බුකියේ මං
17 සාම්පල් එක
Labels:
නොකියු කවි,
රැඩිකල්,
රොමැන්ටික්
37 ආදරේ කියා දෙන්න පුලුවන්ද? | Love Guru
Labels:
රැඩිකල්,
රොමැන්ටික්
37 මා නෙලූ මල…
Labels:
නොකියු කවි
44 වීරයා මැරිලා
Labels:
නොකියු කවි
සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.මේක මගේ පරණ අත්දැකීමක් උනත් ඒ වැරැද්ද ගෑනු ළමයි අතින් විතරක් නෙවෙයි පිරිමි අතිනුත් සිද්ධ වෙනවා.මොනම හරි අවාසනාවකට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න උනාම තියන එකම අතුරුපලය තමයි මැරෙන තුරාවටම අපි පාවිච්චි උනා නේද කියන සිතිවිල්ලෙන් විඳවන්න වෙන එක.මට මෙහෙම කවියක් ලියන්න හිතුනේ බාඳුරා අසපුවේ තිබුන අනියම් කවිය කියන කවි පන්තිය සහ චැට් එකක ගිය පුංචි කතා බහක්.ඒ කතාවෙන් තමයි මම මේ වීරයා මකරා වගේම රාස්ස කුමාරි වචන අල්ල ගත්තේ .
63 නිවැරදි ලිංගික අධ්‍යාපනය (18+)
Labels:
රැඩිකල්
ප්‍රිය පාඨකය
ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම් ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව කාලාන්තරයක් තිස්සේ සමාජයේ පවතින කතිකාවතකි.නොයෙකුත් ප්‍රායෝගික ගැටළු සමග උවත් සමාජීය අවශ්‍යතාවක් ලෙස සේම සමාජයේ යහ පැවැත්ම අගයන්නා වූ පුරවැසියකු වශයෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ කෙසේදැයි යම්තාක් හෝ තරමකට විග්‍රහ කිරීමට තීරණය කරන ලද්දෙන් මෙම ලිපිය ලියමි.

34 සීසර්
Labels:
රැඩිකල්
මේ සීසර් නම ඇහුන ගමන්ම අපිට මතකෙට එන්නේ කවුද?.හ්ම්ම්ම් අර දක්ෂ රෝමානු සෙනෙවියා,නැත්තන් අර සූර පප්පා එකේ විදියට ක්ලියෝපැට්රා ගේ හබියා.එහෙමත් නැත්තන් ෆිනෑන්ස් කරලා වාහන අරන් වාරික ගෙවන්න කල් පහු කරන අයගේ මාරයා.අර දරු උපතකදී කරන සැත්කම .අහ්හ් තව කසාද බැඳපු මහත්වරුන්ගේ ඉටු දෙයියා.හා හා දැන් කට්ටියගේ කටවල් කන ගාවට ඇවිත් දිවවල් බුරිය ගාවට ඇවිත් ඇති නේ.හේතුව හොයාගන්න නම් ඉතින් අන්තිම වෙනකන්ම කියවන්න වෙනවා.
17 ගජමන් නෝනා
Labels:
නොකියු කවි
මේක පරණ කවියක් මගෙන් වෙච්ච වැරද්දක් හින්දා මේක draft වෙලා තිබුනේ.අලුත් පොස්ට් කීපයක්ම ලියන් යනවා.එකක් වත් ඉවර කර ගන්න වෙලාවක් නෑ.වෙන අව්ලක් නිසා නෙවෙයි තියන කම්මැලි කම නිසා.එතකන් මේකවත් කියවන්න මතන්ලා.
46 හාරත හේරා (අතිශයින්ම Adults Only)
Labels:
රොමැන්ටික්
ඔන්න කිව්ව විදියටම පුරුදු කාරයාගේ කවියේ දෙවෙනි කොටස දෙන්න හිතුවා.මන්දා කලින් ලිව්වා එකට වැඩිය මේක ලියන්න ටිකක් අමාරු උනා.මොකද ශ්රුන්ගාරයටත් වඩා මට මේකේ යටි පෙලට ඇතුලත් කරන්න උවමනා වෙලා තිබ්බ කතාව නිසා.අනේ මන්ද මට නම් මේ කවි ටික ගැන ලොකුවට සැහීමකට පත්වෙන්න බෑ.නිකන් මදි මදි වගේ.ඔන්න උඩින්ම දැම්මා මේ ලේබලේ බලන අය බලන්න නොබලන අය ආවටත් වැඩිය ඉක්මනට හැරිලා යන්න.මොකුත් කියන්නේ නෑ.බනින ඒවා යටින් බැනල යන්න.ඔන්න කලින්ම කිව්ව මේක තමයි මම මේ ජාතියෙන් ලියන අන්තිම කවිය.
Subscribe to:
Posts (Atom)