බුකියේ මං

36 සමනල පාලම

අද කාමරේ අස් කරනකොට අස්සකට වැටිලා තිබිච්ච මගේ උසස් පෙළ කේවල ව්‍යාපෘතිය හම්බුනා.පරණ කවි තොගයක්ම තියනවා.ඒකෙ නම "යලි එන්න වසන්තය" තේමාව උනේ "අසම්මතයේ කාව්‍ය පෙළහර".අසම්මත වෙන්නේ ඇයි කියල කියනවනම්.තාමත් කල්පනා කොරන කොට මට හරිම පුදුමයි මගේ අතීතය ගැන.මම ජීව විද්‍යාව කරත් මගේ කේවල ව්‍යාපෘතිය උනේ නිසදැස් නිර්මාණය.කණ්ඩායම් ව්‍යාපෘතිය උනේ ගණිත දිනය.අනේ මන්ද මම එදා ඉඳලම උඩු ගං බලන් පීනපු මිනිහෙක්ද කියල හිතෙනවා.හැම දේම අනිත් මිනිස්සුන්ට වැඩිය වෙනස් විදියට කරන්න උත්සාහ කරත් කොහේ හරි වැරදුන මට.එත් ඉතින් තාමත් ජීවත් වෙනවා.කිසි අව්ලක් නෑ කලින් නම් නැති වෙච්ච දේවල් වලට තැවුනත් දැන් තේරෙනවා නැති වෙච්ච දේවල් වලට වැඩිය ලැබුන දේවල් වැඩියි කියල.ජීවිතයට මිනිස්සු එනවා යනවා.සමහරු මාව ජීවිතයෙන් පිටමන් කරා.මම සමහරුන්ව ජීවිතයෙන් පිටමන් කරා.හැමදේම සමබරයි කියල හිතෙනවා. 


එම වකවානුවේ පෙම්වතෙක් නොවුනත් ආදරය ගැන මට හිතිච්ච හැටි නැත්තන් ආදරය අර්ථ කථනය කරපු හැටි තියන පුංචි කවියක් තෝරගත්ත මම පල කරන්න.තව දෙයක් කියන්න ඕන.මේ කවිය මම ලියල තියෙන්නේ 2003 සැප්තැම්බර් මාසේ දහවෙනිදා.ඒ කියන්නේ අවුරුදු 9 ක් වෙනවා.මතක තියාගන්න පට්ටම පරණ කවියක්.

සමනල පාලම යැයි
සිතුවෙමි 
අප දෙදෙන
සිනිදු අත්තටු දෙක යැයි 
සිතුවෙමි 
අත්වැල් බැඳන් යන 
දෙදෙනාම 
නමුත් .......
දැන් දනිමි 
අපි ගං දෑල ද 
සමනල පාලම 
දෑ ඉවුරු යා කරන
ආදරයද  බව 
මම.......   

ප.ලි. - ගාල්ලේ තිබිච්ච සමනල පාලම දැන් නැද්ද මන්ද.සමනල පාලමේ පින්තුරයක් කියල හොයා ගන්න පුළුවන් උනේ පහල තියන පින්තුරේ විතරයි.ඒක ගත්තේ මෙතනින්.

Comments
36 Comments

36 comments:

  1. නරකම නෑ කොල්ලෝ...ඉදිරියටම යමු
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
    Replies
    1. සතුටුයි ඉස්සරත් මගේ කවි තැනක තිබුන කියන එක

      Delete
  2. // හරිම ලස්සනයි නන්දු... කෙටිකථාවක් විදියට ඉවර කලාට සහන්, අනූ ආදරය හැල හැප්පීම් එක්ක ඉදිරියට ගලාගෙන යන හැටි නව කථාවකට හොඳ ආරම්භයක් කියල හිතුනා //

    මාර ටෝක.... කවියත් මරු

    ReplyDelete
    Replies
    1. මී ගොඩයා අයියට පොඩි වැරදීමක් සිදුවෙලා වගෙයි.. :)

      Delete
    2. මලා ... අවුලක් නෑ අපි අපිනේ

      Delete
    3. ඔන්න මම මොකුත් කියන්නේ නෑ

      Delete
  3. මගෙන් අහන්න එපැයි.....සමනල පාලම තියෙනව තාමත් දිලිහි දිලිහි.....මගේ ලස්සන මතක තියෙනව සමනල පාලමත් එක්ක.ඒක ගැන පෝස්ට් එකක් දාන්න ඕන.මතක් කලාට ස්තූතියි මානවක සහෝ.....

    ReplyDelete
    Replies
    1. අඩෝ මම දැක්ක හැම දවසේම වගේ ඔය පාලම කැඩිලා තිබ්බේ.ශික් ගෙදර යන වෙලාවක බලන යන්න ඕනෑ.

      Delete
  4. ඇත්තම කියනවනම් මම සමනල පාලම ගැන දන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ගාලු කොටුව පැත්තේ ඉඳං පාර්ක්‌ එකට ලේසියෙන් එන්න අල හරහා දාපු පාලම තමයි සමනල පාලම කියන්නේ

      Delete
  5. ආදරණීය සමනළ පාලම.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. මෙයා ගාල්ලේද ? හිතාගත්ත එක හරිද මන්දා ?

      Delete
    2. මන් හිතන්නේ වැරදි වගේ..හික්ස්.. කමක් නැ..

      Delete
    3. ලොකු හ්ම්ම් එකක් නිසා බැලුවේ... හැක හැක :D

      Delete
  6. සමනල පාලම කෙසේ වෙතත් උබ කාමරේ අස්කරා කියන එකනම් ලොකු දෙයක් මචෝ ..

    ReplyDelete
    Replies
    1. එහෙම උනා කියලා වාසියක් නෑ බන්.අර මගුල නෑ නේ.

      Delete
  7. මටත් අතිතය අවරජනය වුනා සහො අපුරුයි...............

    ReplyDelete
    Replies
    1. පාර්ක්‌ දිව්ව කොල්ලෙක් වගේ.

      Delete
  8. මං ඉතිං පීනන්න දන්නැති නිසා උඩු ගං බලා තියා ගග යන අතටවත් පීනන්න ට්‍රයි කරන්නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් බැරි එකම දේ පීනන එක තමයි . මගෙ උපරිම ගැඹුර බෙල්ලෙන් අඩියක් පහල.. :D

      Delete
  9. සමනල පාලම..

    ආදරයක් හිතක නොතිබුණ කාලෙක වුණත් හිතක ලියැවුන ලස්සන කවිපෙළක්..!!

    ReplyDelete
    Replies
    1. අහම්බෙන් මම සමනල පාලම දකින කොට එක කැඩිලා තිබුනේ.එකයි මෙහෙම ලියවුනේ.

      Delete
  10. ලස්සනයි..කොහොම උනත් කලින්ට වඩා ඔබේ කවි හැකියාව දැන් වැඩියි..ඔබට‍ ජය!:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්...ඔව් මිනිස්සු වයසත් එක්ක අත් දැකීම් එක්ක නේ පරිනත වෙන්නේ .... :D

      Delete
  11. Replies
    1. elaz...උඹත් ගාල්ලේ උනා නම් තරුවෝ මතක් වෙන්න තිබුණා...

      Delete
  12. ලස්සනයි.. හිතට දැනුනා... මමත් ගොඩක් කැමති තැනක් මේ ගාල්ලේ සමනල පාළම.

    ReplyDelete
    Replies
    1. මම කවදාවත් ඔය පාලමෙන් එතෙර වෙලා නෑ.එත් හිතේ මාරම හන්ගීමක් ඇති කරපු තැනක්.

      Delete
  13. //මම එදා ඉඳලම උඩු ගං බලන් පීනපු මිනිහෙක්ද කියල හිතෙනවා//

    නියමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්...සමහර වෙලාවට අවුරුදු ගානක් අමාරුවෙන් පීනපුවා පහුවෙලා එක මොහොතෙන් ගඟ පහලට ගහගෙන එනවා.එත් සැලෙන්නේ නෑ.

      Delete
  14. කවිය අවුරුදු 9 ක් පරණ උනාට තම රසය නම් පරණ වෙලා නෑ :)

    ReplyDelete
    Replies
    1. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියනවනේ.

      Delete
  15. බොහොම ගැඹුරු තේරුමක් තියෙනවා අර්ථ කතනයක් ලියන්න වටිනවා පොඩි කොල්ලෙක් ලිවුව එක ගැන.. ඔය පාලම පවත්වාගෙන යන එක තමයි කාරිය.. කාලයත් එක්ක වෙනස්වෙනකොට.. මලකඩ කනකොට දිරනකොට !!

    ReplyDelete
    Replies
    1. //ඔය පාලම පවත්වාගෙන යන එක තමයි කාරිය.. කාලයත් එක්ක වෙනස්වෙනකොට.. මලකඩ කනකොට දිරනකොට !!//

      ඒක නම් ඇත්ත කතාව.ලබා ගන්නවට වඩා පවත්වාගෙන යන ඒක තමයි අමාරුම.

      Delete
  16. ඉක්කෝලෙ යන හැම දවසෙම ඕක දැකල දැකල මට එපා වෙලා..............................................නෑ :D

    ReplyDelete
    Replies
    1. ඒක මිසක් මම තාම ඕක හැබැහින් දැකලා නෑ නේ.

      Delete

හිතුනේ මොනවද?