බුකියේ මං

13 පිස්සු ගව රෝගය......(18+)


ඔන්න මමත් කතාවක් ඔක්කොම දාන්ඩ කියල හිතුවා.මේක මම අහපු කතාවක්.මේකට කාලින වැදගත් කමක් තියනවද මන්ද.මොකද මම ලගදී දැක්ක කොහෙද රටක පිස්සු ගව රෝගය ගවයන් ඔක්කොම විනාස කෙරුවා කියලා..
මේ සිද්දිය උනෙ නම් ලන්කාවේ විද්යුත් මාධ්‍ය නාලිකාවක වැඩ කරන නිවේදිකාවකට.(හිතන්න එෆ් එම් එකක කියලා…එ අය හරි පන්ඩිතයි නෙ )

22 රොමැන්ටික් කවි තුනක්......



මානවක කවිය 
අනේ
සිඹින්න
හිතත්
නුඹෙ
දෙතොල
ඒත්
මැකේවිද
කියල
ඔය හිනාව
මොහොතකට
හරි
බයයි
මට

9 තාත්තේ තාත්තා නම්.........

මේක ලියන්න හිතුනේ අද බොන්න කියල හැමදාම බොන සුපුරුදු තැනට යනකොට එතන හිටිය වේටර් අයියා කෙනෙක් අපිව පිළිගත්ත හැටි දැකල.නිකම් පලවෙනි දවසේ ඉස්කෝලේ ගිය පොඩි එකෙක් වරුවක් අඬල දවල් වරුවේ ඉස්කෝලේ අහවර උනාම තමන්ව ගෙදර එක්ක යන්න අම්ම ආවම මුනට එනවා වගේ හිනාවක් ඒ අයියටත් ගියා බොලන්.සිරියාවන්ත කමේ බෑ. ඉතින් අපි එච්චර බේබද්දෝ වෙලාද කියල දුක් වෙන ගමන් පරණ කතා දෙක තුනක් මතක් කරා....

18 පිළුණු කවියකට උණු පෙරවදනක්

ජීවිතේට ආවටත් වඩා ඉක්මනින් මාව ඔයාගේ ජීවිතෙන් පිටමන් කරන්න ඔයාට පුළුවන් උනාට මට ඒක ඒක පාරටම විශ්වාස කරන්න බැරි වෙච්ච එකයි දුක . මට කොච්චර බිව්වත් මට ඔයාව අමතක කරන්න බැරි බව දන්නවා දැනටමත් මම.බොන හැම වෙලාවේම මට ඔයාව වැඩිපුර මතක වෙන එක විතරයි වෙන්නේ.ඒත් ඒ මත ගතිය හිත ඇග අඩපන කරනවට ආසයි මම.ඇස් පියා ගත්තම ඔයාව නොපෙනී ගන කළුවරම පේන ඒ හිංසාකාරී මත් ගතියට ගොඩක් ආසයි මම.ඒත් ඒ මත් ගතිය ඉවර වෙලා අයෙත් ඇස් වහ ගත්තම ඔයාව පේන එකට මගේ ජීවිතේටත් වඩා ආසයි මම.දුක නැති කරගන්න හොදම විසදුම බොන එක කියල තේරුම ගිය ඇත්තමයි...ඊයේ ඔයා ගැන හිත හිත බොනකොට...අනුකම්පාවක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ...මාව අයෙත් ජීවිතේට ගනීවි කියලා බලාපොරොත්තු වෙන්නෙත් නෑ...කවුරුවත් මේක දැකලා දුක වෙන්න ඕනත් නෑ (මේ සටහන නිකන්ම නිකන් සත්‍ය වටහාගත් සන්තෝසෙට ලියපු එකක්)...

14 අන්තිම කවිය

මම කවි වලටම කොටු වෙලා කියල හිතුන නිසා අයෙත් කාලෙකට කවියක් ලියන්නේ නෑ කියල හිතුවා එනිසා අන්තිම කවිය විදියට ටික කලකට කලින් ලියපු මේ කවි පෙළ දාන්න හිතුවේ.එකම තමයි මේකට අන්තිම කවිය කියල නම දැම්මෙත්.සමහර විට මේක මගේ අන්තිම කවිය වේවි.  

14 රැකියාවට සමු දීම හෙවත් තීන්ත බාස් නියතය ......

හිතන්න කොහොමද කියල සති අන්තයක අතේ සතයක් වත් නැතුව ගෙදරින් ඈතක තනි වෙන්න උනාම..කීයක් වත් ඉල්ලා ගන්න අහල පහලක අදුරන කෙනෙක් නැති උනාම..කන්න විදියක් නෑ සල්ලි නෑ කියන හැගීම එක්ක බඩගිනි උනාම කොහොමද? .දවස් දෙක අමාරුවෙන් ගොඩ දාල සදුදා කාර්යාලයට ගියාම මගේ පඩිය නවත්තල කියන ආරංචිය ආවම කොහොමද හිතට දැනෙන ෆන් එක.

8 සදාතනික වෙසගන......(??+)



එන්න
උනා
දුහුල්
සළුපට
එක්වෙන්න
මේ
සලෙලා
එක්ක
යහන
මත
මන්
හින්දම
විතරක්
සුසුම්
වපුරන
මගේ
සදාතනික
සොඳුරු
වෙසගන....

10 ඉසදියට අඩන සඳ......(20+)


ඔබද මා
අත්වින්ද
සිහිනෙකින්
පෙම්බැන්ද
ඒ යුගල
යහන අද
පාලු වී
ගියේ මන්ද......

සිහිනෙකින්
මම බින්ද
මලේ නුබේ
මකරන්ද
තලන්නේ
වෙනකෙනෙක්
අනේ මොන
හිතකින්ද......

පිරුවටය
යහන මත
ඉසදියට
අඩන සඳ
ගලන රුධිරය
නුබේ
නොව
මගෙයි
දන්නවද.......