බුකියේ මං
16 මතක බණ | Recollection
17 සදහටම සමු ගනිමි
Labels:
අනේ මන්දා
ඝනකම් අඳුර යනු මාගේ සිතිවිලි වල දුක්ඛ දායක ස්වරූපයයි.මට මාගේ සිතුවිලි පිට කල හැකි පහසුම ක්‍රමය වූ කවිය මගින් මා සිතුවිලි පිට කලෙමි.කුමක් නම් කරන්නද.මා පල කරන ලද සෑම ලිපියකින්ම මා අවට ඇති අයගේ සිත මා නොදැනුවත්වම තුවාල කර ඇත.පව් පුරවා ගැනීමට තවත් කිසිම අදහසක් නැත.
මම ඝනකම් අඳුර ආරම්භ කරේ හුදෙක් ආත්ම තෘප්තිය උදෙසාය.මම මගේ ඝනකම් අඳුර ට ආදරය කලෙමි.නමුදු ඝනකම් අඳුර ලියන්නට ජීවත් නොවෙමි.ජීවත් වීද මට ලියන්නට යමක් ලැබෙනු ඇත.කෙසේ නමුත් බ්ලොග් ලෝකයේ සුන්දර මිනිසුන් බොහෝ දෙනෙක් හඳුනා ගැනීමට ලැබීම ගැන තුටු වෙමි.මීට වැඩ අටුවා ටීකා පවසන්නට නොහැකිය.මින් පසු මෙහි කිසිම සටහනක් නොතැබෙනු ඇත.සදහටම සමු ගනිමි.සහෘදයන්ගේ සටහන් සටහන් කියවමි.ඒවා ගැන මාගේ අදහස්ද ප්‍රකාශ කරමි.නමුදු අදින් පසු ඝනකම් අඳුරේ කිසිවක් පල නොවනු ඇත.."මානවක" යන නාමය අතීතයේ මතක සමග මුහුවනු ඇත.
(පැරණි කවියකින් සොඳුරු යුගයක මතක ඈවර කරමි)
සිඹ සෙමින් තුරුළු කොට
අකාලෙට වසින වැහි
බින්දු හැම ගනන් කොට
සොඳුරු කවිපද ලියූ
කොල ඉරා සහසකට
සදා දුක් දෙන හැඟුම්
බද්ධ කර හදවතට
තරු මිලින අහස මත
සඳ දමා ඈතකට
අඳුරේම සොයමි මම
වැරදුනෙ කොතැන මට….
මා සමග රැඳී සිටි ඔබට ස්තුතියි.
11 අවසන් සටහන | last post
මරාදමමි
අවංක කම...
සඟවමි මිහිදන්
කොට
හිතේ පතුලේම...
ඇනගනිමි සැතකින්
හදවතට
නැගිටිනු රිසින්
නැවත මරණයෙන්
ආත්මයක් රහිත
අමනුස්සයෙක් ලෙස
මම................
කවියාගේ මළගමට පෙර ලියන ලද්දකි.
16 කවියාගේ මලගම | funeral of poet
Labels:
නොකියු කවි
මම හැමතිස්සෙම විශ්වාස කරපු දෙයක් තමයි හිතේ වේදනාව මිනිස්සුන්ව නිර්මාණශීලී කරනවා කියන එක.හැබැයි මම අලුතෙන්ම හොයා ගත්තා හිතේ වේදනාවට නිර්මාණශීලී මිනිහෙක්ව කළුගලක් කරන්න පුළුවන් කියන එක."මේවා ලියන්නේ කවුරුන් වෙනුවෙන්ද ?" කියන ප්‍රශ්නේ ලොකුවටම හිතට එනකොට,හිත ඇතුලේ පොපියන අදහස් අකුරු කරනවට වැඩිය ඒවා හිත ඇතුලේම මැරෙන්න ඉඩ අරින එකෙත් ආතල් එකක් නැත්තෙමත් නෑ.කවි හිත මැරුණම කවියා ජීවත් උනත් නැතත් ඒකෙ ලොකු වෙනසක් නෑ නේ.සංවේදී වචන ටිකක් එහාට මෙහාට කරලා වාක්‍යක් වචන වලට වෙන්කරලා ලියන කවියක් ඇරෙන්න මැරුණ කවි හිතකින් ඊට පස්සේ ඇත්තටම හිතෙන් උපදින කවි සිතුවිල්ලක් බිහිවේවි කියලා හිතන්න බෑ.
18 මාධ්‍ය සදාචාරය නම් කුජීතයි.එතකොට අපේ ?
Labels:
අනේ මන්දා,
මට හිතෙන හැටි.....,
රැඩිකල්
37 දුෂ්ටයා හමුදාව විතරද? | The battle for water
Labels:
මට හිතෙන හැටි.....,
රැඩිකල්
සැබෑ ජන අරගලයක් යනු කුමක්දැයි? මා සෑම විටම කල්පනා කල මාතෘකාවකි.අද දින වන වන විට වැලිවේරියේ සිද්ධිය ජන අරගලයක් ලෙස ලේබල අලවා එයට වෙනම අර්ථකතනයක් දී ඇතුවාක් මෙන් මාද ඉහත සිද්දියට වෙනම අර්ථකතනයක් දීමට තැත් කිරීමක් ලෙස මෙම ලිපිය හදුන්වමි.
රතු පස්වල සිද්ධිය සැබෑ ජන අරගලයක්දැයි මදකට විමසා බලමු.ඇත්තෙන්ම එහි ආරම්භයද සියලුම සැබෑ ජන අරගල යක් මෙන්ම සාධාරණ හේතුවක් මත ඇතිවූ බව සිතා ගැනීමට ඉතා පහසුය.යම් කර්මාන්ත ශාලාවක් නිසා අවට ප්‍රදේශයේ වැසියන්ගේ ඉතා වටිනා මානව අයිතිවාසිකමක් උල්ලංඝනය වේ.ඔවුන් රැල්ලක් ලෙස නැගී සිටින්නේ ඔවුන්ගේ සාමකාමී ඉල්ලීම් වලට කන නොදුන් තැනයි.මධ්‍යස්ත මතධාරියෙක් ලෙස ඔවුන්ගේ නැගීසිටීම අධි සදරනීකරණය කරන්නේ එබැවිනි.ඔවුන් ඔවුන්ගේ සටන තරමකට ජයග්‍රහණය කරන ලදී.වගකිවයුතු අංශ වල අවධානය ඔවුන්ට යොමු වීම සහ අනිත් මිනිසුන්ගේ සහ යෝගය ලැබීම, එකම අරමුණක් වෙනුවෙන් කැපවුන ජන පදනමක් නිර්මාණය වීම තරමක ජයග්‍රහණයක් නොව සුවිසල් ජයග්‍රහණයක් ලෙස දැක්විය හැක.
15 රමණය සහ ලේ | Intercourse then Blood
Labels:
රැඩිකල්
සත්තයි
ගලාවි ලේ
හොඳටම -
පිස්සුවෙන් වගේ
රමණය කරොත් -
|
|
|
|
- විදුරුමහින්.....
- දත් සමග.....
-දැහැටි කූර ......
32 ඔබ දෙවිදුන්ගේ මනමාලියයි | Bride of God
Subscribe to:
Posts (Atom)