බුකියේ මං

35 කේන්දර සහ මම

ඊයේ පෙරේද රොබින් දාපු පොස්ට් එකයි තව සමහර දේවලුත් එක්ක මමත් හිතුව ටිකක් කේන්දරේ ගැන කතා කරන්න.කේන්දර ගැන තරමක් විශ්වාස කරන සහ තරමක් විෂය කරුණු දන්නා කෙනෙක් විදියට මම දන්නා දේවල් ටිකක් බෙදා ගන්න කියල.



ඇත්තම කියනවනම් සීන් එක කේන්දර ගැන විශ්වාස කිරීම සහ නොකිරීම පුද්ගලයාගේ පෞර්ෂත්වය එක්ක වෙනස් වෙනවා උදාහරණයක් විදියට කේන්දර විශ්වාස නිකර තමන්ට කේන්දරේ කොච්චර අපල තිබුනත් ගණන් ගන්නේ නැතුව තමන්ගේ ජීවිතය දිනන මිනිස්සු ඉන්නවා.තවත් සමහරු ඉන්නවා කොච්චර අවස්තාව තිබුනත් කේන්දරේ මතම යැපිලා තමන්ගේ දියුණුවට තියන අවස්තාව නැති කර ගන්නවා.ඔයට අමතරව භාගෙට කේන්දර විශ්වාස කරලා භාගෙට උත්සාහ කරලා දෙයක් භාගෙට වත් ලැබෙන්නේ නැති මම වගේ උනුත් ඉන්නවා.

හැබැයි විවාහ වෙන්න තීරණය කරනවානම් ඉතින් ටිකක් හරි පොරොන්දම් කියන එක බලන්න වෙනවා නැත්තන් සොරි තමයි.ඒ මොකද කියනවනම්....හ්ම්ම්ම්ම් එක්කෝ ඕන නෑ.එක මම කියන්නේ නෑ දන්නා එකෙකුගෙන් අහ ගන්න.ඔය ඉන්නේ විද්‍යුත් මාධ්‍ය වලින් කේන්දර බලන උදවිය.මම මොකටද උන්ට බඩේ පාර ගහන්නේ.

දැන් කට්ටිය සිරා පොස්ට් එකක් බලන්න ඇවිත් කට ඇද කරන යන්න දෙයක් නෑ.ඔය පහලින් තියන කවිය කියවල යන්න. 


පෙම් බැඳිමි සඳට
මම…
කුරුටු ගෑ බොහෝ
කවි පද…
පිදුවෙමි නුඹේ
නමටම…..
වසඟ උනෙමි මම
මුදු සිහිලට…
ඒත්…ඒත්…ඒත්…
වන්ක සඳ නුඹ
දහයෙ කොටුවෙ
සිට
වින කටින අන්දම
මට….
Comments
35 Comments

35 comments:

  1. ආවා මම දුවගෙන
    බලවා ගන්න නොමිලේම
    කේන්දරේ මගේ
    මදැයි මානවකයා
    අන්ඳලා අපිව...

    හික්ස්.. මරු කවිය මාන අයියේ..

    ReplyDelete
    Replies
    1. කැමතියි
      බලන්නට
      අන්ගනාවන්ගේ
      කේන්දර
      එත්
      පස්සේ හිතුනා
      ඕවා බලන
      අයියල
      පව් නොව..... :P

      Delete
  2. කේන්දරේ !; ඕන් ඔහේ හදපු නිසා පැත්තක තිලයා තියහන් බන්

    ReplyDelete
    Replies
    1. උඹ හිතුවද මම බෙල්ලේ එල්ලගෙන කියල

      Delete
  3. අපේ අම්මට නම් කේන්දරයක් ඇත්තෙත් නෑ.ඒ වුනාට දෙන්න ඉන්නේ යස අගේට ඔය.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් එහෙමයි අපේ අම්මයි තාත්තයි හොරාට බැදලා තියෙන්නේ.අපේ අයියයි මමයි වගේ කල්ලතොනියෝ දෙන්නෙක් නොහැදෙන්න වෙන කිසිම අපලයක් නෑ... :D

      Delete
  4. අපේ මාරයා අයියගේ ජෝතිෂ්‍ය අයියගේ ජොබ් වලට බඩේ පාර ගහන්නේ නැතුව හිටපන් ඈ

    ReplyDelete
    Replies
    1. එක තමයි රෙපෝ මගින්ම නැවැත්තුවේ . නැත්තන් පව් අහිංසකය

      Delete
  5. අනේ ඔය කොටු සීන් තේරෙන්නෑ අප්පා...

    ReplyDelete
    Replies
    1. කොටු පනින එකක් ගැන කතා කරේ කොහෙද බොල

      Delete
  6. දහයේ කොටුවේ සිට
    වින කටින විට නුඹේ සඳ
    නුඹත් මැලි නැතිව
    පැනපන් කොටුව දහයටම..........

    ReplyDelete
    Replies
    1. දහයේ කොටුවේ සිට
      වින කටින විට
      නුඹේ සඳ
      නුඹත් මැලි නැතිව
      පැනපන්
      දහයේ කොටුවටම

      එක එහෙම මාරු උනා නම් එළිවැට සෙට් වෙනවා

      දුක්දෙන
      තරමට
      සඳ
      දහයට නෙවෙයි
      පනින්න හිතයි
      කොටු දුසිමටම
      එකපාරට
      මට

      Delete
    2. අර බෙල්ල බැඳගෙන ඉන්නකොට මටත් හිතුන මල්ලි හොද කොටුවක් පැනල තමයි කියල...
      හිහිහ්.............

      Delete
    3. මොන කොටුද ? ඔය අමාරුව හින්දා මට කිසින්ම දෙයක් කරන්න බැරි උනා අඩුම තරමේ මම ආස ක්‍රීඩාවක් වත් මට කරන්න උනේ නෑ.මම මේ මී හරකෙක් උනේ ඔය රෙද්දේ බෙල්ලේ අමාරුවනිසා තමයි

      Delete
  7. අවුලක් ඇත,
    මට
    කේන්දරයක් නැත...
    ජය වේවා!

    ReplyDelete
  8. චන්දරේ හොඳ එකා
    ඌ හිටියට මොකද දහයේ
    සිකුරා හතේ නම්
    වැඩේ ගොඩ මානවකයෝ !!

    ReplyDelete
    Replies
    1. අවුල තියෙන්නේ සිකුර ඉන්නේ වැරදි තැනක ... :(

      Delete
  9. අනේ මන්දා... මගෙත් ඔය මොකද්ද ඉලව්වක් තියනවළු... ඔන එකක් තියෙද්දෙන් කියල මම මගේ පාඩුවෙ ඉන්නවා... ගෙදරින් අහල කියන්නම් මගේ කේන්දරේ චන්දරේ කොහෙද කියලා

    ReplyDelete
    Replies
    1. චන්දරේ කවද මගේ බොක්කක් වේවිද?

      Delete
  10. මම තාම කේන්දරේ බලලා නැහැ අෆ්ෆා

    ReplyDelete
    Replies
    1. බලාගන්න ඕන.බලාගන්න ඕන වේවි ලමිස්සියෙක් එහෙම බලන්න යනකොට

      Delete
  11. කේන්දර වෙලාවකට හොදයි වෙලාවකට නරකයි ....

    ReplyDelete
    Replies
    1. වාසි වෙනවනම් හොදයි අවුල් නම් එපා .

      Delete
  12. ane mamanam owa danne appa......

    ReplyDelete
    Replies
    1. දැනගෙන ඉන්නම ඕන එකක් තමයි ඕක.අඩුම තරමේ තමන්ගේ ලග්නය වගේම ගණය ගැනවත් දැනගෙන ඉන්න

      Delete
  13. කේන්දර බොරුමයි කියල කියන්න බැහැ..ඒත් ගොඩාක් දෙනෙකුගෙ කේන්දර හදල තියෙන්නෙ බොරුකාරයො....

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත මගේ යාළුවෙකුටත් ඔහොම උනා.හොඳ තැනකින් බැලුවම පරණ කේන්දරේ වැරදියි

      Delete
  14. කේන්ද්‍රය නොබලන තරමට හොඳයි අප්පා.. :)

    ReplyDelete
    Replies
    1. හෆොයි ඔයා නම් බලාගන්න එක හොඳයි

      Delete
  15. හතර කේන්දරේ පලු වෙච්ච කෙනෙක් නෑ.
    සුභ නැකතක් මිසක් ලෝකේ අසුභ නැකත් නෑ.
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  16. කවි නම් පට්ට!
    DongaAyya

    ReplyDelete
    Replies
    1. කෙන්දරේ....??
      තාමත් හිතනවා මමත්....ජීවිතේ අයිතිකාරයා මමද නොපෙනෙන තාරකාවද කියලා...
      මිනිස්සු ජීවිතේ අරන් යනකොට අනාගතය ගැන නොදැන ඉන්න තරමට හොඳයි කියලයි මටනම් හිතෙන්නේ....
      නැත්තම් උදාවෙන හැමදවසක්ම මෙලෝ රහක් නැති එකක් වෙනවා...

      Delete

හිතුනේ මොනවද?