බුකියේ මං

9 අපි ජාතිවාදී විය යුතුද ? (මානවකට පිළිතුරු )


මේ ලිපිය මගේ සහෝදර මානවකයාගේ “ජාතිවාදී විය යුත්තේ ඇයි ” ලිපියට පිළිතුරකි .


ඕනෑම රටක වගේම ඕනෑම ප්‍රශ්නයකදිත් බහුතරයට , බහුතර කැමැත්තට අනුව තීරණ , තීන්දු සම්මත වීම සාමාන්‍යයි . එහෙම බලනකොට බහුතර සිංහලයින් වසන ලංකාව සිංහල රටක්.ටික කාලෙක ඉඳං මූණු පොතෙත් දැකපු මුස්ලිම් විරෝදී ලිපි දැකල මගේ හිතෙත් තිබ්බ ප්‍රශ්නයක් තමයි අපි ජාති වාදී විය යුතුද කියන දේ ..! මගේ මතය නම් අපි ජාති වාදී විය යුතු නැහැ .ලංකාව වගේ රටක කවදාවත් අපිට ජාති වාදී වෙන්න හේතු තිබිල නැහැ කියන දෙයි මගේ මතය .බර්ගර් සහෝදරයෝ එක්ක අපිට කවදාවත් කිසිම ගැටළුවක් තිබුනෙ නැහැ . අපේ රටේ යුද්දයක් තිබ්බ .. ඒ දෙමල ජනතාව එක්ක නෙමෙයි . ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක .දැන් එකත් ඉවරයි . ජනවාර්ගික ප්‍රශ්නයක් නැතුව නින්ද නොයන සමහරක් අන්තවාදී සිංහල වගේම මුස්ලිම් කොටස් දැන් මුස්ලිම් සිංහල ගැටළුවක් උලුප්පන්න උත්සහ කරනව.

මෙය , මේ ගැටලුව සම්බන්දයෙන් මගේ පුද්ගලික මතයක් පමණක් බව සිහි කරමින් මේ කරුණු දැක්වීම කරන්නෙ . මුස්ලිම් සහෝදරයින්ට තම ආගමෙන් යොදවපු යම් රීති වලින් තමන්ගේ ඉපදුනු දවසේ ඉඳං ඔවුන් ජීවත් වෙන පරිසරයෙන් ඔවුන්ව මුල ඉඳං හැඩ ගස්සනව තමන්ගේ ජාතිය වර්දනය කරන්න .ඔවුන්ගේ බහු විවාහ රීතිය , එක පවුලක දරුවන් ගණන , පුරුෂ චර්මච්චේදනය , කාන්තාවන් සම්බන්ද රීති, කාන්තාවන්ගේ අද්‍යාපනය රැකීරක්ෂා සඳහා තහංචි දමා 17 , 18 තරම් අඩු වයසින් වීවාහ කර දීම වගේ ගොඩක් දේවල් වලින් ඒ කටයුත්තට යම් යම් ප්‍රමාණයට අනුබල ලැබෙන බවයි මගේ හැගීම .. ඒ වගේම ලංකාවේ මුස්ලිම් ජනතාව මුල ඉතිහාසේ ඉඳං කාලේ වෙළඳාම. ඔවුන් මුලින් අරාබිකරයේ ඉඳං ලංකාවට ගොඩ බැස්ස දවසේ ඉඳං පාරම්පරිකවත් උරුමයෙනුත් බහුතරය කරන්නෙ ගැනුම්-විකුණුම් ව්‍යාපාර .. ඔවුන් අදටත් කරන්නෙ වෙළදාම .ඉතින් ඔවුන්ට තමන් කැමති ගණනක දරුවන් හදන්නවත් තමන් කැමති රැකියාවක් කරන්නවත් තහංචි දාන්න ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට බැහැ. අනික ඒ දේවල් ඔවුන් කරන්නෙ ජාතිවාදී අදහසකටත් වඩා තමන්ගේ ජාතිය ගැන ඇති මාමකත්වය නිසා කියලයි මගේ අදහස ..

අනික් අතට ගත්තම සිංහල ජනතාව, රටේ ආර්ථික තත්ත්වය,ආදායම් තත්වය සහ සමාජ පසුබිම සලකල පුංචි පවුල රත්තරන් කියල එකෙක් හදනකොට ,සිංහල කාන්තාව සමතැන නැතත් තමන්ගේ අනාගත සහකරුවා සොයා ගැනීමේ අරගලයේ කොටසක් විදියට අද්‍යාපනය ඉහළින් හමාර කරලා උසස් රැකියාවක් කරල , කොහොම හරි තමන්ගේ දෑවැදි ප්‍රශ්නෙත් විසඳගෙන විවාහ පත් වෙද්දිත් අඩු තරමින් අවුරුදු 25 , 30 වත් තරම් ගෙවිලා ගිහිල්ල . මේ සියලු කරුනුත් එක්ක ජාතිය ගැන සිතනවා තියා එක දරුවෙක් හදාගෙන තම පවුල ගැන වුනත් සිතන්න ප්‍රශ්න ගොඩක් සිංහල අපි ඇති කර ගන්නව. ඒ වගේම පාර්ලිමේන්තුවේ සිට රටේම ඉහලම තැන සිට හැමෝම තම බඩ වඩා ගැනීම ගැන හිතනකොට , එකෙක් ඉහල නගිනකොට ඌව කකුලෙන් ඇද බිම දමා පාගා දමනකොට ,අසල්වැසියාට වඩා ලොකු ගෙයක් වාහනයක් ගැන ඉරිසියාවෙන් තරගකරනකොට ජාතියක් වශයෙන් නැගී සිටිඉමක් නං කවදාවත්ම සිදු වෙන එකක් නැති වෙයි කියලයි මගේ හැගීම .

අනික් අතට සිංහල ජනතාව තම රැකී රක්ෂා ආදායම් මාර්ග වලට විකල්ප හොයද්දි මුස්ලිම් ජනතාව ව්‍යාපාරිකයින් වීමවත් මුස්ලිම් ජනතාවගේ ජාති වාදී ගැටලුවක්වත් සිංහල ජාතීන්ගේ ජාතිවාදී ගැටලුවක්ත් නොවන බවයි මගේ හැගීම .


නමුත් විදේශයක සිටින මට මේ රටේ මුස්ලිම් මිතුරන් රැසක් සිටියත් සමහර මුස්ලිම් සහෝදරයින් ගේ යම් යම් ක්‍රියා කලාප පිළිබඳව මගේ හිතේ ඇති වෙච්ච අප්‍රසාදයක් නැතිවාම නොවෙයි කියලත් කියන්න ඕනෙ. සරල උදාහරණයක් නං මගේ මිතුරු මුස්ලිම් සහෝදරයෙක් මගේම මිතුරු සිංහල තරුණියක් සමග මගේද සහයෝගය ඇතුව ප්‍රේම සම්බන්දයක් ඇති කර ගත්ත. මගේම තවත් මිතුරෙක් වන සිංහල තරුණයෙක් මුස්ලිම් තරුණියකගේ පෙම පතා අපේ මිතුරු මුස්ලිම් තරුණයාගෙන් උදව් ඉල්ලුව .. ඔහු ගත් කටටම කිව්වෙ ” මචන් අපේ (මුස්ලිම් ) ගර්ල් කෙනෙක් නෙ මචන් උබල එහෙම යාලුවෙන්න අහන එක හරි නැහැනේ” කියල. “එතකොට උබ අපේ කෙල්ලෙක් එක්ක යාලු වෙච්ච එක හරිද මචන් ” කියල අර තරුණය ඇහුවෙ තිබ්බ ජාතිවාදෙකට නොවුනත් ඒකෙන් ඔහු තුල වගේම මගෙත් යම් තරමක අපැහැදීමක් ඇති වීම වලක්වන්න ඔහුට බැරි උනා. මගේ තව මුස්ලිම් මිතුරෙක් මම නිතර ආ ගිය ඔහුගේ නිවසට මට ඒම නවතන ලෙස ව්‍යංගයෙන් කියන්නත් ඒ වෙනුවට ඔහු මගේ නිවසට එන්න පටන් ගත්තෙත් ඔහු අලුත් බැඳපු මුස්ලිම් තරුණිය නිවසේ සිටි නිසයි . නමුත් ඔහු අපගේ නිවසේ නවාතැන් ගේන සිටින තරුණියන් සමග කෙලි දෙලෙන් විහිලුවෙන් ගත කිරීමට ඔහුට අපෙන් තහනම් උනේ නැහැ .

ඒ කොයි හැටි වෙතත් ප්‍රශ්නය සිංහල ජාතිය අභිභවා මුස්ලිම් ජාතිය ව්‍යාප්ත වීම නං සරලම පිළිතුර සිංහල ජාතිකයින් වශයෙන් අපිත් අනිකුත් මුස්ලිම් හා ද්‍රවිඩ ජාතීන් වගේම තම ජාතිය පිළිබඳව ආදරයක් ජාතිමාමකත්වයක් ඇති කර ගැනීමයි .සියලු සුළු ජාතීන් අපි උසස් යයි සිතද්දී අපි විතරක් ” අපි එක මවකගේ දරුවෝ ” කීමෙන් වන අවැඩක් නැතත් ඇති සෙතකුත් නැත්තේමය .. කල යුත්තේ සිංහල ජාතිය ගොඩ ගන්න දරුවන් වැඩි වැඩියෙන් හැදීමයි ..සිංහල ව්‍යාපාරිකයින් ට අත දීමක් විදියට සිංහල ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමයි ..ඉහල යන එකාට ඉරිසියා නොකිරීමයි .. දියුණු වෙන එකාගේ කකුලෙන් නොඇදීමයි..එකමුතු කම ඇති කර ගැනීමයි ..රටක් වශයෙන් සිතනවා වගේම තම ජාතිය ගැන ආඩම්බර වීමයි . ඊට අවැඩක් වෙන තැන නැගී සිටීමයි . ඒ හුදෙක්ම සිංහල ජාතිමාමකත්වයෙන් මිස ජාතිවාදී අදහසකින් නොවිය යුතුයි .

ගිහාන් ෆර්නැන්ඩෝ  විසින් අන්තිම පේලියට ලියන ලද ලිපියක්. 
Comments
9 Comments

9 comments:

  1. මේ ලිපිය සම්බන්දයෙන් මම නිවැරදි කිරීමක් කරන්න ඕනෙ .. මම මේ ලිපියේ ඉහත මානවක සම්බන්දයෙන් සඳහන් කරලා තියන කරුණු මානවක ගේ ලිපියේ අන්තර්ගතය වැරදියට තේරුම් ගැනීමෙන් සිදු උණු අතපසුවීමක් .. මානවක "ඊනියා ජාතිවාදීන්ගේ අදහස් ලුහුඬු කොට දැක්වීමක් " ලෙස සඳහන් කල කරුණු වැරදි ලෙස තේරුම් ගැනීමෙන් මේ අතපසුවීම සිදු වෙලා තියෙන්නෙ .. ඒ ගැන මම මානවකගෙන් සමාව ඉල්ලනව.

    ReplyDelete
  2. බලන්න ඕන මුස්ලිම් කෑල්ලකට අපි බැල්ම දැම්මොත් හම්බ හැත්ත කියන කතා..උන්ට මේ රටේ ඉතිහාසය අමතක වෙලා..අපිට උරුම රටට හම්බ හැත්ත ආවේ උන්ගේ වෙළදාම් කරන්න..අරාබියේ ඉඳලා..ඒ එනකොට ආවේ මුස්ලිම් පිරිමි එවුන් විතරයි..උන් ලංකාවේ සිංහල කාන්තාවෝ තමා කසාඳ බැන්දේ..ඒ නිසා හම්බ හැත්ත අමතක කරන්න එපා උඹලා ලංකාවේ පැතිරුනේ සිංහල කාන්තාවොන්ගෙන් කියන එක..නැත්නම් තව ටික දවසකින් කියයි ලංකාව මැව්වෙත් අල්ලා කියලා..@#$%

    ReplyDelete
  3. මුස්ලිම් අන්තවාදයට වැට බැදිය යුතුමයි

    ReplyDelete
  4. මුස්ලිම් උන් ගැන මම නම් කථා කරන්නවත් කැමති නෑ... මට හොද අත්දැකීම් තියෙනවා උන් ගැන...දෙවිවරු වගේ මිනිස්සු අතලොස්සක් හිටියට වැඩි පුර ඉන්නෙ ගොන් මී හරක්... හරකෙක් දැක්කම කෙළ උනන තිරිසන්නු...

    ReplyDelete
  5. සිරා ලිපියක් සහෝ! ජය.

    ReplyDelete
  6. මස්ලිම් සිංහල දෙමළ මේ කොයි අන්තවාදයටත් මම එක හෙලා විරුද්ධයි. ඒත් ඇතැම් තැන්වලදි හිතෙනවා මමත් ජාතිවාදී ද කියලා. එහෙම වෙන්නෙත් ඒමොහොතේ සිදුවන දේ මතයි.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
  7. ආගම්වාදයක් ඇතිකිරිම කණගාටුවට කරුනක්. ඒත් ලංකාව වගේරටක සියලුම දෙනා සමගියෙන් ඉන්න එක නම් සතුටුයි.

    ReplyDelete
  8. "මම ජාතිවාදයට අකමැතියි" කියලා මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක් නෙ තියෙන්නේ. ඒත් ඔය කාටත් ඔය කගෙ කාගේත් පරාර්තකාමී සහජීවනය රෙද්ද පල්ලෙන්ම බේරිලා යන්නේ, සුලුතරයක් මැද ජීවත් වෙලා බලද්දී උන්ගේ තියෙන අන්තගාමී කමේ අන්තයේ අමිහිරිකම ඉවසගන්න බැරිව ඉඩම් ගෙවල් විකුණලා යන්න වෙනකොටයි. මිනී මරන්න කියලා නෙමෙයි කියන්නේ ඒත් සහජීවනයේ නාමයෙන් එන තක්කඩින්ව අනුකම්පා විරහිතව නැවැත්විය යුත්තේ, අනාගත් පරපුර ගැන හිතලා විතරක් නෙවෙයි! අපෙ අම්මලා අප්පලා අපිට අපෙ අතීතය ලබා දුන්නේ ඒවගේ ජන සංයුතියක් තිබ්බ නිසයි. තම්බි ලමයි කෝටියක් වැදුවත් කමක් නෑ ඒත් ඒකෙ අරමුණු ජනහගන ජිහාඩයයි! අන්න ඕකයි ප්‍රශ්ණය! වෙනත් ජාතිකයෙක් ඉඩමක් ගත්තට කමක් නෑ! ඒත් රට අල්ලන අරමුණයි වැරදී! ඒ නිසා මම නම මගේ දරුවන් වෙනුවෙන් ඔව්! මම සිංහල ජාතිවාදී! මම මහ ජාතිය මේ දූපතේ විතරයි! මමත් සුලු ජාතියක් මේ ලොකේ! ඉතින් සුලු ජාතීන්ට පුලුවන් ඕන එකක් මටත් පුලුවන්! ඒ අයිතිවාසිකම් මටත් ඕනේ! ඒක කියන්න ඇයි බයද?

    ReplyDelete
  9. අඳුර බිදලන්න හොඳම අවිය කලාව හෙවත් කියවීම කිවලු..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete

හිතුනේ මොනවද?