බුකියේ මං

34 වැරදුනෙ කොතැන මට….?


මම හැමදාම කරේ ජීවිතේ වැරැද්ද ගත්ත එක,මගේ හිත මම විසින්ම රවට්ට ගත්ත එක විතරයි.මොනවා කියන්නද ඉතින් ලබා උපන් හැටි කියලා හිත හදන ඉන්න හැදුවත් අනේ මන්ද හැමදාම වෙන්නේ වරදින එක විතරයි.

අපි ආස කරන දේවල් අපිට නොලැබෙන කොට අපි කොච්චර කාලකන්නිද කියලා අපිට හිතෙන එක වලක්කගන්න ක්‍රමයක් තිබුනානම්.පව පව කියලා එක තැනක හිටියේ නැති උනත් සමහර වෙලාවට එන අර කාලකන්නි හැගීමෙන් ජීවිතය එපා වෙන තරම  දැනෙන්න නම් ඉතින් නොලැබිල්ල කියන අත්දැකීමට මුහුණ දෙන්න ඕන.අපි කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙකුගේ කටින්  අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු හිත තුවාල කරන තරම් සංවේදී  දේවල් අහන්න ලැබුනම, ඉබේම වැරදුනාද නැත්තන් වැරැද්ද ගත්තද කියලා හිතා ගන්න බැරි වෙනවා.කවි කියවන එක මිනිස්සුන්ට අරහන් බව දන්නවා.ඒත් මට රැයක් නිදි මැරුවොත් කතාවක් කෙසේ වෙතත්  කවියක් ලියාගන්න පුළුවන් බව අත්දැකීමෙන්ම දන්නවා.




පෙරදිනක පිපි මලක්
සිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට
සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට
තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට….

පරණ කවියක් ඒත් ඒක හැමදාටම වලංගුයි වගේ....    
Comments
34 Comments

34 comments:

  1. වැරදුන ඒවා ගැන හිතන්න එපා.ඉස්සරහට වරද්දගන්නේ නැතුව ඉන්න :)
    ඒක නේද වෙන්න ඕනි..??

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඉස්සරහට හරියට ඉන්න පරණ වැරදිච්ච තැන් මතක තියන ඉන්න ඕනෑ නේද ?

      Delete
  2. ඇත්තටම වැරදුනේ කොතනද ?

    ReplyDelete
    Replies
    1. ඒක තැනක කියලා නෑ බන්..හරි ගියපු තැන් වලත් හරි උත්තර එකට වැඩිය තිබිලා .... :(

      Delete
  3. කවිය ලස්සනම ලස්සනයි.....පද හැම එකක්ම හිතට කතාකරනවා.
    විශේෂයෙන් ලස්සනයි කියල හයිලයිට් කරන්න කෑල්ලක් හෙව්වත් මුළු කවියම ලස්සන නිසා ඒ දේ අත්හැරිය.

    'මම හැමදාම කරේ ජීවිතේ වැරැද්ද ගත්ත එක,මගේ හිත මම විසින්ම රවට්ට ගත්ත එක විතරයි.මොනවා කියන්නද ඉතින් ලබා උපන් හැටි කියලා හිත හදන ඉන්න හැදුවත් අනේ මන්ද හැමදාම වෙන්නේ වරදින එක විතරයි.' - හැමදාම වරදින්නේ නැහැ.අපි කල්පනා කරලා හදාගත්තොත්...

    යාළු ඔබට සදා ජය!

    ReplyDelete
    Replies
    1. එහෙම හිතනවා....මොනවා කරන්නද එත් හරිගිහින් කියලා හිතල සතුටුවෙන්න හදනකොට ..ශික අම්මප කොහේ හරි වැරදිලා...

      Delete
  4. හ්ම්ම්ම්.. කවි කියවන එක මට නම් එපා වෙන්නේ නැ.. වැරදුනේ කොතනද කියලා හොයන එක හොඳයි අයියේ..ඒත් වැරදුනු තැන හොයා හොයා දුක් වෙනවට වඩා හොඳයි ඒවා එහෙම වුනා කියලා හිත හදාගෙන ඉස්සරහට යන එක. ජීවිතේ අතීතයේ වෙච්ච හැමදෙයක්ම වර්තමානය සකස් වෙන්න බලපානවා.. ඒ වර්තමානය පහුගිය අතීතිය නිසා වරද්දගන්න යන්න එපා..

    පෙරදිනක අතීතය
    හමුවුනා මුහුණට මුහුණ
    ඇයි තාම පස්සෙන්ම?
    වද නොදී පලයන් අහක
    මම එහෙම කිව්වත්
    ඒකා මට කියනවා
    මම නෙවෙයි ලඟ ඉන්නේ
    උඹ නැවතිලා ඉන්නේ
    උඹට ඕනේ දවසකට
    යන්න පුළුවනි ඉතින්..

    ReplyDelete
    Replies
    1. කවිය නම් සහතික ඇත්ත...අතීතෙට අපිව වෙනස් කරන්න දෙන්න හොඳ නෑ කිව්වට අතීතයේ සමහර සෙවනැලි තාමත් හොල්මන් කරනවා...එහෙම නේද?

      Delete
    2. අතීතයේ හොල්මන් එලවන්න කවදාවත් බෑ අයියේ..ඒවා එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න වෙනවා.. මමත් එහෙමයි..ඔයාත් එහෙමයි.. අපි හැමෝම එහෙමයි.. අතීතයෙන් සැරින් සැරේ මතුවෙන හොල්මන් අපිව බය කරනවා..ඒත් ඒවාට කරන්න පුළුවනුත් එච්චරමයි..බය කරන එක.. අපේ බය/දුක නැති වෙච්ච දවසට ඒ හොල්මන් එහෙමම නැති වෙලා යනවා..

      Delete
  5. වැරදුනේ කොතනද කියලා මමත් මේ දවස් වලනං හොයනවා තමා..

    ReplyDelete
    Replies
    1. මම මේකට රෙප් ඒක දානකොට උඹට වැරදිච්ච තැන දැනගත්තා....

      Delete
  6. වැරදුනේ කොතනකද කියලා හොයන්න නම් තමුන්ගේ සිත ඇතුලට බලන්න ඕන. එහෙම බලන්න නම් සිත එකඟ වෙන භාවනාවක් කරන්න ඕන.. අපි කාටත් වැරදුනේ එකම තැන කියල එතකොට වැටහේවි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් චීත්තයක් කොහෙන් හරි සම්බන්ද වෙනවා.......

      Delete
  7. කුණ්ඩලීනී අවදිකරල බලපන්

    ReplyDelete
    Replies
    1. මේ හදිස්සියට ඕක අවදි වෙන්නේ නෑ බන්......

      Delete
  8. වැරදුන තැන් සොයන්න ඕනි.ඒත් ඒ ගැන හිතලා දුක් විය යුතු නෑ.වැරදුන තැන් හොදින් අධ්‍යනය කරලා අනාගතයේ එවන් දෙයක් නොවෙන්න වග බලා ගන්න ඕනි.ඒකය නියම පිලිවෙල.වැදුන තැන් අමතක කරන එක අනුවණ වැඩක්.

    ReplyDelete
    Replies
    1. මේක තමයි සිරාම කොම්මෙන්ට් එක...හැමදේම අමතක කරනවා කියන්නේ බොරු වැඩක්...සාදරෙන් අඳුරට පිලිගන්නවා

      Delete
  9. ලබා උපන් හැටි කියල හිතල වැටෙන්න එපා..අපි උපදින්නෙ කිසිම දෙයක් නොලබා.....

    ReplyDelete
    Replies
    1. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ ඒ දින්ගේදී ඇයි කෝලං නටන්නේ කෝලං නටන්නේ.....

      Delete
  10. බැඳීම් නැති තරමට ජිවිතේ සරළයි...

    ReplyDelete
    Replies
    1. එහෙම ඉන්න කොච්චර උත්සාහ කරත් එකකින් මිදෙනකොට අපිට නොදැනීම තව එකකට බැඳිලා....

      Delete
  11. මටත් වැරදිලා ගොඩක් කල්

    ReplyDelete
  12. hamotama waradena awstha thiyenawa ayya.api karanna one issarahata ena ewata hodin muhuna dena eka.....

    ReplyDelete
    Replies
    1. පරණ වැරදුන ඒවත් එක්ක ඉස්සරහ හොඳ වේවි කියලා හිතන්නේ කොහොමද ළමයෝ ?

      Delete
    2. ayyo.....asubawadi widiyata hithanna epa ayya.hama deyakma wenne hodatai kiyala hitha hada ganna balanna ayya.therunada oya lamayata? :)

      Delete
  13. වෙන වරදවල් ජිවිතය සාර්ථකත්වයට යන ඉනිමගක් කරගන්න

    ReplyDelete
    Replies
    1. අනිවා කොහොම කරත් වැරදුනේ නැත්තන් ඉගෙන ගැනීමක් නෑ..

      Delete
  14. කොහොමද දැන් අලුත් ජොබ් එකක් සෙට් වුණාද ?

    ReplyDelete
    Replies
    1. ඔව් .... හොඳ නිදහස් මගේ අදහස් වලට තැනක් තියන තැනක්

      Delete
  15. කියන්න හිතට ආපු ඒවා ඔක්කොම කලින් ආපු අය කියලා :/
    කවියත් තේරුමත් ලස්සනයි කියල විතරයි කියන්න ඉතුරු වෙලා තියෙන්නෙ :D

    ReplyDelete
  16. වැරදුන තැන් හොයන්න නම් සමහරවිට බැරි වෙයි.හැබැයි වැරැද්දක් උනා කියලා තේරුම් අරන් ආයෙ වැරැද්දක් නොවෙන්න වග බලා ගන්න එක තමා වැදගත්.අනික තම ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා.කාටවත් හැමදාම හරියන්නෙවත් වරදින්නෙවත් නෑ.මැදුම් පිලිවෙත හුඟක් වැදගත් වෙයි.

    ReplyDelete

හිතුනේ මොනවද?