බුකියේ මං

27 මා වටා ඇති පවුරු


මේකත් මම උපුටා ගත්තේ යලිඑන්න වසන්තය කියන කාව්‍ය සංග්‍රහයෙන්.මම හිතන්නේ මේක කලින් කවියටත් වැඩිය පරණයි.ඇත්තටම දුක හිතිලා හිටිය වෙලාවක දුක පිට කර ගන්න තමයි මේක ලිව්වේ.හැබැයි ටිකක් ලියන යනකොට මට හිතුන පොඩි පර්යේෂණයක් විදියට මේක ලියන්න.ඒ කියන්නේ  "රු" වලින් ඉවර වෙන භාවාත්මක කවියක් සඳහා භාවිතා කරන්න පුළුවන් හැම වචනෙම යොදා ගෙන කවිය ලියනවා කියන එක.කවියක් සඳහා යොදා ගන්න පුළුවන් වචන කියන්නේ ඔය සූදුරු/මාදුරු/පැදුරු/මදුරු/කදුරු/වීදුරු වගේ වචන නැතුව අනිත් ඒවා.



රෑ එබෙන සඳ සොඳුරු 
නැතිද හැම ලොව අඳුරු 
හිමි නොමැති පෙම් රුසිරු 
කඳුල ඇයි නෙතට හුරු

දිවි නොමැති කතර මරු
අසනී වැසි වසින තුරු 
බිම තෙමුව  දිය කඳුරු 
නැත තනිව ඇත ඉවුරු 

රෑ යහනේ මම ඇතිරු
සුසුම් වල හිත නුහුරු 
සිහිනයන් නැති නුදුරු 
දුක පමණි මට ඉතුරු 

හැම රෑම මම කෙඳිරු 
ගී සැඟව වැලක තරු 
මතක සැනෙකින් අසුරු
බව මලවි මට සතුරු

ගං දෑල මලින් සරු 
නොමැත පසු ගඟ ඉතිරු 
අසා ලොව කල නිගරු 
වෙලා මගේ හිත නිසරු 

සුසුම් වී මගේ වියරු 
පෙළයි මා ලෙස රුදුරු 
මා වටා ඇති පවුරු 
බිඳින්නෙද ලොව කවුරු

ප.ලි  - දාලා තියන පින්තුරෙත් එහෙම වෙලාවක මම ඇදපු එකක්ම තමයි.
Comments
27 Comments

27 comments:

  1. ලස්සනයි මානවකයෝ...

    ReplyDelete
  2. ලස්සනට පද ගලපලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මේක ලියන්න මට ටික වෙලාවක් ගියා.

      Delete
  3. කවි සෙට් එක නියමයි ඇත්තටම. පින්තුරෙත්. ඇත්තටම මම ආසවෙන් කියවන බ්ලොග් වලින් එකක් තමයි මානවකගේ ඝනකම් අඳුර.

    ReplyDelete
  4. කොච්චර වැඩ තිබුනත් ඝනකම් අඳුරේ අලුත් පොස්ට් එකක් දාලා නම් ඔක්කෝම වැඩ නවත්තලා වුනත් ඒක බලනවා.

    සිත මගේ සොඳුරු
    සනසනව කවියකි අපූරු..

    ජය වේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ කවියකින්ම රිප්ලයි...ජය වේවා..!!

      Delete
  5. හදි හද බැඳි පෙම් පවුරු
    දෙගොඩ තලා ගියානම් ඉවුරු
    පතිනිය වී නුඹගේ සොඳුරු
    හොදි හදයි දමා කල් කදුරු
    වසන්නට වෙයි උබට සැමදා නුහුරු
    වැසිකිළියක එලාගෙන පැදුරු
    එනිසා සැනසියන් මා මිතුරු

    ReplyDelete
    Replies
    1. එයි මී ගොඩයා විහිලු නොකර මේ අපුරු කවිටික රස විඳපන්කෝ ..

      Delete
    2. මී සහෝ ඔයාගේ පද ටිකත් අපූරුයි!!!!!!!!!

      Delete
    3. මී සහෝගේ පද ටිකත් අපූරුයි! :)

      Delete
    4. උඹ කට අරන් බලන් හිටින මීයෝ උඹටම තමයි ඔහොම වෙන්නේ.

      Delete
  6. කඳුළටම වී මිතුරු
    තනිකමෙන් සිත ඇතිරු
    ඔබේ කවි කම් සොඳුරු
    මවයි දහසක් සළරු...

    අපූරුයි මානවක මේ කවි පංතියනම්

    ReplyDelete
    Replies
    1. මට හිතෙනවා මේ කවියත් උඩ කවියටම ආදින්න.තවත් මට අහු උනේ නැති රු වලින් ඉවර වෙන වචනයක් තියනවා "සලරු".ඒකට තියෙන්නේ මාරම විදියේ ශක්තිමත් තේරුමක්.ජය වේවා..!!

      Delete
  7. ලස්සනම ලස්සනයි.ඔබේ නිර්මාණවලින් මම කැමතිම එකක් මේ..

    ReplyDelete
    Replies
    1. තැන්කු හොඳේ ..... අනිත් මොනවද?

      Delete
  8. ඒ මාරු ගැලපිම.. නියමයි
    එලස් කිරි
    සුපිරියි

    ReplyDelete
    Replies
    1. එලම වේවා.ජය වේවා..!!..නිකන් ඉන්න එකේ ට්‍රයි එක දීපන්..

      Delete
  9. ලස්සන කවිටික මචෝ...

    ReplyDelete
    Replies
    1. තැන්කු මචෝ..............ජය වේවා..!!

      Delete
  10. රු ටික මරු මානවක.ලස්සනයි
    පට්ටෙට ගලපලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. එල එල..තැන්කු හොඳේ...ජය වේවා..!!

      Delete
  11. ඔය තියෙන්නේ එළිවැට එහෙම ලස්සනට ගලපලා..නියම කවි ටික..ඇත්තටම මන් ආසයි ඇ...!

    ReplyDelete
  12. බැඳි නුඹේ පද මියුරු
    දැක මගේ හිත සොඳුරු
    සනසවන හැටි සොයුරු
    නොම ‍‍‍හැඟෙ කියනයුරු

    අපූරුයි....අනර්ඝයි....!!!

    ReplyDelete
  13. රහල් ගී තරු වියන යටින් යලි එන්න වසන්තය... මතකද මානවකයො?

    ReplyDelete
  14. මුල් වතාවට තමා මේ අහ ගොඩ වැදුනේ. හරි අපූරුයි මානවකයෝ.

    ReplyDelete

හිතුනේ මොනවද?