මේ ජාතියේ කවියක් ලියන්න කවදාවත් හිතුවේ නෑ.මේක මේ ජාතියේ පලවෙනි සහ අන්තිම කවිය.
අහස් වියන සරසන්නට
තැනුව කුරුළු ස්තාලය
දිහා හොඳට බලන ඉඳිමි
උන් මේ දුර පියාඹයිද
වාත වේග අසුන් ගෙනත්
දිවෙව්වා හිරකර ගම්දොර
ශක්‍රයාට දඬු මොණරය
මාථලීට මොකවත් නැත
ඈත තියෙන ඔරු පාරුද
අල්ලලා ගැට ගහගන්නට
හිටෙව්වා හනිකට ඉන්නක්
නොසැලෙන්නට ගල් වැටියක
අහස අපිට පොලව අපිට
දුන්න පිනට මොකුත් නැතුව
පොලව පල්ලේ ඇති දේවල්
අමතක කර පුදමි ඔබට
මතු දවසක හඳත් අපිට
කියාලා සනහන විට අප
අපේ පවට නොපෙනේවිය
මෝරන හැටි රජ අංකුර
ආඩම්බර නොවී හැකිද
මුල් රූස්ස ගස් වෙනකොට
ඔලිඳ කෙලියේ විස්තර ටික
වෙන කොතනින් අහ ගන්නද
අධිවේගේ එහෙමෙහෙ ගිය
ආශ්චර්යේ වල්මත් වී....
නෙලුම් පොකුණ මත සුපිපුණ
අනාථ උන නෙළුමක් මම....
ප.ලි - සුරංගනා කතාවේ ඉතුරු කෑල්ල ළඟදීම.පලවෙනි කොටස බැලුවේ නැති අය මෙතනින් යන්න....
අඩෝ එළයැ.පික්ෂු පීකුදු වී ගියේයැ
ReplyDeleteමක් නිසාද...මෙය ඉපැරණි පුස්කොල පොතක තිබු පැදි පෙළකි....
Deleteහයියෝ දේස දෝහියෝ !
ReplyDeleteකෝ කොහේද?....කවුද?...කෝ...
Deleteඅඩේ කොකෝ මේක අන්තිම එක නොවෙවා.... අන්තර්ගතය නෙවෙයි බන්... කවියයි ලස්සන....
ReplyDeleteකවි නම් තව ඉස්සරහට ලියනවා....මේ වගේ ඒවා නෑ....
Deleteඅර දඬු මොණරෙ නම් රාවණාගෙ.. අනේ ඒක තියෙනවා නම් අර අපේ රාවණා බලකායෙ ලොකු හාමුදුරුවන්ට දෙන්නකො.. බෙන්ස් මොකටෙයි ?
ReplyDeleteඒක තියනවා නම් ඉතින් මොනවා කරන්න බැරිද?
Deleteඅපිත් අනාතයි ඒත් නෙළුම් නෙමෙයි
ReplyDeleteනෑ මචන් මේක පටන් ගැන්මක් කරන්න ..
ReplyDeleteතව දිගටම කවි ලියන්න..අම්බානක මාතෘකා
තියෙනවා ..ඒ කිව්වේ සබ් මාතෘකා ...
දිගටම ලියපන්....රජ පවුලේ කෑම බීම ගැන එහෙමත්
දාන්න...කවියක් බලලවත් බඩ පුරෝ
ගන්න එපැයි .
+++++++++++++++++++++++++++++++++++++++
ඇඩෙනවා ඕයි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
(Y) ela!
ReplyDeleteඒකත් එහෙමයි නේ.
ReplyDeleteනියමයි ඈ..
ReplyDeleteආස්චර්ය ඔහොම තමයි
ReplyDeleteනාඩා ඉඳින් දැන් ඕකට
කට වහගෙන ඇස් පියාන
ඉන්න එකයි ඇගට ගුණම .. :P
හොකිස්.....එලනේ ඈ...
ReplyDeleteඅන්තිම නොවේවා
සුදු පාට
ReplyDeleteකහ පාට
දම් පාට
කලු පාට
පාට පාට ..වෑන්!!
අදමයි මේ පැත්තට ආවේ
අනේ ද කියන්නෙ...,
ReplyDeleteආශ්චර්‍ය අහලා දැකලා ඇති තරමට..,
අපේ බව්වටත් අප්පිරියලු
රජ කතා අහලාම පැයෙන් පැයට.... :/ :/ :/
මරු කවිය අයියෙ!!! (Y)