බුකියේ මං

15 කුඩ්ඩා ගේ සොහොන | Grave of the Umbrella Repairman

ප්‍රියන්ත හැමදාම අවදි උනේ ඇද්දුම් කන යටි පතුල හරි හිරවෙච්ච පපුව හරි අතගාන ගමන් මයි .රස්සාව පටන් ගත්තත් හරි මොන පුරුවේ හතුරු කමක්ද මන්දා ගනකම් සපත්තු දෙකක් දාන්නේ නැතුව නිරුවත් කකුල් වලින් පොලව පාගන්න බැරි ප්‍රශ්නයක් ප්‍රියන්තට තිබුනා . නිකන් හරියට ගිනි පෙට්ටියකට අත පිච්චෙනවා වගේ ... කොතැන ගියත් කොහෙම හරි තිබිච්ච තියුණු දෙයක් ප්‍රියන්තගේ කකුලේ ඇනුනා.හරියට කුඩේකින් වෙඩි තියන්න වගේ දාහක් මිනිස්සු රබර් කටු දෙකක් වත් නැතුව ඇවිදින මහපොළවේ ප්‍රියන්ත ඇවිද්දොත් කොහෙන් හරි කටුවක් මතුවෙලා ප්‍රියන්තගේ කකුලේ ඇනුනා ... අහ්හ් ඒක විතරද ප්‍රියන්ත කාරයා ආවරණයක් නැතුව කොහේ හරි හිටියොත් මොන නියන් කාලෙක උනත් පොදක් වැටිලා මිනිහට ඇදීම හැදෙනවා ... ආයේ ඉතින් සතියකට ඒ මනුස්සයාගේ ගොරොද්දේ අහන්න වෙන එක ආයේ අලුත් දෙයක් නෙවෙයි ....

9 තනි ඇහැට ඇඩෙනවා | tears on eye (18+)

අදහසක් ප්‍රකාශ කරන්න බැරි තැනකදී ගොඩක් අය කියන වාක්‍යක් තමයි "තනි ඇහැට ඇඩෙනවා" කියන එක . දැන් ඒක සමාජයේ මුල් බස ගත්ත ප්‍රකාශයක් වෙලා .ඇත්තටම තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම මොකක්ද ..කට්ටිය කැමතිද තනි ඇහැට ඇඩෙනවා කියන එකේ තේරුම දැන ගන්ඩ .. වැඩිය වචන පාවිච්චි කරන්නේ නෑ රුප සටහනක් මගින් විස්තර කරන්නම් .


28 දයාබර අල්ලා වෙත ... මම උපුල්වන්

                                                                                                                                     උපුල්වන්  භවන  
                                                                                                                                     තව්තිසාව
                                                                                                                                     ශක වර්ෂ 2014


ස්වර්ග රාජ්‍ය


දයාබර අල්ලා දේවේන්ද්‍ර වෙත

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්භන්දවයි


ලංකාවේ ආරක්ෂාව භාර දෙවියන් ලෙස මා ඔබ හට මෙම ලිපිය යොමු කරනුයේ සමාන පරිපාලන මට්ටමේ (දේව ) අයකු ලෙස මා හට ඔබගෙන් ඉල්ලීමක් කිරීමට ඇති නීතිමය හා සමාජමය අයිතිවාසිකම ගොනු කොට ගෙනයි .


ඔබ ඉපදීමට බොහෝ කාලයකට පෙර සිටම ලංකාවේ ආරක්ෂාව සම්බන්ධ දෙවියන් ලෙස මා කටයුතු කල බව ඔබ ඉතාමත් පැහැදිලිව දන්නා බව මා හට නොරහසකි . මින් පෙර අප අතරේ පැවති ගිවිසුම් ප්‍රකාරව ඔබගේ අනුගාමිකයන්ට මාගේ පාලන ප්‍රදේශයේ සාමකාමීව සිටීමට ඉඩදුන් බව හා ඔවුන් ආරක්ෂාකළ බවද ඔබට නොරහසක් බව තරයේ විශ්වාස කරමි . 1915 දී ඔබ විසින් අප අතරේ තිබුණු ගිවිසුම සාපරධීව කඩකරමින් සහ ඔබගේ ඥාති වූ ක්‍රිස්තුන් හා එක වී කුමන්ත්‍රණ කරමින් මාගේ ආරක්ෂාව යටතේ පවතින ප්‍රදේශයේ ගැටුම් ඇති කල අතර එම නිසා දෙපාර්ශවයේම අවංක මිනිසුන් සහ අන්තවාදී මිනිසුන් විපතට පත් කල බව ඔබට අමතක වී නැතැයිද සිතමි . එම සිද්ධිය හෙලා දකින අතරම  මධ්‍යස්ත මතාදාරියෙකු ලෙස මා විසින් ඔබගේ සියලු වැරදි නොසලකා හැර නැවතත් මාගේ පාලන ප්‍රදේශයේ ඔබගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමට ඉඩ හසර ලබා දුන් බවද ඔබට නැවතත් අමතක වී ඇති බැව් පෙනී යාම කණගාටුවට කරුණකි. 

12 වෙඩි කනවද? පු* දෙනවද?

මේ කෙටි ලිපිය ලියන්න පාදක උනේ මෑතකදී කොහේද හමුදා කඳවුරක පුහුණුව ලබන ගෑණු ළමයෙක්ට පුහුණු කරවන නිලධාරියෙක් පහර දීම ගැන මධ්‍යස්ත මතධාරීන් සහ සුචරිත වාදීන් අතරේ සිද්දියට සම්බන්දව සිදු උන අදහස් දැක්වීම සම්බන්ධයෙන් .

ලොකු කතා උවමනා නෑ . යුධ පුහුණුව කියන්නේ මොකක්ද? . අහ්හ් එහෙමත් ඕනේ නෑ ... මෙහෙම කියමු අරගලයක ජයග්‍රහණය කෙරෙහි තීරණාත්මක සාධකය මොකක්ද?. සරලවම දරා ගැනීමේ හැකියාව වැඩිපුර ඇති තැනැත්තා තව දිනක් සටන් කිරීම උදෙසා ඉතුරු වෙන එක  නෙවෙයිද? . එවැනි තැනැත්තන් වැඩි ප්‍රමාණයක් අයිති වන කණ්ඩායම අරගලයක් ජයග්‍රහණයක් කරනවා නෙවෙයිද? 

13 ඔබ ඇය හා චන්චල මම


ආදරණීය සුදු නංගි වෙත 

මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.  

ඒත් ඒත්...ඔයයි මමයි දෙන්නම තේරුම් ගන්න ඕනේ...නෑ ඇත්තටම  ඔයා තේරුම් ගන්න ඕනේ මම ඔයාගේ කෙනා නෙවෙයි කියලා.මම ඔයාට ලං වෙච්ච මුල් කාලේ හිතන් හිටියේ ආදරේ හරියට මල් පිපුණ පොකුණක් වගේ කියලා.පීනන්න බැරි මට ඒ පොකුණේ ඔයාත් එක්ක ගිලෙන නොගිලෙන මානයේ පාවෙවී ඉන්න පුළුවන් කම ලැබුණාම මම හිතුවේ මගේ මුළු ජීවිතේම ඒ පොකුණ කියලා.ඒත් පොකුණ ගොඩක් ගැඹුරුයි පොකුණක් වගේ පෙනුනනට මම මුහුද වගේ කියලා දැනෙන්න ගන්නකොට , අපි ගිලෙන්න යන කොට , මට හිතුනේම ඔයාගෙයි මගෙයි මේ සම්බන්දෙට පැවැත්මක් නෑ කියලා.අපි දෙන්නටම පීනන්න බැරි හින්දම නෙවෙයි එහෙම හිතුනේ...දෙන්නටම හුස්ම අල්ලාගෙන තව දුරටත් යන්න බැරි වේවි කියලා හිතුන නිසා...අඩුම තරමේ මට පුළුවන් උනානම් මම ගිලිලා ඔයාව වතුර මට්ටමෙන් උඩට උස්සලා තියන්න...ඔයා දන්නවා මම එහෙම කරනවා කියලා...දන්නවා නේද?

මට හිතෙනවා දැනටමත් ඔයාට මගේ වෙනස් වීම දැනෙන්න ඇති කියලා...පරණ මතක මතක් වෙලා දුක හිතෙනවා ඇති.....ඔයාට අඩන්න එපා කියන්න අයිතියක් නෑ මට.....ඒත් දැන්...... හැමදාම ඔයා බයවෙච්ච දේ වෙලා.අපි දෙන්න අතර තුන් වෙනියෙක් ඇවිල්ලා......මට ඒක වලක්වන්න ඕනේ උනත් දැන් ඒකට පරක්කු වැඩියි.....මම ඒක දන්නවා හොඳටම...ඔයාවත් එයාවත් සංසන්දනය කරන්න යන්නේ නෑ මම. 

මම කියන්නේ නෑ මට සමා වෙන්න කියලා.......මම ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලා විතරයි....                   

                                                                                                                       මීට 
                                                                                                                       ඔයාගෙම අයියා 


ප.ලි - කලින් හිතුවේ තුන්වෙනියෙක් ගෙන් මේක නතර වේවි කියලා උනාට...අනේ මන්දා හතර වෙනියෙක්ටත් එනකන් දැන් හිත බලන ඉන්නවා වගේ.   
                                                                                                                       
අවපසවු සරා සඳ...
නුබ ගැබක් වගේ අද...
අතීතයේ මතක මැද...
තවම නුඹ හඬනවද...

සුසුම් නම් දුකටමය...
නෙතට හුරු කඳුලමය...
නුඹෙන් ලද මල් සමය...
හැඩ කරා පමණි ඇය...

මල්ය නුඹ උයන් බිම...
ඇය තරුය අහස් ඉම...
සඳ එබෙන තුරු පෙමින...
චන්චලයි තවම මම...


සැලකිය යුතුයි - බොහෝ කලකට පෙර ලියු කවියකට පෙරවදනකි.පෞද්ගලික අත්දැකීමක් නොවේ..  

12 බඹර කඩිනම 18+

ජීවිතේ කියන්නේ වචන..ඔව් බහුතරයක් වචන වලින් පිරිච්ච භාජනයක් වගේ.. පොරොන්දු.. ආයාචනා.. සිතුවිලි.. මට හැමදාම හිතුන දෙයක් තමයි අපි වෙන පොරොන්දු වලින්  කොච්චරක් ප්‍රායෝගිකව අපිට ඉටු කරන්න පුලුවන්ද කියන එක.. සමහර විට අසරණ කම නැත්තන් කපටි කම.. (බොහෝවිට කපටි කම).. ජීවිතේ ප්‍රායෝගික සිද්දියක් අඩු වචන ප්‍රමාණයකින් නිර්මාණයක් විදියට ප්‍රති නිර්මාණය කරන්නේ කොහොමද කියලා..අඩු වචන ගානක් කිව්වේ ජීවිතේ පිරිලා තියන බොහොමයක් හිස් වචන වලින් මම හෙම්බත් වෙලා හින්දා..කවි ලියන්නේ නැති උනත් විශේෂ හේතුවක් නිසා ලිව්වේ.. ඒක බලන්න පහලටම යන්න.. 


පාලුවෙන් පිරි රැයක් ගෙවිලා තවත් දිනකට එලි උනා 
පුරුද්දට මල් සිඹින්නට එන බමර සැණකෙළි ඇරඹුණා 

හැමදාම  මල්  ඉඳුල් කරනා බමර යාමය එලැඹුනා
සුවඳ ඇති මුත් නොපිපි කැකුලක් මලක් වෙන්නට සැරසුණා   

කිතිකැවෙන මිහිරක් සොයාගෙන හෙමින් මීදුම් සළු උනා 
තවත් කුසුමක් ගැහෙන හිතකින් බමර තුඩකට ගුලි වුනා 

සුමුදු මුදු පෙති සිඹින තාලෙට සුවඳ මල් පැණි වැහුණා 
බමර තුඩ මල් කෙමියේ ගැටුනම මලෙන් ගුම් නද නික්මුණා 

පිරිමි කඳුලක් ඉතිරි කරලම බඹර කඩිනම නැවතුනා 
කවද හෝ සුපිපෙන්න කල් බැලු සොඳුරු කැකුලක් පිබිදුණා 


ඔන්න...100 ක් ගැහුවා මමත්..

14 අරහත් මම දැන් | Nirwana

කාලෙකින් මොකුත් නොලිව්ව නිසාත් , දකින දකින හැම තැනම තියන ආතල් එක ඩබල් කරන ප්‍රවුත්ති නිසාත් ,හැම තිස්සෙම කියාගන්න කට කහන අදහසක් තමයි ඉතින් අකුරු කරේ.වැඩිය කියන්න ඕනේ නෑ.මම පොඩි ආතල් එකක් කට්ටිය ඒක දෙක කරලා  ලොකු කරලා මටත් වැඩිය ආතල් ගන්නවා.එහෙම තමයි ප්‍රසිද්දිය ලබා ගන්න ඕන.කට්ටිය මේක බලලා මට දෝෂාරෝපණය කරන්න එනවා නම් ඒක තමන්ට කර ගන්න ලොකු වැරද්දක් . අරහත් උතුමෙකුට දෝෂාරෝපණය කිරීම ලොකු පවක්.


27 මට මගේ නොවන මගේම ගොඩක් තිබුණා.

මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා.♪♫♪♫

මොන හු.........

ජොනාගේ ෆෝන් කට්ට කෑගහන සද්දෙට මට ඇහැරුණේ කුණු හරුප වරුසාවකුත් එක්ක.ඇයි යකෝ මුට ඊයේ රෑත් සුද්ද සිංහලෙන්ම කිව්වා නේ ඔය මගුලේ සිංදුව අයින් කරපන් කියලා.අර චිංචි මානවිකාව කතා කරන වාරයක් පාසාම ඔය මගුල ඇහෙනවනේ.යකෝ මේ හොදට යන ලව් එක,මු තාර බූට්‌ කාපු එකෙක් දාන්න ඕනේ සින්දුවක් දාගෙන ඉන්නේ.

මොකද දරුවා දහසක් බුදුන් බුදු උන මේ වගේ ලස්සන උදේක කුණු හරප කියන්නේ.

අනේ මේ.උඹේ සාහිත්‍ය උඹම තියා ගනින්.ඔය ලබ්බේ සිංදුව අයින් කරලා.

මොකද බන් උඹ ඒකට අකමැති.අහපන්කෝ බන් කොච්චර ලස්සන සින්දුවක්ද?

මේ.මම මොකද අකමැති කියලා උඹට වෙලාවක කියන්නම්.දැනට මම කිව්වා කියලා හිතාගෙන ඕක අයින් කරපන් මයේ දෙය්යෝ.