සැර වැඩියි...එකෙන්ම සැර වැඩියි....මම මේ කියන්න ගියේ ඉතින් මේ දවස් වල බොක්ක ඇතුලේ බුර බුරා නැගෙන හද සන්තානයේ ඔඩු දුවන පට්ටම සෙන්ටිමෙන්ටල් ප්‍රශ්නයක් ගැන...මෙහෙමයි....අපි කන බොන විදියට (අහ්හ්...මම ඒකෙන් අදහස් කරේ වෙළඳ පොලේ ඇති ගුණාත්මක භාවයෙන් අඩු ආහාර,තෙල් කෑම වැඩිපුර ගැනීම වගේ දේවල් ) අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මේ රට යන විදියට අපි කොච්චර කලක් ජීවත් වේවිද?.මට කෝච්චියේ කතරගම යන්න පුළුවන් වේවිද?.ලංකාවෙ තෙල් වලින් මට වාහනයක් දුවන්න පුළුවන් වේවිද?.තව ෂඃ මේ සීරියස් හද කකියවන කතාවක් අස්සේ තව කතාවක් මතක් උනා නේ...සොරි වෙන්න ඕනේ ඒක කියලම ආයේ සීන් ඒකට එන්ටර් වෙන්නම් ආයිබෝවන්ඩ.
බුකියේ මං
21 එන්න අනාවැකි කියන්න
Labels:
මට හිතෙන හැටි.....
14 නොලියු ලියමන
Labels:
නොකියු කවි
ආදරණීය සුදු නංගි වෙත
මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන් ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.
14 සුදු වදමල්
Labels:
කෙටි කතා
තාත්තාගේ මතකය ඇයව අතීතයට රැගෙන යයි.හොඳ අය ඉක්මනට දෙවියන් ලඟට ගන්නවා යැයි කුඩාකල ඇයට කවුදෝ කිව්වා මතකය.ඒ මුසල දවස...ඇයට පිය සෙනෙහස අහිමිකල ගුවන් අනතුර...කඩා වැටුන මිග් යානය...චිත්තරූප එකක් පසුපස එකක් ලෙස ඇයගේ දෑස් මත ඇඳී නොපෙනී යයි...තාත්තා කඩේ ගියේ කෙල්ලට මාළු බනිස් එකක් අරන් ඒමටය.කෙල්ලට තවම ඇත්තේ තමන් ගැනම ඇති අප්‍රසාදයකි.ඇයට එදා මාලුබනිස් උවමනා නොවුනානම් තාත්තා කඩේ යන්නේද නැත.තාත්තා කඩේ නොගියානම් අනතුරට පත් මිග් යානය තාත්තාගේ හිසමත කඩා වැටෙන්නේද නැත.ඇය එදා සිට මාළු බනිස් කන්නේද නැත.
11 තනිවෙලා මා තනිවෙලා............
Labels:
නොකියු කවි
හිතේ කොනක හිරවෙලා කවදාවත් කියාගන්න බැරුව ලතවෙච්ච හැගීම් සමහර වෙලාවට කවි වෙලා එලියට පනින්නෙ අපිට හිතාගන්න වත් බැරි විදියට.ඒ සමහර හැගීම් ඒවා ඇති කරපු එක්කෙනාට කියාගන්න තිබුන නම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් එහෙම කියාගන්න පුලුවන් උනා නම් සමහර විට මෙ කවි ලියවෙන්නෙ නැතුව තියේවි.දුක විරහව මිනිස්සුන්ව නිර්මානශීලි කරනවා.මේ කවි පෙලේ කවිත් එකම දවසක ලියපුවා නෙවෙයි කාලයක් තිස්සේ එක ගානෙ ලියවිච්චා.අන්තිමට ඔක්කොම එකම තැනකට ගෙනාවා.....
47 පරාදීසයේ කොනක | at the edge of paradise
Labels:
කෙටි කතා,
රැඩිකල්,
රොමැන්ටික්
මොකද මේ අමුතු වෙලා...මට අල්ලන්නේ නම් නෑ බබෝ ඔය පෙනුම නම්.මොකාටද ඔයා මේ එන්න හදන්නේ...
13 පරිණාමය වූ ආදරයක අසුන්දර අතුරුපලය.
ඕනෑම ආදරයක් ආරම්භ කල වහාම එය පිවිතුරු ආදරයක්ද නැතහොත් ආත්මීය ආදරයක්ද යනුවෙන් වර්ග කිරීමට තැත් කිරීම කිසිවිටෙක ප්‍රායෝගික නොවේ.ඩාවින්ගේ ස්වභාවික වරණය නැත්නම් පවතිනා තත්වයට ගැලපෙන අය පමණක් දිවිගලවා ගැනීම, ජීවමානව පරිණාමය වන ආදර කතාවක් තුලද පවත්නා මුලික පදනම හා පහසුවෙන් අර්ථ දැක්විය හැකි සාධකය වේ.එනම් ආදර කතාවක් පරිපුර්ණත්වයට පත්වීමට නම් නොයෙකුත් වූ සංවේදී ජීවන අවස්ථා පසු කර යෑමට සිදුවීම අනිවාර්ය නියතයකි.එනම් එකී පරිණාමික අවස්ථාවේදී දෙදෙනා නොගැලපේ නම් ආදර කතාවද බොහෝවිට එතනින් අවසන් වේ...
8 මාතෘකාවක් නොමැත.
Labels:
නොකියු කවි
ජීවිතේ හරිම පුදුමාකාරයි.මොකද කියනවා නම් සමහර දේවල් ලැබෙන්නේ අපිට උවමනා වෙලාවට නෙවෙයි නේ.එක්කෝ කලින් නැත්තන් නැත්තන් පහුවෙලා.සමහර දේවල් කලින් ලැබිලා ඕනේ නෑ කියල පැත්තකට දැම්මට ඒ දේවල් ඕනෙම වෙන වෙලාවට ඒවා අපිට ලැබෙන්නේ නැත්තන් හිතට දැනෙන පරාජිත හැගීම මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.මේ වචන කීපය පෙළගස්සන්න මී ගොඩයා ගේ ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා කියන කවි පෙළත් මාරයා අයියගේ පොස්ට් එකක මහවෙදනා මහත්මයා දාලා තිබුන කොමෙන්ට් එකක් නිසා.ඇත්තටම මට මේකට මාතෘකාවක් හොයා ගන්න බැරි උනා....
75 ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers
ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත් වී යැයි සිතේ.
Subscribe to:
Posts (Atom)

