය මේක ඉතින් සමහරුන්ට හරිම පිලිකුල් තවත් සමහරුන්ගෙ ජීවිත ජීවත් කරවනව මම හිතන්නෙ ඔයාලට සමලින්ගිකත්ව ගැන නෙවෙයි මෙතන කතා කරල තියෙන්නෙ ඒක පැහැදිලිව පේනව ඔය දාල තියෙන photo එකෙන් ඔතන ඉන්නෙ ගැහැනු වගේ හැසිරෙන පිරිමි දෙන්නෙක් ඒක හැමෝටම පේනව ඇතිනෙ ඒ වගේම ඕකෙ ඉන්නෙ මානසික ලෙඩ්ඩු දෙන්නෙක් අසීමිත ලින්ගික ආසාවකින් හා විකෘති උනු මනසිකින් ජීවිතේ ගෙවන අය තමයි ඔය photo එකෙ ඉන්නෙ ඇත්තටම ඔය වගේ අය අපේ රටේ ඉන්නව එයාලත් ලින්ගික වශයෙන් කරන්නෙ සමලින්ගික ක්‍රියා තමයි නමුත් මෙයාල සමලින්ගික අය නෙවෙයි මානසික ලෙඩ්ඩු මන් හිතනව මන් කියන එක ඔයාලට තේරෙනව කියල
දැන් මම කියන්නම් ඇත්ත සමලින්ගිකත්වය කියන්නෙ මොකද්ද කියල
සීමාවක් නැති අහින්සක ආදරයකින් , බලාපොරොත්තු රාශියකින් ජීවත් වෙන පිරිස තමයි අද ලෝකයේ ගොඩක් රටවල් අනුමත කරල තියෙන සමලින්ගිකත්වය යටතට වැටෙන්නෙ එයාල තමයි නියම සමලින්ගිකයින් කියන්නෙ නියම සමලින්ගිකයින් නියම පිරිමි වගේම අසීමිතව ආදරේ කරනව නමුත් වෙනස තියෙන්නෙ එයාල ආදරේ කරන්නෙ ,එයාලගේ තේරීම තවත් කොල්ලෙක් වීමයි ඒ එයාල සමලින්ගික නිසයි
මෙහෙම වෙන්නෙ උපතින්මයි ජාන වල බලපෑමක් අනුවයි
මම දෙයක් කියන්නම් මම මේ දේ කියන්න පොඩ්ඩක්වත් බය වෙන්නෙ නැහැ සැබෑ සමලින්ගිකයින් සාමන්‍ය පිරිමියෙක් හා සාමන්‍ය ගැහැනියක් ආදරේ කරනවට වඩා හදවතින්ම ආදරේ කරනව මේ පොස්ට් එකෙ කතා කරල තියෙන්නෙනම් ඒ අය ගැන නොවෙයි මම කලින් කියපු මානසික රෝගීන් ගැන
ඇත්ත තමයි අද ලන්කාවෙ තියෙන තත්වෙ අනුව සමලින්ගිකතවය ප්‍රමොට් කරන්න පුලුවන් දෙයකුත් නෙවෙයි ඒකයි එයාල ලොකේට හොරෙන් ආදරේ කරන්නෙ ඇත්තටම එයල පවු එයාල එයාගේ ආදරේ මේ සමාජෙන් වසන් කරන්න ලොකු සටනක් කරනව සමලින්ගිකයි කියල එයාලටත් ආසාවල් නැතුව නෙවෙයි එයාලත් මිනිස්සු ඔයාලටත් වඩා අහින්සක මිනිස්සු මට බනින්න මෙහෙම කිවුව කියල ලෝකෙ බහුතරයට වඩා සුලුතරය අහින්සකයි , ගොඩක් ආදරේ කරනව කියල කියපු මට සාමන්‍ය ඔයාල මට බනී කමක් නැහැ මම කිඋවෙ ඇත්ත කවහ හරි ඔයාල ඇත්ත දැන ගනීවි සමලින්ගිකත්වය කිවූ පමනින් ලින්ගික ක්‍රියා වලට පමනක් ඒ අහින්සක ජීවීත සීමා කරල හිතන්න යන්න එපා
මම මේව කිවුවෙ මම සමලින්ගිකයෙක් හැටියට නෙවෙයි මනුස්සෙක් විදියට මනුස්සකම දන්න මනුස්සෙක් විදියට
මේව සුරන්ගනා කතා නෙවෙයි
එදා 1996 වර්ෂයෙ දරුවන් තුන්දෙනෙකු යුත් පවුලේ හතරවැන්නෙක් එකවන දිනයයි. මව පියා මධ්‍යම පාන්තික පවුලක සාමාජිකයන් වූ අතර, ඔවුන් සැලකිය යුතු මට්ටමක හොද පවුල් ජීවිතයක් ගත කලෝය. මෙසේ පවුලට එක් වූයේ සිත් ඇදගන්නා සුලු පෙනුමක් සහිත පිරිමි දරුවෙකි, ඔහු මධුෂංක නම් විය. එය ඔවුන්ගේ ජීවිතයේ බලාපොරොත්තු සඵල වූ දිනයයි. මන්දයත් මින් පෙර ඔවුන්ට දාව පිරිම දරුවෙකු නොවු බැවිනි. මේ අවස්ථාව ඔවුන්ගේ ඉහේ මලක් මෙන් දිදුලන්නට විය.
ReplyDeleteකෙමෙන් කෙමෙන් මධුෂංක සහෝදරියන්ගේ ආදරය කරුණාව යටතේ දස්කම් පාමින් විදුහලේ දීප්තිමත් සිසුවෙක් බවට පත්විය. දෙමව්පියන්ටද අභිමානයක් ගෙන දෙමින් ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික්කයේ පළමු තුන්දෙනා අතරටද එක්විය. මේ කුඩා මධුෂංක ඒ ඔස්සේ නගරයේ ප්‍රදාන පාසලකට ඇතුලත් වී එහිදීද සුපුරුදු දස්කම් පාමින් පාසලට කීර්තියක් එක් කරමින් දැනුමින් සන්නද්ධ තරඟ අදියට ඉදිරිපත් වෙමින් විදුහල් මව කීර්තියට පත්කල අතර, එයට ඔහු වෙනුවෙන් සම්මාන පවා හිමිවියත සමස්ත විදුහලේම අවධානය ආදරය දිනාගනිමින් මධුෂංක කුඩා අවධිය ගෙවා දමා නව යොවුන් වියට පා තබන්නට විය.
මෙහි කතා නායක වන මධුෂංකගේ ජීවිතයේ සංධිස්ථානයක් විය. නව යොවුන් වියට පා තබනවාත් සමගම තරුණ මධුෂංකගේ ජීවිතය කණපිට පෙරලෙන්නට විය. ඔහුට ඔහුගේ යම් වෙනස්කමක් වැටහෙන්නට විය. සම වයස් මට්ටම් වල යහලුවන් විරුද්ධ ලිංගික යෙහෙළියන් වෙත ආකර්ෂනය වෙමින් ඔවුන් හා සම්බන්ධතා ඇති කරගන්නට විය. නමුත් තමා එලෙස විරුද්ධ ලිංගිකයන් වෙත නොව තම ලිංගයේම සම පරිමි යහලුවන් වෙත ආකර්ෂනය වන බව දැනෙන්නට විය. දැනුමින් පොහොසත් තරුණ මධුෂංක වැඩිකල් නොගොස් තමා සමලිංගික පුද්ගලයෙකු බව වටහා ගත්තේය. ඔහු විවිධ පුද්ගලයන් හමුවී මෙයට විසදුමක් හොයන්නට විය. නමුත් මෙය රෝගයක් නොවන බැවින් ප්‍රතිකාර ක්‍රමයක් නොමැති බැව් වෛද්‍යවරුන් ඔහුට පැවසීය. මෙය වරදක් නොවන බවත් එක් ලිංගික සහකරුවෙකු වෙත සීමා වී ජීවිතය වැඩදායි ලෙස ගෙවා දැමීමට උපදේශන තුලින් ඔයු දැනුවත් කලද ඔහුගේ සමස්ත ජීවිතයම කඩා වැටීමකට ලක් විය. ඔහුට නිතර ඔහුගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු සිහින සිහිවන්නට විය. පියාගේ නම ගෙනියන්නට පුතෙක් ලැබීමට ශ්‍රී මහා බෝධිය අසල පුද සත්කාර කරමින් සිටි අතීතය සිහිපත් කිරීම් ඔහුගේ දෑස් ඉදිරිපිට මැවෙන්නට විය. කුමක් කරන්නද ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරන්නට විය.
කල්යත්ම මධුසංකගේ මේ අසාමාන්‍ය හැසීරීම යහලුවන් වෙතද දැනෙන්නට විය. එතැන් පටන් මධුෂංකගේ ජීවිතය අපායක් බවට පෙරලමින් යහලුවන් උසුලු විසිලු කරන්නට විය. අවලාද නගන්නට විය. ඉන් නොනැවති ඔවුන් මුහුණු පොතේ පවා මධුෂංකගේ මේ අසාමාන්‍ය හැසිරීම විවේචනය කරන්නට විය. ඔහු ඇසුරු කල යහලුවන් ඔහුව මග හරින්නට වියත උදව් අවශ්‍ය මොහොතේදී ඔවුන් ඔහුව අතහැර දැමුවේය. හුදෙකලාව කාලය ගත කල මධුෂංකගේ දස්කම් වියැකී යන්නට විය. සමාජය ඉදිරියේ උසුලු විසිලු වලට භාජනය වෙමින් ඇසිමට නොහැකි වචන අවලාද අසමින් ඔහු ජීවිතය ගෙවා දැමුවේය. කල්යත්ම එකම විදුහලේ අධ්‍යාපනය ලැබූ එක් සහෝදරියක්ට පවා මේ බව සැල වන්නට විය. ඇය එම පුවත මව්පියන් වෙත සැල කිරීමෙන් අනතුරුව පියා ආරූඩයෙන් මෙන් මධුෂංක වෙත පහර දී එය අතහරින ලෙස බලපෑම් කලේය. පිය අවනම්බුවෙන් බේරීමට ඔහුව ගෙදරින් පිටමං කලේ ඔහු පිළිබඳ බලාපොරොත්තු හිතින් අත්හරිමින්ය.
අධය්‍යාපනය කඩාකප්පල් වූ මධුෂංක ඉබාගාතේ ඇවිද යන්නට විය. මෙම කාලය අතරතුර දැන හැදින ගත් පුද්ගලයෙකු ඔහුට සෙවනක් ලබාදුන්නද ඉන් ඔහු මධුෂංකගේ ජීවිතය තවත් පහතට ඇද දමන්නට විය. තවමත් වයස 19 ක නව යොවුන් වියේ මධුෂංක දිනක් රාත්‍රීයේ බසයක නැගී අරමුණක් නැතිව ගමන් කරන්නට විය. හදිසියේ බසයෙන් බැසගත් ඔහු පයින් ගමන් කරන විට මධ්‍යම රාත්‍රි එකට පමණ දුම්රියක ශබ්දය ඇසී නතර වූයේ ඔහු ගෙවා දැමු ජීවිතයට නැවතීමේ තිත තබන්නටය. තවත් මේ වේදනාව දරන්නට ඔහුට ශක්තියක් නොතිබුණි.
හිස් අතින් පැමිණි ඔහු බිම දිගා වී රේල් පීල්ලට බෙල්ල තබනවාත් සමග සීතල වී ගිය රේලි පිලි ඔහුට අතීතය සිහි කරන්නට විය. අම්මා තාත්තා හා ගෙවූ දිවිය සිහි වන්නට විය ලමා කාලය සියල්ලන්ගේම සුරතලා වී සහෝදරියන් ඔහුව ආදරයෙන් රැක බලාගත් අයුරු සිහිවන්නට විය. ඒ සුන්දර මතක තුලම දුම්රිය ඔහුගේ ගෙල කදින් වෙන් කර පලා ගියේ කිසිවක් නොවු ගානටය.(සත්‍ය කතාවක් ඇසුරෙනි)
ජීවිතයේ අකුරු ගනින්නට පටන් ගත් විගසම රුදුරු සමාජය ඔහුගේ හිස කදින් වෙන් කර හමාරය.