ඊයේ රෑ නින්ද ගියේම නෑ.මොකද මන්ද.ඒත් අන්තිම කවියෙන් පස්සේ කවි ලියන්නේ නෑ කියල හිතන් හිටිය මට උදේ වෙනකොට කවියක් ලියවිලා.මම කලිනුත් කිව්වා " කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත් කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා. ".මෙදා පොටේ උත්සාහ නොකරත් එක ඉබේම ලියවිලා.ඇත්තම කියනවනම් මම දන්නා කියන මනුස්සයෙක්ට උපහාරයක් විදියට මේක ලියවුනා කිව්වොත් වැරදි නෑ.මම ඒ කෙනාව පරසතු මලකට උපමා කරේ වෙනකෙනෙක්ට අයිති නිසා නෙවෙයි.(නැත්තන් කියාවි ලව් සීන් එකක් කියල).පරසතු මල් පිපෙන්නේ දිව්‍යලෝකේ විතරක් නිසා.
නෙත්
කවුළු
නොවැසීමි
තුන්තිස්
පැයකට
විඳගනු වස්
අමු සොහොනක
පිපුණු
පරසතු
කුසුමක
සුවඳ
මම...
ප.ලි - මේක අයිති කාරය මේක බලාවිද නැද්ද දන්නේ නෑ.ඒත් ඔන්න ඔහේ දැම්මා.
බ්ලොගේට අලුත් රෙද්දක් ඇන්දුවා ඒගැනත් කිව්වනම් ?
කාට ලිව්වත් මගේ අවසර නැතුව මගේ උයනෙ මල් කඩපු එකට උබට විඳවන්න වෙයි.....
ReplyDeleteකව්ද බන් කියන්නේ කවි අරහන් කියලා......... මම ආසම කියවන්න කවිනේ
පල පල උබේ උයන අමු සොහොනක්ද ?
Deleteමගේ උයනෙන් මලක් කඩන් ගිහින් උඹ සොහොනක දාලා.. ඔයා නරක සොරා
Deleteඈහ්..........
ReplyDeleteහාහ් ??????????
Deleteපිපෙන්නට සිදුවූවේ
ReplyDeleteදෛවයේ සරදමට ......
විදින්නට නුඹේ පවු
අමු සොහොන් හදවතෙක......
මට හිතෙනවා මටම ලියල කියලත්............
Deleteමන්දා . එහෙනම් මේක පොදු ප්‍රකාශයක් විදියට ගම්මු ... :D
Deleteඇත්තමයි කොල්ලෝ තේරුණේ නෑ :(
ReplyDeleteජය!!
තේරේවි පසුවට උබ තාම පොඩි එකා ... :P
Deleteකවි නම් මන්ද අලුත් ඇඳුම වෙනස් කරන්න අලුයි කලුයි තද වැඩී වගේ..
ReplyDeleteහ්ම්ම්ම්ම් :D
Deleteලද්දෙමි උපමා..
ReplyDeleteපරසතු මලෙක කියා ..
අමු සොහොනක පිපුණු ..
නමුදු දෙන සුවද පුරා ..
දහ දොළොස් පාරක්ම කියවලා කියවලා ..
වැටුණු බව පසක්විය..
අකුරු රැල හිත යටට ..
නොදැනීම මට හොරා..
:) ඇත්තටම ලස්සනයි.තේරුම් ගන්න ටිකක් වෙලාගියත්,මං වෙනුවෙන් ලියවුනු දේ දැකල මමත් පුදුම උනා..දැන් බ්ලොගය වෙනදාට වඩා අපූරුයි!. තීම් එක ලස්සනයි.සහෝ ඔබට ජයෙන් ජය :)
කවියත් පට්ට..තැනකුයි හොදේ theme එක ලස්සනයි කිව්වට.
Deleteඋපේක්ශාවද දුකද මුනේ තියෙන්නේ ?
ReplyDeleteහිනාවක් කට කන්දෙක ලඟට ආපු හිනාවක් :D
Deleteඅමාරුවෙන් නවත්ත ගත්ත හිනාවක් වෙන්න ඕන :)
Deleteදැන් කාටද බොල මේක ලිව්වේ ....?
ReplyDeleteඋඩ ඉඳං කියවන වරෙන්කෝ
Deleteකාට උනත් බොහොම අගේ ඇති නිර්මාණයක්
ReplyDeleteඉස්තුති හොඳේ...
Deleteකියවලාද කියවලාද...?
ReplyDeleteහොයල බැලුවේ නැද්ද..?
අනුන්ට ලියු කවි මම නම් කියෙව්වා..
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
ලස්සන නිර්මාණයක්!
ReplyDeleteDongaAyya
ඩොන්ගයියේ කොහෙද ගිහින් හිටියේ......
Deleteරෙද්ද ......... අළුත් එක .... ඒක මරු
ReplyDeleteඑල එල....කොහොමද පින්තුරේ ඉන්න නළුවා...
Deleteකවි තමා මම කැමතිම..
ReplyDeleteඅලුත් ඇඳුමට මම නම් මනාපයි ඕන්.. :)
~රතු හැට්ටකාරී~ [RRH]
තැනකුයි හොඳේ...මොකෝ මේ ඇනියා ඇවිල්ලා....
Deleteමට හදිස්සියට ගූගල් එකට ලොග් වෙන්න කම්මැලි හිතුනා..ඒකට යනකොට කෝඩ් එකක් ඉල්ලනවානේ.. ;)
Deleteහඃ හඃ..ඔහොම කම්මැලි වෙලා බෑ
Deleteane matath kaviya terune ne ayya.onna aluth adumanam lassanai hode....... :)
ReplyDeleteකවිය ගොඩක් අයට තේරිලා නෑ .... ඇඳුම එල නේ :ද
Deleteනියමයි මිත්‍රයා දිගටම ලියන්න .....
ReplyDeleteහිරුවගේ පාරෙන් අපි ආවෝ..සුබ පැතුම්,,හොඳ අදහසක් යාළු :)
ReplyDelete