ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම් ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව කාලාන්තරයක් තිස්සේ සමාජයේ පවතින කතිකාවතකි.නොයෙකුත් ප්‍රායෝගික ගැටළු සමග උවත් සමාජීය අවශ්‍යතාවක් ලෙස සේම සමාජයේ යහ පැවැත්ම අගයන්නා වූ පුරවැසියකු වශයෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ කෙසේදැයි යම්තාක් හෝ තරමකට විග්රහ කිරීමට තීරණය කරන ලද්දෙන් මෙම ලිපිය ලියමි.
අප දකිනා චායාරුපයට වඩා ලොකු චායාරුපය (big picture) හාත්පසින්ම වෙනස් නිසා නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමට ඇති හැකියාව සොයා බැලීම කාගේත් කාලය ඉතිරි කිරීමක් වනු ඇත.සාමාන්‍යයෙන් යම් අධ්‍යාපනයක් හෝ දැනුම ලබාදෙන මාධ්‍ය කිහිපයක් ඇත.ප්‍රායෝගිකව දැක්වීම,වාචිකව කියාදීම සහ රූප සටහන් මගින් ඉගැන්වීම යනු ලොව පිළිගත් ප්‍රධාන ක්‍රම ත්‍රිත්වයයි.මෙම ක්රමයන් මේ වනවිට අධ්‍යාපනයේ භාවිත සම්මත සහ නිවැරදි ක්රමයන් වන අතර මේ වන විට එහි පරිනාමයේ ඉහලම තලයට පැමිණ සිටී.ලිංගික අධ්‍යාපනය ලබා දීමට මෙම ක්රමයන් ඉවහල් කර ගන්නේ කෙසේද ?.ඒවා පලදායී දැයි යන්න ජන මුලාශ්‍ර අනුසාරයෙන් සංවාදයට ලක් කිරීමට බලාපොරොත්තු වෙමි.
1.ප්‍රායෝගිකව දැක්වීම
මෙහිදී ලිංගික කාර්යන් නිවැරදිව කිරීම ප්‍රායෝගිකව පෙන්වීමක් අදහස් කෙරේ.මේ අනුව ලිංගික අධ්‍යාපනය ලබන්නට පැමිණෙන සිසුසිසුවියන් ඉදිරියේ නිවැරදි ලිංගික ක්‍රියාවක් හෝ ඊට අදාළ දෙයක් ප්‍රයෝගිකව පෙන්විය හැකිය.අහෝ...පැරණි කතාවක් මතකයට නැගේ.
එක තරුණයකු ලිංගික උපකරණයක්(කොන්ඩමයක්) මිලදී ගැනීමට ඔසුසැලකට ගොස් එහි වෙළඳ සේවිකාවගෙන් කොන්ඩමයක් ඉල්වූ කල එය ලබාදුන් වෙළඳ සේවිකාව එය භාවිතා කිරීමට දන්නෙහි දැයි තරුණයාගෙන් විමසයි.තරුණයාගේ පිළිතුර වූ නැත යන්න හමුවේ අනුකම්පා සිත් ඇති වන සේවිකාව ඔහුට එය භාවිතා කරන අයුරු මාපට ඇගිල්ල අනුසාරයෙන් පෙන්වයි.සිදුවීම් එසේ ගලාගෙන යන අතර තුරදී තරුණයා ගැන පිලිබඳ සිතක් ඇතිවන සේවිකාව තරුණයා හා සම්භෝගයෙහි යෙදේ.තරුණයා සුරාන්තයට පත්වූ විට සේවිකාව තරුණයාගෙන් විමසන්නේ ඔබ කොන්ඩමය පැළඳ සිටින්නේද යන්නයි.විපිළිසර වන තරුණයා තමන්ගේ කොන්ඩමය පැළඳි මාපට ඇගිල්ල පෙන්වයි.
ඉහත ජන මුලාශ්‍රයට අනුකුලව මානවකයාගේ නිගමනය නම් "ප්‍රායෝගිකව දැක්වීම නිවැරදි ලිංගික අධ්‍යාපනයකට කිසිසේත්ම නොගැලපේ" යන්නයි .
2.වාචිකව කියාදීම
මෙහිදී ලිංගික කාර්යන් නිවැරදිව කිරීම වාචිකව කියාදීමක් අදහස් කෙරේ.මේ අනුව ලිංගික අධ්‍යාපනය ලබන්නට පැමිණෙන සිසුසිසුවියන්...ඛේදයකි....නැවතත් පැරණි ජන කතාවක් මතකයට නැගේ.
එක් ඈත දනව්වක වෙසෙන නෑබුල් තරුණයෙකු පරිනත පිරිමියකු වනුවස් එක් වෛශ්‍යා ස්ත්‍රියක් ලඟට යෑමට සිතන්නේ තම ගමේ වැඩිමහල් පිරිමියෙකුගෙන් සම්භෝග කාර්ය ගැන විමසයි.වැඩිමහල්ලා තරුණයාට පවසන්නේ තමන්ගේ පුර්ශාන්ගය ස්ත්‍රිය මුත්‍රා කරන ස්ථානයට ඇතුළු කරන ලෙසයි.එය ඇසීමෙන් දිරිමත් වන තරුණයා ස්ත්‍රිය කරා එලබේ.නමුදු ස්වල්ප වෙලාවකින් වැඩිමහල්ලා වෙතට පැමිණෙන්නේ කේන්තියෙන් හා වේදනාවෙන් මැඩුණු මුහුනක්ද සහිතවය.තරුණයාගේ මුල්ම අත්දැකීමේ රසය විදිනු රිසි වැඩි මහල්ලා තරුණයාගෙන් විමසන්නේ අත්දැකීම කෙලෙසකද කියාය.තරුණයා වේදනා කාරී බව සහ කුරුමිණි කුහුබුවන් ගැන මැසිවිලි නගයි.එහන විමසන වැඩි මහල්ලාට තරුණයා පවසන්නේ....
මාම නෝ කිව්වේ ඒ ඇත්ති මුත්‍රා කොරන ස්ථානයට ඇතුල් කොරපන් කියල.මං ඉතින් බලාන ඉඳල ඒ ඇත්තිගේ ගේ පිටිපස්සේ පඳුරකට $#%^$#%$@^^%$@%$@%.$#%$#%^$#^$#^ .
කතාව ඒ ඇතිය.කතාවෙන් ගත් ආදර්ශයට අනුකුලව මානවකයාගේ නිගමනය නම් "වාචිකව කියාදීම නිවැරදි ලිංගික අධ්‍යාපනයකට කිසිසේත්ම නොගැලපේ" යන්නයි .
3.රූප සටහන් මගින් ඉගැන්වීම
මෙහිදී ලිංගික කාර්යන් නිවැරදිව කිරීම රූප සටහන් මගින් ඉගැන්වීමක් අදහස් කෙරේ.අටුවා ටීකා උවමනා නැත.කෙලින්ම ජන කතාවකින් සත්‍ය පහදනු කැමැත්තෙමි.
සංවාස කාර්යන්හි කෙල පැමිණි ආමන්ඩ නම් පුර්ශයානෝ ගුරුකුලයෙහි කල ගත කරන වකවානුවේ එකී ගුරුකුලයෙහි දිසාපාමොක් තෙමේ යම් මානසික පීඩාවකින් පෙලෙන්නෙහිය.එනම් ඔහු ස්වයං වින්දන කාර්ය කිරීම ගැන දැනුමක් නොමැති නිසාය.ආමන්ඩයා තමන්ගේ සිසුවෙකු බව දැනගන්නා දිසා පාමොක් තෙම ආමන්ඩයාට හොර රහසේ ලිපියකින් තම ගැටලුව ඉදිරිපත් කරයි.
ප්‍රිය ආමන්ඩය, ස්වයං වින්දනයේ
යෙදෙන්නේ කෙසේද වහා පවසනු. මීට දිසාපාමොක්
අහෝ ඛේදයකි ආමන්ඩ තෙමේ ගැටලුවෙන් වික්ෂිප්ත වේ.ඔහු තමන්ට ගැටළුව නොතේරුන බව හැඟවීමට ප්‍රශ්නාර්ථ ලකුණු ( ? ) පෙළක් සමග දිසාපාමොක් වෙත ලිපිය නැවත යවයි.
ප්‍රිය ආමන්ඩය, ස්වයං වින්දනයේ යෙදෙන්නේ කෙසේද වහා පවසනු. මීට දිසාපාමොක්
???????????????????????????????????????????????????????????????????????????
එදා සිට දිසාපාමොක් ස්වයං වින්දනයේ යෙදෙන්නේ %$#^$#^%$^%$^&%$& අනුවය.
බහුතරයක් තරුණයින් මෙම කතාව දනී.නොදන්නා තරුණයින් දන්නා තරුණයින් ගෙන්ද.නොදන්නා තරුණියන් තමන්ගේ පෙම්වතාගෙන් හෝ සැමියාගෙන්ද අසන මෙන් ඉල්ලා සිටිමි . සැමියෙකු හෝ පෙම්වතෙකු නැති තරුණියන් පෙම්වතකු හෝ පෙම්වතෙකු ලද විගසම එය අසා දැන ගැනීමට මෙම ලිපිය පොත් සලකුණු (bookmark) කරන මෙන්ද ඉල්වා සිටිමි.
එම කතාවෙන් ලැබුණු ආදර්ශයට අනුව මානවකයාගේ නිගමනය නම් "රූප සටහන් මගින් ඉගැන්වීම නිවැරදි ලිංගික අධ්‍යාපනයකට කිසිසේත්ම නොගැලපේ" යන්නයි
ලිපියේ සමස්ත නිගමනය නම් "පිළිගත් අධ්‍යාපන ක්‍රම නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට කිසිසේත්ම නොගැලපේ" යන්නයි.මේ සඳහා නව අධ්‍යාපනය ක්‍රම සොයාගත යුතුය එය පාඨක ඔබට බාර කරමින් මෙතනින් නවතිමි.
මීට
මානවක
ප.ලි - ලංකාවේ පාඨකයෝ තමන්ට විශ්වාස දායක අයුරින් මේ වැඩේ කරන බව ගූගල් දෙයියා තහවුරු කරලා තියනවා.ආයේ අලුතින් පන්ති දාන්න දෙයක් නෑ.බලන්න ලංකාවේ උන්ගේ උවමනාව.
මචං පසුබිමේ පාටත් එක්ක අකුරු කියවන්න ටිකක් අමාරුයි.
ReplyDeleteතාම දිසාපාමොක් කතාව ගැන බට ලයිට්, ඒත් ? ළකුණ ! වගේ වෙන්න ඕනද කියලත් හිතුණා..
පසුබිමේ පාට හැදුවා...ඒක AMDA ගේ පරණ කතාවක්
Deleteහාස්‍යාත්මක අධ්‍යාපනයක්.
ReplyDeleteඔව් ඔව්.පොඩ්ඩක් සීරියස් දෙයකට හිනා වෙන්න හිතුව .. :P
Deleteමැදැයි කොලා... අපුරැවට අවුරැද්දෙ මුලම බ්ලොග් එක මරලා. හත් දෙයියනේ අපිට තියෙන්නෙ ඇස්... ඒ මේ අයියේ සිරාවට කියන්නෙ කියවන්න ටිකක් විතර අවුල්. තව තව ඉල්ලිම් අවොත් සිතා බලන්න ඒ ගැන.
ReplyDeleteලිපිය ගැන - පළවෙනි කතාව නම් අහලා තියේ. අනික් කතා අදමයි කියෙවුවේ. ඒ ගැන දිනේෂ් අයියාගෙන් අහන්න ඔනේ. හිකිස්....
ඔව් ඔව් අහගන්න .... වෙනස් කරා ඔන්න
Deleteපසුබිම නම් ටිකක් වෙනස් වුනොත් හොදයි තමයි. නියම පෝස්ට් එක. ජය...!
ReplyDeleteපසුබිම වෙනස් කරා...අමාරුවෙන් කියවන්න උනාට සමා වෙන්න
Deleteහි හි.. ලංකාවේ අපිට උගන්නන්න දෙයක් නෑ.. හොදටෝම දන්නවා..
ReplyDeleteදිසාපාමොක් කතාව නම් බටලයිට් තමා..
පසුබිමත් එක්ක කියවන එක ටිකක් විතර අමාරුයි වගේ. චුට්ටක් සලකා බැලුවනම් වටිනවා..
ජය..
ඔව් අන්තිම කතාව ඇම්ඩන් ගේ කතාවක් හැබැයි එක අන්තිම ටික කරලා පෙන්නන්නේ අතින්
Deleteපසුබිම වෙනස් කරා...
මාරම post එකක්. joke එකක් වගේ දැනුනත් ඇත්තටම විය යුතු දෙයක්..ලංකාව මේ තරම් පහත් තත්වයකට වැටිලා තියෙන්න හේතුවත් ඕකමයි...'ඕකමයි' කිව්වේ මේකයි...
ReplyDelete"යමක් චුට්ටක් දැනගැනීම නොදන්නාකමට වඩා භයානක වන්නේය"
"යමක් චුට්ටක් දැනගැනීම නොදන්නාකමට වඩා භයානක වන්නේය"
Deleteඒක තමයි සිරාම කතාව.ඇත්තටම අපිට පේනවා වගේ නෙවෙයි හැම දේම.
හි හි මමනම් අහලා නෑ ඔය කතා ටික, මේ පෝස්ට් එකෙන්ම තමා ඇහුවෙ.. :D ;)
ReplyDeleteසැමියෙකු හෝ පෙම්වතෙකු නැති තරුණියන් පෙම්වතකු හෝ පෙම්වතෙකු ලද විගසම එය අසා දැන ගැනීමට මෙම ලිපිය පොත් සලකුණු (bookmark) කරන මෙන්ද ඉල්වා සිටිමි.
Deleteහ්ම්ම්,දැන් ඉතින් මේක බුක්මාර්ක් කරල තියාගන්නයි වෙන්නෙ.
ReplyDeleteඅන්න හොද ළමයි...එහෙම තමයි ඉන්න ඕනෑ..
Deleteඋපහාස රසය පිරිලා තියනවා....හරි ජොලි හලෝ..
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
තැනකුයි අයියේ..එට වැඩිය මෙතන මම නොකිය කියන කතාව හොයන්න.
Deleteඅයියා ඉගනගත්තේ පැක්ටිකල් වලින්ද ඈ.....මම මේ නිකමට වගේ ඇහුවේ ඒ විදිහට ඉන ගන්න... ;)
ReplyDeleteමුලින්ම සලරූ බලන්න ඕනෑ....ඊට පස්සේ ඉතින් ඕනෑ දෙයක් .. ;)
Deleteමෙක නම් වටිනා ලිපියක්... :D
ReplyDeleteතැන්කු තැන්කු..
Deleteප්‍රැක්ටිකල් වලින් ඉගෙන ගන්න එක ආතල්ය
ReplyDeleteකියවීමෙන් ඉගෙන ගන්න එක භයානකය
රූප වලින් ඉගෙන ගන්න මට තේරුනෙත් නැතිය
රුප වලින් ඉගෙනගන්නේ නැති එක පරණ ඇම්ඩන් කතාවක්....වැඩිය කට්ටිය දන්නේ නෑ ....
Deleteමේක ලියලා තියෙන විදිහ තමා පට්ට....කියවන්න කියවන්න ආස හිතෙනවා....එල මානවක අයියේ දිගටම ලියන්න..හැමදාම නැතත් පුළුවන් හැම වෙලාවකම කියවනවා
ReplyDeleteබොහොම ස්තුතියි....හැම වෙලාවේම උත්සාහ කරන්නේ වින්දනාත්මක දෙයක් දෙන්න තමයි
Deleteලංකාවෙ පාසල් වල ප්‍රජනන සෞඛ්‍ය ගැන අධ්‍යාපනයක් ලබාදිය යුතු කාලය දැන් එළඹ තියෙන්නෙ...
ReplyDeleteසිරාවට සිරෝ...අපේ අර අහවල් පොතට වෙච්ච සන්තෑසිය මතක නේ.
Delete18+ කියලා හැම එකකටම දාන්නේ වලත්ත කමටද හිට්ස් ගන්නද??
ReplyDelete18+ කියල දැම්මම හිට්ස් එනවා නම් වැඩියි.ඒක ඇත්ත.හැබැයි මම මේ වගේ ලිපිවලට එහෙම දාන්නේ වැරදි වැටහීම් අඩු කරන්න.ලිපියේ අන්තර්ගතය වැඩිහිටියන්ට පමණක් නම් ඉතින් මම අනිවා 18+ දානවා.අනිත් එක මගේ ගොඩක් එහෙම ලිපි නෑ.තියන ටික ගොඩක් අය බලලා තියන එක තමයි අවුල.
Deleteමේ කිසිම ක්‍රමයක් නොගැලපේනම්...කුමක්ද ගැලපෙන ක්‍රමය?
ReplyDeleteමේ සඳහා නව අධ්‍යාපනය ක්‍රම සොයාගත යුතුය එය පාඨක ඔබට බාර කරමින් මෙතනින් නවතිමි.
Deleteඔය ගූගල් දෙයියා දේශ තියන්නේ ලංකාවේ උන් ඉගෙන ගන්න හැටියට තමයි...
ඇම්ඩන්, නූතන ජන කතා, කියල පොතක් ආවේ..
ReplyDeleteඒකෙ භාෂාව මේ ලිපයට සමානයි. උපකාරයක් ගත්තද පොතෙන් ?
ජය වේවා.
නෑ මචන්...හැබැයි මේක තමයි සරල ජන වහර..කියන බාසාවෙන් තියන දෙයක් ලියන බාසාවෙන් ඉදිරිපත් කොට එන්නේ සමාන ආභාසයක්...
Deleteහැබැයි උඹ කියන පොත හොයන කියවන්න ඕනෑ :)
ජය වේවා ..
දැන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නං මගේ ටැලිපොං නොම්මරය දෙනවා හොදයි
ReplyDeleteකොල්ලොන්ට උනත් කමක් නැද්ද? දුන්නට නම්බර් එක. :P
Deleteවිහිළුවට ගත්තත් මේක නම් ලංකාවේ සිරියස් ප්‍රශ්නයක් මචෝ. ලංකාවේ පාසල් වලට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ කාලේ දැන් නම් පහුවෙලත් එක්ක. නිවැරැදි ක්‍රමයක් නැති නිසා වැරැදි ක්‍රමවලින් හරි කට්ටිය අධ්‍යාපනේ නම් ලබාගන්නවා....
ReplyDeleteඉතින් අපි ඉගෙන ගත්තෙත් එහෙම නේ...අර පොත හන්ඟ ගෙන කියවලා ....
Deleteඅනිවා අනිවා... අපි නම් ඉගෙන ගත්තේ එහෙම තමයි. ඒත් දැන් අපේ කාලෙට වඩා ලෝකේ දියුණු වෙලානේ. දැන් පොත් බලන්න වෙලාවක් නෑනේ කස්ටියට පොත් පෙරලනවා මිසක්.....
Deleteමට විහිළුව පැත්තක තියලා කමෙන්ට් එකක් දාන්න හිතුනා... ඔව්..
ReplyDeleteඔයා කියන එක හරි.. ඔය තුනම වෙන වෙනම ගත්තොත් කෙළ වෙනවා... හැබැයි එකට ගත්තොත් ...
මෙහෙම කියමුකෝ... මුලින් රෑප සටහන් ආශ්රයෙන් ලිඛිතව හා වාචිකව පැහැදිලි කරන්න ඕනේ.. ඊට පස්සේ සෙමිනාස් වගේ තියලා ප්‍රශ්න අහන්න සලස්සලා පැහැදිලි කරන්න ඕනේ.. ( ඒවා ගුරුවරුන්ට වඩා දොස්තරලට, නර්ස්ලට කරන්න පුළුවන්..) ඒ කියන්නේ මං හිතන විදියට අඩුම ගානේ අවුරුදු 15 විතර වෙද්දි වත් සම්පූර්ණයෙන් මේ කියන සිද්ධිය මොකද්ද කියලා පැහැදිලි කරලා දෙන්න ඕනේ.. ඔය කාලෙදි අපි ඕවා අල්ලගත්තේ එහෙන් මෙහෙන් ඇහෙන දකින ඒවා විග්රහ කරලා සමීකරණ විසඳලා... එහෙම කරන්න දෙයක් නෑ දැන් ඉන්න උන්ට... අවුරුදු 10 වෙනකොට ඕක යන්තම් දන්නවා... හැබැයි හරියට දන්නේ නෑ.. ඒක නිසා අපේ කාලේ ඕවා අත්හදා බලන්න ට්‍රයි කලේ 18 උනාටත් පස්සේ.. දැං ඉන්න උන් 15 වෙනකොට ප්‍රායෝගික පැත්තට යන්න දඟළනවා... හරියට තේරුම් කරලා දුන්නේ නැත්තම් අමාරුවේ වැටෙනවා...
ඇත්තටම මේක තමයි මම බලාපොරොත්තු වෙච්ච කොමෙන්ටුව.මම මේ පොස්ට් එකෙන් නොකිය කිව්ව දේ හිරු අක්කට හොදට තේරිලා තියනවා.
Deleteමීට අවුරුදු 5 කට විතර කලින් මාතර රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකයේ වැඩසටහන් කීපයකට දායකත්වය ලබා දෙන්න මට ඉඩ කඩක් හම්බ උනා (අපේ අම්ම එකේ ප්‍රධාන ලිපිකාරිය වෙච්ච නිසා).දැන් නම් ඒ වැඩසටහන් නවත්තලා ආධාර ලැබෙන්නේ නතින් නිසා මම කියන්නම් ඒ වැඩ සටහන් කෙරුනේ මොන විදියටද කියල.
මුලින්ම 25 දෙනෙකුගේ කණ්ඩායමක් තෝරා ගන්නවා.ඊට පස්සේ ඒ අය කාර්යාලයේ ශ්රවනාගාරයට එක්කගෙන ඇවිල්ල ප්‍රක්ෂේපිත තිරයේ සමාජ රෝග හැදිච්ච ලිංගික අවයව වල පින්තුර ටිකක් පෙන්නනවා.ඊට පස්සේ කෘතීම ලිංගික අවයවයක් (dildo) එකක් අරන් ඇවිත් ඒකට කොන්ඩමයක් දාන හැටි පෙන්නනවා.ඊට පස්සේ හැම කෙනාටම කොන්ඩම් දෙකයි බත් පැකට් එකයි(fried rice) රුපියල් 300 කුයි දීලා යන්න කියනවා.ඕක 95% කරේ පිරිමි අයට.
~ඊට පස්සේ සෙමිනාස් වගේ තියලා ප්‍රශ්න අහන්න සලස්සලා පැහැදිලි කරන්න ඕනේ..~
මම හිතන්නේ මේක තමයි වැදගත්ම කොටස.මටත් කියන්න ඕනෑ කම තිබ්බේ හිරු අක්ක කියන කතාව තමයි.මම මේ කොමෙන්ටුවත් එක්ක කොන්දේසි විරහිතව එකඟයි.මම විසඳුමක් කියනවට වැඩිය කට්ටිය සංවාදයකට ඇවිත් විසඳුමක් හොයන ඒක තමයි නියම දේ.
ඔබතුමාට පුලුවන් ද පාසල් වලටත් ඇවිත් සෙමිනා එකක් කරන්න. විශේෂයෙන් එකොළහ පන්තියෙ විද්‍යා පාඩම හා සමගාමීව.
Delete෴සොඳුරු සිත෴
Deleteසම්මන්ත්‍රණයක් කරන්න බැරි එකම හේතුවක් තියනවා.මට මේ ගැන දේශනයක් කරන්න අදාළ දැනුම සහ හැකියාව තිබුනත් පාසලකට ඇවිත් කරන සම්මන්ත්රනකදී මම ඒකට ගැලපෙනවද කියන ප්‍රශ්නෙට කෙනෙක්ට එන්න පුළුවන් නිසා.මොකද කියනවනම් මම සෞඛ්‍ය පැත්තට අදාළ කෙනෙක් නෙවෙයි (SLIIT එකටනේ ගියේ),ඒත් මම අම්මාගෙන් අහල බලන්නම් මේ වගේ සම්මන්ත්රණ කරනවා නම් සම්බන්ධ කර ගන්න ඕනෑ කවුද කියලා.පුළුවන් ඉක්මනට ඒ තොරතුරු ලබා දෙන්න පොරොන්දු වෙනවා.
බල්ල පීනන්න ඉගෙන ගන්නෙ කාගෙන්ද ?
ReplyDeleteඅන්න ජයියෝ පොයින්ට් එක...හා කියන්න කොහෙන්ද ? :D
Deleteඒකත් එපාලු
ReplyDeleteමේකත් එපාලු
ඒත්
කොහොම හරි
ඕනලු ..
එතකොට ... ???????
අනේ මන් දන්නේ නෑ :/
ඒකත් එපා මේකත් එපා හැබැයි ඒ එපා කියන්නේ වෙන වෙනම තිව ගත්තම කිසිම අව්ලක් නෑ
Deleteඅදයි මුලින්ම මේ පැත්තේ ආවේ මරු ඈ.... දිගටම ලියන්න..
ReplyDeleteඅපේ පැත්තෙත් එන්නකෝ කැරකෙන ලෝකේ
තැන්කුයි තැන්කුයි....අයෙත් එන්න...
Deleteතුන්වෙනි එක සම්බන්ධයෙන් ටියුබ් ලයිට් වුනෙමි.. ලිපිය එල ය...:D
ReplyDeleteඕක තියෙන්නේ පිනා ඇම්ඩන් ගෙන් අහනවා ස්වයන් වින්දනයේ යෙදෙන්නේ කොහොමද කියල ලිවුමකින්.ඇම්ඩන් කාරයට ඕක තේරෙන්නේ නැති නිසා පොර ඒ ලියුමේම යවනවා ලොකු ප්‍රශ්නාර්ථයක් (ඒ කියන්නේ කොක්ක යටින් ලොකු රවුමක් එක්ක) .ඉතින් පිනා හිතා ගන්නවා ස්වයන්වින්දනයේ යෙදෙන්නේ ඒ විදියට කියල.ඉතින් කතාව අන්තිමේදී කතාව කියන කෙනා ඒ කරන විදිය අතින් කරලා පෙන්නනවා.දන්නවනේ අර ඇම්ඩන් අලියාගේ ඔලුව හෙලෙව්වා හැටි කතාව අන්න ඒ වගේ.
Deleteතවත් පැහැදිලි කරනවානම් ස්වයන් වින්දනයේ යෙදෙන විදිය දක්වන හස්ත සන්යාව ප්රශ්නාර්තෙක හැඩේට කරොත් කොහොම තියේවිද ? :P
සිරාවටම ලියලා සහෝ.. උඹලා මේවා ලියනවයින් අපිට එක එක එවුවා අකුරක් නෑර පැහැදිළි කරන්න වෙලා දැන්.. :)
ReplyDeleteඕවා ඉතින් කවදාහරි හරි කියල දෙන්න වෙනවනේ....නැද්ද මන අහන්නේ.. :P
Deleteහෙක් හරියට නොදැන කඩිගුල් පාවිච්චි කරපු මිනිස්සුත් ඉන්නවලු නේ.
ReplyDeleteහොක් හොක්...දත් නැත්තන් කොස් කන්නේ කොහොමෙයි වගේ තමයි ඉතින්....
Deleteඅඩේ.. මෙහෙම ආතල් එකේ හරි මෙහෙම ගැඹුරු කාරණා පැහැදිලි කරන එක වටිනව බං. කතා සෙට් එක නම් මරු..
ReplyDeleteඋපහාසය එක්ක මනසට දෙන දේවල් ගොඩක් ඇතුලට යනවා .. අදාළ කරුණ මතක නැති උනත් විහිලුව හරි මතක හිටිනවා .
Deleteකුතුහලය කියන්නේ හැමවෙලේම හොද දෙයක් නෙවේ. ඇත්තටම කතාකරන්න ඕන දේවල් මේවා,, කිසිදෙයක් නොදන්න අයට අභිධර්මයෙන් බණ කියන්න ගියොත් වෙන දේ හිතාගන්න පුළුවන්නේ නේද? මිනිස්සු කියන්නේ පරිණාමයේ එක් පැත්තකින් හරි දියුණු කොට්ටාශයක්, නොදන්න දේවල් හොයන්න, අලුත් අලුත් දේවල් අත්හදා බලන්න, හරිම දක්ෂ ජාතියක්. ඉතින් ඔය කියන ආකාර තුනම සම්බන්ධයෙන් මානවක ගත්තු උදාහාරණ වලංගු වෙන්න තරම් බබලා අද සමාජේ ඇත්තටම නැ නේද???
ReplyDeleteවචනයක් දෙකක් අපි දෙනකොට එයලා ඉතිරි වචන ටික දලා හිතාගන්නවා. එත් මේ හැමදෙයින්ම වෙන්න ඔන කුතුහලය කියන දේ යට ගිහින්, මේ කියන ලිංගිකත්වය කියන්නෙත් හැමෝටම පොදු මානව කියාදාමයක් කියන සමාන්‍ය හැගිම සමාජයට යන්න ඕන.
දෙයක් හංගන්න හංගන්න එක හොයනවා වැඩි.
දෙයක් නොදන්න කල් එක ඉගෙන ගන්න හදනවා වැඩි.
දෙයක් ඉගැන්වුවාම එක අත්හදා බලන්න යනවා වැඩි.
ඔක තමා සැබැහැ තත්වේ........
ලිංගිකත්වය ගැන කතාකිරිම අසභ්‍යයැයි හිතන වැඩිහිටියෝ ළමයින්ට නොමග යන්න අත දෙනවා.
ලිංගිකත්වම ගැනත් අර්ථවත් අධ්‍යාපනයක් නව යොවුන්විය සංවර්ධනය කිරිමේ පාඩමට ඇතුලත් විය යුතුයි..
කොටින්ම මේක මේ ආශ්චර්යක් කියන හැගිම සමාජයෙන් උපුටාදලා සමාන්‍ය දෙයක් බවට පත්කල යුතූයි.
එකට ලිංගික අධ්‍යාපනය පමණක් නෙවේ මානව ආකල්පත් සංවර්ධනය කළයුතුයි.
//ඉතින් ඔය කියන ආකාර තුනම සම්බන්ධයෙන් මානවක ගත්තු උදාහාරණ වලංගු වෙන්න තරම් බබලා අද සමාජේ ඇත්තටම නැ නේද??? //
Deleteඔන්න ඔතන තමයි වැරැද්ද ගත්ත තැන.මේ කතා වල තියන ඒවා අද කාලේ කවුරුවත් නොකරන එක ඇත්ත.ඒත් ඒ කතා හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා නෙවෙයිද?
මම කිව්වේ මානවක අද කාලේ නැ කියලා
Delete18 පැනපු
අන්තර්ජාලයේ ඔයා දාපු ලිපිය කියවපු
එහෙම අය ඉදිද
ගමක උනත් අද ළමයි ඕවා දන්නවා
ලංකාව ක්ෂාක්සර තාවයෙන් ආසියාවේ පළමු තැන වුනාට
sex අකුරැ තුනෙන් google සරපු list එකේ ලොකේන්ම පළමු තැනට ඇවිත්
මම කිව්වේ මගෙ අදහස විතරමයි
වෙනස් ලිපියක්. හොදයි...!
ReplyDeleteNice article :D
ReplyDeleteThank you very much for providing important information. All your information is very valuable to me.
ReplyDeleteVillage Talkies a top-quality professional corporate video production company in Bangalore and also best explainer video company in Bangalore & animation video makers in Bangalore, Chennai, India & Maryland, Baltimore, USA provides Corporate & Brand films, Promotional, Marketing videos & Training videos, Product demo videos, Employee videos, Product video explainers, eLearning videos, 2d Animation, 3d Animation, Motion Graphics, Whiteboard Explainer videos Client Testimonial Videos, Video Presentation and more for all start-ups, industries, and corporate companies. From scripting to corporate video production services, explainer & 3d, 2d animation video production , our solutions are customized to your budget, timeline, and to meet the company goals and objectives.
As a best video production company in Bangalore, we produce quality and creative videos to our clients.