මොන හු.........
ජොනාගේ ෆෝන් කට්ට කෑගහන සද්දෙට මට ඇහැරුණේ කුණු හරුප වරුසාවකුත් එක්ක.ඇයි යකෝ මුට ඊයේ රෑත් සුද්ද සිංහලෙන්ම කිව්වා නේ ඔය මගුලේ සිංදුව අයින් කරපන් කියලා.අර චිංචි මානවිකාව කතා කරන වාරයක් පාසාම ඔය මගුල ඇහෙනවනේ.යකෝ මේ හොදට යන ලව් එක,මු තාර බූට් කාපු එකෙක් දාන්න ඕනේ සින්දුවක් දාගෙන ඉන්නේ.
මොකද දරුවා දහසක් බුදුන් බුදු උන මේ වගේ ලස්සන උදේක කුණු හරප කියන්නේ.
අනේ මේ.උඹේ සාහිත්‍ය උඹම තියා ගනින්.ඔය ලබ්බේ සිංදුව අයින් කරලා.
මොකද බන් උඹ ඒකට අකමැති.අහපන්කෝ බන් කොච්චර ලස්සන සින්දුවක්ද?
මේ.මම මොකද අකමැති කියලා උඹට වෙලාවක කියන්නම්.දැනට මම කිව්වා කියලා හිතාගෙන ඕක අයින් කරපන් මයේ දෙය්යෝ.
හා හා දවල්ට බලමු.එක නෙවෙයි මට කියපන් අල්ලපු ගෙදර අයියා කාරයාට මොකද උඹේ ඔච්චර ස්නේහයක්.මට නිකන් මොකක්ද වගේ,නිකන් දරා ගන්න බෑ වගේ පොර ඊයේ බීලා ෆෝ වීල් දාල එනකොට වෙනදා අම්ම අප්පා ආවත් නැගිටින්නේ නැති එකා ජෙට් එකක් වගේ ගිහින් ඌව උස්සගෙන ගෙදරට එක්කන් ගිය හැටි දැක්කම.
අඩෝ මිනිස්සුන්ගේ මනුස්ස කමට ගරහන්න එපා යකෝ.මම බලන්නේ නැතුව පොර ගැන කවුරු බලන්නද?.
මොනවා උනත් මගේ ගෑනිගේ මිනිහනේ.ඒකම මදිද උස්සගෙන යන්න.
නෙද්දකින් තෝ නම්.කියපු අවලං කතාව.තෝ ඔය මිනිහට අහුවෙච්ච දවසක කන්නේ සඳ ගුටි.
කටවහගෙන හිටු අවලමා.අපි ඔය යෝදයා හම්බ කරන ඒවායින් කොච්චර නම් බීල ඇද්ද.තෝ රිලෝඩ් නම් කීයක් දාල ඇද්ද.ඒ නිසා කට වහන් හිටු.
තෝ නම්....
කියාගන්න බැරි වරද කාරී සිතුවිල්ලක් ඉතුරු කරලා ඒ කතාව ඉවර උනා.මම කවුද? මේ ලෝකේ මගේ චරිතය මොකක්ද කියලා හිතා ගන්න බැරුව හිතට ආව හීන මානේ නැති කරන්නම බෑ කියලා හිතුනා.
---------------------------------------------------------------------------------------------
අඩේ ජොනියෝ මට දීපන් අඳින්න එකක්.මේක පදිරි වෙලා බන්.මොනවද බන් මේ උඹ ගන්න රෙදි.ඩෙනිම් කියන්නේ මේවටද?
මම ආයෙත් ජොනියට බනින්න ගත්තේ සතියක්ම හැදු ගඳ ගහනකන් මමම ඇඳපු ඩෙනිම ඌට පෙන්නන ගමන්

උඹට මතකද ඒක මොන වගේද කියලා.මොන පාටද කියල වගේ.
උඹ මේ හු##ක් කතා කරනවා.
අඩෝ මේ හු##ක් කතා කරනවා මට කියල හරි යන්නේ නෑ.දාපන් අටපට්ටමට.මමත් ඔන්න ඔය කොහේ හරි තිබිලා රතුපාට එකක් ඇඳ ගත්තා.මේකද බලපන්.
නෙද්දකින් තෝ නම්....
මොනාද බන් උඹ...උඹටත් කෑල්ලක් වගේ උදේට එකයි.පාරට එකයි නිදාගන්න එකයි කියල දවසට තුනක් ඕනෙද?
නෑ නෑ සත්තලන්..පෙට්ටියම ගෙනාවේ ඔයාට පැටියෝ.අරකිට ආරංචි වෙලා උඹ මගේ ඒවා අඳිනවා කියලා.ඒකි මට කිව්වා.ඔහොම ගියොත් අපි බදින කාලයක් වෙනකොට පරම්පරාවක් හදන්න පුළුවන් යන්තරේ ඉතුරු වෙන එකක් නෑ හැලිලා තියේවි කියලා.මමත් ඒ ගැන දුර දිග කල්පනා කරලා.උඹට පෙට්ටියක්ම අරන් ආවා...කොහේද උඹ දෙන්නත් කලින්ම අරගෙන නේ.
මයේ අම්මා.උඹ නම් පින් කැටයක්..උඹ බුදුන් නොදැක්කත් නිවන් දකින්න ඕන මයේ අම්මා..
මම එහෙම කියල නාන කාමරේ පැත්තට ගියේ දැනටමත් පරක්කු වෙලා තියන නිසා.තාම ජොනියා කෑ ගහනවා ඇහෙනවා.
ඇති ඇති වැඩිය පින් එපා.මටමගේ ත්‍රිවිද රත්තේ රැක ගන්න දීපන් ඒ ඇති.අනික උඹේ ඔය බටර් පාර එච්චර දිරවන්නේ නෑ.ඒ පාර මොකද...
මම උඹේ බ්‍රෂ් එකෙන් දත් මදිනෝ.
අනේ හයියෙන්....හු%$#$#&^%^
-----------------------------------------------------------------------------------------------------------
හන්දියේ ගැරිජ් එකේ තිලකේ අයියා වාහන පේන්ට් කරනකොට වගේ පදාසයක්ම වැහිලා යන්න ඇතුලේ තිබුන සැන්ට් එකක් ඇඟ පුරාම ස්ප්‍රේ කරගෙන මමත් හා හා පුරා කියලා එලියට බැස්සා.හෙනම ආතල් මූඩ් එකකින්.කොහේද මෙහෙමත් කල්‍යාණ මිත්‍රයෝ.
අඩෝ ඔය රබර් කෑලි දෙක මැස්සා ගේ නේද?
අනේ අම්මපා උඹටත් ඕනේ නැති හු##ක් නෑ නේ.මම දැක්කා ඌ අද සපත්තු දාගෙන යනවා.ඉතින් මේවා නිකන් තියන කොට සවුත්තු වෙනවනේ.
අනේ මන්ද උඹට කියන කට හොඳයි.
ජොනියට මොනවා හරි කියන්න කට උරුක් කර ගන්න හදනකොට තමයි.සාක්කුවේ තිබ්බ ෆෝන් කට්ට බුකුං බුකුං ගාන්න ගත්තේ.
හෙලෝ.....හ්ම්ම්ම්....අහ්හ්...එහෙම කෙනෙක් නෑ නේ.මම හිතන්නේ වැරදි නම්බරයක්......
බලපන් රෙද්ද අපිට ආසාවට කියලා කෝල් එකක් එන්නෙත් නෑ ආවත් හොයන්නේ වෙන එකෙක්ව.ශික් මේ ජීවිතේ නම්.
අඩෝ උඹ ඕක තාම ගොජ්ජට දුන්නේ නැද්ද?..දැන් හෙන කාලයක් වෙනවනේ.
ගොජ්ජට මොකටද බන් දැන් මේක.ඌ අර දිනපොතක් වගේ එකකින් කෝල් ගන්නේ....
හ්ම්ම්ම්....හ්ම්ම්ම්....
ඇයි උඹ මෝල කරවෙච්ච බඩුවක් වගේ හ්ම්ම් ගාන්නේ....යමන් බඩගිනියි.
---------------------------------------------------------------------------------------------------
අම්මෝ මට එපා වෙලා...
මට එහෙම කියවුනේ ඉස්මුරුත්තාවට එනකන් කාපු නිසා..
ඔව් උඹට කාලා එපා වෙලා...අපිට උඹට කන්න දීලා එපා වෙලා..
මොනවද බන් කියන කැත කතා.අසරණ මනුස්සයෙකුට කන්න බොන්න දුන්නම එපා වෙනවද?.අම්මප උඹලත් මිනිස්සු වෙලා ඉපදුනා නේ.
යකෝ කන්න බොන්න දුන්නට එපා වෙන්නේ නෑ.උඹව අපි කොහොමත් දරු කමට වගේ හදාගෙන නේ ඉන්නේ.කන්න බොන්න විතරක් නෙවෙයි අඳින්න පළදින්න ටිකත් දෙනවනේ.
ඒ කියන්නේ මගේ කියලා මොකුත් නෑ.
ඔව්.කලිසම ජොනියගේ,ජොකාත් බොහෝවිට උගේ.සෙරෙප්පු දෙක මැස්සාගේ.ෆෝන් එක ගොජ්ජා ගේ .ටි එක මගේ.දැන් කියපන් උඹේ මොනවද තියෙන්නේ කියලා.
ජොකා.ජොනියා ඒක මට තියා ගන්නම දුන්නා.
කතාව විනෝදයෙන් පිරුන එකක් උනත් මම ගණන පුංචි ආත්මානුකම්පාවක් ඇති උනා.මම කවුද මේ ලෝකේ මගේ චරිතේ මොකක්ද කියලා.
අඩෝ ඔය කියන කොට තමයි බන් මට මතක් උනේ.ජොනියා උඹ ඇහුවනේ මම අර ලබ්බේ සින්දුවට අකමැති මොකද කියලා.ඔන්න එහෙනම් අහ ගනින්.
උඹල දැන් කිව්වා විදියට මගේ ළඟ මගේ කියලා කිසි දෙයක් තියනවද?.මම ආදරේ කරන්නේ වෙන මිනිහෙක් ගේ ගෑනියෙක්ට.අදින්නේ වෙන එකෙක්ගේ කලිසම්.සෙරෙප්පු තව එකෙක් ගේ.මට මගේ කියල මොනවද තියෙන්නේ.මගේ ළඟ ඔක්කොම තියෙන්නේ මගේ නොවන මගේ දේවල්.
ඉතින්
එහෙව් එකේ අර කැනහිලෙක් හැම තිස්සෙම මට.මගේ නොවන මගේම..ආදරයක් තියනවා කියලා .කෑ ගහන කොට..ඌට ආදරේ විතරයි උගේ නැත්තේ.මගේ හැමදේම මගේ නෙවෙයි.හා මට මල පනින්නේ නැද්ද කියපන්.
කියල වැඩක් නෑ.. දැන් හැමෝටම මගේ නොවෙන මගේම මෙව්වා සෑහෙන ප්‍රමාණයක් තියෙනෙවනෙ.. :D
ReplyDeleteහුකෑස්ස්ස්ස්ස්ස්................
ReplyDeleteඕයි නිකන් අපිටම කනට ගැහුව වගේනේ... අපි මොහොකින් හරි පොඩි ආතල් එකක් ගත්තහම තමා උබලත් උඩ දාගෙන ඒකට කෙලින්නේ...
දැන් බලහන් මන් බුකියේ ෆිල්ම් එක ගැන දාපු විද්වත් අදහස් ඔක්කොම පඩයක් වෙලානේ
එළම තමයි මචන්...
ReplyDelete++++++++++++++++++++++++++++++++++++++++
Hithena hama dema :-D me widiyata pennala ★★★★★ me widiyata ekathu karannm..
ReplyDeleteහැබැයි මචන් සිරාවට ලියල තියෙනව....
ReplyDeleteඋපරිමයි.. මෙව්ව ගොඩයි !
ReplyDeleteමොන හු##ක්ද යකෝ....
ReplyDeleteඅයිති කරුවෝ නැති දේවල් මා සන්තකයි
ReplyDeleteඅපේ නම් එදිනෙදා ජීවිතය තමයි මේකේ තියෙන්නේ, අර අනුන්ගේ ගෑණු කෙනා ගැන හැරුනාම
ReplyDeleteමල පනින්නේ නැද්ද කියපන්. කියන්නේ මල පැනලා නැවතුනොත් ඇති :3
ReplyDeleteඑල ලිවිල්ල ඈ
මම මගේ නොවන කිසිම දෙයක් කියවන්නෙ නෑ යකෝව්.... හැක්
ReplyDeleteඅඩේ මම හිතුවේ උඹ ලියන එක නවත්තලා කියලා ,
ReplyDeleteමම ගාවත් තියෙනවා මගේම නොවන වයලීන් එකක් හැක හැක හැක
ReplyDeleteමං තාම මේ කල්පනා කරන්නේ මං මේකට දාන්න ඕන කොමෙන්ට් එක ගැන. ලස්සනයි... එත් මොකක් හරි අඩුවක් තියෙනවා. මට හිතාගන්න අමාරුයි ඒ මොකක්ද කියල.
ReplyDeleteබෝදීමේදී නම් මගේම වුන දවස් දෙකකින් මගේම නොවන දේවල් අනන්තයි අප්රාමානයි.
ReplyDeleteකතාව සුපිරිය... වචන නැත
සිරාවට කියලා තියෙනවා මානවකයෝ.... මටත් ඔය මගුල ඇහිලා එපාවෙලා තියෙන්නේ. මළාට ෆිල්ම් එකක් නොබලපු උන්ගේ කටෙත් දැන් කොයි වෙලෙත් තියෙන්නේ මගේ නොවෙන කෙහෙල්මල ගැනමයි.....
ReplyDelete/////මොනවා උනත් මගේ ගෑනිගේ මිනිහනේ.//////
ReplyDeleteටොපේ ටොප් බං. මේක කොහොමද....ඇත්තටම උඹේ ගැණීගේ මිනිහා උනානම්. මගේ නොවෙන ළමයෙක් හිටියා.... කියකිය ඉන්න තිබුනා නේ....නියමෙට ලියලා.
යකො හිනාවෙලා ඇඩුන
ReplyDeleteහය හතර
ඇඩුණා.. පට්ට... මගේ නොවන ජෝකෙකුත් ඉදලනේ...
ReplyDeleteයුක්ති
අ.පේලිය
මොන ප--යද යකෝ මේච්චර කුණුහරුප කිව්වෙ...
ReplyDeleteමේකට මම දැන් කියන්නේ මට මගේ නොවන මල වදයක් තිබුණා කියලා.
ReplyDeleteඅඩෝ කන අතගෑවිල්ලනම් පංකාදුයි. බොට කියන්ඩ විස්වාස කරනවනං විස්වාස කරපන් නැත්නම් ඒති විස්වාස කරපන් මම ඔය සිංදුවේ ඔය පදේ ඇරෙන්න මේ තාක් කාලෙකට ඔය සිංදුව මුල ඉඳන් ඉවර වෙනකං අහලා නෑ ඕං
ReplyDeletehickz!elama thamai.
ReplyDeleteඔහොම යමු ඔහොම යමු තව ටික ඩවසකින් හොඩ හොඩ ලෙඩ ටිකක් හැදිලයි නවතින්නෙ. තියන පිරිසිදුකමට :-)
ReplyDeleteහුකෑස්ස්ස්ස්ස්ස්.... සිරාවට පට්ට ඈ... :D
ReplyDeleteඔය සින්දුව ;ලිව්ව එකාටනම් පාට පාටින් බද යන්නොන :3
ReplyDeleteමගේ ජොකත් නැති වෙලා.
ReplyDelete