බුකියේ මං

14 සුදු වදමල්

කෙල්ල වෙනදාටත් වඩා කලින් අවදි වුයේ ඇයගේ මුල්ම සම්මුඛ පරීක්ෂණයට යෑමට තිබුනේ අද නිසාය.ගුවන් අනතුරකින් තාත්තා මෙලොව හැරගිය දා පටන් ඇයට ඉගැන්වීමටත් ඇයව ලොකු මහත් කිරීමටත් කෙල්ලගේ දුප්පත් අම්මා විඳි අපා දුක ඇයට ඉස්පිල්ලක පාපිල්ලක අඩුවකින් තොරව මතකයේ ඇත.අද පැවැත්වෙන්නේ ඇය දැමු සියගානක් වූ අයදුම් පත් වලින් ඇයට ප්‍රතිචාර දැක්වූ පළමු සම්මුඛ පරීක්ෂණයයි.අද ඈ සමත් උවහොත් අම්මාගේ වීරිය පාරමිතාවට ඇයට අත්වාරුවක් වන්නට හැකි වනවා නිසැකය.

තාත්තාගේ මතකය ඇයව අතීතයට රැගෙන යයි.හොඳ අය ඉක්මනට දෙවියන් ලඟට ගන්නවා යැයි කුඩාකල ඇයට කවුදෝ කිව්වා මතකය.ඒ මුසල දවස...ඇයට පිය සෙනෙහස අහිමිකල  ගුවන් අනතුර...කඩා වැටුන මිග් යානය...චිත්තරූප එකක් පසුපස එකක් ලෙස ඇයගේ දෑස් මත  ඇඳී නොපෙනී යයි...තාත්තා කඩේ ගියේ කෙල්ලට මාළු බනිස් එකක් අරන් ඒමටය.කෙල්ලට තවම ඇත්තේ තමන් ගැනම ඇති අප්‍රසාදයකි.ඇයට එදා මාලුබනිස් උවමනා නොවුනානම් තාත්තා කඩේ යන්නේද නැත.තාත්තා කඩේ නොගියානම් අනතුරට පත් මිග් යානය තාත්තාගේ හිසමත කඩා වැටෙන්නේද නැත.ඇය එදා සිට මාළු බනිස් කන්නේද නැත.

11 තනිවෙලා මා තනිවෙලා............

 heart
හිතේ කොනක හිරවෙලා කවදාවත් කියාගන්න බැරුව ලතවෙච්ච හැගීම් සමහර වෙලාවට කවි වෙලා එලියට පනින්නෙ අපිට හිතාගන්න වත් බැරි විදියට.ඒ සමහර හැගීම් ඒවා ඇති කරපු එක්කෙනාට කියාගන්න තිබුන නම් කියලා හිතෙන වාර අනන්තයි.ඒත් එහෙම කියාගන්න පුලුවන් උනා නම් සමහර විට මෙ කවි ලියවෙන්නෙ නැතුව තියේවි.දුක විරහව මිනිස්සුන්ව නිර්මානශීලි කරනවා.මේ කවි පෙලේ කවිත් එකම දවසක ලියපුවා නෙවෙයි කාලයක් තිස්සේ එක ගානෙ ලියවිච්චා.අන්තිමට ඔක්කොම එකම තැනකට ගෙනාවා.....



47 පරාදීසයේ කොනක | at the edge of paradise

මට පසුපස හරවා සිටි ඇය නොනවත්වාම සිනා සෙන්නීය.මදක් හිස හරවා මා දෙස බලනු වස් නෙත් කෙවෙනි කොනටම ගෙනා ඇයගේ දෙනෙත් කවදාවත් නැති තරමට දිලිසෙ යැයි සිතේ.එම සිනහව ඇයගේ වර්තමාන තත්වයට නොගැලපේ යැයි විටෙක සිතෙන මුත් වහා නැගිට සෙමින් ඇයගේ මුහුණ පිරි මදින්නට සිතෙන්නේ ඇයි දැයි තවමත් තේරුම් ගත නොහැක.

මොකද මේ අමුතු වෙලා...මට අල්ලන්නේ නම් නෑ බබෝ ඔය පෙනුම නම්.මොකාටද ඔයා මේ එන්න හදන්නේ...

13 පරිණාමය වූ ආදරයක අසුන්දර අතුරුපලය.

ඕනෑම ආදරයක් ආරම්භ කල වහාම එය පිවිතුරු ආදරයක්ද නැතහොත් ආත්මීය ආදරයක්ද යනුවෙන් වර්ග කිරීමට තැත් කිරීම කිසිවිටෙක ප්‍රායෝගික නොවේ.ඩාවින්ගේ ස්වභාවික වරණය නැත්නම් පවතිනා තත්වයට ගැලපෙන අය පමණක් දිවිගලවා ගැනීම, ජීවමානව පරිණාමය වන ආදර කතාවක් තුලද පවත්නා මුලික පදනම හා පහසුවෙන් අර්ථ දැක්විය හැකි සාධකය වේ.එනම් ආදර කතාවක් පරිපුර්ණත්වයට පත්වීමට නම් නොයෙකුත් වූ සංවේදී ජීවන අවස්ථා පසු කර යෑමට සිදුවීම අනිවාර්ය නියතයකි.එනම් එකී පරිණාමික අවස්ථාවේදී දෙදෙනා නොගැලපේ නම් ආදර කතාවද බොහෝවිට එතනින් අවසන් වේ...

8 මාතෘකාවක් නොමැත.

ජීවිතේ හරිම පුදුමාකාරයි.මොකද කියනවා නම් සමහර දේවල් ලැබෙන්නේ අපිට උවමනා වෙලාවට නෙවෙයි නේ.එක්කෝ කලින් නැත්තන් නැත්තන් පහුවෙලා.සමහර දේවල් කලින් ලැබිලා ඕනේ නෑ කියල පැත්තකට දැම්මට ඒ දේවල් ඕනෙම වෙන වෙලාවට ඒවා අපිට ලැබෙන්නේ නැත්තන් හිතට දැනෙන  පරාජිත හැගීම මොනවගේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.මේ වචන කීපය පෙළගස්සන්න මී ගොඩයා ගේ ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා කියන කවි පෙළත් මාරයා අයියගේ පොස්ට් එකක මහවෙදනා මහත්මයා දාලා තිබුන කොමෙන්ට් එකක් නිසා.ඇත්තටම මට මේකට මාතෘකාවක් හොයා ගන්න බැරි උනා....


75 ආගන්තුකයන්ගේ මධුසමය | the honeymoon of strangers

ඇයට එසේ කිරීමට අයිතියක් තිබුණාදැයි හෝ ඇයගේ අරමුණ කුමක් වීදැයි මුල් හමුවීමේ සිටම මා පෙළන ගැටළුවකි.ඇය ලැබීමට තරම් නොව පැතීමට තරම් වත් රූමත් කමක් එදින මාගෙන් නිරුපණය නොවීමද මට අකමැති වනමෙන් ඇයගෙන් ඉල්ලා සිටියදීත් ඇය මාවෙත මනාපය පල කිරීමද  මාගේ හදවතෙහි ඇය ගැන සැකයක් නැතිනම් අපුලක් හෝ අර්ථකතනයක් දිය නොහැකි එහෙත් දරාගත නොහැකි නොසන්සුන්තාවයක්  ඇති කිරීමට සමත් වී යැයි සිතේ.


41 මංගල රැයට උපදෙස් පහක් (18+)

කාන්තාවන් වෙනුවෙන් ලියවෙන පත්තර සමාජයේ සුලභය.එලෙසම කාන්තාවන්ට තම එදිනෙදා ජීවිතය පහසු කරගැනීමට උපකාරීවන මහාර්ඝ වූ උපදෙස්,අවවාද සහ නව දැනුමද ඒවායේ නොමඳව අන්තර්ගතය.තවත් ඉදිරියට යන විට මංගල රාත්‍රිය සැපවත්ව ගත කිරීමටද ඒවායේ (අඳින්න ඕනෑ ඇඳුම,සැමියා සතුටු කරන විදිය ආදී වශයෙන්) උපදෙස් රාශියක් අඩංගුය.නමුදු මහත් වූ ගැටලුකාරී මානසිකත්වයකි.මංගල රාත්‍රිය ගත කිරීමට උපදෙස් දිව යුත්තේ කාන්තාවන්ට පමණක්මද?.පුර්ෂ පාර්ශවයට ඒ සඳහා උපදෙස් අවශ්‍ය නොවේද?

14 ජැක් ගේ එපා කරපු (වීර ක්‍රියා) දෙක | The Epic Adventures of Jack II

කලින් එකේ (ඒක නොබලපු අය අරක උඩ කොටලා ගිහින් ඒක බලන්න

ඔන්න ටික වෙලාවක් ගත උනා,අපි හිතමු අපේ කතා නායකයා හැතැම්ම කීපයක් ඉස්සරහට ගියා කියලා.ඔන්න ජැක්ට ඈතින් ලාවට වගේ ඇහෙනවා සින්දුවක්.


          ♫ ♪ ♫ ♪....ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා...♫ ♪ ♫ ♪  

එතන ඉඳං ඔන්න

ඒ සින්දුව ඇහුනා විතරයි ජැක් ට ලොකු සන්තෝසයක් දැනුනා..මොකද කියනවා නම් මෙච්චර වෙලා කැලේ මැදින් එනකොට ජැක්ට ඇහුනෙම හැකරල්ලෝ,ගස්ගෙම්බෝ,මීමින්නෝ,වල් හාවෝ වගේ භයානක සතුන්ගේ ශබ්ද?...ඉතින් ජැක්ට හිතුනේම මේ නම් අපි අහන්නේ අහවල් එක කියල ඉස්සරහ ලොකුවට ගහල තියෙන තේ කඩයක් කියලමයි.