බුකියේ මං

13 ඔබ ඇය හා චන්චල මම


ආදරණීය සුදු නංගි වෙත 

මට සමාවෙන්න නංගි......මම හිතුවේ නෑ මේ සම්බන්ධෙ මෙච්චර දුර යාවි කියලා...මට කවදාවත් ඔයාගේ මුණට කියන්න බැරි දේවල් (ඔයාගේ අහිංසක ඇස්දෙක දිහා බලාගෙන මට මේවා කියන්න බෑ) අඩුම තරමේ වචන වලටවත්....ඔව් ඔයාට තේරෙනවා..ඔයා දන්නවා මට ඔයා දුක්වෙනවා අඬනවා අහන ඉන්න බෑ කියලා ...ඒකයි මට කියා ගන්න ඕනේ හැමදේම වචන නොකර අකුරු කරේ...ඔයා මේවා කියවන කොට මම ගොඩක් දුර ගිහින් තියෙයි කියලා හිතෙන නිසා.  

ඒත් ඒත්...ඔයයි මමයි දෙන්නම තේරුම් ගන්න ඕනේ...නෑ ඇත්තටම  ඔයා තේරුම් ගන්න ඕනේ මම ඔයාගේ කෙනා නෙවෙයි කියලා.මම ඔයාට ලං වෙච්ච මුල් කාලේ හිතන් හිටියේ ආදරේ හරියට මල් පිපුණ පොකුණක් වගේ කියලා.පීනන්න බැරි මට ඒ පොකුණේ ඔයාත් එක්ක ගිලෙන නොගිලෙන මානයේ පාවෙවී ඉන්න පුළුවන් කම ලැබුණාම මම හිතුවේ මගේ මුළු ජීවිතේම ඒ පොකුණ කියලා.ඒත් පොකුණ ගොඩක් ගැඹුරුයි පොකුණක් වගේ පෙනුනනට මම මුහුද වගේ කියලා දැනෙන්න ගන්නකොට , අපි ගිලෙන්න යන කොට , මට හිතුනේම ඔයාගෙයි මගෙයි මේ සම්බන්දෙට පැවැත්මක් නෑ කියලා.අපි දෙන්නටම පීනන්න බැරි හින්දම නෙවෙයි එහෙම හිතුනේ...දෙන්නටම හුස්ම අල්ලාගෙන තව දුරටත් යන්න බැරි වේවි කියලා හිතුන නිසා...අඩුම තරමේ මට පුළුවන් උනානම් මම ගිලිලා ඔයාව වතුර මට්ටමෙන් උඩට උස්සලා තියන්න...ඔයා දන්නවා මම එහෙම කරනවා කියලා...දන්නවා නේද?

මට හිතෙනවා දැනටමත් ඔයාට මගේ වෙනස් වීම දැනෙන්න ඇති කියලා...පරණ මතක මතක් වෙලා දුක හිතෙනවා ඇති.....ඔයාට අඩන්න එපා කියන්න අයිතියක් නෑ මට.....ඒත් දැන්...... හැමදාම ඔයා බයවෙච්ච දේ වෙලා.අපි දෙන්න අතර තුන් වෙනියෙක් ඇවිල්ලා......මට ඒක වලක්වන්න ඕනේ උනත් දැන් ඒකට පරක්කු වැඩියි.....මම ඒක දන්නවා හොඳටම...ඔයාවත් එයාවත් සංසන්දනය කරන්න යන්නේ නෑ මම. 

මම කියන්නේ නෑ මට සමා වෙන්න කියලා.......මම ඉල්ලන්නේ මාව තේරුම් ගන්න කියලා විතරයි....                   

                                                                                                                       මීට 
                                                                                                                       ඔයාගෙම අයියා 


ප.ලි - කලින් හිතුවේ තුන්වෙනියෙක් ගෙන් මේක නතර වේවි කියලා උනාට...අනේ මන්දා හතර වෙනියෙක්ටත් එනකන් දැන් හිත බලන ඉන්නවා වගේ.   
                                                                                                                       
අවපසවු සරා සඳ...
නුබ ගැබක් වගේ අද...
අතීතයේ මතක මැද...
තවම නුඹ හඬනවද...

සුසුම් නම් දුකටමය...
නෙතට හුරු කඳුලමය...
නුඹෙන් ලද මල් සමය...
හැඩ කරා පමණි ඇය...

මල්ය නුඹ උයන් බිම...
ඇය තරුය අහස් ඉම...
සඳ එබෙන තුරු පෙමින...
චන්චලයි තවම මම...


සැලකිය යුතුයි - බොහෝ කලකට පෙර ලියු කවියකට පෙරවදනකි.පෞද්ගලික අත්දැකීමක් නොවේ..  
Comments
13 Comments

13 comments:

  1. ම් ම් ම්... තුන් කොන් පෙමක් වගේ....

    හැමදාමත් වගේ සුපිරි..ජය!!

    ReplyDelete
  2. ඔයා කොළබ ඉස්කෝලෙක උගන්නනවද

    ReplyDelete
  3. @දාආ නෑ මොකද එහෙම ඇහුවේ......

    ReplyDelete
  4. සංසල මම :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. තුන් හිතකින්වත්
    තුන් හිතක්
    එක් වෙන්නේ නැහැ
    කවදාවත්ම
    හැබැයි
    සිවිරියනක් යට
    සැතපෙනවා
    තුන් හිතම
    අන්තිමේදී....!!!

    ReplyDelete
  6. //නුඹෙන් ලද මල් සමය...
    හැඩ කරා පමණි ඇය...//

    3 කොන් ප්‍රේමයක් වගේ, සිතිවිල්ලක් විතරමද?

    ReplyDelete
  7. චංචලව
    සිතුම් මැද
    ඉන්න විටකදී
    නුඹ
    මල පරව ගොසින්
    අද
    නමුදු ඇත
    තරු ඈත
    ලඟා වනු බැරි
    දුරක

    ReplyDelete
  8. සුදු නංගිල ඔහොම්මමයි බං... හැබැයි අර යටින් ලියල තියෙන පෞද්ගලික අත්දැකීමක් නෙවෙයි කියන එක ලියන්න වීමම දුකක් බං ! මම ආසයි ඒක උඹේ පට්ට පෞද්ගලික වුනානම් ..

    ReplyDelete
  9. සුදු නැතිව ඊලඟ පාර කළු කෙල්ලෙක් හොයා ගත්තම හරි අයියා :)

    ReplyDelete
  10. I don't Know what to tell ayya. I also have the same experience. can you feel how it hurts? damn when he fall in love/ attarction likeness with another girl, i was wonder what she has that i don't have... ? i have cried and cried. his phone was waiting and waiting randomly, no calls no messages for me... he went to see her, doesn't give me a glance. I just have terrible 02 weeks. just waiting . nithing to do? I didin't want to tell others that he has going after some one else. therefore I remained silent. i felt that life was miserable. suddenly he woke up beacuse he found that girl have 04 boy friends until now and there are so many.. and she loves only for money and status. she is not beautiful,short, fat and dark , out of shape. but I am not wonder why my bf and other boys gone after her, beacuse of her talks. he comes back ask me to forgive him.. I just grant it, I know he will not doing that again.but I l never trust him that much. cause I trust him than my life, soul and breath.. and finaly ... I realized that I I lost my life beacuse of him.

    ReplyDelete
    Replies
    1. May be dat happened due to ur past karma.... so accept it and move on my frnd....

      Delete
  11. Karma is a bitch you dog..... Kalakam paladenava kiyanne okata thamai.....

    ReplyDelete
  12. Ane manda mewata monawa kyannada ....manawakage jeewithema boruwak....

    ReplyDelete

හිතුනේ මොනවද?