මා නෙලූ මල…
සැබෑ ආදරේ අර්ථ දක්වන්න පුලුවන්ද?.එහෙමත් නැත්තන් අපි කෙනෙක්ට කොච්චර ආදරේද කියල අවංකව කියන්න පුලුවන්ද?.සමහරුන්ට කියන්න පුළුවන් අහස තරම් මුහුද තරම් නැත්තන් විශ්වය තරම් කියල.ඒත් අපි ප්‍රමාණයක් හරියටම නොදන්නා දෙයක් අපේ ආදරේට සමාන කරන එක කොච්චර දුරට සාර්ථකද ?.මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".ජීවිතේ වෙනස් වෙලා සමහර තැන් විනාස වෙලා සමහර දේවල් අලුතෙන් ලැබිලා.ඒ උනාට සමහර මතක නම් එහෙමමයි.ඒවා මතක් කරනකොට අඩන්නද හිනාවෙන්නද කියල හිතා ගන්න බෑ.මේක කෙනෙක්ගේ සත්‍ය අත්දැකීමක් මත පදනම වෙච්ච කවියක්.ලිව්වේ නම් බොහෝම කාලයකට කලින් අන්තිම පේලිය වෙනුවෙන්.
නොදැනෙනා බව නුඹෙ සුවඳ මට…
කෙලෙසකින් නුඹ හට කියමි මම…
නුඹේ සුසුමන් නැගූ මද නල…
කටුක බව තනියෙන් විදිමි මම…
පෙරදාක රොන් බිව්ව බිඟුකැල…
තනිවෙලා මල් වරන හිත ලඟ…
එදා සුවදුන් පෙම් වදන් අද…
දැඩිවෙලා හිත රිදෙන තරමට…
සිව් වසක් කල් රැඳුනු සෙනෙහස…
මියැදිලා දෙනු බැරිව පන නළ…
සිතම කිව්වත් දමා යන්නට…
කෙලෙස හැර යමි මා නෙලූ මල…
වටපිටාව නියමයි. මානවකයාගේ පින්තුර කැල්ලකුත් තිබුනනම් තව හොදයි ;)
ReplyDeleteකවිය ගැන - හැමදාම වගේ ලස්සනයි. :) කොහොමත් මම කැමතිම බ්ලොග් එක නේ. :))))))
දැම්මා දැම්මා .. මාරුවෙන් හදල පින්තුර කෑල්ලක් දැම්ම.... :D
Deleteඋඹ අල්ලගන්නේ මොනා කියන්නද කියලා හිතාගන්නවත් බැරි පොයින්ට් මචං. මේක කියනකොට මතක් වුණේ වික්ටර්ගෙ සිංදුව. මට හිතාගන්න බැරි හැම එකාම මොකද සිව්වසරකින් පෙමට තිත තියන්නේ කියලා. මේ කවිය උඹෙ හැගීම් නම් මම ඒ ගැන තවත් කතාකරන්න යන්නෙ නෑ. එක දෙයක් ලියලා යන්නම්. කියවලා තියෙනවද සරත්චන්ද්‍ර මහත්තයාගෙ 'විලාසිනියකගේ ප්‍රේමය' පොත. ඒකෙ තියෙනවා මෙහෙම කවියක්.
ReplyDeleteප්‍රේමය නම් අසේනිය කුසුමක් වේ
රිසිවු කෙනෙකුට පූජා කරනට
ලෝබ සිතින් තොර පිදුව මනා වේ
පෙරළා ලබනට නොසිතා බිඳකුත්
පට්ටයි සුපිරියි කියන්න බැරි වුණත්. උඹේ කවිය වරදක් නෑ.
මේක මට හැමදාම මතක තියන කොමෙන්ට් එකක්....අවංක අදහසම කියල තියනවා...
Deleteඉතින් වැඩේ නැඟලා ගියාද !!!
ReplyDeleteනැගලා ගියාදත් අහනවා..... :)
Deleteමේ මාන්දාස් කවියක් නේද බං......නිකන් මට හුරුයි හුරුයි වගේ.....
ReplyDeleteඒ ඔක්කොම පැත්තකින් තියල බැලුවහම මේ සිරාම විරහ කවියක්.... හෙට අනිද්ද දිහාට මගේ කවියකත් මා නෙලූ මල තියෙයි
අඩෝ උඹේ වැඩේ පරක්කු උනා නේ බන්....අද හෙටම එකත ලියලා දානවා
Deleteසත්‍ය අත්දැකීමක් නිසා වෙන්නැති හදවතින්ම ලියවිලා තියෙන්නෙ....
ReplyDeleteඅනිවාර්යෙන්ම.....මේක ලිව්වේ ලොකු රන්ඩුවකට පස්සේ
Delete//කෙලෙස හැර යමි මා නෙලූ මල// සත්‍ය සිද්දිනි.හදවතින්මද ලිවුවේ??
ReplyDeleteසත්‍ය සිද්දියක්...ලොකු රන්ඩුවක්...
Deleteලස්සන කවි ටික මචෝ.. බැක්ග්‍රවුන්ඩ් එකත් එල..
ReplyDeleteපොඩ්ඩක් ලස්සන කරලා ගත්තා පෙනුම.
Deleteකවි ටික ඉතින් හැමදාම වගේ සුපිරියි..ලස්සනයි..වගේම ටිකක් දුකයි!! :) තේරුම ගැන අදහස කිව්වානෙ ඉතින්.. ;) :p
ReplyDeleteඔව් ඒක නොකිව්වා නම් මෙතන ම්මිනියක් මැරෙන සීන් එකක් නේ තිබ්බේ ... :P
Deleteමේ කවි වලට සිව් වසක් එන්නේ මොකද කියලා හිතුවා මං කලින්. ඒ කැම්පස් එක නිසා කියලා තේරුණේ ඒකට ගියාම තමයි...:D
ReplyDeleteඒක නම් එහෙම තමයි....
Delete//අපි ප්‍රමාණයක් හරියටම නොදන්නා දෙයක් අපේ ආදරේට සමාන කරන එක කොච්චර දුරට සාර්ථකද ? //
ReplyDeleteඉතිං අපි කොහොමත් අපේ ආදරේ ප්‍රමාණය දන්නෙ නෑනේ... මනින්න මිනුමක් නැති නිසා වෙනත් දේකට සාපේක්ෂ්‍ය කරනවා..
.මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".
Deleteමම දන්නවනේ මම මට කොච්චර ආදරේද කියලා
මානවක ඔබේ කවිවලට මං කොහොමත් කැමතියි....මේ විරහ කවට වඩාත්ම කැමතියි.
ReplyDeleteමෙන්න මගේ විරහව
මගේ කවිය මොකක්ද අප්පා එකත් එක්ක බැලුවම.....
Deleteආදරය මට අහිමි වු විට මා හිත මා මේසේ සනසවා ගතිමි.ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ.එහෙත් කවියකින් ආදරය ප්‍රකාශ කිරිම ඊට වඩා සංවේදීයි කියලා මේ කවි කියවන විට හැඟෙනවා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
හ්ම්ම්ම්...පොඩ්ඩක් සරල වෙන්න....
Deleteහැමදාම මානවකගේ කවි කියවද්දී මට මතක් වෙන්නේ අපේ සිංහල පංතියේ පුරුද්දක් විදියට අපි හැමදාම ඉඳගත්ත පේලිය.. ඒ පේලියේ ඉඳන් සර් කියන විචාරේ ෂෝට් නෝට් ගහපු හැටි... කවි වල තේරුම් ගලපපු හැටි.. මෙතනට ආවහම හැමදාම මං කවි වල තේරුම් ගලපනවා එදා වගේම..
ReplyDeleteඅනේ මංදා.. ආදරේ ගැන අත්දැකීම් නෑ කියල මං කියන්නේ නෑ. මොන විදියක හරි ආදරයක අත්දැකීමක් හැම කෙනෙක්ටම තියෙනවා. ආදරේ ගැන නම් රෑ එලි වෙනකං කියවන්න පුළුවන් මට...
බ්ලොග් එකේ ටෙම්පුව මාර ගති මානවකයෝ...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
තැන්කු තැන්කු.....හය්යෝ මට ලැජ්ජයි.......
Deleteකවියනම් අගෙයි. ඒත් ඔය ආදරේ මනින මිනුම්දඬු තමයි අගේ නැත්තේ මොකද ඒවා මවාගත් දේවල් නිසා.
ReplyDeleteතැන්කු අයියේ.....මම නම් හැමදාම කිව්වේ "මම මට වැඩිය ඔයාට ආදරේ කියලා".මොකද මම දන්නවා මම මට ආදරේ තරම..
Deleteආදරේ හරිම ශෝකයි මෙයා... මොක්කද් මේ ලොරි චැසියක් අල්ලගෙන කරන්නෙ...එයා එනකං බලන් ඉන්නවද ?
ReplyDeleteඑහෙම කියන්න එපා මතං..පපුව පැලෙනවා..මේක ලොරි චැසියක් නෙවෙයි පරණ කොච්චි පෙට්ටියක්
Deleteලවු....
ReplyDeleteඉලවු....
අහ්හ් එහෙමද?...එහෙනම් උඹ ඔය අනුෂ්කා එක්ක තියන සම්බන්ධෙ වහාම නවත්තාපන්...
Delete"මම නෙලූ මල"
ReplyDeleteවිකාරද ...
ඔබට ඔබවත්
අයිති නැති කල
ඔබට
නෙලූ මලක
අයිතිය කොහෙන්ද ...
මා
Deleteමා සතු
නොවුනා නම්
ඇය
කිසි දිනක
ඇයට
කිසිදින
මා
අන්සතු
නොවන
බව
වැටහෙනු
ඇත...
හ්ම්
ReplyDeleteජිවිතේට පාර කියාදෙන
අත්දැකිමක් කරගෙන මතකය
දමා යනු මැන ඔබ නෙලු මල
අහිමිනම් එය සිතින් විදගෙන
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
Deleteහ්ම්ම්ම්මම්ම්.......................වෙන මොකුත කියන්න එන්නේ නෑ....
ReplyDelete