බුකියේ මං

21 සුසුම් මැද...

ජීවිතේ මාන්දමික වෙලා.අලුතෙන් දෙයක් ලියන්නවත් අලුතෙන් හිතන්නවත් බැරිතරමට ජීවිතේ හිස් කමකින් පිරිලා ගිහිල්ලා.කවි හිත මාව දාල ගිහිල්ල වගේ.මේකටත් මොනවා හරි දාන්න එපාය.මේක මම බොහෝම කාලයකට පෙර අන්තිම පේලියට ලියුව කවියක්. මොනවා කරන්නද දැනට මේකවත් දාල හිත හදා ගන්නවා. 








මහද මැද තනිකමය
සබඳ නුඹ දුරකමය
සහස් දුක් සුසුම් මැද
මලක පෙති මිලිනමය

නුඹයි මගෙ සරා සඳ
කියු තරුව කොහිද අද
දමා නුඹ සුසුම් මැද
සඳ ගිහින් දුර කොහෙද

අපි වින්ද ආදරය
වගේ මුත් සාගරය
උණුසුම්ම සුසුම් මැද
මගෙ හිතට සීතලය

හිත වියල් වූ ලොවක
ගිහිල්ලා මහ දුරක
චපල වූ සුසුම් මැද
කෙලෙස යමු මගක එක

පාලු උන අහස් ගැබ
රැඳී මම ඇයද සිඹ
හිත පෙලන සුසුම් මැද
ආදරෙද තවම නුඹ

දනිමි මා වැරදි බව
නුඹෙ නොවේ මගෙයි පව
කිලිටි උන සුසුම් මැද
ලියමි මම අහිමි කව

ගිම්හානේ තැළුන සිත
කඳුළු තෙත් කෙරුව වත
සුව ගෙනෙන සුසුම් මැද
වසන්තයේ දිලෙනු ඇත…..
Comments
21 Comments

21 comments:

  1. මස්සිනා සෑහෙන්න සුසුම් හෙලලා තියෙන හැඩයි....!!

    ReplyDelete
    Replies
    1. තාම හෙලනවා බොල.එකේ අඩුවක් නෑ.

      Delete
  2. දහසක් පෙරැම් පුරා
    නුඹ ලගම දැවටුනා
    හදේ සෝ සුසුම් මැද
    වෙන්වන්ට සිදු වුනා.....

    ReplyDelete
    Replies
    1. කවියට තැන්කු.මාරම සතුටක් එන්නේ කවියෙකුට කවියක් දැකල කවි සිතුවිලි පහල උනා කියන කොට.

      Delete
  3. //දනිමි මා වැරදි බව
    නුඹෙ නොවේ මගෙයි පව
    කිලිටි උන සුසුම් මැද
    ලියමි මම අහිමි කව//

    හ්ම්ම්ම්ම්ම්ම්ම්.... හිතට වැදුනා...

    ReplyDelete
  4. කොයි කාලේ ලිව්වත් බොහොම සුන්දරව වදන් ටික නම් හසුරුවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා දැන් කවියක් ලියන්න හිතෙන්නම නෑ නලීන් අයියේ.

      Delete
  5. රාත්‍රියෙ අඳුර මැද
    විරහවක මියුරු සර
    විඳගතිමි සුසුම් මැද
    තනිකමම මිටට ගෙන


    පට්ට මානවකයෝ... කලින් ලියපුව තියනවනම් තව දාපන්

    ReplyDelete
    Replies
    1. අඩෝ සිරා කවිය බන්.එල කිරි තව තියනවා. ටික ටික දාන්නම්.

      Delete
  6. //පාලු උන අහස් ගැබ
    රැඳී මම ඇයද සිඹ
    හිත පෙලන සුසුම් මැද
    ආදරෙද තවම නුඹ//

    සැබෑ අත්දැකීමක් නම් මෙය එහි රස මැනවින් මමද විද ඇත. ස්තුතියි සහෝදරයා! මේ වගේ කවි අපිට අපිත් එක්ක ආයෙත් කථා කරන්න වෙලාවක් හදල දෙනවා.

    ReplyDelete
    Replies
    1. සැබෑ අත්දැකීමක් තමයි.

      Delete
  7. මමත් මේ දවස් වල පරඬැලක් වගේ.ඔයාගෙ තත්වෙම තමයි........
    මොනව වුණැත් ලස්සන කවිය අයියෙ.........

    ReplyDelete
  8. අර මොකෝ ඒ... හිත සතුටින් නෙවේද ඉන්නේ... කවිය නම් අපූරුයි... ජය ඔබට...

    ReplyDelete
  9. අපිට මිස් වෙච්චනේබං මෙව්වා දැම්මට මොකෑ

    ReplyDelete
  10. කවයට වඩා කවායේ ඇති අරුත බෙහෙවින්ම ගීතාත්මකයි. ඕනෙම නම් මේකම ගීතයක් විදියට ගායනා කරන්නත් පුලුවන්.

    ReplyDelete
  11. අරුත් බර සුසුමක් :)
    අර්ථාන්විතයි :)

    ReplyDelete
  12. අනේ කොලුවා සෑහෙන්න විස්සෝප වෙලා වගේ... ඔය මන්ද ගතිය අඩුවුන දවසක තවත් අලුත් දෙයක් ලිව්වොත් හොදා... බොට ජයම වේවා !

    ReplyDelete
  13. සුසුම් ඉවර වෙන්ඩැති ලියලා ඉවරවෙනකොට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  14. තනිකමේ කුටිය තුල
    පාළුවක් නොදැනෙන්න
    හිතමිතුරු සුසුම් මැද
    කඳුළු මල් පිපෙන සඳ..

    ඉකිගසා හඬන සිත
    සනසන්න බැරි ම තැන
    පාවෙනා සුසුම් මැද
    හිඳී මම නිසලව ම..

    හරිම ලස්සනයි අයියේ.. ඔයාගේ කවි වල මාර අමුතු ගතියක තියෙනවා..

    ReplyDelete
  15. හිතට දැනුනා කියල විතරක් කියන්නම්......

    ReplyDelete

හිතුනේ මොනවද?