බුකියේ මං

29 අපි බාලචන්ද්‍රන් මරපු හැටි | Assassination of Balachandran

මේ දවස් වල හැම තැනම යන්නේ ප්‍රභාකරන් ගේ දෙවෙනි පුත්තරයා හමුදාවෙන් අල්ලාගෙන පොරට සුපර් ක්‍රීම් ක්‍රැකර් කන්න දී ඝාතනය කල බව කියන චායාරූප එකතුවයි.මේ ලිපිය ලියවෙන්නේ එය සාදාරනීකරණය කිරීමටවත් එයට විරුද්ධ වීමටවත් නොව මධ්‍යස්ත මිනිසෙකු වශයෙන් හිතට නැගුන අදහස කියා පෑමටය.


කිසිම මිනිසෙකුට තව කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය අහෝසි කල නොහැක.බොහොමයක් දෙනා කියන්නේ පියා විසින් ඇතිකළ මරණයේ කුණාටුවට පුත්‍රයාද අවසානයේ කොටු වූ බවක් නොවේද?.එහෙත් ඔහු ප්‍රභාකරන්ගේ පුත්‍රයා උන පමණින් ඔහු පියාගේ පව්කාර කම වලට වග කිව යුතුද?.එම රූප පෙළ දුටු විට මගේ හිතට කිසිදු දුකක් අනුකම්පාවක් හෝ සතුටක් ඇති නොවීය.ඇති උන එකම හැගීම නම් මිනිසත් බව ලබා ගැනීමට කොතෙක් අසීරුද යන්නත් , එතරම් අපහසු තාවයෙන් ලබාගත් මිනිසත් බවට කිසිදු වටිනාකමක් නැති කම ගැන ඇතිවූ කලකිරීම පමණි.තවත් කතා කිරීමට පෙර එම රූප පෙළ නරඹා සිටිමු.    




නැත තව දුරටත් කතා කලයුතු නැත...අනිත් රූප පෙළත් බලන්න.මා අදහස් කරන දේ ඔබට තේරෙනවා නිසැකය       




අපි පින්තුර බලනකොට එකේ පින්තුර අනුපිලිවෙලට නේ කතාවක් ගොඩ නගන්නේ....දැන් ඔන්න කතා දෙකක් තියනවා...

ප්‍රභාකරන් ගේ දෙවෙනි පුත්තරයා හමුදාවෙන් අල්ලාගෙන පොරට සුපර් ක්‍රීම් ක්‍රැකර් කන්න දී ඝාතනය  කලාද නැතහොත් යම්කිසි විදියකින් යුද බිමේ වැටුන ප්‍රභාකරන් ගේ දෙවෙනි පුත්තරයා හමුදාවෙන් සුරක්ෂිත කරාද ? 

ප.ලි - කතාව ඇත්තනම්(කිසියම් පාර්ශවයක් අතින් ඔහු ඝාතනය උනා නම්) ඔහු ලබා ඇත්තේ වේදනාවෙන් තොර මරණයකි.(නැවත මා අදහස් කලදේ පහත රූපයෙන් ඔබට තවත්  වැටහෙනවා ඇත) 


Comments
29 Comments

29 comments:

  1. මට තේරුනේනං නෑ..
    හැබැයි මටත් මේක දැක්කම දුකක්වත් අනුකම්පාවක්වත් සතුටක්වත් ඇති උනේ නෑ...

    ReplyDelete
    Replies
    1. පින්තුර කතාව ආපස්සට බලන්න.....(පලවෙනි පින්තුරෙයි දෙවෙනි එකෙයි වෙනස)

      Delete
  2. උඹ කියන්නේ ඒ මරණයෙන් තවත් සාමකාමී ආරම්භයක් කියලද?

    ReplyDelete
    Replies
    1. නෑ බන කතාව අපිට පේන විදියම නෙවෙයි නේද?

      Delete
  3. අනේ මන්දා.. මොනවා කියන්නද කියලා. හිතෙන, හිතට දැනෙන හැමදේම හිතේම තිබිද්දෙන්...

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි...මොකද අපි කොච්චර නිවෙදී මතයක හිටියත් මිනිස්සුන්ට ඒක වැරදියට පෙන්න පුළුවන්

      Delete
  4. කොටින්ගෙ බෝම්බ නිසා සිංහල, දෙමළ අත දරුවො කී දෙනෙක් නම් මැරුණද.. එහෙම එකේ මේ කොල්ලා මැරුනා කියන දේ ඒ හැටි ලොකු කරගෙන පෙළපාලි යන්න දෙයක් නෙවෙයි..
    කවුද දන්නෙ මේ පොඩී එකා ලොකු මිනිහෙක් උන දවසට තමන්ගෙ තාත්තා මැරුව පළිය ගනීවිද නැද්ද කියලා?

    ReplyDelete
    Replies
    1. එහෙම එකේ මේ කොල්ලා මැරුනා කියන දේ ඒ හැටි ලොකු කරගෙන පෙළපාලි යන්න දෙයක් නෙවෙයි..ඒක ඇත්ත ඒත් හැම කෙනාටම ජීවත් වීමේ අයිතියක් තියනවා..මෙතන තියන සීන් එක කතාව ඇත්ත නම් අවාසනාව පිය උරුමෙන් ආව එක

      Delete
  5. අනේ මංදා හෆ්ෆා..... කියන්න දෙයක් නම් හිතාගන්න බෑ මට...

    ReplyDelete
  6. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.හැබෙයි මිනිහා මරුනේ සටනකදී කියලනේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මම මෙතන ලොකු තර්කයක් නෙවෙයි ගොඩනගන්නේ..අපි පින්තුර බලනකොට එකේ පින්තුර අනුපිලිවෙලට නේ කතාවක් ගොඩ නගන්නේ....

      Delete
  7. කොමෙන්ට් කරපු ගොඩ දෙනෙකුට තේරුනේ නැහැ වගේ මටත් තේරුනේ නැහැ. නමුත් යුද්දෙදි මියගිය පුද්ගලයෙක්. බලමු අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කරනකම්.

    ReplyDelete
    Replies
    1. මේ පින්තුර කතා එකම කාසියක දෙපැත්ත වගේ...

      Delete
  8. උඹ මතු කරන්න හදපු කාරණාව මටත් පැහැදිලි නෑ. මට හිතෙන්නේ කොටිම ඔහොම ෆොටෝ ගහලා උන්ම මරලද කොහෙද.
    කලිසමනම් එකමයි. එතන බාටා දාපු එකෙක් ඉන්නවා. හැබැයි මට පොඩි එකා ගැන වෙන එකෙක්ට උනානම් එනවා වගේ අනුකම්පාවක් ඇතිවුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. මුල් පින්තුර පෙළ ආපස්සට කියවන්න....කන්න දීලා මර දැමීම සහ යුදබිමෙන් එපිටට ගෙන සුරක්ෂිත කිරීම...

      Delete
  9. Ane manda dan me okkoma vela godaak kql ne ai dan mevaa aaye adinne
    Mun lankavata kohoma hari kelavannai hadanne maanavaka aiye..........!!!

    ReplyDelete
    Replies
    1. "mevaa aaye adinne"

      මම ඔන්න ඔය වචන ටික ගැන වැඩි දුර හිතුව හින්දා තමයි කොමෙන්ට් එකක් නොදා හිටියේ.ඇත්ත තමයි මොකක් හරි එක්සත් ජාතීන්ගේ මගුලක් ලන්වෙනකොට මොකක් හරි රෙද්දක් එලියට එනවා.

      Delete
  10. ඉතාම කෙටියෙන් මගේ අදහස . බාලචන්ද්‍රන් අතඩංගුවට අරන් මැරුවා නම් ඒක යුධ අපරාධයක් .නමුත් ඒක තවමත් තහවුරු වෙලා නෑ . කොටින්ගේ මනුෂ්‍යඝාතන නිසා වෙනත් ඝාතනයක් සාධාරණී කරණය කරන්න බෑ ත්‍රස්තවාදි සංවිධානයක් සහ රජයේ හමුදා අතර වෙනස ඒකයි . තහවුරු නොවූ දෙයක් නිසා හොඳම දේ බලා ඉඳීම , චෝදනාව ඉදිරිපත් කරපු අයගේ ප්‍රධාන ඉලක්ක , ඉන්දියානු විදේශ ඇමති, එක්සත් ජාතින්ගේ සංවිධානය පවා ඡයාරූප මත පමණක් තීරණ ගන්න සුදානම් නැති බවයි පෙන්න තියෙන්නෙ . ඒ නිසා අපිත් බලාන ඉමු !

    ReplyDelete
    Replies
    1. ඔව් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ මේ ප්‍රශ්නේ කොනක් අපිට අහුවෙනකන්.අපිට විශ්වාස කරන්න තිබ්බා අහින් දුටු සාක්කි කාරයෙක් අවුරුදු හතර පහකට පස්සේ ඇවිත් හෙළිදරව්වක් කරා නම්.කාලය ගතවීමට හේතුව විදියට ඔහු හිර භාරයක හෝ වෙනත් තැනක සිටීම දක්වන්න පුළුවන්.ඒත් මේ වගේ ශක්තිමත් සාක්කියක් එක පාරටම පොලා පැන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ...

      Delete
  11. ඔබගේ තර්කය පැහැදිලියි. නමුත් එහෙම නම් ඒ තර්කයට අනුව වැඩේ තවත් සීරියස්. එනම් එහෙනම් ඔහු කෝ???????

    ඔන්න දැන් එහෙම කෙනෙක් ඉදිරිපත් කළා නම් ජිනීවා වලට ස්වීප් ටිකට් එකක් අපිට ඇදෙනවා වගේ. ඒ නිසා එය නොගිනිය හැකි බවයි මගේ මතය.

    හැබැයි එහෙම මතයක් සහ පුද්ගලයෙක් ඉදිරිපත් කළ හැකි නම් මල් හතයි... ඈ..

    ReplyDelete
    Replies
    1. මම කල්පනා කරන්නෙත් ඒ දේ.ඇමෙරිකානු ක්‍රමයේ සාක්ෂි කරුවන් ආරක්ෂා කරන පිළිවෙතකට(witness protection) ඔහු ලක් කරාද කියල උනත් කෙනෙකුට සැකයක් ඇති කර ගන්න පුළුවන්...මෙතන අර්ථකතනයක් දෙන්න බැරි දේ නම් මේ රුප පෙළ ඇයි මෙච්චර කාලෙකට පස්සේ එලි දැක්කේ කියන එක...

      Delete
  12. වැඩිය හිතන්න ඕන නැහැ දරුවෙකුගේ මරණයක් ඒක කණගාටුදායකයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නේ වෙන්නේ මේක මිනීමැරුමක් කියල ලේබල් ගහන අය ඒ වෙනුවෙන් තව දරුවෝ කීයක්‌ බිලිගනීවිද?..

      Delete
  13. බාලචන්ද්‍රන් මියගිය පොටෝ ප්‍රසිද්ද කලේ රුඋපවාහිනියම තමා යුද්ධේ අවසන් කාලේ ..... ඒ වෙලාවේ කිව්වේ සටනකට මැදි වෙලා මැරුණා කියලා ... ඒ පොටෝ අරගත්තේ මාද්‍ය විසින් .... ඔය කකුල් වල සෙරෙප්පු කොණ්ඩ වවන් ඉන්න මිනිස්සු ගැන සුරංගනා කතා දැන් කියලා වැඩක් නැ.... කතාවේ අසම්පූර්ණ තැන් අපේ අයම පුරවලා තියෙන්නේ ....
    දැන් තියන ප්‍රශ්නෙ ඒක නෙවී රජයේ මාද්‍ය ඒ දවස් වල කීවෙ පුලිතේවන් නඩේසන් ඇතුළු පිරිස සටනකට මැදිවෙලා මියගියා කියලා ඒ අතරට තමා බාලචන්ද්‍රන් ව පෙන්නුවේ.....
    ජාත්‍යන්තරයේ චෝදනාව යටත් වූ පසු මරා දැම්මා කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි ...

    ReplyDelete
    Replies
    1. @සමිර - ඔබ ඉතාම තදින් කියා සිටිනවා රජයේ හමුදා විසින් යටත් වු බාලචන්ද්‍රන් මරා දැමු බව.මේ සදහා ඔබට චැනල් 4 නාලිකාවටත් වඩා සාක්ෂි තියෙන හැඩයි මෙම ප්‍රකාශය සනාථ කිරිමට.ඔබට හැකිනම් ඔබ ඔය ඉතා විශ්වාසයෙන් සදහන් කර තිබෙන //බාලචන්ද්‍රන් මියගිය පොටෝ ප්‍රසිද්ද කලේ රුඋපවාහිනියම තමා යුද්ධේ අවසන් කාලේ ..... ඒ වෙලාවේ කිව්වේ සටනකට මැදි වෙලා මැරුණා කියලා ... ඒ පොටෝ අරගත්තේ මාද්‍ය විසින් //දැන් තියන ප්‍රශ්නෙ ඒක නෙවී රජයේ මාද්‍ය ඒ දවස් වල කීවෙ පුලිතේවන් නඩේසන් ඇතුළු පිරිස සටනකට මැදිවෙලා මියගියා කියලා ඒ අතරට තමා බාලචන්ද්‍රන් ව පෙන්නුවේ..... // මට පුළුවන්නම් පෙන්නන්න රජයේ මාධ්‍යයක් විසින් බාලචන්ද්‍රන් මිය ගියා යැයි සදහන් කරන ලිඛිත හෝ වීඩියෝ සාක්ෂියක්.එසේත් නැතිනම් හමුදා ප්‍රධානියකු විසින් කරන නිවේදනයක විඩියෝ පටයක්.ඔබගේ කරුණු දැක්විම් සදහා රජයේ මාධ්‍ය උපුටා දැක්විම් හෝ වෙනත් මාධ්‍ය ජාල හෝ රජයේ නොවන වෙබ් අඩවි වල සදහන් දැ අදාල කරගත නොහැක.ඔබට එය කල නොහැකි නම් ඔබ හමුදා ජයග්‍රහන පාවාදෙන දේශ දෝහියකු බව කරුණාවෙන් සලකන්න.

      Delete
    2. මම කියන්න ඕන දේ තුනපහත් එක්කම ගවේෂක කියල තියෙන්නේ...

      Delete
  14. කාලෙකින් ආවේ. අරංතලාවේ වුනත්, කැබිතිගොල්ලෑවේ වුනත්, නන්දිකඩාල් වුනත් පොඩි එවුන් නේද...

    ReplyDelete
  15. මට කියන්න තියෙන්නේ ඔබ වගා කල දේ ඔබට අස්වැන්න ලෙස නෙලා ගත හැක කියන ජනප්‍රිය කියමන. මේ දෙකම යුද්දයේ කටුක අත්දැකීම්. කවුරු හරි පිරුබහරන් අත්අඩංගුවට ගෙන මැරුව කිව්වා නම් ඒක ඒ හැටි ඇදගෙන යන්න බැරි මාතෘකාවක් වෙනවා. නමුත් මේක හොඳ මාතෘකාවක් නිසා ලස්සනට එක්කගෙන යනවා. අර කොලු පැටියට තියෙන අහිංසක පෙනුම නියමෙට පාවිච්චි කරනවා. ඌ යකෙක් වගේ කැත වුනානම මාකට් වෙන්නේ නෑ. අපේ හමුදාව අතින් මේ වගේ සාමාන්‍ය පවුලක දරුවෙක් මැරුණා නම් මොකද වෙන්නේ ? ඒවා මාකට් කරන්න බෑ. මෙක අපිට කියන්න පුළුවන් බළලා මල්ලෙන් එලියට පැනීමක් කියලා. අර ත්‍රස්තවාදියාගේ පුතා හිටියනම් ඌව අන්දලා අපූරුවට යුද්දයක් පටන් ගන්න තිබුනා. පළිගැනීමේ යුද්දය කියලා. මේක දැකලා බොහොමයක් අය කඳුළු හෙලුවා කියලත් කියන්නේ. දුක අරයගෙ පුතා හින්දා. කාලකන්ණි.

    ReplyDelete

හිතුනේ මොනවද?