වස්සානය කැන්දන් ආ සුමුදු මලුත් වරා
ගිම්හානය ආවාදෝ මැකී ආල නුරා
මගේ පවින් නුඹේ ලොවින් නික්මුණ මල්සරා
යලිත් ඒවි නුඹේ ලොවට වසන්තයම අරා
සිහින ගෙනා සඳ මැකුනද මහ රෑ සැනින්
දුබල සුසුම් නික්මුනාද දහසක් වරක් හිතින්
අහිතක් නෑ සාප කරත් මටත් නුඹේ මුවින්
නුඹ වෙනුවට හඬනෙමි මම කඳුළු පිරුණු නෙතින්
නුඹට හිතයි මගේ හිත තව නැතුවට මට නුඹේ හිත
කඳුළු ගලයි සිහිවෙන විට මිලාන උන ඔය වත
වියෙලෙන්නට හිනා ඇවිත් කඳුළු පිරුන නුඹේ නෙත
පෙලා ගනිමි යවටින් මම පව් සපිරුණු මගේ ගත
නුඹේ නෙතින් ගැලුව කඳුළු මගේ නෙතින් යලි ගලන්න
නුඹේ හිතේ නැඟුණු සුසුම් මගේ හිතේ ගිගුම් දෙන්න
නුඹේ ගතට දැනුනු රිදුම් මගේ ගතට යලි දැනෙන්න
මගේ සිනා නුඹ අරගෙන තව සැරයක් හිනා වෙන්න
නුඹේ හිතේ නැඟුණු සුසුම් මගේ හිතේ ගිගුම් දෙන්න
නුඹේ ගතට දැනුනු රිදුම් මගේ ගතට යලි දැනෙන්න
මගේ සිනා නුඹ අරගෙන තව සැරයක් හිනා වෙන්න
ප.ලි - මම මේ කාලකන්නි ජීවිතේ දාල යන්නේ මගෙන් වෙච්ච වැරදි ඔක්කොම හරි ගස්සලා.ඒ නිසා බය නැතුව ඉන්න..
මොකද මේ? :ඕ
ReplyDeleteවැරදි ඉතින් ඕනි කෙනෙක් අතින් වෙනවා.ආයේ ඒ වැරදි නොවෙන්න වග බලාගන්න එක තමා හොඳ..
අපි නොකරපු වැරැද්දකට වරදිකාරයෙක් වෙනකොට කොහොමද දැනෙන්නේ :/
Deleteඔයාගෙ හිත දන්නවනෙ වැරදි කාරය ඔයා නෙවෙයි කියල...ඉතින් දුක් නොවී ඉන්නයි තියෙන්නෙ...
Deleteනොකරපු වැරද්දකට වැරදිකාරයෙක් වෙනකොට හිතට දුකයි තමා.. ඒත් ලෝකේ හැමදාම අපිට චෝදනා කරන්නේ අපි නොකරන වැරදි වලට තමා.. මනමේ කුමාරි කරපු වැරැද්දට තාමත් ගැහැනු බැනුම් අහනවා නම්.. චපලයි කියලා අහගන්නවා නම්.. ඒ ලොකේ හැටි කියලා තමා හිතාගන්න වෙන්නේ.. ජීවිතේ කවදාවත් සධාරණ නැ. ඒත් ඒ ජීවිතේ කාටවත් සාධාරණ නැ.. ඒ නිසා ජීවිතේ භාරගන්න.. ශක්තිමත් වෙන්න..
Deleteඅප්පට උඩු... නයිටක් සෙට් වෙන්නද යන්නේ :-)
ReplyDeleteඒවා කියන්න බෑ..මේ දවස්වල මගේ ග්‍රහය හොඳ නෑ.. :(
Deleteප්‍රශ්න නැති ජීවිතේ ලුණු නැති හොද්දක් වගේ බන් ,ගණන් ගන්න එපා ....
ReplyDeleteජීවිතේට ප්‍රශ්න වැඩිවුනාමත් ලුණු වැඩි වෙච්ච හොද්දක් වගේ. ඒ නිසා ගානකට ප්‍රශ්න දාගන්න එක හොදයි. ඔයිට වඩා ප්‍රශ්න තියෙන අයත් ඉන්න නිසා ගණන් නොගෙන ඉන්න එක තමා හොද...
Deleteමොනවා කිව්වත් බලාගෙන ඉද්දි අපේ හදාගත්ත දේවල් ඔක්කොම නැති වෙනකොට....
Deleteකවියක් පමණක්ද?? නැතිනම් ඊට එහා ගිය යමක්ද??
ReplyDeleteමොකක් වුනත් ජීවිතෙන් අපි කාටත් ප්‍රශ්න වෙනවා..ඒ ප්‍රශ්න වලට මූණ දීලා විසඳගැනීම තමා කළයුත්තේ..
සත්‍ය කතාවක් ....
Deleteකොළ පාටින් තියන ටිකට මම ගොඩක් කැමතියි සහෝ :)
ReplyDeleteහරිම ලස්සනයි.
මන්ද මගේත් හිතට වැදුන නිසා තමයි කොලපාට කරේ :D
Deleteme mokada me ayya?hamogema athin waradi sidda wenawa ayya.owa ganan ganna epa.owa amathaka karala jivithe alutin patan ganna.
ReplyDeleteඑක ඇත්ත ඊට කලින් වෙච්ච වැරදි නිවැරදි කරන්න ඕන
Deleteඅම්මටසිරි මූ සිය දිවි තොර කරගන්නද හදන්නේ????
ReplyDeleteප්‍රශ්න වලට බයේ ජීවිතේ දාල යන්නේ නෑ.එත් මේ වයසට ඕනෑවටත් වඩා දුක එකයි අවුල
Deleteජීවිතේ කියන්නේ කොහොමටත් දුක් තමයි.. සැප කියන්නේ සිතිවිලි මාත්‍රයක්.. හරියට තිත්ත දෙයක් උඩ ගාල තියෙන සීනි ටිකක් වගේ.. හැබැයි එක වටහාගෙන සමබරව ජීවිතේට මුහුණ දෙන එකයි වැඩේ මානවක.. මම අඬන්න ගත්තොත් මට අවුරුදු පහ හයක් බ්ලොග් එක පුරවන්න ලියන්න සිදුවීම් තියෙනවා. එත් මම ඒවා ස්මරණය කරන්නේ නැහැ.. ඒවා ජීවිතයේ කරමානුරුපව උණු සිදුවීම් විතරයි.. ඒවා සිදු උනී මටත් නෙවෙයි.. මම ඒ පුද්ගලයාත් නෙවෙයි ඒකයි ඇත්ත..
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅහෝ යාළු.........
ReplyDeleteකීම මේ සුසුම්....
නුඹ පෘතහස්ත මිනිසෙකි..
වඩා වැදගත් දේ තමයි එය වරදක් බව තේරුම් ගැනීම...
ඊටත් වඩා වැදගත් වන්නේ එම වරද නැවත නොකර සිටීමයි.
'''මිනිසුන් අතින් වැරදි සිදුවේ....
දෙවියන් වැනි මිනිසුන් සිටිනා බැවින් ඔවුන් නුඹට සමාව දෙනු ඇත...'''''
''''ඕම් ශාන්තී..ශාන්තී ..ශාන්තී....'''
මන්දා හැබැයි මෙතන පේන දේට වැඩිය සත්‍ය ගොඩක් වෙනස් . අපි හිතන දේම නෙවෙයි මචන් ..
Deleteඅනිවා..
Deleteමට තේරුණා.උඹේ වේදනාව.හිතන්න එපා මචෝ.හැම දෙයක්ම වෙන්නේ අපිට.අපිට සැප වගේම දුකත් උරුමයි.ඒකෙන වැඩියෙන් තියෙන්නේ දුක.මේවා ජය ගන්න ඒක තමයි ටිකක් අමාරු.අපිට ලැබෙන දේවල් වලට වඩා වැඩි නොලැබෙන දේවල්.මේ ලෝකේ අපිට ගෙවන්න ලැබෙන්නේ හරි ටික කාලයයි.ඒ කලේ නිකන් නැති කරගන්න එපා නැති උන දේවල් ගැන දුක්වෙලා.අනික ජීවිතේ විදවන්නම නෙවෙයි විදින්නත් ඕනේ..හැමදාම දුක නෑ .සතුටත් ලගම ඒවි.කන්දක් නැග්ගම පල්ලමක් වගේ......
http://panchayudha.blogspot.com/
Deleteඅනේ මන්දා සහෝ මට තේරෙන්නේ නැහැ
ReplyDeleteජය!!!
මට ෂුවර් උඹට කලින් මම
ReplyDeleteදුක හිතෙනවා..... :'(
ReplyDeleteහ්ම්ම්..සමාව දෙන්න මටත් මේ බ්ලොගේ මෙච්චර කල් අල්ලගන්න බැරි උනාට...
ReplyDeleteප.ලි - මම මේ කාලකන්නි ජීවිතේ දාල යන්නේ මගෙන් වෙච්ච වැරදි ඔක්කොම හරි ගස්සලා.ඒ නිසා බය නැතුව ඉන්න..
ReplyDelete.....
....
...
..
.
දරුණුයි :( :( :(