බුකියේ මං

Showing posts with label දුකට ලියපුවා. Show all posts
Showing posts with label දුකට ලියපුවා. Show all posts

17 පොළඟකට පෙම් බැඳ | Love With Female Viper

බ්‍රහස්පතින්දා 


දැන් අපි නිදාගමු අයියා .... මට හොඳටම නිදිමතයි.අනික හෙට උදෙන්ම වැඩට යන්නත් ඕනේ . ඊට පස්සේ ක්ලාස්.අනේ මම දවසම ඉන්න වෙනවා නේ.මම පව් නැද්ද ?

ඉතින් අපි විනාඩි දහයක් වත් කතා කරේ නෑ නේ බබා...ඔයා මෙච්චර වෙලා හිටියනේ මට ගන්න...

අනේ සොරි පොඩි චැට් එකකට අහු උනා නේ...අනේ අද බෑ හෙට රෑට කතා කරමු අනිද්දා කොහොමත් නිවාඩුයි නේ...බුදුසරණයි.පරිස්සමින් ඉන්න...

හ්ම්ම්ම්.බුදු සරණයි..වෙන මොනවා කියන්නද ඉතින්...

ඔයා නපුරුයි අයියා...දැන් මම දොයි...


7 එන්න ජීවිතය බෝ කරන්න

මේ සමාජය පට්ටම කුරිරුයි. ඉල්ලන්නේම ඇසට ඇස ලෙයට ලෙය. සමාජය විතරක්ය, අපිත් එහෙම නේ. පොඩ්ඩ බැරි වෙන්න බෑ ලේ උණුවෙනවා. ලඟම ඉන්න එකෙකුට පොඩි හරි කේස් එකක් වැටුනම අපි ගේම ඉල්ලනවා. එහෙම කරලා වතුර වලට වැඩිය ලේ ඝනකම් කියලා හිත හදා ගන්නවා.අපිට තියන ආදරේට අපේ අම්මලාගේ ලේ කිරි වෙනවා.. මචංලා පරණ සිංදුවක් තියනවා, අහලා තියේද මන්දා "ඔබේ ළය පැළුවත් තනිකර රතු ලේ මගේ ළය පැළුවත් තනිකර රතු ලේ" කියලා. එහෙම උනාට තමන්ගේ එකෙක්ගේ ලේ හෙල්ලුනාම අපේ ලේ කුපිත වෙනවා. කාගේ හරි ලේ හොල්ලන්නමයි හිතෙන්නේ. එතකොට කාටවත් මතක වෙන්නේ නෑ අපි හැමෝගෙම ඇඟේ දුවන්නේ එකම පාට ලේ කියලා. අපි පක්ෂ වලට බෙදිලා පාට වලට බෙදිලා කියනවා 'අපි කැපුවත් කොළ', 'කැපුවත් නිල්' කියලා. ඒ උනාට එහෙම කියන උන්ගේ ඇඟවල් මදුරුවෙක් විද්දත් ඌ බොන්නේ රතුම රතු පාට ලේ. අපි මොන වංශේ උනත් මොන මොන කුලේ උනත් අපේ ලේ එක පාටයි. ඒ වගේම තමයි මොන සම්බන්ධෙටත් වැඩිය ලේ නෑකම් කියන එක මාරම ශක්තිමත්. අර කතාවටත් කියන්නේ "අම්මලා නැති දරුවන් ගැන මාමලාගේ ලේ කකියනවා කියලා". ඒවා විතරද තව කෙල්ලෙක්ගේ ජීවිතේ වෙනස් කරන්න ලේ බිංදු දෙක තුනකට කරන්න පුළුවන් හරිය කොහොමද කියලා දන්නවා ඇති නේ. දැන් මීටර් නේද සීන් එක. ලේ කියන්නේ මේ ලෝකේ මිනිස්සු සහයෝගයෙන් එකට බැඳලා තියන පට්ටම වටින ටොපික් එකක් නැත්තන් සුපිරියටම ඩිමාන්ඩ් සාධකයක්.

10 සිකුරු තරුව

බලාපොරොත්තු හීන බිඳ වැටෙනවා කියන්නේ කිසිම කෙනෙක් කවදාවත් කැමැත්තෙන් බාර ගන්න කැමති ඉරණමක් නෙවෙයි.ඒත් හිතන්න අපි හිත ඇතුලේ ගොඩනගාපු හීන මාලිගා අපිට හිතාගන්න බැරි වේගෙන් සුන්බුන් වෙලා යනකොට , අපිට ඒවා රැකගන්න කිසිම දෙයක් කරන්න බැරුව අසරණ වෙනකොට හිතට මොන වගේ හැගීම් සමුදායක් ඒවිද?.මේකත් "යලි එන්න වසන්තය" කාව්‍ය සංග්‍රහයේ තිබ්බ අවුරුදු දහයක් පරණ කවියක්.මේක මුලින්ම අන්තර්ජාලයේ පලකරේ අන්තිම පේලියේ.ඒ මීට බොහොම කාලයකට කලින්.ඒත් කවියේ අන්තර්ගතය සර්ව කාලීනයි කියල හිතුන නිසා ආයෙමත් පල කරනවා.මම මහා ලොකු කවියෙක් නෙවෙයි , ඒත් මම ලියපු කවි වලින් මට හිතට වැදිච්ච ඒවා තමයි ඉතින් මේ.(ඇත්තම කියනවනම් මේ වගේ ඒවා දැන් ලියා ගන්න බෑ).මේකත් ඉතිං බොහොමයක් අයගේ පොදු අත්දැකීමක්.        

34 වැරදුනෙ කොතැන මට….?


මම හැමදාම කරේ ජීවිතේ වැරැද්ද ගත්ත එක,මගේ හිත මම විසින්ම රවට්ට ගත්ත එක විතරයි.මොනවා කියන්නද ඉතින් ලබා උපන් හැටි කියලා හිත හදන ඉන්න හැදුවත් අනේ මන්ද හැමදාම වෙන්නේ වරදින එක විතරයි.

අපි ආස කරන දේවල් අපිට නොලැබෙන කොට අපි කොච්චර කාලකන්නිද කියලා අපිට හිතෙන එක වලක්කගන්න ක්‍රමයක් තිබුනානම්.පව පව කියලා එක තැනක හිටියේ නැති උනත් සමහර වෙලාවට එන අර කාලකන්නි හැගීමෙන් ජීවිතය එපා වෙන තරම  දැනෙන්න නම් ඉතින් නොලැබිල්ල කියන අත්දැකීමට මුහුණ දෙන්න ඕන.අපි කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙකුගේ කටින්  අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු හිත තුවාල කරන තරම් සංවේදී  දේවල් අහන්න ලැබුනම, ඉබේම වැරදුනාද නැත්තන් වැරැද්ද ගත්තද කියලා හිතා ගන්න බැරි වෙනවා.කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත්  කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා.


18 පිළුණු කවියකට උණු පෙරවදනක්

ජීවිතේට ආවටත් වඩා ඉක්මනින් මාව ඔයාගේ ජීවිතෙන් පිටමන් කරන්න ඔයාට පුළුවන් උනාට මට ඒක ඒක පාරටම විශ්වාස කරන්න බැරි වෙච්ච එකයි දුක . මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නවා දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි...ඊයේ ඔයා ගැන හිත හිත බොනකොට...අනුකම්පාවක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ...මාව අයෙත් ජීවිතේට ගනීවි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ...කවුරුවත් මේක දැකලා දුක වෙන්න ඕනත් නෑ (මේ සටහන නිකන්ම නිකන් සත්‍ය වටහාගත් සන්තෝසෙට ලියපු එකක්)...

14 රැකියාවට සමු දීම හෙවත් තීන්ත බාස් නියතය ......

හිතන්න කොහොමද කියල සති අන්තයක අතේ සතයක් වත් නැතුව ගෙදරින් ඈතක තනි වෙන්න උනාම..කීයක් වත් ඉල්ලා ගන්න අහල පහලක අදුරන කෙනෙක් නැති උනාම..කන්න විදියක් නෑ සල්ලි නෑ කියන හැගීම එක්ක බඩගිනි උනාම කොහොමද? .දවස් දෙක අමාරුවෙන් ගොඩ දාල සදුදා කාර්යාලයට ගියාම මගේ පඩිය නවත්තල කියන ආරංචිය ආවම කොහොමද හිතට දැනෙන ෆන් එක.

5 සබඳ නුබ නික්මුනිය......

කවදාවත් ලියන්න වේවි කියලා තුන්හිතකින් වත් හිතුන්නැති පොස්ට් එකක්.මට ඔබා මාමා ගොඩක් ලොකු ලොකුවට ආශ්‍රය කරන්න වෙලාවක් ලැබුනේ නෑ මගේ පවකට.එත් කවදාවත් අමතක වෙන්නේ සුන්දර  මතකයක් ..... ඉතාම සුන්දර මතකයක් ඉතුරු කරලා ඔබා මාමා යන්න ගිහින්.වයස නොබලා විහිලු කරපු වයස නොබලා විහිලු ඉවසපු සුන්දර මනුස්සයා අපිට නොකියාම යන්න ගිහින්.උදේ ආරංචිය ලැබුන වෙලේ අවුරුදු 26 ක්  වෙන මගේ ඇස වලිනුත් නොදැනීම කඳුළු කැට දෙකක් පැන්න.



අන්තිම පේලියේ සමුහ චායාරූපයක් 

ඔබා මාමා එක්ක මට මුල්න්ම කතා කරන්න ලැබුනේ අවුරුදු උත්සවේ වෙලාවේ.මම කුරේ පිට්ටනියට පිවිසෙනකොටම කෙනෙක් කිව්වා අර නිල පාට කමිසයක් ඇදගෙන ඉන්නේ ඔබා මාමා කියල .මට එක පාරටම කියවුනේ "යකෝ ඔබා මාමා හෙන තරුණයි කියලා".හිත ලස්සන මිනිස්සු කොහොමත් තරුණයි තමයි.ඉතින් එක එක තරග ඉවර වෙලා ඔන්න මටත් අවස්තාවක් ආව ඔබාමම එක්ක කතා කරන්න ක්‍රීඩාගාරය  පැත්තෙදි.මම ගිහින් අදුන්වල දීල මම කවුද කියලා මදුවිත උගුරක්‌ තොල ගැන ගමන් ටිකක් කතා කරා.සත්තකින්ම සුන්දර මනුස්සයෙක්. ඒ වෙලාවේ කෙනෙක් අපි දෙන්න ඉන්න පින්තුරයක් ගත්ත.හැබැයි මම කවදාවත් හිතුවේ නෑ එක මෙච්චර වැදගත් වෙයි කියාල දවසක.

ඔබ මාමා  සමග ගත් දුර්ලබ චායා රූපය 

හ්ම්ම්ම්..ඒ හැම දෙයක්ම අතීතයට මුහුවෙලා . ඒත් ඔබා මාමාගෙන් එකම දෙයි ඉල්ලන්නේ අනේ දැන්ම නිවන් දකින්න එපා ආයෙත්  අපි අතරම ඉපදිලා දෙනෝදාහක් මිනිස්සුන්ගේ තද වෙච්ච තොල වලට හිනාවක්‌ දෙන්න කියලා විතරයි.

වසන්තයේම 
අප 
හැර
ගිය
වස්සානය
මග බලමි
නැවත 
එන තුරු 
ගිම්හානය
උවද ........


ප.ලි - ආයේ කවදාවත් සිංහල බ්ලොග් අවකාශේ වෙළඳ ලකුණක් වගේ වෙච්ච ඔබා මාමගේ මුහුණ රැගත් ඉහත පින්තුරය සහිත  කොමෙන්ටුවක් දකින්න වෙන්නේ නෑ කියන දුක නම් ඉතින් අමතක කරන්න බෑ.එතකන් අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

------ ඔබා මාමාට බුදුසරණයි ----------

1 මම ඇයි අකමැති?
















ඔයාගේ
හිත රිද්දන්න​
මම ඇයි
අකමැති?
කියලා
ඔයාට​
තේරෙන්නෙත්
නෑ........
ඔයාට​ තේරුම් කරන්න​
මට
තේරෙන්නෙත් නෑ.............
ඔයාව​ අයිතිකරගන්න​
ඕන උනා නම්
මට
තේරුම් කරන්න තිබුනා............
ඔයාව​ රවට්ටන්න​
ඕන උනා නම්
මට
තේරුම් කරන්න තිබුනා..........
ඔයාව​​ පරාදකරන්න​
මට
තේරුම් කරන්න තිබුනා..........
හැබැයි
මම අකමැති
උඩින් කියපු
එක හේතුවක්
නිසාවත්
නෙවෙයි කියලනම්
මට​
තේරුම් ගන්න​
පුළුවන්......