බුකියේ මං
34 වැරදුනෙ කොතැන මට….?
Labels:
දුකට ලියපුවා
මම හැමදාම කරේ ජීවිතේ වැරැද්ද ගත්ත එක,මගේ හිත මම විසින්ම රවට්ට ගත්ත එක විතරයි.මොනවා කියන්නද ඉතින් ලබා උපන් හැටි කියලා හිත හදන ඉන්න හැදුවත් අනේ මන්ද හැමදාම වෙන්නේ වරදින එක විතරයි.
අපි ආස කරන දේවල් අපිට නොලැබෙන කොට අපි කොච්චර කාලකන්නිද කියලා අපිට හිතෙන එක වලක්කගන්න ක්‍රමයක් තිබුනානම්.පව පව කියලා එක තැනක හිටියේ නැති උනත් සමහර වෙලාවට එන අර කාලකන්නි හැගීමෙන් ජීවිතය එපා වෙන තරම දැනෙන්න නම් ඉතින් නොලැබිල්ල කියන අත්දැකීමට මුහුණ දෙන්න ඕන.අපි කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙකුගේ කටින් අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු හිත තුවාල කරන තරම් සංවේදී දේවල් අහන්න ලැබුනම, ඉබේම වැරදුනාද නැත්තන් වැරැද්ද ගත්තද කියලා හිතා ගන්න බැරි වෙනවා.කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත් කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා.
පෙරදිනක පිපි මලක්
සිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට
සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට
තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට….
පරණ කවියක් ඒත් ඒක හැමදාටම වලංගුයි වගේ....
Subscribe to:
Post Comments (Atom)
වැරදුන ඒවා ගැන හිතන්න එපා.ඉස්සරහට වරද්දගන්නේ නැතුව ඉන්න :)
ReplyDeleteඒක නේද වෙන්න ඕනි..??
ඒ උනාට ඉස්සරහට හරියට ඉන්න පරණ වැරදිච්ච තැන් මතක තියන ඉන්න ඕනෑ නේද ?
Deleteඔබට වැරදිලා නැත
ReplyDeleteඔය කිව්වට ... :/
Deleteඇත්තටම වැරදුනේ කොතනද ?
ReplyDeleteඒක තැනක කියලා නෑ බන්..හරි ගියපු තැන් වලත් හරි උත්තර එකට වැඩිය තිබිලා .... :(
Deleteකවිය ලස්සනම ලස්සනයි.....පද හැම එකක්ම හිතට කතාකරනවා.
ReplyDeleteවිශේෂයෙන් ලස්සනයි කියල හයිලයිට් කරන්න කෑල්ලක් හෙව්වත් මුළු කවියම ලස්සන නිසා ඒ දේ අත්හැරිය.
'මම හැමදාම කරේ ජීවිතේ වැරැද්ද ගත්ත එක,මගේ හිත මම විසින්ම රවට්ට ගත්ත එක විතරයි.මොනවා කියන්නද ඉතින් ලබා උපන් හැටි කියලා හිත හදන ඉන්න හැදුවත් අනේ මන්ද හැමදාම වෙන්නේ වරදින එක විතරයි.' - හැමදාම වරදින්නේ නැහැ.අපි කල්පනා කරලා හදාගත්තොත්...
යාළු ඔබට සදා ජය!
එහෙම හිතනවා....මොනවා කරන්නද එත් හරිගිහින් කියලා හිතල සතුටුවෙන්න හදනකොට ..ශික අම්මප කොහේ හරි වැරදිලා...
Deleteහ්ම්ම්ම්.. කවි කියවන එක මට නම් එපා වෙන්නේ නැ.. වැරදුනේ කොතනද කියලා හොයන එක හොඳයි අයියේ..ඒත් වැරදුනු තැන හොයා හොයා දුක් වෙනවට වඩා හොඳයි ඒවා එහෙම වුනා කියලා හිත හදාගෙන ඉස්සරහට යන එක. ජීවිතේ අතීතයේ වෙච්ච හැමදෙයක්ම වර්තමානය සකස් වෙන්න බලපානවා.. ඒ වර්තමානය පහුගිය අතීතිය නිසා වරද්දගන්න යන්න එපා..
ReplyDeleteපෙරදිනක අතීතය
හමුවුනා මුහුණට මුහුණ
ඇයි තාම පස්සෙන්ම?
වද නොදී පලයන් අහක
මම එහෙම කිව්වත්
ඒකා මට කියනවා
මම නෙවෙයි ලඟ ඉන්නේ
උඹ නැවතිලා ඉන්නේ
උඹට ඕනේ දවසකට
යන්න පුළුවනි ඉතින්..
කවිය නම් සහතික ඇත්ත...අතීතෙට අපිව වෙනස් කරන්න දෙන්න හොඳ නෑ කිව්වට අතීතයේ සමහර සෙවනැලි තාමත් හොල්මන් කරනවා...එහෙම නේද?
Deleteඅතීතයේ හොල්මන් එලවන්න කවදාවත් බෑ අයියේ..ඒවා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා.. මමත් එහෙමයි..ඔයාත් එහෙමයි.. අපි හැමෝම එහෙමයි.. අතීතයෙන් සැරින් සැරේ මතුවෙන හොල්මන් අපිව බය කරනවා..ඒත් ඒවාට කරන්න පුළුවනුත් එච්චරමයි..බය කරන එක.. අපේ බය/දුක නැති වෙච්ච දවසට ඒ හොල්මන් එහෙමම නැති වෙලා යනවා..
Deleteවැරදුනේ කොතනද කියලා මමත් මේ දවස් වලනං හොයනවා තමා..
ReplyDeleteමම මේකට රෙප් ඒක දානකොට උඹට වැරදිච්ච තැන දැනගත්තා....
Deleteවැරදුනේ කොතනකද කියලා හොයන්න නම් තමුන්ගේ සිත ඇතුලට බලන්න ඕන. එහෙම බලන්න නම් සිත එකඟ වෙන භාවනාවක් කරන්න ඕන.. අපි කාටත් වැරදුනේ එකම තැන කියල එතකොට වැටහේවි..
ReplyDeleteඔව් ඉතින් චීත්තයක් කොහෙන් හරි සම්බන්ද වෙනවා.......
Deleteකුණ්ඩලීනී අවදිකරල බලපන්
ReplyDeleteමේ හදිස්සියට ඕක අවදි වෙන්නේ නෑ බන්......
Deleteවැරදුන තැන් සොයන්න ඕනි.ඒත් ඒ ගැන හිතලා දුක් විය යුතු නෑ.වැරදුන තැන් හොදින් අධ්‍යනය කරලා අනාගතයේ එවන් දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕනි.ඒකය නියම පිලිවෙල.වැදුන තැන් අමතක කරන එක අනුවණ වැඩක්.
ReplyDeleteමේක තමයි සිරාම කොම්මෙන්ට් එක...හැමදේම අමතක කරනවා කියන්නේ බොරු වැඩක්...සාදරෙන් අඳුරට පිලිගන්නවා
Deleteලබා උපන් හැටි කියල හිතල වැටෙන්න එපා..අපි උපදින්නෙ කිසිම දෙයක් නොලබා.....
ReplyDeleteතනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ ඒ දින්ගේදී ඇයි කෝලං නටන්නේ කෝලං නටන්නේ.....
Deleteබැඳීම් නැති තරමට ජිවිතේ සරළයි...
ReplyDeleteඑහෙම ඉන්න කොච්චර උත්සාහ කරත් එකකින් මිදෙනකොට අපිට නොදැනීම තව එකකට බැඳිලා....
Deleteමටත් වැරදිලා ගොඩක් කල්
ReplyDeleteකොතනද ?
Deletehamotama waradena awstha thiyenawa ayya.api karanna one issarahata ena ewata hodin muhuna dena eka.....
ReplyDeleteපරණ වැරදුන ඒවත් එක්ක ඉස්සරහ හොඳ වේවි කියලා හිතන්නේ කොහොමද ළමයෝ ?
Deleteayyo.....asubawadi widiyata hithanna epa ayya.hama deyakma wenne hodatai kiyala hitha hada ganna balanna ayya.therunada oya lamayata? :)
Deleteවෙන වරදවල් ජිවිතය සාර්ථකත්වයට යන ඉනිමගක් කරගන්න
ReplyDeleteඅනිවා කොහොම කරත් වැරදුනේ නැත්තන් ඉගෙන ගැනීමක් නෑ..
Deleteකොහොමද දැන් අලුත් ජොබ් එකක් සෙට් වුණාද ?
ReplyDeleteඔව් .... හොඳ නිදහස් මගේ අදහස් වලට තැනක් තියන තැනක්
Deleteකියන්න හිතට ආපු ඒවා ඔක්කොම කලින් ආපු අය කියලා :/
ReplyDeleteකවියත් තේරුමත් ලස්සනයි කියල විතරයි කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ :D
වැරදුන තැන් හොයන්න නම් සමහරවිට බැරි වෙයි.හැබැයි වැරැද්දක් උනා කියලා තේරුම් අරන් ආයෙ වැරැද්දක් නොවෙන්න වග බලා ගන්න එක තමා වැදගත්.අනික තම ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා.කාටවත් හැමදාම හරියන්නෙවත් වරදින්නෙවත් නෑ.මැදුම් පිලිවෙත හුඟක් වැදගත් වෙයි.
ReplyDelete