බුකියේ මං

30 ජීවිතයට රුවන් වැකි (18 ප්ලස්‌ ද මන්දා ?)

දාර්ශනික මනෝභාවයකින් පසුවෙන මානවක තෙම
හැමදාම කවි ලිය ලිය ඉඳල හරි යන්නේ නෑ කියලා හිතුන නිසාත් මාගේ දාර්ශනික අදහස් අනිත් අය අතරේ බෙදා ගන්න හිතුන නිසාත් කාලයක් තිස්සේ මගෙ මුවගේ රැඳුන සහ දැයක් නිසිමගට ගෙනා වැකි කීපයක් ඔබ අතරේ බෙදා ගන්න හිතුව.ආයේ ඉතින් සුද්දොන්ගේ ඒවා ඕනෑ නෑ.මේ තියෙන්නේ සුපිරිසිදු Made in Sri Lanka වැකි හෙවත් මානවකයාගේ රුවන් වැකි. 





පහත දැකෙවෙන උපදේශයන් මා විසින් විවිධ අවස්ථාවලදී පවසන ලද ඒවා බවටත් මේවායේ පේටන්ට් අයිතිය මා සතු බවත් කරුණාවෙන් සලකන්න !!




මුහුදේ මාළු වැඩිවීමටත් ** කුඩා වීමටත් හේතුව "අල්ලන්නේ නැතිවීම " වන අතර කොතරම් ඇල්ලුවත් අඩු නොවන මාළු මෙන්ම ලොකු නොවන ඒවාද ඇත?



හොඳ ඇපල් වලට විදින්නේම පනුවන් වන අතර එවැනි ඇපල් ගෙඩියක් අසුවුන කෙනෙකුට පනුවා යටටම විද නැත්නම් එම කොටස ඉවත් කර ඇපල් ගෙඩිය සදහටම ළඟ තබා ගත හැකි අතර පනුවා ඇතුලටම විද ඇත්තනම් හොඳ පැත්තෙන් ටිකක් කා දමා වහාම විසිකළ යුතුය.

වට්ටක්කා අයිති වැල් වලට වන අතර බොහොමයක් ඒවා දරාගැනීම වැල් වලට නොහැකි වීම නිසා පොළොවෙහි හැදී පොළවටම පස්  වී යයි.

විශාල බස් රථ ධාවනය කරන බොහොමයක් රියදුරෝ කෙට්ටුය.








ඕනෑම ලොකු නැවක් වරායකට ආපසු ආන්බාන් කරන්නේ කුඩා ටග් බෝට්ටුවකිනි.

ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි.

ගොනා හැරෙන විට පොල් පැලේ කන්න බව දන්නා බව පවසන අය ගොනා ගැනද හොඳින් දැනගෙන සිටිය යුතු වේ.එම නිසා ගොනා හැරුනට කම් නැත.පැලේ වෙනුවට ආදේශකයක් දිය යුතුය.



කඳක් ඉරනවාට වඩා පිට පළුවක් පැලීම පහසුය.






හදිස්සියේ විවාහ වන්නා නිවිහැනහිල්ලේ පිටස්තරයෙක් සමග පසු තැවේ.

විභාගයකදී  අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත්  හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ. 

පඳුරකට විද්දොත් හාවෝ හතර පහක් විසිවිය හැක.

නියර දෙස බලා කුඹුරේ පලදාව ගැන තීරණය කල හැක.



අම්මා දෙස බලා දුවගේ රුපය මැනිය නොහැක.අම්මාට දුව ලැබෙන්නේ තාත්තව විවාහ කරගත්තාට පසු නිසාය. 











මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.පාරක් හිටියත් හිටින්නේ තෙල් නැවක් ගියොත් පමණි.ඒවාට oil split කියනු ලැබේ.කප්පිත්තෝ තෙල් ටික පිට නොයාමට වගබලා ගන්නවානම් පාරක් හිටින්නෙම නැත.


ඔබත් දැන්ම ඉහත දැක්වෙන උපදේශ අනුගමනය කර ඔබගේ ජීවිතය නිසි ආකාරයට හැඩ ගස්වා ගන්න. 
Comments
30 Comments

30 comments:

  1. බස් කේස් එකනම් මම අද උදෙත් දැක්කා ..

    ReplyDelete
  2. බස් කතරන්දරේ නම් ඇත්ත නේද මනවකයෝ, පිට පළු ගැන නම් නොදනිමි, හැබැයි නියරේ මෙහෙම නම් වෙලෝ කොහම ඇත්දැයි කියන්නට ගොස් පිනාචාර්යතුමාව හමු වීමට එපොයින්ට්මන්ට් නම් සැට් වී ඇත.

    ReplyDelete
  3. හහහහා.......පට්ට..... :))))

    ඇඩෙනවා ඈ

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. අඩේ මට දැන් සිද්දිය පැහැදිලියි.. මාන්දාස් බර වාහන එලවද්දි ටෙක්නික් ව්ලටම එලවපන් ඈ.. නැත්තම් අතුරු අබාධ ගොඩයි

    ReplyDelete
  5. අඩේ... අපේ වර්ගයා ගැනත් ලියල... එකනේ මම හැමදාම කියනවා පනුවෝ විදින්නේ හොඳ ඇපල් වලට කියල :D

    ReplyDelete
    Replies
    1. හොඳ ඇපල් කන පණුවෝ සේරම බිලී කොක්කේ එල්ලන්න ඕනී

      Delete
    2. ජිංජි බිරිස් හෙළා දකිමි :/

      Delete
  6. හික් හික්......... නියමයි.

    ReplyDelete
  7. මේවා රුවන් වැකි නෙවෙයි මානවක වැකි.. හිහි.. සුපිරි ඈ..

    ReplyDelete
  8. පස්ට පට පට.......

    //...විභාගයකදී අසීරුම දේ මතකය අකුරු කිරීම හෙවත් හිතට ගත් දේ අතට ගැනීමයි.සැබෑ ජීවිතයේදී එය එසේ නොවේ....//

    හිකි හිකි......

    ReplyDelete
  9. patta vadan tika maanavaka
    mevva dakala padivaru kulappu veyi unge thana manavakaya horakan karavi kiylaa
    malunge cn ekayi hithata gaththa kathavayi nam sira ;-)

    ReplyDelete
  10. සුපිරි රුවන් වැකි ටික
    මම මේ ටික බ්‍රිසිල් බෝඩ් එහෙක ලියලා කාමරේ බිත්තියේ ගහගන්නවා

    ReplyDelete
  11. ශැ!! මරු ඈ මානවකයෝ :D

    ReplyDelete
  12. අනේ මෙහෙම රුවන් වැකි ඇහුවාමයි..හි හී නියමයි

    ReplyDelete
  13. නියම වැකි ටිකනෙ. අර බස් කතාව නම් ඇහුවාමයි. :D

    ReplyDelete
  14. " ගහලා බැන්දත් බැඳලා ගැහුවත් දෙකම එකයි කිව්වට බැඳලා ගැසීම නීතිමය ප්‍රශ්න වලින් ඔබව ඈත් කරයි."

    මේකනම් සිරා..

    ReplyDelete
  15. මදැයි කවි කාරයෙක් ගද්‍ය ලියන්න ගත්තා. මේක කියෙවුවම මොලේ කචල්වෙනවානේ..

    ReplyDelete
  16. පිස්සු පීකුදු අගනා රුවන් වැකි.....හි ..හි...
    http://samakayawate.blogspot.com/

    ReplyDelete
  17. බස් එකේ සින් එක ඇත. මම දැක්කා එක ඩ්‍රර්යිවර් කෙන්ක් බස්ක් එක ලොකුම ලොකුමම ලොකුයි කෙට්‍ටු ප්‍රොරක් කනෙ මයිලුත් තියනවා කගවෙනා වාගේ යන්නේ.

    ReplyDelete
  18. පාන් ගෙඩියේ සහ ගැබිනියකගේ සමාන කමක් ඇත්තේය. පාන් ගෙඩිය කරවෙන්න පෙර එලියට ගත යුතුය. එසේම වෙලාවට එලියට නොගැනීම නිසා කාන්තාවක ගැබිනියක් වන්නේය.


    සිරා උපදෙස් බුවා.. ජය !

    ReplyDelete
  19. අසන්නා කෙසේ ඇසුවත් කියන්නා සිහිබුද්ධියෙන් කිව යුතුය/ ලියන්නා කෙසේ ලිව්වත් කියවන්නා සිහි බුද්ධියෙන් කියවිය යුතුය කියන දෙකත් එකතු කරමුද :D

    ReplyDelete
  20. //මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නැත.//

    මාත් මේ ගැන මෙහෙම සිතුවෙමි.

    මුදේ නැව් ගියාට මුහුදේ තියා නැවේ වත් පාරක් හිටින්නේ නෑත.

    නියම කතා ටික. ඇත්තටම ඔබට තියෙන්නේ බරපතල දාර්ශනික හිතක් !

    ReplyDelete
  21. http://pissudekai.blogspot.com/2012/11/blog-post.html
    menna balapan

    ReplyDelete
    Replies
    1. ලජ්ජාක්වක් නැතුව අමු අමුවේ හොරකම් කරලා...

      Delete
  22. ඇතුල් වීම නොමිලේ පිට වීම ඇතුලේ

    ReplyDelete
  23. මේ ඔක්කොම දැක තිබුනත් මේවා උඹේ බව දැනගත්තේ අද.
    මං හෙන ආස කතා ටිකක්.

    ReplyDelete
  24. maru a matan an mewa therum gandath ba wage.....

    ReplyDelete

හිතුනේ මොනවද?