බුකියේ මං

51 what happen to others හෙවත් whobuzz?

" මග තොටේදි, බස් එකේදි, කවුරු හරි ඇහුවොත්.. ලියල පෙන්නන්න කිව්වෝත්.. තමන් අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියලා..".හීනෙන්ද මන්ද ඇහුන එම වචන පෙළත් සමග දඩිබිඩියේ ඇදෙන නැගිටුන මා  වෙනදාට උදේට විතරක් මදින දත් විසිපහකින් පමණ සමන් විත මාගේ දත් සැට්ටුව හවස පහට විතර මැද ගෙන අහිංසක මා ලක ලැස්ති වුයේ සුවහසක් බ්ලොග්කරුවන්ගේ හදවත් වල බුර බුරා නගින සහසක් බලාපොරොත්තුවල කුටප්‍රාප්තිය හෙවත් මහා ඔස්කාර්  සම්මාන උළලේ ප්‍රතිපල ප්‍රකාශය ඇසීමටයි(මොකක් ඔස්කාර්?).චොක්ලට් බිස්කට් පැකට්ටු දෙකක් සහ වටවල කහට වලින් පිරවූ උණුවතුර බෝතලය මට තුරුළු වී අමන්දානන්දයට පත්ව සිටියේ අපිට තියන එකම ආතල් එක ඉතින් මේක නේ කියාගෙනය.ලක්ෂේට කොඩිය දමා උළෙල පැවැත් වුනි.චේන් එක පැන්න අතර.එකෙන්ම කන් පාත් උනි.මාගේ සංවේදී හදවත අපයෝජනයට ලක්වූ  අතර මෙතැන් සිට මා විසින්  භාවිතා කරනු ලබන්නේ මාගේ අපචාර වූ සිතිවිලි සමුදායයි.




මම අවංක විය යුතුය.ඇත්තෙන්ම මට මෙම ප්‍රශ්නය ගැන මෙලෙස විචාරන්න කිසිදු සාදාරන අයිතියක් නැත.මක් නිසාද යත්  මා අයත් වනුයේ අයදුම් නොකළ කුලකයට වන නිසාය.එහෙත් අදහස් දක්වා සිටින්න යැයි මාගේ යටි සිත කරනා සාදාරන ඉල්ලීම සැලකූ කල මා විසින් දක්වන අදහස්ද සාදාරනීකරණය වනු ඇත. 



අවසන් වටයට තෝරාගත් බ්ලොග් අඩවි ගැන සහ අවසාන ප්‍රතිපල ගැන කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැක.මක් නිසාදයත් අවසන් විනිශ්චය සඳහා පරිසාධන මට්ටමට සාපේක්ෂව ඉතාමත්  ඉහල නිරමානශිලිත්වයෙන් යුතු බ්ලොග් අඩවි බොහොමයක් අවසන් විනිශ්චය සඳහා තේරී නොමැති බව මෙම සටහන පරිශීලනයේදී පෙනී යයි.



විශාල වශයෙන් කරුණු දැක්වීමක් අවශ්‍ය නැත.උදාහරණයක් ලෙස sAm (සෑම්) විසින් ලියා ඇති ඇති මෙම පොස්ටුව ගන්න.පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි... කවි පෙළ ලංකාවේ ඊ මේල් පහසුකම ඇති ජනතාවගෙන් අඩුම තරමේ  60% ක් වත් කියවන්නට ඇත.එම ප්‍රසිද්ධිය නිර්මානශීලිතාවය ලෙස අර්ථ දැක්විය නොහැකිනම් උළලේ විනිශ්චය මණ්ඩලය තුල ඇති රසාස්වාදය ප්‍රශ්න කල යුතුය. 


රැඩිකල් අංශයෙන් ප්‍රථම ස්ථානයට පැමිණි තැනැත්තා මාහැගි දක්ෂ බ්ලොග් කරුවෙකි.එහෙත් ඔහුගේ රචනා ශෛලිය ‘රැඩිකල්‘ ලෙස  අර්ථ දැක්වීම කරනු ලබන්නේ කුමන සාධක උපයෝගී  කරගෙන දැයි කිසිදු   උපකල්පනයක් ගොඩනැංවිය නොහැක.ඔහු උත්තමපුර්ශයෙන් ලියනා රචනා ශෛලිය ඔහුට විශේෂත්වයක් ගෙනාවත් එය ‘රැඩිකල්‘ නොවන බව කියා සිටීමට කැමැත්තෙමි.‘රැඩිකල්‘ යනු කුමක්දැයි විනිශ්චය මණ්ඩලයට වටහාදිය යුතුය.සම්පුර්ණයෙන්ම රැඩිකල් බ්ලොගයක් යැයි අර්ථ දැක්වීමට නොහැකි නමුත් රමීශාගේ සමහර නිර්මාණ(නිර්මාණකරණයේදී ඇය මාදුටු උසස් ගනයේ නිර්මාණ කාරියකි.නිර්මාණකරණයේදී බොහෝවිට ඇය ‘රැඩිකල්‘ සහ සංවාදයට යොමුකළ හැකි  නිර්මාණ බිහි කරන අතර විචාරයේ යෙදීමේදී ගතානුගතික හා ආත්මාර්ථකාමී වේ).රජා ගේ  සමහර නිර්මාණ,සෑම් ගේ සමහර නිර්මාණ, රොබින් ගේ  සමහර නිර්මාණ,සමීරගේ ගේ  සමහර නිර්මාණ ‘රැඩිකල්‘ ලෙස හඳුනා ගැනීමට හැක.

'කාන්තා බ්ලොග්කරණය' යන කැටගරිය තුල හිරුහිමාවී අවසන් විනිශ්චය සඳහා වූ පරිසාධන මට්ටමට වත් පැමිණ නොසිටි අතර ජනප්‍රියම බ්ලොගය සඳහාවූ චන්දයේදී ඇය ජයග්‍රහණ කර තිබුණි. 
සම්මානය දිනාගනු ලැබුවේ යැයි පැවසෙන බ්ලොග් අඩවිය එම මට්ටමට පැමිණියේ කෙසේදැයි වත් සිතා ගත නොහැක.
  
'සාහිත්‍ය බ්ලොග්කරණය' තෝරාගත් හැටි මට තවම තේරුම් ගත නොහැක.ප්‍රථම ස්ථානය වූ බ්ලොග් අඩවිය තුල වන අන්තර් ගතය සාහිත්‍ය නම්, මා මෙතුවක් කල් ඉගෙනගත් සියල්ල අමතක කල යුතුව ඇත.එම  විට මගේ මුව අගින් සෙමින් මිමිනෙන්නේ "අනේ  විනිශ්චය මණ්ඩලය තොපේ  $#%$#%$#%$#%$#&$#" කියාය . 

තවත් බොහොමයක් අඩුපාඩු අවසන් වීනිශ්චයෙදි දක්නට ලැබෙන අතර මා විසින් ඉහත උපුටා ගනු ලැබුයේ මෙම උළෙලට අයදුම් කරන ලද බවට මා විසින් පුද්ගලිකව දන්නා  දක්ෂ බ්ලොග් කරුවන් කිහිප දෙනෙකු ගැන පමණි.(රමීෂා පුද්ගලිකව නොදන්නා අතර අයදුම් කර තිබුනේ ද නැත.)

අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් "මම අහන්නේ අහවල් රේඩියෝව කියල" ලොකුවට ගෙදර ඉස්සරහ ගහන් ඉන්න අය දැන්වත් ඔය හීනෙන් නැගිටලා ඇස් ඇරලා බලන්න.

"මග තොටේදි, බස් එකේදි, කවුරු හරි ඇහුවොත්.. ලියල පෙන්නන්න කිව්වෝත්.. තමන් අහන රේඩියෝ චැනල් එක මොකක්ද කියලා." අනේ උබේ අම්මට කියපල්ලා.

ප.ලි. - මේක ලිව්වේ කුහක කම නිසාවත් පුද්ගලික තරහක් නිසාවත් නෙවෙයි.කවුරුවත් මේ වැරදි ටික පෙන්නලා දෙන එකක් නැති නිසා.
Comments
51 Comments

51 comments:

  1. Unsaid ලියන දසුනි අක්කට සම්මානයක් නැහැ කියන්නේ මං වගේ පොඩි එකෙක්ට මොන සම්මානද..හී හී..

    ජය!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි අපිත් මේ ප්‍රශ්න කරන්නේ.ඇයි එහෙම උනේ කියලා.

      Delete
  2. 1. රත්ගමයා දක්ෂය. නමුත් රැඩිකල් ගොඩට වැටීම විනිශ්චය මණ්ඩලයේ නොහැකියාවය.

    2. මෙය පැවැත්තුවේ පළමු වරට කියා, විනිශ්චය මණ්ඩලය සාධාරණීකරනය කිරීම අසාධාරණය.

    3. අයදුම් නොකළත් රමීෂා යනු රැඩිකලයේ පැහැදිලි ලියන්නියක්ය. රැඩිකල් නොදන්නා අය බැලුවාට කම් නැත.

    4. හිරුහිමාවී කමෙන්ටුවක් උඩින් දමා ඇත. :)

    5. අනේ මම තරගයට ඉදිරිපත් නොවුනා නම්.. කියා සෑමාට හැගෙන්නේ මානවකයා ලියුවා සේ ඊටත් වඩා දරුණු යමක් ලිවීමට කරුණු ඇති නිසාය. දැන් ලිව්වොත් සෑමා කුහකයා වනු ඇතිය.

    මෙකී කිහිපය ලීවේ.. මා බලන, යන එන අයදුම් කළ, නොකළ, වටිනා බ්ලොග් හිමියන් වෙනුවෙන්ය.

    පලි - ජයග්‍රහනය කළ අයට සුභ පතන අතර.. ගැමියා/සෙන්නා/රත්ගමයා ගේ බ්ලොග් පමණක් දන්නා නිසා අනිත් ජයග්‍රහනය කළ මා ගොස් නොමැති බ්ලොග් ඉදිරියේ දී කියවා බැලිය යුතුය.


    මෙවන් තරග සංවිධානය කිරීම හොදය, නමුත් තරග සංවිධානයේදී වගකීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.


    ජය !

    ReplyDelete
    Replies
    1. මෙයට වඩා දරුණු ලෙස ලිව්වෙමට මා දන්නා කරුණු හොඳටම ප්‍රමාණවත්ය.නමුදු මාගේ ව්‍යායාමය විවේචනය කිරීම නොවේ.මාර්ගය පෙන්වීමය.විවේචනය කිරීමට තරම් මම අවස්තාවාදියෙකු නොවෙමි .නමුත් සෑමා සමගින් එකග වෙමි.මෙවන් තරග සංවිධානය කිරීම හොදය, නමුත් තරග සංවිධානයේදී වගකීමෙන් කටයුතු කිරීම වඩාත් වැදගත් වේ.

      Delete
  3. බ්ලොග් කරණයට නවකයකු වූ මම ද බොහෝ බ්ලොග් කියවමි.සම්මාන පිළිබඳව ඝනකම් අඳරෙන් කෙරෙන ඉහත විචාරයට බොහෝ හේතු සාධක එමටය.පළමු සම්මාන උළෙල වුවත් විනිශ්චය පිළිබඳව ඇති විශ්වසනියත්වයේ ගැටලු ඉහත ලියුම්කරු සාධාරණිය ලෙස ගෙන හැර දක්වයි. දෙවැන්න සම්මාන පිදීමකදී ඉල්ලා සම්මාන දෙන ජඩ ක්‍රමයෙන් මිදෙමු. බොහෝ නිර්මාණ කරුවෝ සම්මාන සඳහා ඉල්ලුම් ඩනොකරත්.
    හැම අඩවියකටම පියමැන ඒවා සම්මාන සඳහා තෝරා ගැනීමට හැකිනම් ............. ඉතිරිය ඔබට බාරයි

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කොහෝම මොන පදනම යටතේ තෙරුවාද කියලා හිතා ගන්න බෑ.

      Delete
  4. හේ හේ මුකුත් නොකියාම මානවකයාට එකඟත්වය පමණක් දක්වමි :)))))

    ReplyDelete
    Replies
    1. මම කිව්වේ මට ඇත්තටම හිතුන දේ.

      Delete
  5. මමත් මෙන්න ඇවිත් කියෙව්වා.. අපි දෙන්නම කියන්නේ එකම දේ බලාන ගියාම. මෙතන මගේ ලිපියේ සබැදියක් දක්වන්නම්. බස් රේඩියෝව සහ බ්ලොග් සම්මාන උළෙල

    ReplyDelete
    Replies
    1. අනිවා ඇගයීමක් වෙන්න ඕනෑ හැබැයි මේ විදියට නෙවෙයි.

      Delete
  6. විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් විදිහට කටයුතු කරපු අය කවුද කියලා කවුරු හරි දන්නවද ?

    ReplyDelete
    Replies
    1. දන්නේ නෑ.මම හිතන්නේ දැනුවත් කිරීමක් කරෙත් නෑ.

      Delete
    2. මම එහෙම ඇහුවේ කවුරු හරි ෆේස්බුක් එකේ ලියලා තියෙනවා දැක්කා විනිශ්චය කළ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලය කියලා විස්තරයක්. ඒක නිසා මම හිතුවේ විනිශ්චය මණ්ඩලය ප්‍රසිද්ධියට පත් කරලා ඇති කියලා

      Delete
    3. කට්ටියගේ නම් දාලා තියෙන්නේ

      රාජ්‍ය සම්මානලාභී ප්‍රවීන ජායාරූප ශිල්පී, කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ඉන්ද්‍රනාථ තේනුවර මහතා…

      ප්‍රවීන ජායාරූප ශිල්පී, මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සිතුමිණි රත්නමලල මහතා…

      ප්‍රවීන මාධ්‍යවේදී කපිල එම් ගමගෙ මහතා

      ප්‍රවීන ජායාරූපශිල්පී විපුල සුමනසේකර මහතා...

      ආයූර්වේද වෛද්‍යවේදිනී ධනුශ්කා නිශාධි මෙනවිය

      පරිගනක ඉංජිනේරු. පහන් සරත්චන්ද්‍ර මහතා

      සාහිත්‍යවේදී හෂිත අබේවර්ධනන මහතා

      මට හිතෙන දේ අනිත් අයටත් හිතෙනවද?

      Delete
    4. මටත් හිතෙනවා නොලියා ඉන්න එක හොඳයි වගේ.. මම අර ලැයිස්තුව කියවලා මෙහෙම හිතුවා . "අයියෝ මමත් මීට වැඩිය බ්ලොග් කියවනවානේ.. මේ ගොල්ල කියවල නැතුව වගෙයි..

      Delete
    5. මේ නම් ටික ප්‍රසිද්ධ කලේ අන්තිම මොහොතේ.

      Delete
  7. මමත් හැබැයි ඔය ගැන ටිකක් හිතුවා..මොකෝ සමහර බ්ලොග් කියෝපුවහම මම හිතුවා ඇත්තට මේකේ මොකක් හරි අපිට නොතේරෙන මහා දෙයක් ඇති ඒකයි තේරෙන්න ඇත්තේ කියල...ඉතින් මොකුත් කියන්න ගියේ නෑ!අන්තිමට කියන්නේ තොපිට නැති හින්දා ^&&(*( කරනවා කියලනේ!

    ReplyDelete
    Replies
    1. මෙතැනදී පිටස්තරයෙක් විදියට මට තියන වාසිය මේකයි.නිදහසේ අදහස් දක්වන්න පුළුවන් වීම .

      Delete
  8. මං කිසිම අදහසක් දක්වන්නේ නැත....
    එහෙත් මානවක සමග එකග වෙමි...

    ReplyDelete
  9. රැඩිකල් කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. රැඩිකල් කියන්නේ තියන සමාජ සම්ම්මතයෙන් බැහැරව සහ සම්මතයට විරුද්දව තමන්ගේම මතයක් ගොඩනැංවීම සහ එම මතයේ සිට ක්‍රියා කිරීමත් එම මතය මාර්කට් කිරීමත් ය.බොහෝවිට එම මතවාද සමාජ රූපී නොවන අතර ලංකාව වැනි රටකදී ප්‍රායෝගිකද නොවේ.උදාහරණයක් ලෙස රස්තා දර්ශනය අකුරටම අදහන කෙනෙකුට පිටකොටුවේ පොදු වැසිකිලියකදී මුහුණ දීමට සිදුවන අපහසු තාවය ගත හැකිය.

      අනන්‍යතාවයක් ගොඩ නැංවීම කියන්නේ තමන් ගේ සිතුවිලි තමන්ට අවේනික ආකාරයට ඉදිරිපත් කිරීම සහ එම නිර්මාණයන් පාටකයා සාදරයෙන් වැළඳ ගැනීමත් යන සංකීර්ණ ක්‍රියාවලියකි.ඔන්නම කෙනෙකුට තමන් රැඩිකල් යයි කියාගත හැකි උනත් රැඩිකල් සංකල්ප මත තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නැංවීම බොහොම අහබු සිදුවීමකි.


      උබට තියෙන්නේ උබටම විශේෂ වෙච්ච අනන්‍ය තාවයක්.උබේ ස්ටයිල් එකටයි මිනිස්සු බලන්නේ.ඒක තමයි ගොඩනගා ගන්න අමාරුම.උබ ලියපු එකක් දැක්කම හිනා නොයන එකෙක් ඉන්නවා නම් හිතට වදින්නේ නැති එකෙක් ඉන්නවා නම් ඉතින් ඒක ලෙඩක්.ඒක කොහෙත්ම රැඩිකල් නෙවෙයි.බොරුවට රැඩිකල් කියලා එකේ තියන වටිනාකම නැති කර ගන්න එපා.

      Delete
    2. මම රැඩිකල් කියලා බ්ලොග් එකේ කොහේවත් දාලා නෑ නේ.. :) අනික ඒකේ තේරුම දන්නෙත් නෑ...ඔන්න කුප්පයි කුජීතයි අප්සට්,ලිංගිකයි වගේ ඒව නම් දාලා තියේ හැමතැනම වගේ.. :)

      Delete
    3. ඒක තමයි මමත් කියන්නේ.මිනිස්සු උඹව කියවන්නේ රත්ගමයා හින්දා.

      තමන් රැඩිකල් කියලා කියා ගත්ත දහයක් = එක රත්ගමයෙක්*

      * දැන් තියන තත්වය අනුව ලංකාවට එකෙක් ඇති.

      Delete
  10. හපුයි....මං බබී එනකොටම මාර පොබ්ලම් එකක්නේ....හම්මූ හොඳ වෙලාවට කාලෙකින් එෆ්.බී පැත්තෙ ගිය නැති නිසා මේ මොකවත් දන්නෑ....අයදුම් කරන්න කයල කට්ටිය කිව්ව වුනත් මම දැනගන්නකොට වෙලාව ඉවරයි...අනික මං ලියන්නෙ කවිද අෆ්ෆා.......හී....^_^

    හායි මානු අයියෝ අදයි මේපැත්තට ආවේ...මෙව්ව ගැනනම් ඇත්තටම මං බබී මුකුට් ඩන්නෑ....:/
    ඔයාට ජයෙන් ජය...!!

    ReplyDelete
    Replies
    1. ඔව් දන්නේ නැති එකමයි හොඳ.නැත්තන් දැනගෙන දැම්ම නම් හිත රිදෙන එක විතරයි වෙන්නේ.

      Delete
  11. මාවත් එක්තරා ප්‍රමාණයකට ඇගයිමකට ලක් උනා තමයි ( අළුත් එකෙක් විදිහට මට ඒ ඇති)සමරහක් කාරනා ගැන හැබැයි මම 100% එකග නෑ, වරදවා හිතන්න එපා මම මේ කියන්නේ මට නොලැබීම ගැන නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. එකේ කිසිම දෙයක් නෑ.මම දන්නවා අටමා දෙයක් කිව්වොත් කියන්නේ අවංකව කියලා.

      Delete
  12. සම්මාන උළෙලවල් පිලිබදව පැහැදීමක් නොමැති කම නිසාම මම මේ සදහා සහභාගී උනේ නැහැ ...

    මනවකගේ සහ සෑමාගේ කරුණු දැක්වීම් සමග එකගවෙමි ...

    අම්මට සිරි මමත් රැඩිකල් ඒවා ලියනවද බං ?

    ReplyDelete
    Replies
    1. සමහරක් ඒවා රැඩිකල් කියලා කියන්න පුළුවන්.

      Delete
  13. ප්‍රථිපල ගැන කථා කරන්නනම් තරඟ කරපු අනිත් බ්ලොග් මොනවද කියලා දැනගන්න ඕනේ... මට එහෙම දැනීමක් නෑ...

    කොහොම උනත් රැඩිකල් හා සාහිත්‍ය කැටගරි දෙකේ සම්මාන නම් ආන්දෝලනාත්මකයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකමයි මම ඒවා උපුටා දැක්කුවේ...

      Delete
  14. මට හිතෙන්නේ යම් කෙනෙක් ලියන පොස්ට් එකක් දෙකක් තොරාගෙන විනිශ්චය කරනවාට වඩා සමස්තයක් විදියට අදාල බ්ලොග් අඩවිය තුල ලියන සහ ලියැවෙන දේ පිළිබඳව සමස්ත ඇගයීමක් කලානම් මිට වඩා හොඳ වෙන්න තියෙන්න ඇති. මෙහි තරඟ කොන්දේසි හෝ විනිශ්චය ගැන මා කිසිවක් දන්නේ නැහැ. මොකද මම මේ තරඟයට ඉදිරිපත් නොවු නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒක තමයි ක්‍රමය.

      Delete
  15. මම මේ තරඟෙට ඉදිරිපත් උනෙත් නෑ. මේක එදා අහනන්ත් බැරි උනා.ඒ නිසා මුකුත්ම නොකියමි.හැබැයි මානවකගේ මෙන්ම සෑම් දමා තිබෙන කමෙන්ටුවට එකඟත්වය පල කරමි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.තේරුම ගත්ත එක ගැන.

      Delete
  16. මානවකගේ බ්ලොග් එකට ආවේ පළමු වතාවට. මමත් එක සම්මානයක් ලබපු (නවක බ්ලොග්කරණය) කෙනෙක්. බ්ලොග් එක පටං අරං මාස 4ටත් අඩුයි.හැබැයි මං හිතන්නේ මේ උත්සහයේ වැරදි අඩු පාඩු තියේනම් ඒව නිවැරදි කරගන්න විදිහට විවේචන එල්ල කලොත් වඩාත් ප්‍රථිපලදායකයි නේද?

    මොකද ඊළග වතාවේ මේ හැමෝම කියන වැරදි නිවැරදි කර ගත්තොත්, අපි දන්න කියන, වඩාත් ආදරය කරන බ්ලොග් එක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක ලොකු දිරි ගැන්වීමක් වෙයි. හැබැයි මේ වැඩේ මේ කට්ටිය නතර කලොත්...ඒක අපරාධයක් නේද?

    මම මේ කියන දේවල් විවේචනාත්මක වෙන්න පුළුවන්. ඉහත ගොඩක් අය කිව්ව සමහර කාරණා වලටනම් මමත් බොහෝ දුරට එකගයි. ඒත් ඉල්ලුම් නොකර බ්ලොග් ඔක්කොම තරගයට ඇතුළත් කර ගැනීම කියන එකනම් මම දකින විදිහට ප්‍රායෝගින නෑ. කවුරුහරි දන්නවද මේ වෙනකොට ක්‍රියාත්මක වන සිංහල බ්ලොග් කීයක් තියනවද.. ඒ මොනවද කියල...

    සාහිත්‍ය සම්මාන උළෙලක ඉදල මියුසින් වීඩියෝ සම්මාන උළෙලක් දක්වාම ඉල්ලුම් කරල තමා ඇතුලත් වෙන්නේ..මම වැරදිනම් නිවැරදි කරන්න.

    මම සංවර්ධනාත්මක වේවේචන වලට හරිම කැමති කෙනෙක්. පුළුවන් නම් මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් මට උදව්වක් කරන්න කියල ඉල්ලනවා.

    ඇත්තම කිව්වොත් මටත් මේ අගය කිරීම බොහොම සතුටක්, දිරියක් දුන්නා. අගය කිරීම් වලට අපි කවුරුත් කැමති බව කියන්න ඕන නෑනෙ. හැබැයි මට ඒ වගේම වැරදි කෙලින්ම පෙන්වා දීම වටිනවා.

    මෙන්න පාර (The Modern Patriot)

    අවසාන වශයෙන් කියන්න ඕන හොදම 'නවක බ්ලොග්කරණය' වෙනුවන් මගේ නම් තේරීම 'සමනළ විප්ලවය' හැබැයි ඒක ඇතුලත් වෙලා නැත්තේ සමමාන උළෙලට අයදුම්පත් කැදවපු දවස්වලම තමා ඒක පටන් ගත්තේ. 'වර්ගපූර්ණිකාවත්' ඔය කැටගරි එකටම වැටෙනවා. ඒත් ඉල්ලුම් කරල නෑ මයේ හිතේ..

    ReplyDelete
    Replies
    1. //මොකද ඊළග වතාවේ මේ හැමෝම කියන වැරදි නිවැරදි කර ගත්තොත්, අපි දන්න කියන, වඩාත් ආදරය කරන බ්ලොග් එක ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒක ලොකු දිරි ගැන්වීමක් වෙයි. හැබැයි මේ වැඩේ මේ කට්ටිය නතර කලොත්...ඒක අපරාධයක් නේද?//

      පලවෙනි වතාව කියලා මෙතරම් වැරදි වලට සමාවක් දෙනවා කියන එක කොහෙත්ම ප්‍රායෝගික නෑ නේද දරුවෝ?.උදාහරණයක් විදියට "ප්‍රවීන ජායාරූපශිල්පී" කියන පට්ටම තියන තුන දෙනෙක් මේ විනිශ්චය මණ්ඩලේ හිටියට "විශේෂ කැටගරි ඡායාරූපකරණය" කියන කැටගරියට "පරිසාධන මට්ටමට ළඟා වු බ්ලොග් නොමැති බව විනිසුරුමණ්ඩලය දන්වා තිබේ." වගේ විනිශ්චයක් එන්නේ කොහොමද කියලා හිතා ගන්න පුලුවන්ද?.ඒක සංවිදානයේ වැරැද්ද නෙවෙයි නම් වෙන මොකක්ද?.සුළුකොට තකන්න එපා මේ වෙච්ච ඒක වැරද්දක් වත්.මේ විදියට ලොකු ප්‍රසිද්දියක් දීල කරපු මේ උළෙලේ තිබුන වැරදි එක්ක බැලුවම ආයෙත් බ්ලොග් කරුවෙකුට වෙන උළෙලකට ඇතුලත් වෙන්න නැත්තන් අයදුම් කරන්න හිතෙනවද?

      //ඒත් ඉල්ලුම් නොකර බ්ලොග් ඔක්කොම තරගයට ඇතුළත් කර ගැනීම කියන එකනම් මම දකින විදිහට ප්‍රායෝගින නෑ. කවුරුහරි දන්නවද මේ වෙනකොට ක්‍රියාත්මක වන සිංහල බ්ලොග් කීයක් තියනවද.. ඒ මොනවද කියල...//

      සිංහල බ්ලොග් අවකාශයේ සින්ඩි කියලා සංකල්පයක් තියනවා නේද දරුවෝ.බහුතරයක් ක්‍රියාත්මක වෙන බ්ලොග් ඒවායේ අන්තර්ගත වෙලා තියනවා නේද?

      //සාහිත්‍ය සම්මාන උළෙලක ඉදල මියුසින් වීඩියෝ සම්මාන උළෙලක් දක්වාම ඉල්ලුම් කරල තමා ඇතුලත් වෙන්නේ.මම වැරදිනම් නිවැරදි කරන්න.//

      අන්න එතන තමයි දරුවෝ ඔයා වරද්ද ගත්ත තැන.සැබෑ ඇගයීමක් ලැබෙන්නේ කොහොමද එතකොට.මෙතන ප්‍රයෝගික දේ නම් බ්ලොග් කියන්නේ බ්ලොග් කියන එක.බ්ලොග් එකක් කියන්නේ රුපවාහිනියක යන සින්දුවක් වත් පත්තරයක යන කවියක් වත් වගේ එකක් නෙවෙයි.සින්ඩි වල තියෙන්නේ බ්ලොග් විතරයි ඒ වගේම බ්ලොග් රෝල් වල අප්ඩෙට් වෙන්නෙත් බ්ලොග් විතරයි.හඳුනා ගැනීම පහසුයි.(අවසාන වශයෙන් කියන්න ඕන හොදම 'නවක බ්ලොග්කරණය' වෙනුවන් මගේ නම් තේරීම 'සමනළ විප්ලවය')ඔය කියපු වචන ටිකෙන්ම තේරෙනවනේ දරුවෝ ඔයා ප්‍රායෝගික නෑ කියන වැඩේ හරිම ලේසියි කියලා.

      //ඇත්තම කිව්වොත් මටත් මේ අගය කිරීම බොහොම සතුටක්, දිරියක් දුන්නා. අගය කිරීම් වලට අපි කවුරුත් කැමති බව කියන්න ඕන නෑනෙ. හැබැයි මට ඒ වගේම වැරදි කෙලින්ම පෙන්වා දීම වටිනවා.//

      ඇත්තෙන්ම කියනවනම් ඔය දරුවා ලොකු වේදනාවකින් කතා කරනවා කියලා හිතනවා.ඔයාට සම්මාන දුන්න උළෙලේ විනිශ්චය අභියෝගයකට ලක්වෙනකොට ඔයාගේ ජයග්‍රහණයෙත් වටිනාකම අඩුවෙන නිසා .වැරැද්ද කෙලින්ම පෙන්නලා දෙන්න කිව්වනේ.ඔයාගේ මේ වෙලාවේ මට පෙනෙන වැරැද්ද තමයි ලිපියක අන්තර්ගතය හරියට තේරුම නොගෙන අදහස් පල කරන එක.මම කොතනකවත් කියලා නෑ 'නවක බ්ලොග්කරණය' කියන කැටගරියේ විනිශ්චය වැරදියි කියලා.මම ඒක සාදාරන විනිශ්චයක් කියලා දන්නා නිසා තමයි ඒ ගැන සඳහනක් වත් නොකළේ.පුළුවන් නම් මේ ලිපිය ආයෙත් කියවන්න.මම කියන්නේ නෑ මම දන්නා අයට සම්මාන නොලැබුන නිසා මෙම උළෙලේ විනිශ්චය වැරදියි කියලා.මම කියන්නේ අවසන් විනිශ්චයට අනිවාර්යෙන් ඇතුලත් වියයුතු බ්ලොග් අඩවි බොහොමයක් ඇතුලත් උනේ නෑ කියන එක.ඒ අය තරගයට ඉල්ලුම් කරලා තිබුණා අය.

      අන්තිමට කියන්න ඕනෑ 'වර්ගපූර්ණිකාව' අයත් වෙන්න ඕනෑ 'නවක බ්ලොග්කරණයට' වඩා 'නිර්මාණශීලී බ්ලොග්කරණය' කියන කැටගරි එකට.

      Delete
    2. බොහොම ස්තුතියි උත්තරයට

      එකග වෙන තැන් වගේම නොවෙන තැනුත් තියනවා.

      මුලින්ම එකග වෙන තැන කියන්නම්..

      විනිශ්චය අභියෝගයකට ලක්වෙනකොට ජයග්‍රහණයෙත් වටිනාකම අඩුවෙන නිසා කණගාටුවක් තිබ්බ බව ඇත්ත. හැබැයි මොන සම්මාන උළෙලද, කොටින්ම මොන ඡන්දයද අභියෝගයට ලක් නොවුනේ කියල හිතල මම හිත හදා ගත්තා.

      එකග නොවෙන තැන්..

      1. මම නිවැරදිව පෝස්ට් එක කියෙව්ව බව විතරක් නෙමේ, වඩාත් තහවුරු කරගන්න කීප සැරයක් කියෙව්ව බවත් විශ්වාසයි. ඒත් එක්කම ඔයා නවක බ්ලොග්කරණය කැටගරි එක අසාධාරණ හෝ සාධාරණ බවක් නොකී බවත් විශ්වාසයි. ඉතිං ඔයා එහෙම කියපු බවක් හෝ ඒ විනිශ්චය විතරක් සාධාරණ බවක් මම කිව්ව්යෑ. ඔයාමනේ හිතල තියෙන්නේ. ආයෙත් මගේ ඉස්සෙල්ලා කමෙන්ට් එක කියවමුකෝ. ප්‍රශ්ණය තියෙන්නේ ඔයාගේ කියවීමේ නේද?

      2. සින්ඩි - මෙහෙම දෙයක් ගැන මම දැනගෙනත් තාම මාසයක් වත් නෑ. අද පුළුවන්නම් 'රාජ්ගේ නවාතැන' බලන්න. සින්ඩි දන්නෙවත් නැති නිර්මාණශීලි බ්ලොග් ගැන මම ඔයාට කියන්න ගියොත්...තව දවස් තුනක්වත් මම යුනිකෝඩ් කොටන්න වෙනවා.

      3. හොදම නවක බ්ලොග්කරණයට මම 'සමනළ විප්ලවය' කිව්වේ මම ඒක කියවල තියන නිසානෙ. නොකියෙව්ව ඒවා....?

      4. විශේෂ කැටගරි ඡායාරූපකරණය ගැන නම් කියන්න දෙයක් නෑ. මොකෝ මම ඒ විෂය ගැන දන්නෙම නෑ. හැබැයි ප්‍රවීණ ඡායාරූපශිල්පීන් නම් දන්නවා ඇති. ඒකම නිසා වෙන්න පුළුවන් ඕක නොදුන්නේ.

      සාහිත්‍යයධරයෙක් විනිශ්චය මණ්ඩලයට එකතු වෙන්න තිබ්බා කියලනම් මාත් හිතනවා. එහෙම හිටියනම් 'හෙළයේ ඉතිහාසය' කියන්නේ 'සාහිත්‍යය බ්ලොග්' එකක් නොවනබව වටහාගන්න තිබ්බා.

      වර්ගපූර්ණිකාව නවක බ්ලොග්කරණයටත් ඇතුලත් වෙන්න පුළුවන්, ඒ වගේම ඔයා කිව්ව වගේ නිර්මාණශීලි බ්ලොග්කරණයටත් දාන්න පුළුවන්. ඔයා දන්නවද දන්නෙ නෑ..එක බ්ලොග් එකක් කැටගරි කීපයකට ඇතුලත් කරන්න පුළුවන් විත්තිය.

      කොහොම වුනත් මම බලාපොරොත්තු උනේ, සංවර්ධණාතමක විවේචනයක්, ලැබුනේ 'අපහාසාත්මක විවේචනයක්'. ඒ වුනත් මට දරුවෝ කියල අමතපු එකට සතුටුයි. තිහ පැන්න මාත් පොඩි එකෙක් වගේ හිතුනා..කොහොමත් බ්ලොග් ලෝකෙදි නම් ඔයා මට වඩා මාස 4ක්ම වැඩිමල් නෙ.

      ලියන විලාශයට කැමති නිසා හැමදාම මේ පැත්තේ එනවා.

      Delete
  17. මානවක ඔයා හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. අඩේ අටමෝ මම දැක්කා උඹ දුකා අයියාගේ පොස්ට් එකේ දාල තිබ්බ කොමෙන්ට් එක.එක පට්ට පට පට.

      හොදම බ්ලොග් අඩවිය තේරීම සදහා

      බ්ලොග් කරුවන් තූන්දෙනයි
      බ්ලොග් කරුවන් නොවන බ්ලොග් කියවන අය තූන්දෙනයි
      කලාවට සම්බන්ද බ්ලොග් නොලියන ස්වාධීන විද්වතූන් තූන් දෙනයි
      අයදුම්පත් කැදවු දින සිට මාස තූනක් ඉදිරියට සලකා බලා හොදම එක තෝරනවා

      මේක නියමයි නේ.

      Delete
  18. දැන් තමයි තේරෙන්නෙ මේ වගේ මගුලකට ඇප්ලයි කරපු එකේ ගොන්කම. ආයෙ නම් ප්‍රයිවට් බස් වුණත් කමක් නෑ සම්මාන කෑලි නම් එපා!!!

    ReplyDelete
  19. මේ වැඩේ පටන් ගත්තේ මං එනකොටමනේ අෆ්ෆා... ඒ හිංදා මට යමක් කියන්ට තරම් දැනුමක් නෑනේ...

    ReplyDelete
  20. මම අවුරුදු තුනක් තිස්සේ බ්ලොග් ලියමි. ඔහොම රේඩියෝවක් ගැන ඇහුවේ අදය.ඇතැම් විට කලින් දකින්නට ඇත.එහෙත් මට මතක නැත.හිට් කවුන්ට් එක හෝ කමෙන්ට් බලාගෙන බ්ලොග් ලියන අයට ඔව්වා හොඳය.හැකියාව පොලිෂ් කර ගැනීමට සහ ඇත්තටම රැඩිකල්ව හිතන අපට ඔව්වා වැඩක් නැත.


    ඔව්වා මෙව්වා කොව්වා වුණත් මානවකගේ අදහසේ හරයට එකඟය.සම්මාන දිය යුතුය, ලැබිය යුතුය....එහෙත් සාධාරණ විය යුතුය. [කොහොම කිව්වත් එවැනි සාධාරණත්වයක් ඇති නොවනු ඇත]

    ReplyDelete
  21. අනේ මන්දා මං ඕකට ඉල්ලුවේ නෑ අපි අලුත බ්ලොග් ලියන්න ගත්ත එවුන්ට මොන සම්මානද කියලා.මානවක කියන කතාවට මාත් එකගයි,අනික බ්ලොග් හොදට කියවන මිනිස්සු ටිකක් නොදැම්මේ විනිශ්ය මණ්ඩලයට :/

    ReplyDelete
  22. මුකුත් නොකියමි.. නමුත් දෙපයින්ම ඔබ හා එකඟ වෙමි මානවකයෝ...
    ජය!!

    ReplyDelete
  23. කොහොමද මානවක ?
    අදමයි මේ පැත්තේ ආවේ...
    ඒ ආවෙත් මේ වගේ කතාවකට මැදිහත් වෙන්න නොවෙයි.
    කොහොම වුනත් අපි බ්ලොග් ලියන්නේ ඇයි? කියන ප්‍රශ්නෙට හිතට අවංක පිළිතුරු ගුලි කරගෙන මේ හැම මතවාදයක්ම දිහා බැලුවොත් ආයෙමත් මතක් වෙන්නේ අර සුප්‍රකට කියමන.
    ""සියලු සංසංදනයෝ නොන්ඩි ගසති."
    ජය වේවා...

    ReplyDelete
  24. මේ පොස්ට් ඒක අදයි දැක්කේ..පරක්කු වෙලා අවා උනත් කමෙන්ටුවක් කොටලම යන්න හිතුනා ..මානවක සහ සෑම් ගේ අදහස් වලට එකගයි... හොඩක් හොද බ්ලොග් තිබුනා එහෙත් නිර්දේශ නොවුන ඒක ගැන පුදුමයි .. රත්ගමයාගේ බ්ලොග් ඒක හොදයි ,සෙන්නගේ ඒක හොදයි ..අනිත් ඒවා මම වැඩිය කියවලා නැහැ ... හසිතනම් අයදුම් කලේ නැහැ කිවවා... මම බ්ලොග් තුනක් ගැන බලාපොරොත්තු උනා සෑම් ගේ බ්ලොග් එකත් එයින් එකක්...

    ReplyDelete

හිතුනේ මොනවද?