බුකියේ මං

Showing posts with label චංචල සිතුවිලි. Show all posts
Showing posts with label චංචල සිතුවිලි. Show all posts

13 ඔබ ඇය හා චන්චල මම


ආදරණීය සුදු නංගි වෙත 

මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.  

ඒත් ඒත්...ඔයයි මමයි දෙන්නම තේරුම් ගන්න ඕනේ...නෑ ඇත්තටම  ඔයා තේරුම් ගන්න ඕනේ මම ඔයාගේ කෙනා නෙවෙයි කියලා.මම ඔයාට ලං වෙච්ච මුල් කාලේ හිතන් හිටියේ ආදරේ හරියට මල් පිපුණ පොකුණක් වගේ කියලා.පීනන්න බැරි මට ඒ පොකුණේ ඔයාත් එක්ක ගිලෙන නොගිලෙන මානයේ පාවෙවී ඉන්න පුළුවන් කම ලැබුණාම මම හිතුවේ මගේ මුළු ජීවිතේම ඒ පොකුණ කියලා.ඒත් පොකුණ ගොඩක් ගැඹුරුයි පොකුණක් වගේ පෙනුනනට මම මුහුද වගේ කියලා දැනෙන්න ගන්නකොට , අපි ගිලෙන්න යන කොට , මට හිතුනේම ඔයාගෙයි මගෙයි මේ සම්බන්දෙට පැවැත්මක් නෑ කියලා.අපි දෙන්නටම පීනන්න බැරි හින්දම නෙවෙයි එහෙම හිතුනේ...දෙන්නටම හුස්ම අල්ලාගෙන තව දුරටත් යන්න බැරි වේවි කියලා හිතුන නිසා...අඩුම තරමේ මට පුළුවන් උනානම් මම ගිලිලා ඔයාව වතුර මට්ටමෙන් උඩට උස්සලා තියන්න...ඔයා දන්නවා මම එහෙම කරනවා කියලා...දන්නවා නේද?

මට හිතෙනවා දැනටමත් ඔයාට මගේ වෙනස් වීම දැනෙන්න ඇති කියලා...පරණ මතක මතක් වෙලා දුක හිතෙනවා ඇති.....ඔයාට අඩන්න එපා කියන්න අයිතියක් නෑ මට.....ඒත් දැන්...... හැමදාම ඔයා බයවෙච්ච දේ වෙලා.අපි දෙන්න අතර තුන් වෙනියෙක් ඇවිල්ලා......මට ඒක වලක්වන්න ඕනේ උනත් දැන් ඒකට පරක්කු වැඩියි.....මම ඒක දන්නවා හොඳටම...ඔයාවත් එයාවත් සංසන්දනය කරන්න යන්නේ නෑ මම. 

මම කියන්නේ නෑ මට සමා වෙන්න කියලා.......මම ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලා විතරයි....                   

                                                                                                                       මීට 
                                                                                                                       ඔයාගෙම අයියා 


ප.ලි - කලින් හිතුවේ තුන්වෙනියෙක් ගෙන් මේක නතර වේවි කියලා උනාට...අනේ මන්දා හතර වෙනියෙක්ටත් එනකන් දැන් හිත බලන ඉන්නවා වගේ.   
                                                                                                                       
අවපසවු සරා සඳ...
නුබ ගැබක් වගේ අද...
අතීතයේ මතක මැද...
තවම නුඹ හඬනවද...

සුසුම් නම් දුකටමය...
නෙතට හුරු කඳුලමය...
නුඹෙන් ලද මල් සමය...
හැඩ කරා පමණි ඇය...

මල්ය නුඹ උයන් බිම...
ඇය තරුය අහස් ඉම...
සඳ එබෙන තුරු පෙමින...
චන්චලයි තවම මම...


සැලකිය යුතුයි - බොහෝ කලකට පෙර ලියු කවියකට පෙරවදනකි.පෞද්ගලික අත්දැකීමක් නොවේ..