බුකියේ මං

51 what happen to others හෙවත් whobuzz?

" මග තොටේදි, බස් එකේදි, කවුරු හරි ඇහුවොත්.. ලියල පෙන්නන්න කිව්වෝත්.. තමන් අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියලා..".හීනෙන්ද මන්ද ඇහුන එම වචන පෙළත් සමග දඩිබිඩියේ ඇදෙන නැගිටුන මා  වෙනදාට උදේට විතරක් මදින දත් විසිපහකින් පමණ සමන් විත මාගේ දත් සැට්ටුව හවස පහට විතර මැද ගෙන අහිංසක මා ලක ලැස්ති වුයේ සුවහසක් බ්ලොග්කරුවන්ගේ හදවත් වල බුර බුරා නගින සහසක් බලාපොරොත්තුවල කුටප්‍රාප්තිය හෙවත් මහා ඔස්කාර්  සම්මාන උළලේ ප්‍රතිපල ප්‍රකාශය ඇසීමටයි(මොකක් ඔස්කාර්?).චොක්ලට් බිස්කට් පැකට්ටු දෙකක් සහ වටවල කහට වලින් පිරවූ උණුවතුර බෝතලය මට තුරුළු වී අමන්දානන්දයට පත්ව සිටියේ අපිට තියන එකම ආතල් එක ඉතින් මේක නේ කියාගෙනය.ලක්ෂේට කොඩිය දමා උළෙල පැවැත් වුනි.චේන් එක පැන්න අතර.එකෙන්ම කන් පාත් උනි.මාගේ සංවේදී හදවත අපයෝජනයට ලක්වූ  අතර මෙතැන් සිට මා විසින්  භාවිතා කරනු ලබන්නේ මාගේ අපචාර වූ සිතිවිලි සමුදායයි.


30 ජීවිතයට රුවන් වැකි (18 ප්ලස්‌ ද මන්දා ?)

දාර්ශනික මනෝභාවයකින් පසුවෙන මානවක තෙම
හැමදාම කවි ලිය ලිය ඉඳල හරි යන්නේ නෑ කියලා හිතුන නිසාත් මාගේ දාර්ශනික අදහස් අනිත් අය අතරේ බෙදා ගන්න හිතුන නිසාත් කාලයක් තිස්සේ මගෙ මුවගේ රැඳුන සහ දැයක් නිසිමගට ගෙනා වැකි කීපයක් ඔබ අතරේ බෙදා ගන්න හිතුව.ආයේ ඉතින් සුද්දොන්ගේ ඒවා ඕනෑ නෑ.මේ තියෙන්නේ සුපිරිසිදු Made in Sri Lanka වැකි හෙවත් මානවකයාගේ රුවන් වැකි. 

27 මා වටා ඇති පවුරු


මේකත් මම උපුටා ගත්තේ යලිඑන්න වසන්තය කියන කාව්‍ය සංග්‍රහයෙන්.මම හිතන්නේ මේක කලින් කවියටත් වැඩිය පරණයි.ඇත්තටම දුක හිතිලා හිටිය වෙලාවක දුක පිට කර ගන්න තමයි මේක ලිව්වේ.හැබැයි ටිකක් ලියන යනකොට මට හිතුන පොඩි පර්යේෂණයක් විදියට මේක ලියන්න.ඒ කියන්නේ  "රු" වලින් ඉවර වෙන භාවාත්මක කවියක් සඳහා භාවිතා කරන්න පුළුවන් හැම වචනෙම යොදා ගෙන කවිය ලියනවා කියන එක.කවියක් සඳහා යොදා ගන්න පුළුවන් වචන කියන්නේ ඔය සූදුරු/මාදුරු/පැදුරු/මදුරු/කදුරු/වීදුරු වගේ වචන නැතුව අනිත් ඒවා.

36 සමනල පාලම

අද කාමරේ අස් කරනකොට අස්සකට වැටිලා තිබිච්ච මගේ උසස් පෙළ කේවල ව්‍යාපෘතිය හම්බුනා.පරණ කවි තොගයක්ම තියනවා.ඒකෙ නම "යලි එන්න වසන්තය" තේමාව උනේ "අසම්මතයේ කාව්‍ය පෙළහර".අසම්මත වෙන්නේ ඇයි කියල කියනවනම්.තාමත් කල්පනා කොරන කොට මට හරිම පුදුමයි මගේ අතීතය ගැන.මම ජීව විද්‍යාව කරත් මගේ කේවල ව්‍යාපෘතිය උනේ නිසදැස් නිර්මාණය.කණ්ඩායම් ව්‍යාපෘතිය උනේ ගණිත දිනය.අනේ මන්ද මම එදා ඉඳලම උඩු ගං බලන් පීනපු මිනිහෙක්ද කියල හිතෙනවා.හැම දේම අනිත් මිනිස්සුන්ට වැඩිය වෙනස් විදියට කරන්න උත්සාහ කරත් කොහේ හරි වැරදුන මට.එත් ඉතින් තාමත් ජීවත් වෙනවා.කිසි අව්ලක් නෑ කලින් නම් නැති වෙච්ච දේවල් වලට තැවුනත් දැන් තේරෙනවා නැති වෙච්ච දේවල් වලට වැඩිය ලැබුන දේවල් වැඩියි කියල.ජීවිතයට මිනිස්සු එනවා යනවා.සමහරු මාව ජීවිතයෙන් පිටමන් කරා.මම සමහරුන්ව ජීවිතයෙන් පිටමන් කරා.හැමදේම සමබරයි කියල හිතෙනවා. 

18 ගබ්සාව සහ පිටස්තරයා


මම දන්නා කෙනෙක් ගැන මම නොදන්නා කෙනෙක් කියපු කතාවක් නිසා ඇතිවුන කලබල කාරී මානසික තත්වය නිසා මේ කෙටි සටහන තියන්න හිතුවා.ඔව් මේ පොස්ට් එකේ මාතෘකාව වගේමයි.එක අහපු වෙලේ මට හුස්ම ගන්න බැරි උනා වගේ උනා.මම තාමත් කල්පනා කරන්නේ ඒ වෙලාවේ ඇයි මට එහෙම උනේ කියලා.මට තාම තේරුම් ගන්න බෑ ඇයි මම පිටස්තර පුද්ගලයන්ගේ දුකට මෙච්චර සංවේදී කියලා.පිට මිනිස්සුන්ගේ දුකට මගේ ඇස් වල කඳුළු උනන්නේ ඇයි කියලා මට තාම හිතා ගන්න බෑ. මම මේ ගබ්සාව නීති ගත කරන්න කියනවා කියලා වත් ඔහොම නොවෙන්න නිසි අධ්‍යාපනය දෙන්න කියලවත් හිතන්න එපා. නිදා ගන්නේ නැතුව කල්පනා කරපු දවස් දෙකකට පස්සේ .දැන් හිතට අවුලක් නැති උනත් මම මේ අමාරුවෙන් පෙළ ගස්සන්නේ ඒ වෙලාවේ පිටස්තර චරිතයක් විදියට මගේ හිතේ ඇතිවුන සිතුවිලි සමුදාය. 

39 සිගරට්...දුම සහ මතකය

cigarette

මිනිස්සුන්ට ප්‍රශ්න.දාහක් ප්‍රශ්න.ඊට අමතරව වෙනත් අයගේ දේවල් ගැනත් තැවෙන්න උනාම ඊට වැඩිය අමාරුයි.