බුකියේ මං

34 පරසතු මල

ඊයේ රෑ නින්ද ගියේම නෑ.මොකද මන්ද.ඒත් අන්තිම කවියෙන් පස්සේ කවි ලියන්නේ නෑ කියල හිතන් හිටිය මට උදේ වෙනකොට කවියක් ලියවිලා.මම කලිනුත් කිව්වා " කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත්  කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා. ".මෙදා පොටේ උත්සාහ නොකරත් එක ඉබේම ලියවිලා.ඇත්තම කියනවනම් මම දන්නා කියන මනුස්සයෙක්ට උපහාරයක් විදියට  මේක ලියවුනා කිව්වොත් වැරදි නෑ.මම ඒ කෙනාව පරසතු මලකට උපමා කරේ වෙනකෙනෙක්ට අයිති නිසා නෙවෙයි.(නැත්තන් කියාවි ලව් සීන් එකක් කියල).පරසතු මල් පිපෙන්නේ දිව්‍යලෝකේ විතරක් නිසා.


නෙත් 
කවුළු 
නොවැසීමි
තුන්තිස් 
පැයකට
විඳගනු  වස් 
අමු සොහොනක 
පිපුණු 
පරසතු 
කුසුමක  
සුවඳ 
මම...

ප.ලි - මේක අයිති කාරය මේක බලාවිද නැද්ද දන්නේ නෑ.ඒත් ඔන්න ඔහේ දැම්මා.   

බ්ලොගේට අලුත් රෙද්දක් ඇන්දුවා ඒගැනත් කිව්වනම් ?
Comments
34 Comments

34 comments:

  1. කාට ලිව්වත් මගේ අවසර නැතුව මගේ උයනෙ මල් කඩපු එකට උබට විඳවන්න වෙයි.....

    කව්ද බන් කියන්නේ කවි අරහන් කියලා......... මම ආසම කියවන්න කවිනේ

    ReplyDelete
    Replies
    1. පල පල උබේ උයන අමු සොහොනක්ද ?

      Delete
    2. මගේ උයනෙන් මලක් කඩන් ගිහින් උඹ සොහොනක දාලා.. ඔයා නරක සොරා

      Delete
  2. පිපෙන්නට සිදුවූවේ
    දෛවයේ සරදමට ......
    විදින්නට නුඹේ පවු
    අමු සොහොන් හදවතෙක......

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා මටම ලියල කියලත්............

      Delete
    2. මන්දා . එහෙනම් මේක පොදු ප්‍රකාශයක් විදියට ගම්මු ... :D

      Delete
  3. ඇත්තමයි කොල්ලෝ තේරුණේ නෑ :(
    ජය!!

    ReplyDelete
    Replies
    1. තේරේවි පසුවට උබ තාම පොඩි එකා ... :P

      Delete
  4. කවි නම් මන්ද අලුත් ඇඳුම වෙනස් කරන්න අලුයි කලුයි තද වැඩී වගේ..

    ReplyDelete
  5. ලද්දෙමි උපමා..
    පරසතු මලෙක කියා ..
    අමු සොහොනක පිපුණු ..
    නමුදු දෙන සුවද පුරා ..
    දහ දොළොස් පාරක්ම කියවලා කියවලා ..
    වැටුණු බව පසක්විය..
    අකුරු රැල හිත යටට ..
    නොදැනීම මට හොරා..

    :) ඇත්තටම ලස්සනයි.තේරුම් ගන්න ටිකක් වෙලාගියත්,මං වෙනුවෙන් ලියවුනු දේ දැකල මමත් පුදුම උනා..දැන් බ්ලොගය වෙනදාට වඩා අපූරුයි!. තීම් එක ලස්සනයි.සහෝ ඔබට ජයෙන් ජය :)

    ReplyDelete
    Replies
    1. කවියත් පට්ට..තැනකුයි හොදේ theme එක ලස්සනයි කිව්වට.

      Delete
  6. උපේක්ශාවද දුකද මුනේ තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. හිනාවක් කට කන්දෙක ලඟට ආපු හිනාවක් :D

      Delete
    2. අමාරුවෙන් නවත්ත ගත්ත හිනාවක් වෙන්න ඕන :)

      Delete
  7. දැන් කාටද බොල මේක ලිව්වේ ....?

    ReplyDelete
    Replies
    1. උඩ ඉඳං කියවන වරෙන්කෝ

      Delete
  8. කාට උනත් බොහොම අගේ ඇති නිර්මාණයක්

    ReplyDelete
  9. කියවලාද කියවලාද...?
    හොයල බැලුවේ නැද්ද..?
    අනුන්ට ලියු කවි මම නම් කියෙව්වා..
    මං මේ සුදාගේ සිතුවිල්ලක් ලහින්

    ReplyDelete
  10. ලස්සන නිර්මාණයක්!
    DongaAyya

    ReplyDelete
    Replies
    1. ඩොන්ගයියේ කොහෙද ගිහින් හිටියේ......

      Delete
  11. රෙද්ද ......... අළුත් එක .... ඒක මරු

    ReplyDelete
    Replies
    1. එල එල....කොහොමද පින්තුරේ ඉන්න නළුවා...

      Delete
  12. කවි තමා මම කැමතිම..
    අලුත් ඇඳුමට මම නම් මනාපයි ඕන්.. :)
    ~රතු හැට්ටකාරී~ [RRH]

    ReplyDelete
    Replies
    1. තැනකුයි හොඳේ...මොකෝ මේ ඇනියා ඇවිල්ලා....

      Delete
    2. මට හදිස්සියට ගූගල් එකට ලොග් වෙන්න කම්මැලි හිතුනා..ඒකට යනකොට කෝඩ් එකක් ඉල්ලනවානේ.. ;)

      Delete
    3. හඃ හඃ..ඔහොම කම්මැලි වෙලා බෑ

      Delete
  13. ane matath kaviya terune ne ayya.onna aluth adumanam lassanai hode....... :)

    ReplyDelete
    Replies
    1. කවිය ගොඩක් අයට තේරිලා නෑ .... ඇඳුම එල නේ :ද

      Delete
  14. නියමයි මිත්‍රයා දිගටම ලියන්න .....

    ReplyDelete
  15. හිරුවගේ පාරෙන් අපි ආවෝ..සුබ පැතුම්,,හොඳ අදහසක් යාළු :)

    ReplyDelete

හිතුනේ මොනවද?