ඔන්න ඒ කාලේ.ඒ කාලේ කිව්වම බුදුන් පුංචි කාලේ වගේ බැලමන්ට් දන්නා එපා. මේක 2006 අවුරුද්දේ සිද්ද වෙච්ච ඇත්ත කතාවක්.බොරුවට පඳුර වටේ තලන්නේ නැතුව මම කතාවට එන්ටර් වෙන්නම්කො.
මගේ යාලුවෙක්.යාලුවෙක් කියන්නේ ලගම යාලුවෙක් ඔන්න ගෑනු ළමයෙක් සෙට් කර ගත්තා.දෙන්න හරියට හම්බ වෙන්නෙත් නෑ.බස් එකේ යන එන ගමන් තමයි කතාව.මම මේ කියන සිද්දිය උනේ දෙන්නත් එක්ක මුලින්ම ටවුන් එකේ හම්බ වෙච්ච දවසේ.දෙන්නම ගියාලු කඩේකට මොනවා හරි කාල බීල කතා කරන්න.අපේ එකත් පොර සේ ගිහිල්ල කඩේ වාඩි උනා ලු.කෙල්ලත් ලගින් වාඩි කර ගත්තලු.මුලින්ම කියන්න ඕන මේ අපේ එකා කෙල්ලෙක් එක්ක මුලින්ම ඒ වගේ තැනක කතා කරන දවස.තව ටිකකින් කතාව ඉවරයි මගෙන් අහන්න එපා ඊට පස්සේ මොකක්ද උනේ? කියල.එකයි කිව්වේ කෙටි කතාවක් කියල.
අපේ එකා කඩේ වේටර් මල්ලිට කතා කරාලු මෙහෙම.
"මචන් ගෝල් ලීෆ් දෙකයි ප්ලේන්ටි.........හ්ම්ම්ම්"
කෙල්ල දිහා හැරිලා මෙහෙම අහනවලු
"දෙන්නම එකක් බොමු නේද නංගි"
හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
ශුවර් එකට නගා කියන්න ඇති. අපෝ අයියා අරවත් දෙන්නට දෙකක් ගත්ත එකේ මේවත් ගමු කියලා :P
ReplyDeleteමට පස්සේ වෙච්ච දේ ඌ කිව්වේ නෑ.... :D
Deleteසිගරට් බොන එක නවත්තන්න තමා කියන්න වෙන්නෙ.. :)
ReplyDeleteදැන් නවත්තුවට වැඩක් නෑ ඌට වෙන්න ඕන දේ උනා.හඃ හඃ
Deleteහික්ස්.. කෙල්ල එදායින් පස්සේ ආයෙ හම්බු වෙන්න නැතුව ඇති මයේ හිතේ..
ReplyDeleteඒක තමයි කෙටි කතාවක් කියලා කිව්වේ.....
Deleteඅපොයි. විලි ලැජ්ජාවේ ආඩම්බරේ බෑ ඕයි,,,,,,
ReplyDeleteමට නෙවෙයි උනේ...
Deleteඅන්න අවංක කොල්ලො...
ReplyDeleteඔව් ඔව්...අවංකම කම කෙසේවෙතත් අපි තමයි දුක වින්දේ....සාම කතා වලට........
Deleteමං නන් කියන්නේ.. නංගි කියන්නැති අයියෝ අයියා කලින් දන්නවා නන් මං ගල් කාලක් අරං එනවනේ කියලා..
ReplyDeleteසිරාවට..ඒකාලේ ගල් කාල 95 ක් විතර ................ :D
Deleteහූ ඈ,.,.,., ඔන්න මම ගොඩ වැදුනා ,.,., පලවෙනි වතාවට ගන අදුරකට .. ඒ උනාට දැක්කේ,., අමුතුම එලියක්,.,.,., මගෙ කෙල්ලට ඔහොම කිවුවනන් ,., ප්ලේන්ටිය කටේ ගහල පත්තු කරලා,., ගොර්ලිෆ් දෙක,., දෙයි හප හප ඉන්න,., :P :D
ReplyDeleteහැම කෙල්ලම එහෙම තමටි බන්....
Deleteහෑ... මට තේරුනේ නෑ නේ ..
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!!
අයි දෙය්යනේ ඒක තේරුනේ නැද්ද ?
Deleteහයියෝ හිකිස්....... තියන්ඩ වටින්නෙ නෑ අෆ්ෆා....
ReplyDeleteහිකිස්... නියම කෙටි කතාව...
ReplyDelete