සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.මේක මගේ පරණ අත්දැකීමක් උනත් ඒ වැරැද්ද ගෑනු ළමයි අතින් විතරක් නෙවෙයි පිරිමි අතිනුත් සිද්ධ වෙනවා.මොනම හරි අවාසනාවකට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න උනාම තියන එකම අතුරුපලය තමයි මැරෙන තුරාවටම අපි පාවිච්චි උනා නේද කියන සිතිවිල්ලෙන් විඳවන්න වෙන එක.මට මෙහෙම කවියක් ලියන්න හිතුනේ බාඳුරා අසපුවේ තිබුන අනියම් කවිය කියන කවි පන්තිය සහ චැට් එකක ගිය පුංචි කතා බහක්.ඒ කතාවෙන් තමයි මම මේ වීරයා මකරා වගේම රාස්ස කුමාරි වචන අල්ල ගත්තේ .
හදවතින්ම
එලබී
සටනට
වනසා
නපුරු මකරා
සදහටම
දුන්නු කල
උණුසුම
ඒ සිරකුටියට
නිරුවත් දෑතින්
කුමට
දුනු කඩු
ප්‍රේමෙට
ස්නේහයෙන්
මත්වී
නිරායුදව
සිටි සඳ
නොදැන
රජ කුමරකු
රිසි බව
කුමරි වෙස්ගත්
රකුසිය
විසින්
අවසන් කල
සුරංගනා කතාවේ
වීරයා
වෙමි මම ...............
හෆ්ෆ මොකක්ද කියන්නෙ මේකට.ලස්සනයි ඈ.
ReplyDeleteතැන්කු තැන්කු.....අර රජා කියන්න වගේ "ඔබේ එක අදහසක් මගේ මොරාල් අප් කරයි..... "
Deleteරකුසු වෙස් ගත්
ReplyDeleteකුමරියන්ට,
රැවටෙන අහිංසක
වීරයෝ එමට......
පෙර එක් යුගයක්දි
මා පෙම් කරනා කලද,
වීරයා පැන ගියා
රකුසිය හා එක්ව......
රකුසිය මරා යළි
වීරයා එනතුරුම
තාමත් හිඳින්නෙමි
මම මඟ බල බලම........
අපොයි, ඔය ආත්මානුකම්පාව තරම් විඳවිල්ලක් තවත් නෑ මං හිතන්නෙ... ඇත්ත කතාව!! කවිය ලස්සනයි හැමදාම වගෙම. :)
තැන්කුයි කොමෙන්ටුවට..
Deleteරකුසිය
පවසනවා
ඇති
විටක
"අනේ සොඳුර"
මම නොවැ
ගලවා
ගත්තේ
පෙර කලෙක
රකුසියකගෙන්
නුඹව...
අනේ එහෙනම්
Deleteවීරයා බබෙක් නොවැ
රැවටෙන්න,
රකුසිගෙ චාටු බසට.......
ඇසුත් අන්ධ ඇති
නොපෙනෙන්න
රකුසිගේ,
බොරුකාර වෙස් මූණ........ :/
මා පෙම් කරනා කලද,
Deleteවීරයා පැන ගියා
රකුසිය හා එක්ව......
රකුසිය මරා යළි
වීරයා එනතුරුම
තාමත් හිඳින්නෙමි
මම මඟ බල බලම........
O_o
මොකෝ බොල මඩයෝ බයවෙලා? :p රකුසියි, කුමාරායයි ඔක්කොම දන්න එකේ, චරිත ටික දාලා ගලපගන්න විතරනෙ තියෙන්නෙ :p
Deleteආදරේ කරන්න ගියාම USE වෙන එකයි USE කරන එකයි තමා සිද්ධ වෙන්නේ
ReplyDeleteuse වෙන ඒකට වැඩිය use කරබ්න එක වෙනස් නේද ?
Deleteයතාර්ථය........:D
ReplyDelete:D :D ...
Deleteපීලිස් පිරින්ස්
ReplyDeleteයුටර්න්ද ස්ටොරි...
දුෂ්ඨයන් නිතර දකින
ඒ දෑසැට
හදුනගන්න බැරි උනිද
දන්නෙ කවුද
කිසිම දින නොදැකපු
එහි ආ කුමරැන්ව,
නැතිනම්....
ඒ
කුමරැන්ට හිමි
කුමරිය නොවිය හැකිය....
+++++++++++++++++++++++++++
Deleteප්‍රවේසම් උනෙමි
Deleteදෙවෙනි වර
රැකගන්නට
පෙර
කුමරියක්
අහෝ
මියදුනෙමි
එකහෙනිම
කොහිද
මගේ
ආත්මය
යැයි
විමසු
කල
ඇය
......
ආත්මය මියදුන
මම
අගෙයි පංකාදුයි...දුෂ්ඨයෙක් නැතුවාමත් වින්දනේ අඩුවෙනවනේ බං....ජය වේවා.
ReplyDeleteනැතුව දුෂ්ටයෙක් නැති උනාම වීරයම දුෂ්ට වෙනවා නැත්තන් වෙන්න සිද්ධ වෙනවා
Deleteකුමරියන්
ReplyDeleteගෙන රකුසු වෙස්
මරා දැමුවේය
කුමරුවන්
අනේ ඒත්
ගැහෙනවා හදවත
තාමත්
කුමරියන්
Deleteගෙන රකුසු වෙස්
මරා දැමුවේය
කුමරුවන්
අනේ ඒත්
ගැහෙනවා
තාමත්
ආදරය
නොමල
හදවත
පොච්චියේ..උඹේ පද වලට හිරි වැටෙන්න පද ලියලනෙ අනෙක් කට්ටිය...
ReplyDeleteතුන් පාරක් විතර කියවන්න උනා තේරුම් ගන්න..
අඩෝ ලිහිණියා මෙහෙම ලේසියෙන් කොමෙන්ටුවක් දාල බේරෙන්න බෑ හරිද ?....කවි ලියන්න පුළුවන් උන් කවියෙන්ම කොමෙන්ට් කරන්න ඕනෑ..
Deleteනිරුවත් දෑතින්
ReplyDeleteකුමට
දුනු කඩු
ප්‍රේමෙට
අගෙයි උපහාසය ප්‍රේමෙට :)
:)...තැන්කු තැන්කු....
Deleteනියමයි
ReplyDelete:D
Deleteහැමදාම වගේ හොඳ අරුතක් හොඳ කවිපෙලක්..
ReplyDeleteස්තුතියි අයියේ.මේක ඉතින් බහුතරයකගේ ජීවිත කතාව නේ..
Deleteහොඳ කවිපෙලක්
ReplyDeleteතැන්කු තැන්කු.........
Deleteමනේමේ කුමාරයගේ මල්ලිගෙ කථාවද මන්දා
ReplyDeleteඋපරිමයි මානවකයෝ
ලංකාවේ සුවහසක් සපුමල් කුමාරවරුන්ගේ කඳුළු කතාව....
Delete//සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.//
ReplyDeleteකට අරින්න අයියේ කීයක් හරි දාන්න....අත්දැකීමෙන්ම ඇත්ත ඕක...
දානවනම් අඩුම තරමේ 10 කාසියක් වත් දාපන්
Deleteමනමේ නූතන යුගයට ගලපා ඒ තුලින් වර්තමානය දකිනවා.
ReplyDeleteබොහෝම ස්තුති අයියේ...මම හිතුවට වැඩිය මේ කවියේ අර්ථයක් තියනවා කියල දැන් හිතෙනවා..
Deleteරකුසු වෙස් වසාගෙන
ReplyDeleteදෙව් ලොවක් මැවෙන්නේ
අසන හැම වදනින්ම
මී පැණිම පෙරෙන්නේ
ලඟ ඉන්න හැම විටම
මල් සුවඳ හමන්නේ
ආදරේ අන්ධයිලු
ඒනිසයි නේ අනේ ...
ටෲ ලවට කෙල උනේ
අද ඊයෙ නෙමේ
මනමේගෙ කල් ඉඳන්
හැමදාම සොරි උනේ
කරන්නට දෙයක් නැත
ලෝකෙ හැටි ඔය වගේ
මැරුනත් දුක් නොවෙන්
ඔබ වීරයා නේ අනේ :)
මරු හැමදාමත් වගේ නියම කවියක්...
Deleteහීනයක් මුවින්
ගත්
බුරුවෙකු
ලෙස
පෙම්කලෙමි
කෙදිරුමක් මුවින්
ගත්
වීරයකු
ලෙස
මියැදුනෙමි
පෙම් කරන කල
Deleteසියලු දෙනා
බූරුවන් මෙනි ..
නමුදු ...
ඒ අතරින්
වීරයන් ලෙස මිය යන්නේ
එහෙමත් එකෙකි ...
:)
:D...ඒකට මට කට උත්තර නැත........ :D
Deleteබ්ලොගේ ඇදුම එහෙමත් වෙනස් වෙලා නේද ? මේ මානවක වෙන්ට ඕනෙ එබිලා ඉන්නෙ... උඹ කියනවා වගේ මමත් කාලයක් කෝච්චියේ වැඩට යන කාලෙ කෙල්ලෙක්ට ලව් කලා බොක්කෙන්ම... පස්සෙ තමා මම දන්නෙ ඒකි ඇන්ගේජ් වෙලා ඒකිගෙ දුම්රිය ආරක්ෂකයා විදියට මාව පාවිච්චි කරලා තියෙන්නෙ කියලා... සිරා ඉතිං සන්සුන් නිසා හොදයි....වෙන එකෙක් නම් අඩි 6 යටට යවලා ඒකිව මේ වෙද්දි ...
ReplyDeleteඑහෙම තමයි අප්පා ජීවිතේ...සිරාවටම ඉවසන හින්දා හොඳයි..නැත්තන් කීයක් කියල මරන්නද ?
Deleteඔන්න අද තමයි මේක කියෙව්වෙ.. අදහස කවියෙන් ලියල තියෙන විදිහ සුපිරියි!
ReplyDeleteඑකෙන්ම තැන්කු....
Deleteඒ වගේ වෙලාවට පාවිච්චි උනා කියලා හිතුනට වෙන කුමරියෙක් අනිවා හොයා ගන්න වෙනවා සහ එයා හරිම කෙනා නම් පහුගිය දේවල් අමතක කරන්න පුළුවන් නේද?
ReplyDeleteඒක නම් බොහෝම වෙලාවට ඇත්ත.හැබැයි සමහරුන්ට නෑ...
Delete