බුකියේ මං

28 සමාවෙන්න මට........

මම දන්නවා මම  හින්ද මම වටේ ඉන්න ගොඩක් අයට දුකක් විතරයි ඉතුරු උනේ.සමාවෙන්න කියනවා ඇරෙන්න ඔයාට කියන්න වෙන දෙයක් නෑ.එත් ඔයාට නොකිය ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්.මට කියාගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් තියනවා.එත් ඒවා ලස්සනට ලියන්න මට බෑ. පුළුවන් මේ විදියට වචන ගැටගහන්න විතරයි.ආයෙමත් සැරයක් ඉල්ලනවා මම ..දහස්වතාවක් සමාවෙන්න මට........



වස්සානය කැන්දන් ආ සුමුදු මලුත් වරා
ගිම්හානය ආවාදෝ මැකී ආල නුරා
මගේ පවින් නුඹේ ලොවින් නික්මුණ මල්සරා

යලිත් ඒවි නුඹේ ලොවට වසන්තයම අරා



සිහින ගෙනා සඳ මැකුනද මහ රෑ සැනින්
දුබල සුසුම් නික්මුනාද දහසක් වරක් හිතින්
අහිතක් නෑ සාප කරත් මටත් නුඹේ මුවින්

නුඹ වෙනුවට හඬනෙමි මම කඳුළු පිරුණු නෙතින්



නුඹට හිතයි මගේ හිත තව නැතුවට මට නුඹේ හිත
කඳුළු ගලයි සිහිවෙන විට මිලාන උන ඔය වත
වියෙලෙන්නට හිනා ඇවිත් කඳුළු පිරුන නුඹේ නෙත

පෙලා ගනිමි යවටින් මම පව් සපිරුණු මගේ ගත




නුඹේ නෙතින් ගැලුව කඳුළු මගේ නෙතින් යලි ගලන්න
නුඹේ හිතේ නැඟුණු සුසුම් මගේ හිතේ ගිගුම් දෙන්න
නුඹේ ගතට දැනුනු රිදුම් මගේ ගතට යලි දැනෙන්න

මගේ සිනා නුඹ අරගෙන තව සැරයක් හිනා වෙන්න

ප.ලි - මම මේ කාලකන්නි ජීවිතේ දාල යන්නේ මගෙන් වෙච්ච වැරදි ඔක්කොම හරි ගස්සලා.ඒ නිසා බය නැතුව ඉන්න..
Comments
28 Comments

28 comments:

  1. මොකද මේ? :ඕ
    වැරදි ඉතින් ඕනි කෙනෙක් අතින් වෙනවා.ආයේ ඒ වැරදි නොවෙන්න වග බලාගන්න එක තමා හොඳ..

    ReplyDelete
    Replies
    1. අපි නොකරපු වැරැද්දකට වරදිකාරයෙක් වෙනකොට කොහොමද දැනෙන්නේ :/

      Delete
    2. ඔයාගෙ හිත දන්නවනෙ වැරදි කාරය ඔයා නෙවෙයි කියල...ඉතින් දුක් නොවී ඉන්නයි තියෙන්නෙ...

      Delete
    3. නොකරපු වැරද්දකට වැරදිකාරයෙක් වෙනකොට හිතට දුකයි තමා.. ඒත් ලෝකේ හැමදාම අපිට චෝදනා කරන්නේ අපි නොකරන වැරදි වලට තමා.. මනමේ කුමාරි කරපු වැරැද්දට තාමත් ගැහැනු බැනුම් අහනවා නම්.. චපලයි කියලා අහගන්නවා නම්.. ඒ ලොකේ හැටි කියලා තමා හිතාගන්න වෙන්නේ.. ජීවිතේ කවදාවත් සධාරණ නැ. ඒත් ඒ ජීවිතේ කාටවත් සාධාරණ නැ.. ඒ නිසා ජීවිතේ භාරගන්න.. ශක්තිමත් වෙන්න..

      Delete
  2. අප්පට උඩු... නයිටක් සෙට් වෙන්නද යන්නේ :-)

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්න බෑ..මේ දවස්වල මගේ ග්‍රහය හොඳ නෑ.. :(

      Delete
  3. ප්‍රශ්න නැති ජීවිතේ ලුණු නැති හොද්දක් වගේ බන් ,ගණන් ගන්න එපා ....

    ReplyDelete
    Replies
    1. ජීවිතේට ප්‍රශ්න වැඩිවුනාමත් ලුණු වැඩි වෙච්ච හොද්දක් වගේ. ඒ නිසා ගානකට ප්‍රශ්න දාගන්න එක හොදයි. ඔයිට වඩා ප්‍රශ්න තියෙන අයත් ඉන්න නිසා ගණන් නොගෙන ඉන්න එක තමා හොද...

      Delete
    2. මොනවා කිව්වත් බලාගෙන ඉද්දි අපේ හදාගත්ත දේවල් ඔක්කොම නැති වෙනකොට....

      Delete
  4. කවියක් පමණක්ද?? නැතිනම් ඊට එහා ගිය යමක්ද??
    මොකක් වුනත් ජීවිතෙන් අපි කාටත් ප්‍රශ්න වෙනවා..ඒ ප්‍රශ්න වලට මූණ දීලා විසඳගැනීම තමා කළයුත්තේ..

    ReplyDelete
  5. කොළ පාටින් තියන ටිකට මම ගොඩක් කැමතියි සහෝ :)
    හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මන්ද මගේත් හිතට වැදුන නිසා තමයි කොලපාට කරේ :D

      Delete
  6. me mokada me ayya?hamogema athin waradi sidda wenawa ayya.owa ganan ganna epa.owa amathaka karala jivithe alutin patan ganna.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ඊට කලින් වෙච්ච වැරදි නිවැරදි කරන්න ඕන

      Delete
  7. අම්මටසිරි මූ සිය දිවි තොර කරගන්නද හදන්නේ????

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න වලට බයේ ජීවිතේ දාල යන්නේ නෑ.එත් මේ වයසට ඕනෑවටත් වඩා දුක එකයි අවුල

      Delete
  8. ජීවිතේ කියන්නේ කොහොමටත් දුක් තමයි.. සැප කියන්නේ සිතිවිලි මාත්‍රයක්.. හරියට තිත්ත දෙයක් උඩ ගාල තියෙන සීනි ටිකක් වගේ.. හැබැයි එක වටහාගෙන සමබරව ජීවිතේට මුහුණ දෙන එකයි වැඩේ මානවක.. මම අඬන්න ගත්තොත් මට අවුරුදු පහ හයක් බ්ලොග් එක පුරවන්න ලියන්න සිදුවීම් තියෙනවා. එත් මම ඒවා ස්මරණය කරන්නේ නැහැ.. ඒවා ජීවිතයේ කරමානුරුපව උණු සිදුවීම් විතරයි.. ඒවා සිදු උනී මටත් නෙවෙයි.. මම ඒ පුද්ගලයාත් නෙවෙයි ඒකයි ඇත්ත..

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අහෝ යාළු.........
    කීම මේ සුසුම්....
    නුඹ පෘතහස්ත මිනිසෙකි..
    වඩා වැදගත් දේ තමයි එය වරදක් බව තේරුම් ගැනීම...
    ඊටත් වඩා වැදගත් වන්නේ එම වරද නැවත නොකර සිටීමයි.
    '''මිනිසුන් අතින් වැරදි සිදුවේ....
    දෙවියන් වැනි මිනිසුන් සිටිනා බැවින් ඔවුන් නුඹට සමාව දෙනු ඇත...'''''

    ''''ඕම් ශාන්තී..ශාන්තී ..ශාන්තී....'''

    ReplyDelete
    Replies
    1. මන්දා හැබැයි මෙතන පේන දේට වැඩිය සත්‍ය ගොඩක් වෙනස් . අපි හිතන දේම නෙවෙයි මචන් ..

      Delete
    2. අනිවා..
      මට තේරුණා.උඹේ වේදනාව.හිතන්න එපා මචෝ.හැම දෙයක්ම වෙන්නේ අපිට.අපිට සැප වගේම දුකත් උරුමයි.ඒකෙන වැඩියෙන් තියෙන්නේ දුක.මේවා ජය ගන්න ඒක තමයි ටිකක් අමාරු.අපිට ලැබෙන දේවල් වලට වඩා වැඩි නොලැබෙන දේවල්.මේ ලෝකේ අපිට ගෙවන්න ලැබෙන්නේ හරි ටික කාලයයි.ඒ කලේ නිකන් නැති කරගන්න එපා නැති උන දේවල් ගැන දුක්වෙලා.අනික ජීවිතේ විදවන්නම නෙවෙයි විදින්නත් ඕනේ..හැමදාම දුක නෑ .සතුටත් ලගම ඒවි.කන්දක් නැග්ගම පල්ලමක් වගේ......

      Delete
    3. http://panchayudha.blogspot.com/

      Delete
  11. අනේ මන්දා සහෝ මට තේරෙන්නේ නැහැ
    ජය!!!

    ReplyDelete
  12. මට ෂුවර් උඹට කලින් මම

    ReplyDelete
  13. දුක හිතෙනවා..... :'(

    ReplyDelete
  14. හ්ම්ම්..සමාව දෙන්න මටත් මේ බ්ලොගේ මෙච්චර කල් අල්ලගන්න බැරි උනාට...

    ReplyDelete
  15. ප.ලි - මම මේ කාලකන්නි ජීවිතේ දාල යන්නේ මගෙන් වෙච්ච වැරදි ඔක්කොම හරි ගස්සලා.ඒ නිසා බය නැතුව ඉන්න..
    .....
    ....
    ...
    ..
    .
    දරුණුයි :( :( :(

    ReplyDelete

හිතුනේ මොනවද?