බුකියේ මං

5 සබඳ නුබ නික්මුනිය......

කවදාවත් ලියන්න වේවි කියලා තුන්හිතකින් වත් හිතුන්නැති පොස්ට් එකක්.මට ඔබා මාමා ගොඩක් ලොකු ලොකුවට ආශ්‍රය කරන්න වෙලාවක් ලැබුනේ නෑ මගේ පවකට.එත් කවදාවත් අමතක වෙන්නේ සුන්දර  මතකයක් ..... ඉතාම සුන්දර මතකයක් ඉතුරු කරලා ඔබා මාමා යන්න ගිහින්.වයස නොබලා විහිලු කරපු වයස නොබලා විහිලු ඉවසපු සුන්දර මනුස්සයා අපිට නොකියාම යන්න ගිහින්.උදේ ආරංචිය ලැබුන වෙලේ අවුරුදු 26 ක්  වෙන මගේ ඇස වලිනුත් නොදැනීම කඳුළු කැට දෙකක් පැන්න.



අන්තිම පේලියේ සමුහ චායාරූපයක් 

ඔබා මාමා එක්ක මට මුල්න්ම කතා කරන්න ලැබුනේ අවුරුදු උත්සවේ වෙලාවේ.මම කුරේ පිට්ටනියට පිවිසෙනකොටම කෙනෙක් කිව්වා අර නිල පාට කමිසයක් ඇදගෙන ඉන්නේ ඔබා මාමා කියල .මට එක පාරටම කියවුනේ "යකෝ ඔබා මාමා හෙන තරුණයි කියලා".හිත ලස්සන මිනිස්සු කොහොමත් තරුණයි තමයි.ඉතින් එක එක තරග ඉවර වෙලා ඔන්න මටත් අවස්තාවක් ආව ඔබාමම එක්ක කතා කරන්න ක්‍රීඩාගාරය  පැත්තෙදි.මම ගිහින් අදුන්වල දීල මම කවුද කියලා මදුවිත උගුරක්‌ තොල ගැන ගමන් ටිකක් කතා කරා.සත්තකින්ම සුන්දර මනුස්සයෙක්. ඒ වෙලාවේ කෙනෙක් අපි දෙන්න ඉන්න පින්තුරයක් ගත්ත.හැබැයි මම කවදාවත් හිතුවේ නෑ එක මෙච්චර වැදගත් වෙයි කියාල දවසක.

ඔබ මාමා  සමග ගත් දුර්ලබ චායා රූපය 

හ්ම්ම්ම්..ඒ හැම දෙයක්ම අතීතයට මුහුවෙලා . ඒත් ඔබා මාමාගෙන් එකම දෙයි ඉල්ලන්නේ අනේ දැන්ම නිවන් දකින්න එපා ආයෙත්  අපි අතරම ඉපදිලා දෙනෝදාහක් මිනිස්සුන්ගේ තද වෙච්ච තොල වලට හිනාවක්‌ දෙන්න කියලා විතරයි.

වසන්තයේම 
අප 
හැර
ගිය
වස්සානය
මග බලමි
නැවත 
එන තුරු 
ගිම්හානය
උවද ........


ප.ලි - ආයේ කවදාවත් සිංහල බ්ලොග් අවකාශේ වෙළඳ ලකුණක් වගේ වෙච්ච ඔබා මාමගේ මුහුණ රැගත් ඉහත පින්තුරය සහිත  කොමෙන්ටුවක් දකින්න වෙන්නේ නෑ කියන දුක නම් ඉතින් අමතක කරන්න බෑ.එතකන් අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

------ ඔබා මාමාට බුදුසරණයි ----------
Comments
5 Comments

5 comments:

  1. මෙවැනි අකල් වියෝවන් මතු සසරේ කිසිදා නොම වේවා ඔබා මාමේ...ඔබට නිවන් සුව පතමි!!!

    ReplyDelete
  2. මටනම් තාමත් හිතාගන්න බැහැ මේ දේ ඇත්තද කියලා....

    ReplyDelete
  3. මට කඳුළු ආවා ආරංචියට ............රොබින්ට ගොඩක් පින් පින්තුරේ ගත්තට .................

    ReplyDelete
  4. මේ ප්‍රවෘත්තිය මුලින්ම දැනගත්තෙ අද උදේ. ඒත් මේ කමෙන්ට් එක දමන වෙලාව වෙනකොටත් පුදුම දුකක් හිතේ හිර වෙල තියෙන්නෙ. ජීවිතයෙ කිසිම දිනක හමුවෙල නැති මුණ ගැහිල නැති මනුස්සයෙක් වෙනුවෙන් මම කවදාවත් මේ තරම් දුක් වෙල නෑ. ඒත් ඔබ අපිට භෞතික ලෝකෙදි මුණ නොගැසුනත් සයිබර් අවකාශෙදි නිතර හමුවුණා. ඔබ කොතැනද එතැන හිනාව උතුරල පැතිරිල ගියා. ඔබ නැති සිංහල බ්ලොග් අවකාශය පාළුවට ගිහින්. ඒ අඩුව අපිට හැමදාම දැනේවි. ඒ අත්දැකීම් බහුල නිහතමානී සොඳුරු සිතැත්තා නැවත කිසිදාක නොඑන්නම යන්න ගිහින්. සහෘදයාණනි, ඔබට සුබ ගමන්.

    සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  5. මාමේ..
    ආයෙත් ඇවිත් යන්න එන්න..

    ReplyDelete

හිතුනේ මොනවද?