බුකියේ මං

18 කෙටි කතාවක්

ඔන්න මමත් කෙටි කතාවක් දාන්න කියල හිතුවා.මේකේ විශේෂත්වය තියෙන්නේ මේ කතාවත් කෙටියි මේකේ ඇතුලේ තියන කතාවත් කෙටි වෙච්ච එක තමයි.

ඔන්න ඒ කාලේ.ඒ කාලේ කිව්වම බුදුන් පුංචි කාලේ වගේ  බැලමන්ට් දන්නා එපා. මේක 2006 අවුරුද්දේ සිද්ද වෙච්ච ඇත්ත කතාවක්.බොරුවට පඳුර වටේ තලන්නේ නැතුව මම කතාවට එන්ටර් වෙන්නම්කො.


මගේ යාලුවෙක්.යාලුවෙක් කියන්නේ ලගම යාලුවෙක් ඔන්න ගෑනු ළමයෙක් සෙට් කර ගත්තා.දෙන්න හරියට හම්බ වෙන්නෙත් නෑ.බස් එකේ යන එන ගමන් තමයි කතාව.මම මේ කියන සිද්දිය උනේ දෙන්නත් එක්ක මුලින්ම ටවුන් එකේ හම්බ වෙච්ච දවසේ.දෙන්නම ගියාලු කඩේකට මොනවා හරි කාල බීල කතා කරන්න.අපේ එකත් පොර සේ ගිහිල්ල කඩේ වාඩි උනා ලු.කෙල්ලත් ලගින් වාඩි කර ගත්තලු.මුලින්ම කියන්න ඕන මේ අපේ එකා කෙල්ලෙක් එක්ක මුලින්ම ඒ වගේ තැනක කතා කරන දවස.තව ටිකකින් කතාව ඉවරයි මගෙන් අහන්න එපා ඊට පස්සේ මොකක්ද උනේ? කියල.එකයි කිව්වේ කෙටි කතාවක් කියල.

අපේ එකා කඩේ වේටර් මල්ලිට කතා කරාලු මෙහෙම.

"මචන් ගෝල් ලීෆ් දෙකයි ප්ලේන්ටි.........හ්ම්ම්ම්" 

කෙල්ල දිහා හැරිලා මෙහෙම අහනවලු 


"දෙන්නම එකක් බොමු නේද නංගි"         



හ්ම්ම්ම්.....හිතුන දේ හිතේ තියන් ඉන්නේ නැතුව කිව්වා නම් .............
Comments
18 Comments

18 comments:

  1. ශුවර් එකට නගා කියන්න ඇති. අපෝ අයියා අරවත් දෙන්නට දෙකක් ගත්ත එකේ මේවත් ගමු කියලා :P

    ReplyDelete
    Replies
    1. මට පස්සේ වෙච්ච දේ ඌ කිව්වේ නෑ.... :D

      Delete
  2. සිගරට් බොන එක නවත්තන්න තමා කියන්න වෙන්නෙ.. :)

    ReplyDelete
    Replies
    1. දැන් නවත්තුවට වැඩක් නෑ ඌට වෙන්න ඕන දේ උනා.හඃ හඃ

      Delete
  3. හික්ස්.. කෙල්ල එදායින් පස්සේ ආයෙ හම්බු වෙන්න නැතුව ඇති මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කෙටි කතාවක් කියලා කිව්වේ.....

      Delete
  4. අපොයි. විලි ලැජ්ජාවේ ආඩම්බරේ බෑ ඕයි,,,,,,

    ReplyDelete
  5. අන්න අවංක කොල්ලො...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...අවංකම කම කෙසේවෙතත් අපි තමයි දුක වින්දේ....සාම කතා වලට........

      Delete
  6. මං නන් කියන්නේ.. නංගි කියන්නැති අයියෝ අයියා කලින් දන්නවා නන් මං ගල් කාලක් අරං එනවනේ කියලා..

    ReplyDelete
    Replies
    1. සිරාවට..ඒකාලේ ගල් කාල 95 ක් විතර ................ :D

      Delete
  7. හූ ඈ,.,.,., ඔන්න මම ගොඩ වැදුනා ,.,., පලවෙනි වතාවට ගන අදුරකට .. ඒ උනාට දැක්කේ,., අමුතුම එලියක්,.,.,., මගෙ කෙල්ලට ඔහොම කිවුවනන් ,., ප්ලේන්ටිය කටේ ගහල පත්තු කරලා,., ගොර්ලිෆ් දෙක,., දෙයි හප හප ඉන්න,., :P :D

    ReplyDelete
    Replies
    1. හැම කෙල්ලම එහෙම තමටි බන්....

      Delete
  8. හෑ... මට තේරුනේ නෑ නේ ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. අයි දෙය්යනේ ඒක තේරුනේ නැද්ද ?

      Delete
  9. හයියෝ හිකිස්....... තියන්ඩ වටින්නෙ නෑ අෆ්ෆා....

    ReplyDelete
  10. හිකිස්... නියම කෙටි කතාව...

    ReplyDelete

හිතුනේ මොනවද?