බුකියේ මං

11 අවසන් සටහන | last post

දුෂණය කර 
මරාදමමි 
අවංක කම...
සඟවමි මිහිදන් 
කොට 
හිතේ පතුලේම...

ඇනගනිමි සැතකින් 
හදවතට 

නැගිටිනු රිසින් 
නැවත මරණයෙන් 
ආත්මයක් රහිත 
අමනුස්සයෙක් ලෙස 

මම................

කවියාගේ මළගමට පෙර ලියන ලද්දකි. 

16 කවියාගේ මලගම | funeral of poet


මම හැමතිස්සෙම විශ්වාස කරපු දෙයක් තමයි හිතේ වේදනාව මිනිස්සුන්ව නිර්මාණශීලී කරනවා කියන එක.හැබැයි මම අලුතෙන්ම හොයා ගත්තා හිතේ වේදනාවට  නිර්මාණශීලී මිනිහෙක්ව කළුගලක් කරන්න පුළුවන් කියන එක."මේවා ලියන්නේ කවුරුන් වෙනුවෙන්ද ?" කියන ප්‍රශ්නේ ලොකුවටම හිතට එනකොට,හිත ඇතුලේ පොපියන අදහස් අකුරු කරනවට වැඩිය ඒවා හිත ඇතුලේම මැරෙන්න ඉඩ අරින එකෙත් ආතල් එකක් නැත්තෙමත් නෑ.කවි හිත මැරුණම කවියා ජීවත් උනත් නැතත් ඒකෙ ලොකු වෙනසක් නෑ නේ.සංවේදී වචන ටිකක් එහාට මෙහාට කරලා වාක්‍යක් වචන වලට වෙන්කරලා ලියන කවියක් ඇරෙන්න මැරුණ කවි හිතකින් ඊට පස්සේ ඇත්තටම හිතෙන් උපදින කවි සිතුවිල්ලක් බිහිවේවි කියලා හිතන්න බෑ.


18 මාධ්‍ය සදාචාරය නම් කුජීතයි.එතකොට අපේ ?

සැබෑ සදාචාරයක් තිබිය යුත්තේ මාධ්‍ය කරුවන්ට පමණක්ද?.අප විසින් සමාජජාල වල පලකරන සෑම චායාරුපයකින්ම සෑම වචනයකින්ම අපද නිතැතින්ම යම තරමකට මාධ්‍යකරුවකු නොවන්නේද?.පෞද්ගලික දේශපාලන මතවාද ව්‍යාප්තිය උදෙසා මෙවැනි පුවත් විකෘති කිරීමේ ක්‍රියාවලින් සිදුවන්නේද රජය විසින් සත්‍ය වසන් කිරීමට යොදා ගනු ලබන පහත් අධම මාධ්‍ය භාවිතයම නොවේද?.

37 දුෂ්ටයා හමුදාව විතරද? | The battle for water

සැබෑ ජන අරගලයක් යනු කුමක්දැයි? මා සෑම විටම කල්පනා කල මාතෘකාවකි.අද දින වන වන විට වැලිවේරියේ සිද්ධිය ජන අරගලයක් ලෙස ලේබල අලවා එයට වෙනම අර්ථකතනයක් දී ඇතුවාක් මෙන් මාද ඉහත සිද්දියට වෙනම අර්ථකතනයක් දීමට තැත් කිරීමක් ලෙස මෙම ලිපිය හදුන්වමි.

රතු පස්වල සිද්ධිය සැබෑ ජන අරගලයක්දැයි මදකට විමසා බලමු.ඇත්තෙන්ම එහි ආරම්භයද සියලුම සැබෑ ජන අරගල යක් මෙන්ම සාධාරණ හේතුවක් මත ඇතිවූ බව සිතා ගැනීමට ඉතා පහසුය.යම් කර්මාන්ත ශාලාවක් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ ඉතා වටිනා මානව අයිතිවාසිකමක්‌ උල්ලංඝනය වේ.ඔවුන් රැල්ලක් ලෙස නැගී සිටින්නේ ඔවුන්ගේ සාමකාමී ඉල්ලීම් වලට කන නොදුන් තැනයි.මධ්‍යස්ත මතධාරියෙක් ලෙස ඔවුන්ගේ නැගීසිටීම අධි සදරනීකරණය කරන්නේ එබැවිනි.ඔවුන් ඔවුන්ගේ සටන තරමකට ජයග්‍රහණය කරන ලදී.වගකිවයුතු අංශ වල අවධානය ඔවුන්ට යොමු වීම සහ අනිත් මිනිසුන්ගේ සහ යෝගය ලැබීම, එකම අරමුණක් වෙනුවෙන් කැපවුන ජන පදනමක් නිර්මාණය වීම  තරමක ජයග්‍රහණයක්‌ නොව සුවිසල් ජයග්‍රහණයක්‌ ලෙස දැක්විය හැක.  

15 රමණය සහ ලේ | Intercourse then Blood






සත්තයි 
ගලාවි ලේ 
හොඳටම - 
පිස්සුවෙන් වගේ 
රමණය කරොත් -
|
|
|
|
- විදුරුමහින්..... 
- දත් සමග.....
-දැහැටි කූර ......

32 ඔබ දෙවිදුන්ගේ මනමාලියයි | Bride of God

විරහව කියන්නේ මහ පුදුමාකාර අත්දැකීමක්.ඒ අත් දැකීම මිනිස්සු අතරට එන්නෙත් ඒ වගේම මහ පුදුමාකාර හිතා ගන්නවත් බැරි විදියට.විරහව විඳින කෙනාට යම් තරමකට හෝ තමන්ගේ වේදනාව අඩු කරගන්න විරහ ගීත වලින් ලැබෙන්නේ ලොකු උපකාරයක්‌ පිටුවහලක්.ලිපියේ මාතෘකාවට අදාළ ගීතය බොහෝම ප්‍රසිද්ධ විරහ ගීතයක්.අද කියන්න යන්නේ ඒ සිංදුව ඇතුලේ හැංගිච්ච සැබෑම කඳුළු කතාව.  

61 ඔයා බඩුවක් (18+) | Harlotry (18+)

ආදරණීය මැණික

මට සමාවෙන්න වස්තුව.....මම හීනෙකින්වත් හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර ඉක්මනට කැඩිලා බිඳිලා යාවි කියලා.ඒත් ඔයා නරකයි.ඔයාගේ චරිතේ හොඳ නෑ තේරෙන භාෂාවෙන් කියනවා නම් ඔයා බඩුවක් කියලා දැන දැනම මම කොහොමද? ඔයාට ආදරය කරන්නේ.මම පරමාදර්ශී මිනිහෙක් නෙවෙයි.පාරේ නටන්න ඕන හැම නැටුමම නටපු බඩ්ඩක්ව ඔක්කොම දේවල් අමතක කරලා කර ගහ ගන්න තරම්.එහෙම කරත් මට ඔයාගේ ඔය නරක ඇබ්බැහිවීම ගැන මම අමතක කරන්නේ කොහොමද?  

17 පොළඟකට පෙම් බැඳ | Love With Female Viper

බ්‍රහස්පතින්දා 


දැන් අපි නිදාගමු අයියා .... මට හොඳටම නිදිමතයි.අනික හෙට උදෙන්ම වැඩට යන්නත් ඕනේ . ඊට පස්සේ ක්ලාස්.අනේ මම දවසම ඉන්න වෙනවා නේ.මම පව් නැද්ද ?

ඉතින් අපි විනාඩි දහයක් වත් කතා කරේ නෑ නේ බබා...ඔයා මෙච්චර වෙලා හිටියනේ මට ගන්න...

අනේ සොරි පොඩි චැට් එකකට අහු උනා නේ...අනේ අද බෑ හෙට රෑට කතා කරමු අනිද්දා කොහොමත් නිවාඩුයි නේ...බුදුසරණයි.පරිස්සමින් ඉන්න...

හ්ම්ම්ම්.බුදු සරණයි..වෙන මොනවා කියන්නද ඉතින්...

ඔයා නපුරුයි අයියා...දැන් මම දොයි...