වැලන්ටයින් තමයි පැටියෝ...ඒ උනාට මට නම් බෑ ආයේ එදා ගිය තැන් වලට වගේ තැන්
වලට යන්න...මතකනේ එතන හිටිය උන්ගේ හැටි...හතර පහක් එකතුවෙලා ඔයාට ගහල මට
මොනවා හරි කරොත් මොනවා කරන්නද?...එහෙම උනොත් මම මොනවා කරන්නද?
ඒ වචන
ටිකට පපුව කීරි ගැහුවා වගේ උනා...ඒ කෙල්ලට කරදරයක් වේවි කියලා
නෙවෙයි...වැලන්ටයින් මුවාවෙන් කෙල්ලව රූම් එකකට එක්ක ගෙන යන්න තිබ්බ චාන්ස්
එක අල වේවි කියලා හිතුන නිසා ...කලින් දවසෙත් ඒකි මට අතකවත් තියන්න දුන්නේ
නෑ හරියට...අනික ඒක රූම් එකකුත් නෙවෙයි රෙද්දේ දිය ඇල්ලක්...ඒකත් බදා ගෙන
ඉම්බ එක විතරයි...කෙල්ලට එදා තැනට බය හිතෙන්න ඇති...
බුකියේ මං
15 ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි
ඉස්සර සිංහල ගැමි සමාජයේ ගැමියන් ජීවත්වූයේ විශාල සමාජයක එක්තරා කොටසක් හැටියටයි. ඒකට අර්ධ සමාජයක් කියලත් කියනවා. ගැමි සමාජය තුළ ජීවත්වන පිරිස දෙයාකාරයි. එනම්,
1. සාමාන්‍ය ගැමියන්.
2. නගරය කේන්ද්‍ර කරගෙන ජීවත්වන පිරිස. (නොගැමියන්)
ගැමියන්ගේ සිතුම් පැතුම් මූර්තිමත් වන්නේ ගැමි සංස්කෘතියෙන්. ඒ සංස්කෘතිය ගෝත‍්‍රිකයන්ට සාපේක්‍ෂව කිසියම් ඉහළ දියුණු මට්ටමක පැවතුනා. එනම් දියුණු වූ ලේඛන කලාව, කලා ශිල්පය, වාරිමාර්ග ක‍්‍රම ආදියෙන් සමන්විත වූ සංස්කෘතියයි. මේ ගැමි සංස්කෘතියේ මූලික සම්ප‍්‍රදායන් දෙකක් තිබෙනවා.
1. චූල සම්ප‍්‍රදාය
2. මහා සම්ප‍්‍රදාය
මේ දෙකේ එකතුවෙන් ගැමි ශිෂ්ඨාචාරය හැදෙනවා. සාමාන්‍ය නූගත් ගැමි ජනතාව චූල සම්ප‍්‍රදායටත්, ප‍්‍රභූන් හෙවත් නොගැමියන් මහා සම්ප‍්‍රදායටත් අයත් වෙනවා. ඒ කියන්නේ චූල සම්ප‍්‍රදාය බොහෝදුරට සරලයි. මහා සම්ප‍්‍රදාය දාර්ශනික අතින් ගැඹුරු මට්ටමක පවතිනවා. කෙටියෙන්ම කියනවා නම් පාලකයන්, සාහිත්‍යකරුවන්, පණ්ඩිතයන්, කලාකරුවන් ආදී පිරිස පොදුවේ දෙවන ගණයට හෙවත් මහා සම්ප‍්‍රදායට අයත් වෙනවා.
42 බුදු ගුණ බලන ගමන් පංචස්කන්ධය ගැන ඉගෙන ගන්න
Labels:
මට හිතෙන හැටි.....,
රැඩිකල්
සිද්ධාර්ථ ගෞතම ලිබර්ටියේ පෙන්නනවා කියලා කවුද කියනවා ඇහුනා.එතකොටම මට කල්පනාවට ආවේ වෙනදට චිත්තර පටියක් පටන් ගන්න කලින් ලිබර්ටිය ඉස්සරහ ඉන්න නොයෙකුත් විදියට ඇඳ පැළඳ ගත්ත තරුණ තරුණියෝ පෝලිම.සමහර දවස වලට රණ්ඩු වෙනවත් ඇහෙනවා කට්ටිය කලින් බුක් කරලා පස්සේ ආපු උන්ට චාන්ස් එක නැති වෙලා.මොලේ කොලොප්පන් වගේ නේද?මම මේ මොකාටද එන්න හදන්නේ කියලා?.මේකයි සිද්ධිය ගොඩක් කට්ටිය අහල ඇති කතාව ලංකාවේ සිනමාහලක බොක්ස් වලින් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ලිබර්ටි සිනමා හලේ බොක්ස් වලට කියලා කියන එක.ඒ කතාව පැත්තකින් තියමු දැන්.
17 සාම්පල් එක
Labels:
නොකියු කවි,
රැඩිකල්,
රොමැන්ටික්
37 ආදරේ කියා දෙන්න පුලුවන්ද? | Love Guru
Labels:
රැඩිකල්,
රොමැන්ටික්
37 මා නෙලූ මල…
Labels:
නොකියු කවි
44 වීරයා මැරිලා
Labels:
නොකියු කවි
සැබෑ ආදරය හැමතිස්සෙම කොන්දේසි විරහිතයි.ඒත් හැබැයි ඒක යතාර්ථයක් වෙන්න නම් දෙපැත්තෙන්ම ඒ විදියට ආදරේ කරන්න ඕනෑ.නැත්තම් වෙන්නේ ආදරේ නාමයෙන් අපිව පාවිච්චි වෙන එක විතරයි.මේක මගේ පරණ අත්දැකීමක් උනත් ඒ වැරැද්ද ගෑනු ළමයි අතින් විතරක් නෙවෙයි පිරිමි අතිනුත් සිද්ධ වෙනවා.මොනම හරි අවාසනාවකට එහෙම අත්දැකීමකට මුහුණ දෙන්න උනාම තියන එකම අතුරුපලය තමයි මැරෙන තුරාවටම අපි පාවිච්චි උනා නේද කියන සිතිවිල්ලෙන් විඳවන්න වෙන එක.මට මෙහෙම කවියක් ලියන්න හිතුනේ බාඳුරා අසපුවේ තිබුන අනියම් කවිය කියන කවි පන්තිය සහ චැට් එකක ගිය පුංචි කතා බහක්.ඒ කතාවෙන් තමයි මම මේ වීරයා මකරා වගේම රාස්ස කුමාරි වචන අල්ල ගත්තේ .
63 නිවැරදි ලිංගික අධ්‍යාපනය (18+)
Labels:
රැඩිකල්
ප්‍රිය පාඨකය
ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම් ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව කාලාන්තරයක් තිස්සේ සමාජයේ පවතින කතිකාවතකි.නොයෙකුත් ප්‍රායෝගික ගැටළු සමග උවත් සමාජීය අවශ්‍යතාවක් ලෙස සේම සමාජයේ යහ පැවැත්ම අගයන්නා වූ පුරවැසියකු වශයෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ කෙසේදැයි යම්තාක් හෝ තරමකට විග්‍රහ කිරීමට තීරණය කරන ලද්දෙන් මෙම ලිපිය ලියමි.
ලංකාවේ ගබ්සා වෙන ප්‍රමාණය අඩුකිරීමට වගේම සමාජ රෝග පැතිරීම වැලක්වීමට එසේත් නැත්නම් ලිංගිකත්වය යන විෂයෙහි ඇති නොදැනුවත් කම නිසාම පැන නගින්නාවූ නොයෙකුත් ගැටළු වලට ස්ථිර විසදුමක් ලෙස නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබාදිය යුතු බව කාලාන්තරයක් තිස්සේ සමාජයේ පවතින කතිකාවතකි.නොයෙකුත් ප්‍රායෝගික ගැටළු සමග උවත් සමාජීය අවශ්‍යතාවක් ලෙස සේම සමාජයේ යහ පැවැත්ම අගයන්නා වූ පුරවැසියකු වශයෙන් නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුත්තේ කෙසේදැයි යම්තාක් හෝ තරමකට විග්‍රහ කිරීමට තීරණය කරන ලද්දෙන් මෙම ලිපිය ලියමි.
Subscribe to:
Posts (Atom)

