ඇත්තම කියනවනම් සීන් එක කේන්දර ගැන විශ්වාස කිරීම සහ නොකිරීම පුද්ගලයාගේ පෞර්ෂත්වය එක්ක වෙනස් වෙනවා උදාහරණයක් විදියට කේන්දර විශ්වාස නිකර තමන්ට කේන්දරේ කොච්චර අපල තිබුනත් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ජීවිතය දිනන මිනිස්සු ඉන්නවා.තවත් සමහරු ඉන්නවා කොච්චර අවස්තාව තිබුනත් කේන්දරේ මතම යැපිලා තමන්ගේ දියුණුවට තියන අවස්තාව නැති කර ගන්නවා.ඔයට අමතරව භාගෙට කේන්දර විශ්වාස කරලා භාගෙට උත්සාහ කරලා දෙයක් භාගෙට වත් ලැබෙන්නේ නැති මම වගේ උනුත් ඉන්නවා.
හැබැයි විවාහ වෙන්න තීරණය කරනවානම් ඉතින් ටිකක් හරි පොරොන්දම් කියන එක බලන්න වෙනවා නැත්තන් සොරි තමයි.ඒ මොකද කියනවනම්....හ්ම්ම්ම්ම් එක්කෝ ඕන නෑ.එක මම කියන්නේ නෑ දන්නා එකෙකුගෙන් අහ ගන්න.ඔය ඉන්නේ විද්‍යුත් මාධ්‍ය වලින් කේන්දර බලන උදවිය.මම මොකටද උන්ට බඩේ පාර ගහන්නේ.
දැන් කට්ටිය සිරා පොස්ට් එකක් බලන්න ඇවිත් කට ඇද කරන යන්න දෙයක් නෑ.ඔය පහලින් තියන කවිය කියවල යන්න.
පෙම් බැඳිමි සඳට
මම…
කුරුටු ගෑ බොහෝ
කවි පද…
පිදුවෙමි නුඹේ
නමටම…..
වසඟ උනෙමි මම
මුදු සිහිලට…
ඒත්…ඒත්…ඒත්…
වන්ක සඳ නුඹ
දහයෙ කොටුවෙ
සිට
වින කටින අන්දම
මට….
ආවා මම දුවගෙන
ReplyDeleteබලවා ගන්න නොමිලේම
කේන්දරේ මගේ
මදැයි මානවකයා
අන්ඳලා අපිව...
හික්ස්.. මරු කවිය මාන අයියේ..
කැමතියි
Deleteබලන්නට
අන්ගනාවන්ගේ
කේන්දර
එත්
පස්සේ හිතුනා
ඕවා බලන
අයියල
පව් නොව..... :P
කේන්දරේ !; ඕන් ඔහේ හදපු නිසා පැත්තක තිලයා තියහන් බන්
ReplyDeleteඋඹ හිතුවද මම බෙල්ලේ එල්ලගෙන කියල
Deleteඅපේ අම්මට නම් කේන්දරයක් ඇත්තෙත් නෑ.ඒ වුනාට දෙන්න ඉන්නේ යස අගේට ඔය.
ReplyDeleteඅපේ ගෙදරත් එහෙමයි අපේ අම්මයි තාත්තයි හොරාට බැදලා තියෙන්නේ.අපේ අයියයි මමයි වගේ කල්ලතොනියෝ දෙන්නෙක් නොහැදෙන්න වෙන කිසිම අපලයක් නෑ... :D
Deleteඅපේ මාරයා අයියගේ ජෝතිෂ්‍ය අයියගේ ජොබ් වලට බඩේ පාර ගහන්නේ නැතුව හිටපන් ඈ
ReplyDeleteඑක තමයි රෙපෝ මගින්ම නැවැත්තුවේ . නැත්තන් පව් අහිංසකය
Deleteඅනේ ඔය කොටු සීන් තේරෙන්නෑ අප්පා...
ReplyDeleteකොටු පනින එකක් ගැන කතා කරේ කොහෙද බොල
Deleteදහයේ කොටුවේ සිට
ReplyDeleteවින කටින විට නුඹේ සඳ
නුඹත් මැලි නැතිව
පැනපන් කොටුව දහයටම..........
දහයේ කොටුවේ සිට
Deleteවින කටින විට
නුඹේ සඳ
නුඹත් මැලි නැතිව
පැනපන්
දහයේ කොටුවටම
එක එහෙම මාරු උනා නම් එළිවැට සෙට් වෙනවා
දුක්දෙන
තරමට
සඳ
දහයට නෙවෙයි
පනින්න හිතයි
කොටු දුසිමටම
එකපාරට
මට
අර බෙල්ල බැඳගෙන ඉන්නකොට මටත් හිතුන මල්ලි හොද කොටුවක් පැනල තමයි කියල...
Deleteහිහිහ්.............
මොන කොටුද ? ඔය අමාරුව හින්දා මට කිසින්ම දෙයක් කරන්න බැරි උනා අඩුම තරමේ මම ආස ක්‍රීඩාවක් වත් මට කරන්න උනේ නෑ.මම මේ මී හරකෙක් උනේ ඔය රෙද්දේ බෙල්ලේ අමාරුවනිසා තමයි
Deleteඅවුලක් ඇත,
ReplyDeleteමට
කේන්දරයක් නැත...
ජය වේවා!
නැති එකමයි හොඳ .. :D
Deleteචන්දරේ හොඳ එකා
ReplyDeleteඌ හිටියට මොකද දහයේ
සිකුරා හතේ නම්
වැඩේ ගොඩ මානවකයෝ !!
අවුල තියෙන්නේ සිකුර ඉන්නේ වැරදි තැනක ... :(
Deleteඅනේ මන්දා... මගෙත් ඔය මොකද්ද ඉලව්වක් තියනවළු... ඔන එකක් තියෙද්දෙන් කියල මම මගේ පාඩුවෙ ඉන්නවා... ගෙදරින් අහල කියන්නම් මගේ කේන්දරේ චන්දරේ කොහෙද කියලා
ReplyDeleteචන්දරේ කවද මගේ බොක්කක් වේවිද?
Deleteමම තාම කේන්දරේ බලලා නැහැ අෆ්ෆා
ReplyDeleteබලාගන්න ඕන.බලාගන්න ඕන වේවි ලමිස්සියෙක් එහෙම බලන්න යනකොට
Deleteකේන්දර වෙලාවකට හොදයි වෙලාවකට නරකයි ....
ReplyDeleteවාසි වෙනවනම් හොදයි අවුල් නම් එපා .
Deleteane mamanam owa danne appa......
ReplyDeleteදැනගෙන ඉන්නම ඕන එකක් තමයි ඕක.අඩුම තරමේ තමන්ගේ ලග්නය වගේම ගණය ගැනවත් දැනගෙන ඉන්න
Deleteකේන්දර බොරුමයි කියල කියන්න බැහැ..ඒත් ගොඩාක් දෙනෙකුගෙ කේන්දර හදල තියෙන්නෙ බොරුකාරයො....
ReplyDeleteඑක නම් ඇත්ත මගේ යාළුවෙකුටත් ඔහොම උනා.හොඳ තැනකින් බැලුවම පරණ කේන්දරේ වැරදියි
Deleteකේන්ද්‍රය නොබලන තරමට හොඳයි අප්පා.. :)
ReplyDeleteහෆොයි ඔයා නම් බලාගන්න එක හොඳයි
Deleteහතර කේන්දරේ පලු වෙච්ච කෙනෙක් නෑ.
ReplyDeleteසුභ නැකතක් මිසක් ලෝකේ අසුභ නැකත් නෑ.
මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්
මගුලක් කතාකරනවා
Deleteකවි නම් පට්ට!
ReplyDeleteDongaAyya
පට්ට පට පට :D
Deleteකෙන්දරේ....??
Deleteතාමත් හිතනවා මමත්....ජීවිතේ අයිතිකාරයා මමද නොපෙනෙන තාරකාවද කියලා...
මිනිස්සු ජීවිතේ අරන් යනකොට අනාගතය ගැන නොදැන ඉන්න තරමට හොඳයි කියලයි මටනම් හිතෙන්නේ....
නැත්තම් උදාවෙන හැමදවසක්ම මෙලෝ රහක් නැති එකක් වෙනවා...