බුකියේ මං

15 කුඩ්ඩා ගේ සොහොන | Grave of the Umbrella Repairman

ප්‍රියන්ත හැමදාම අවදි උනේ ඇද්දුම් කන යටි පතුල හරි හිරවෙච්ච පපුව හරි අතගාන ගමන් මයි .රස්සාව පටන් ගත්තත් හරි මොන පුරුවේ හතුරු කමක්ද මන්දා ගනකම් සපත්තු දෙකක් දාන්නේ නැතුව නිරුවත් කකුල් වලින් පොලව පාගන්න බැරි ප්‍රශ්නයක් ප්‍රියන්තට තිබුනා . නිකන් හරියට ගිනි පෙට්ටියකට අත පිච්චෙනවා වගේ ... කොතැන ගියත් කොහෙම හරි තිබිච්ච තියුණු දෙයක් ප්‍රියන්තගේ කකුලේ ඇනුනා.හරියට කුඩේකින් වෙඩි තියන්න වගේ දාහක් මිනිස්සු රබර් කටු දෙකක් වත් නැතුව ඇවිදින මහපොළවේ ප්‍රියන්ත ඇවිද්දොත් කොහෙන් හරි කටුවක් මතුවෙලා ප්‍රියන්තගේ කකුලේ ඇනුනා ... අහ්හ් ඒක විතරද ප්‍රියන්ත කාරයා ආවරණයක් නැතුව කොහේ හරි හිටියොත් මොන නියන් කාලෙක උනත් පොදක් වැටිලා මිනිහට ඇදීම හැදෙනවා ... ආයේ ඉතින් සතියකට ඒ මනුස්සයාගේ ගොරොද්දේ අහන්න වෙන එක ආයේ අලුත් දෙයක් නෙවෙයි ....


ටවුමටම හිටිය එකම කුඩ සහ සපත්තු සාදන්නා වෙච්ච ප්‍රියන්තට සල්ලි බාගෙන් එහෙම අඩුවක් නොතිබුනත් කලින්ම කියපු අවුල් හින්දා ප්‍රියන්තගේ ජීවිතේ ගෙදරටයි වැඩකරන තැනටයි විතරක් සීමා වෙලා තිබුනේ  ... තමන්ටම කියලා වෙන්කර ගත්ත ජීවිතයක් කුරා කුබියෙකුටවත් කරදරයක් නැති ජීවිතයක් ප්‍රියන්ත ගෙව්වා ... ඒ වගේමයි ඇලඩින් ගේ පහනේ භූතයා ටවුමට ඇවිත් වර තුන දෙන්න ප්‍රියන්තව හොයනවා කිව්වත් මිනිහ නෙවෙයි ගෙදර ඉන්න වෙලාවක එලියට බැස්සේ .... ටවුමේ මිනිස්සු කතාවටත් කිව්වේ ප්‍රියන්තයගෙන් කරදරයක් තියෙන්නේ මිනිහගේ ගෑණිට විතරයි කියලා .... ඔන්න ඕකයි මට හැමතිස්සෙම පෙනුන ...   වයසින් තරුණ පෙනුමෙන් වැහරුණ ප්‍රියන්තගේ ජීවිතය ....  මට හැමතිස්සෙම පෙනුනා කිව්වේ මම ප්‍රියන්ත ගැන ඔත්තු බැලුවේ නෑ ඉතින් ඒත් මම කරන රාජකාරියේ හැටියට මට මිනිහව හැමතිස්සෙම පෙනුනා  ....

---------------------------------------------------------------------------------------------------------------------

ඔය කුඩ්ඩා....!..ඕකට නම් හොඳක් වෙන්න එපා .... අපේ ලොකු තැන කතාව පටන් ගන්නෙම ඔහොමයි ... මිනිහා කුඩ්ඩ කිව්වේ ප්‍රියන්තට ...... 

ඕකා ඊයෙත් කුඩ දහයකට එහා හැදුවා මම බලාගෙන ... අයි යකෝ කුඩ කැඩුනා නම් මිනිස්සු නිකන් යනවා ... යන්නම බැරිනම් අලුත් කුඩයක් ගන්නවා .... කුඩයක් ගන්න බැරිනං නොයා ඉඳීවි ...  මේ මුකලන් බස්සා හින්ද  මගේ වටිනාකම මෙලෝ රහක් නැති වෙලා තියෙන්නේ ....ලොක්කා අම්ම මෝ නැතුව ප්‍රියන්තයට බනින එක මට ඉතින් සාමාන්‍ය දෙයක් ... ඊළඟට දෙවෙනියා    

ඕකා ඊයෙත් සපත්තු  තොගයක්ම හැදුවා ... සෙරෙප්පු  කැඩුනා නම් උන්දැල නිකන් යනවා   ... යන්නම බැරිනම් කුට්ටමක්  ගන්නවා ........ මේ මෝඩයා හින්ද මේ ටවුමට මට මගේ වටිනාකම හරියට පෙන්න ගන්න වෙන්නේ නෑ ....    

අපි මිනිහව තද කරමු  ..... ලොකු තැන් දෙකම ඒකමතිකව තීරණය කරා ....

---------------------------------------------------------------------------------------------------------------------

කුඩ්ඩ හිටියේ ජීවිතේ ගැන අන්තෙටම කලකිරිලා, තමන්ගේ එකම දරුවා ඉපදෙන දවසේ තමන්ගේ නෝනා  ළඟ ඉඳන් කුලුඳුලේම පොඩි එකාගේ මුණ බලන්න බැරි වෙච්ච තමන්ගේ දුර්වල ජීවිතේ ගැන කලකිරිලා .... පොඩි එකත් වඩන් මිදුලේ සාමාන්‍ය මිනිහෙක් වගේ දුවන්න බැරි තමන්ගේ කාලකන්නි ජීවිතේ ගැන පසුතැවීමක් මිසක් සතුටක් කුඩ්ඩට තිබුනේ නෑ .... මිනිහා දවසක් හරි ජීවත් උනා නම් ජීවත් උනේ තමන්ගේ දරුවගේ අනාගත කල දසාව ගැන හිතල මිසක්ක ජීවත් වෙන්න ඕනේ කමකට නෙවෙයි ... මම හිතන්නේ මිනිහට දැනිලා තිබුනා තමන්ට තව ලොකු කාලයක් නෑ කියලා ... ඒක නිසාමද කොහෙද කුඩ්ඩ තමන්ගේ නෝනට තමන්ගේ කර්මාන්තය ගැන කියලා දුන්නේ .........  

මම සාමාන්යෙන් කුඩ්ඩට කැමතියි ... ඒක නිසාමද මන්දා වැඩ රාජකාරි අතරේ කුඩයක දෙකක එහෙන් මෙහෙන් හැප්පිලා කුඩ්ඩට වැඩක් දෙකක් එහෙම හොයල දුන්නේ ... ඒ දේවල් ඉතින් මම විතරක් දන්න රහස් .....

-------------------------------------------------------------------------------------------------------------------

ලොකු තැන් දෙකේ ඉවසීම රතු ඉරි තුනක් විතර පැනලා තිබුනේ ... ඒ දෙන්නගේ සැනසීම වෙනුවෙන් කුඩ්ඩට පාඩමක් උගන්නන්න දෙන්නම තීරණය කරලා තිබුණා ...

ඒත් මේත් නෙවෙයි තමුසේ මම කියන වැඩේ කරනවා ... ඉතුරු ටික මම බලා ගන්නම් .... ලොක්කා ගෝරනාඩු කරා .... මමයි කියල මොනවා කරන්නද 

---------------------------------------------------------------------------------------------------------------------

එදා කුඩ්ඩට හොඳ දවසක් උනේ නෑ .... වැඩ ඉවර වෙලා වෙනදටත් වැඩිය අමාරුවෙන් ආපු කුඩ්ඩට වැඩි වෙලා නිදා ගන්න උනේ නෑ ... වැස්සත් එක්ක ආපු හුළඟ දරා ගන්න බැරිවෙච්ච පොල් අත්තක් හරියටම මිනිහා නිදා ගන්න ඇඳ උඩින් වහලට වැටුනේ උළුකැට දෙක තුනක්ම එහාට මෙහාට කරන ගමන්මයි ...
ලෑස්ති වෙලා නොහිටිය වෙලාවක සීලීමත් කාන්දු කරන් කුඩ්ඩ හ්ම්ම්ම් ප්‍රියන්තව තෙමුවේ සාහසික විදියට ...
පිණි බෑවත් ලෙඩ වෙන ප්‍රියන්තට ඒ සීතල වතුර දරා ගන්න ගොඩක් අමාරු වෙන්න ඇති ... මම දකින වෙලාවෙත් ප්‍රියන්තගේ තොල් දෙකේ ප්‍රියන්ත යන්න කලින් ඉතුරු කරලා තිබුන ඒ ලස්සන හිනාව එහෙම්මම තිබුනා .........

හරිම චාම් .... ඒත් මනුස්සකම අඳුනන මිනිස්සු පිරිච්ච සමුගැනීමේ සාදයකට පස්සේ ප්‍රියන්තගේ මතකය  කනත්තේ ඈත කොනක කොතක් නැති පස් කණ්ඩියක් විතරක් වෙලා බොඳ වෙලා තිබුනා ....

---------------------------------------------------------------------------------------------------------------------

මට කුඩ්ඩ නැතුව පාලුයි .... ලොක්ක කිව්වේ මාරම හැගීම් බරව ....

මට කියන්න හොඳ ඒවා ආවත් .... ඉතින් ඔය ගොල්ලන්ට ඕනේ උනේ මිනිහගෙන් මිදෙන්න නේ ... දැන් ඔය වෙලා තියෙන්නේ ....

ඒ උනාට ...........

ලොක්ක අඬන්න වගේ ...

ඒ උනාට මම කරපු මේ ඒකාකාරී රස්සාවට වෙනසක් ආවේ ප්‍රියන්ත නිසා .... මිනිහා ගැන ඔත්තු බලන එක මට විනෝදයක් වෙලා තිබුනා .......

තව ටික දවසකින් ප්‍රියන්තගේ පවුල ආයේ බිස්නස් එක පටන් ගනීවි .... එතකොට එයා ගැන ඔත්තු බලන්න ... මම කිව්වා නෙවෙයි කියවුනා ........


එහෙම නෙවෙයි අපිට මිනිහගේ මරණේ ගැන උනත් වගකීමක් තියනවා ... මිනිහගේ සොහොන විතරයි නේ කොතක් වත් නෑ නේ ... අපි ඒ සොහොනේ මල් ගස් ඉන්දමු .... ඔයා හොඳ සුවඳ ගහන මල් වර්ගයක් එතනට ගිහින් දාන්න දෙවනියා පැල කරයි මම සාත්තු කරන්නම් ....

ප්‍රියන්තගේ සොහොනේ මල් පල කරන්න ගත්ත තීරනෙන් පස්සේ නිදහස් හිතකින් මම එතනින් එන්න ආවා ....

                                              නිමි.


ප.ලි - සුළඟ කොහෙන්ද අරන් ප්‍රියන්තගේ සොහොන ලඟින් ගිහින් දාපු මල් ඇට පොලව පැල කරා , අහස ඒවා බලාගත්තා ... කිසිම ඉඩොරෙකට මැරෙන්නේ නැති හැමදාම සුවඳ මල් පිපෙන ප්‍රියන්තගේ සොහොනේ මල් ගස් ගැන ටවුමේ මිනිස්සු කතා උනා ... පස්සේ පස්සේ රට පුරාමත් කතා උනා .... සොහොන බලන්න මිනිස්සු යන්න එන්න ගත්තා ... කට්ටිය නම් කිව්වේ ප්‍රියන්ත කියන්නේ සමහර විට පින් ඉවර වෙලා පොලවට ආපු දෙවි කෙනෙක් වෙන්න ඇති කියලා..

  
  
       
Comments
15 Comments

15 comments:

  1. හිතුනේ මොනවද අහලා තියෙන නිසා කියන්නෙ, ප්‍රියන්ත කියන්නෙ කුඩ්ඩෙක්ම විතරක් නෙවෙයි. ධනවතුන් ඇරෙන්න අනිත් හැම සමාජ කොටසකම මේ වගේ කුඩ්ඩෝ ඉන්නවා. ඉන්නකන් අගයක් නැති උනත් ඒ අය නැති දවසක තමයි වටිනාකම දැනෙන්නෙ.

    බොස් ආයතනයක බොස් හැටියට ඉන්න කා.කා.ස කරන වැඩෙත් අදාලයි.. ඕකනෙ කියල තියෙන්නෙ..

    කෙලින්ම ඒ ගැන කියන්නෙ නැතුව කියවන කෙනාට දැනෙන්න සුපිරියට ලියලා තියෙනවා..!

    ReplyDelete
  2. ජෝන්ගෙ සත්තු වත්ත නාට්‍යෙය්දි කතා කරන්නෙ මේ ගැනතමා අපි කොච්චර පොහොසත් වුනත් උෂස් වුනත් උද්පප්ත් වුනත් අපි හැමෝටම සම්බන්ධකමක් අවශ්‍යයි ජීවත් වෙන්න.. ඒ සම්බන්ධකම
    පුටුවක් එක්ක සිගරට් එක්ක එක්ක බංකුවක් එක්ක කෙල්ලෙක් එක්ක පොතක් එක්ක මිනිහෙක් එක්ක සතෙක් එක්ක බල්ලෙක් එක්ක හර් වෙන්න පුලුවන්..
    උදේ ට යන පුරුදු බස් එක මිස් වුනාම - හැමදාම කන කැම කඩේ කැම ඉවර වෙලා තියෙන කොට - උදේට ලැබෙන ගුඩ්මෝනින් මැසේජ් එක නැති වුනාම අපිට අපිවම එපා වෙන්නෙ ඒ සම්බන්ධ කම් නිසා - ජීවතේ කිය්නනෙ මේ වගේ පුංචි පුංචි සම්බන්ධකම් ගොන්නක්.....
    නියම ලියවිල්ලක් සහෝ

    ReplyDelete
  3. මරු. වෙනස් ආකාරයේ කතාවක්. ලොක්කො දෙන්න හොයාගන්න දෙසරයක්ම කියෙව්ව.

    ReplyDelete
  4. වෙනස්ම මානයකින් හෘද සාක්ෂියත් මුසු වු කතාවක්.. ඇතත්ටම මරු

    ReplyDelete
  5. Wenada wagema terun ne ban, eth eka husmata kiyawagena yanna Nam puluwan

    ReplyDelete
  6. කාගෙවත් දේ නොසයපු කාටවත් කරදර නොකරපු ප්‍රියන්තලා ගැන එකම රාමුවකට කොටුවුණු සමාජය බය වෙන්නේ එයා වෙනස් නිසා. ඒ වෙනසට බය නිසා..වවාගත්ත මවාගත්ත වදකාරී ජීවිත රටාවල අපි ඔක්කොම හිරවෙලා. තනිවෙලා

    ReplyDelete
  7. සංවේදී ලස්සන කතාවක්. අපේ එවල් ගාව ඔයවගේම දෙමල මනුස්සයෙක් හිටිය. ජුලි කලබල වලින් පස්සේ දැක්කේ නැහැ.

    ReplyDelete
  8. ඒක කියෙව්වාම කුඩු ගැහුවා වගේ..
    ජයවේවා..!!

    ReplyDelete
  9. වෙනස් ආරක ලස්සන කතාවක්

    ReplyDelete
  10. මොන පස්චාත් බාගයක්ද දැන් මූ ලියන්නේ නැද්ද?

    ReplyDelete
  11. ජීවත් වෙලා ඉද්දි ගානකටවත් ගන්නේ නැති මිනිස්සු මැරුණම හොඳ කියනවා..

    ReplyDelete
  12. تستخدم شركة تنظيف شقق بالإحساء الماكينات الحديثة التي تناسب في عمليات التنظيف و نمتلك أمهر طاقم عمل مجهز بأحدث التقنيات و نقوم بتنظيف الشقق بأعلى مستوى و لدينا أكفأ المتخصصين حيث يلتزمون بالميعاد المتفق عليه لتسليم الشقق نظيفة تواصل معنا الآن ليصلك كل جديد و حصري .




    شركة تنظيف بالاحساء
    شركة تنظيف منازل بالاحساء
    شركة تنظيف فلل بالاحساء
    شركة تنظيف بيوت بالاحساء

    ReplyDelete
  13. شواحده من افضل الشركات الرائده في نقل الاثاث داخل الرياض والبلاد المحيطه بها بفضل ماتعتمد عليه من معدات وادوات التي تعتمد علي استخدام التكنولوجيا التي تستخدم في نقل العفش والتي تضمن لجميع عملائنا سلامه العفش الذي ينقل من مكان اللي مكان اخر وعليكم ان تودعو اساليب التلقيديه المستخدمه في نقل الاثاث لانها عمليه لايكن علي الفرد العادي ان يقوم بها فقط عليكم الاتصال بشركه الصفراتشركة الصفرات لنقل الاثاث بالرياض وايضا يوجد لدي شركه الصفرات خدمات اخري مثل خدمات تسليك المجاري وشفط البيارات بجميع انواعها التي تسبب الروائح الكريهه ونعمل علي اختفائها بشكل نهائي ونملك افضل معدات واجهزه تعمل علي معالجه انسداد المجاري التي تسبب ازمه في المكان فقط عليكم الاتصال بشركه الصفرات شركة الصفرات لتسليك المجاري بالرياض كما يوجد ايضا لدي شركه الصفرات خدمه عزل الخزانات من ضمن الخدمات التي تقدمها شركه الصفرات لعملائها كما ان شركه الصفرات تعتبر افضل شركه للخدمات المنزليه وعزل ولحام الخزانات في الرياض وجميع مدن الممكله من خلال ما تملكه من معدات واجهزه متخصصه في المجال وافراد ذوي خبره في المجال فقط عليكم الاتصال بشركه الصفرات شركة الصفرات لعزل الخزانات بالرياض كما يوجد ايضا لدي شركه الصفرات خدمه كشف التسريبات لان تعتبر مشكله تسريبات المياه من المشاكل التي لها اضرار بالغه علي المنازل والتي تخل بالمنازل ويوجد لدي شركه الصفرات مجموعه متميزه من المعدات والاجهزه وايضا العماله ذات الخبره في هذا المجال وبافضل اسعار شامله الخصومات عليكم فقط الاتصال بشركه الصفرات شركة الصفرات لكشف التسربات بالرياض اذا كنت ترغب ف الحصول علي اعلي معدل نضافه للمنازل والفلل والتخلص من الاوساخ والرواسب التي تلازم منزله والتخلص من البكتيريا التي تتسبب في انتشار الامراض عليك فقط الاتصال بشركتنا حيث تجد افضل اسعار وافضل خدمه من خلال شركة الصفرات للتنظيف بالرياض شركه الصفرات من افضل الشركات الموجوده في مجال مكافحه الحشرات بشكل خاص وفي مجالات النظافه بشكل عام ولا يوجد في حياتنا مجال للحشرات للتعايش معانا ويجب ان نتخلص منها بافضل طريقه بحيث الا تظهر مجددا ونتميز نحن بافضل اساليب للتخلص من الحشرات من خلال افضل مبيدات وادويه للتخلص منها عليكم فقط بالاتصال بشركه الصفرات شركة الصفرات لمكافحة الحشرات بالرياض شركه الصفرات تتشرف ان تقدم لعملائها افضل خدمات تنظيف وغسيل وتطهير الخزانات بحيث ان تنظفها بافضل طرق للتخلص من الاوساخ الموجوده بداخلها ونقدم لعملائنا افضل الطرق في تنظيف الخزانات والمحافظه علي تدفق المياه بداخلها وعليكم فقط بالاتصال بشركه الصفرات حيث تجدو افضل الاسعار شركة الصفرات لتنظيف الخزانات بالرياض حيث انه يوجد لدينا جميع ادوات واجهزه التنظيف الحديثه ونتشرف باتصالكم بنا في اي وقت لاننا نعمل خلال 24 ساعه

    ReplyDelete
  14. فريق العمل ذا أعداد ضخمة وهذا الأمر يعني انك عندما ترغب أن تحصل على الخدمات المختلفة فسوف تحصل عليها على الفور حيث أن الشركة ليس لديها قوائم انتظار وبناء على ذلك فإنك سوف تحصل على الخدمات في الوقت الذي يتم تحديده بدقة، وذلك لأن فريق العمل في الشركة كبير ويمكنه أن يقدم خدمات دقيقة، ويمكن أن يعمل الفريق بهذه الخدمات في عدة مكان في نفس الوقت حيث أن الشركة تمتلك أسطول تقدم شركه الصفرات افضل العماله المدربه ونحن ملتزمون بتقديم ضمان للعميل علي جودة الخدمة المقدمة المتفق عليها مسبقا مع مندوبناونحن فى شركه الصفرات نسعى لتقديم افضل خدمه بأفضل الاسعار على الاطلاق نحن فى شركه الصفرات نهتم بأدق التفاصيل لأداء الخدمه لعملاء الكرام فقط تواصلو معنا نصلكم اينما ىكنتم فى انحاء الرياض تقدم شركه الصفرات افضل العماله المدربه ونحن ملتزمون بتقديم ضمان للعميل علي جودة الخدمة المقدمة المتفق عليها مسبقا مع مندوبناونحن فى شركه الصفرات نسعى لتقديم افضل خدمه بأفضل الاسعار على الاطلاق نحن فى شركه الصفرات نهتم بأدق التفاصيل لأداء الخدمه لعملاء الكرام فقط تواصلو معنا نصلكم اينما ىكنتم فى انحاء الرياض

    شركة الصفرات لتنظيف المنازل بالرياض
    شركة الصفرات لعزل الاسطح بالرياض
    شركة الصفرات لتنظيف المجالس بالرياض
    شركة الصفرات لتنظيف السجاد بالرياض
    شركة الصفرات لنقل الاثاث بالرياض
    شركة الصفرات لمكافحة الحشرات بالرياض
    شركة الصفرات لكشف التسربات بالرياض
    شركة الصفرات لتنظيف المسابح بالرياض
    شركة الصفرات لتنظيف الخزانات بالرياض
    شركة الصفرات لتسليك المجاري بالرياض

    ReplyDelete

හිතුනේ මොනවද?